වසර පහළොවකට පසු හිඟුරාන සීනි සමාගමෙ පළමු සීනි තොගය අද (15) පිරිසිදු කෙළේය. ගල්ඔය වැවිලි සමාගම දෙසතියකට පෙර යළි කම්හල පණ ගැන්වීය. ඉන්දියාවෙන් ගෙන්වන අමු සීනි පිරිසිදු කර බෙදා හැරීම පළමුවෙන් කරන බවත් ජූලි මාසයේ සිට උක් ඇඹරීම අරඹන බවත් සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගමිණි රත්නායක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පිටරටවල හදන සීනි මීට වඩා හොදට, පිරිසුදුව, සෞඛ්‍ය ආරක්ෂිතව හදනවා කියලද ඔහෙලා හිතන් ඉන්නේ?? කරන හැම දේටම වැරදි කියන්න එපා ඇත්ත දන්නේ නැතුව
ඕකේ අනිත් පැත්ත වෙන්නේ කවදද මල්ලී.....
පිරිසිදු කරන එකත් ඉන්දියාවෙන්ම කරලා ගත්ත නම් මීට වැඩිය හොදයි වගේ
පොඩ්ඩක් අපිරිසිදු වුණාට කමක් නෑ.....අපේ රටේ නිශ්පාධනයක් නොවෑ....
අනුන්ගෙ සීනී නොකිරා අපේ සීනී කිරමු.......
හැමෝම නොදන්නව වුනාට අපේ රටේ අය වැඩියම කන්නෙ ජරාව.. හැම දේකම අපිරිසිදු කමට මේක හොද සාක්ෂියක්..
ඉංදියාවට කඩේ යනවාද?
චැකේ. අරමල්ලි සෙරෙප්පු දෙකකුත් දාගෙන ඉන්නේ. ඒ මල්ලියා කකුල් හොදලත් නැතිද කොහිද? ඔය සීනිවලට තේ කොල අවශ්‍යය වෙන එකක් නෑ.
බොහෝ දුරට සෞඛ්‍ය ගැන හිතන බව පේනවා
ඔබට දැකිය හැකිද සේවකයන් සහ පාලන අධිකාරිය සනීපාරක්ෂාව ගැන සිතන තරම, දෙවනුව සීනි ඉන්දියාවෙන්ම පිරිසිදු කරනවාට වඩා වැඩි මුදලක් යනබව පෙනේ, එම නිසා එය කාර්යක්ෂම කලයුතුවනු ඇත.
ෂා........... පිරිසිදුකම....!!!!!!!!!!
නූතන ලෝකේ සිමෙන්ති වත් මේ විදියට ඇසිරුම් කරන්නේ නෑ. පවු. සේවක මහත්වරු ඉතිං මොනවා කරන්නද?
හදන විදිය දැක්කම සීනිත් එපා වෙනව. බොහොම දෙනෙක් නොදන්නව උනාට අපේ රටේ සීනි හදන්නෙ මෙහෙම තමයි. මේවයේ ප්‍රධානීන්ට සීනි ඇටයක තරම් මොලයක් නැද්ද පෙනි පෙනී මිනිස්සුන්ට මෙහෙම අපිරිසිදු වැඩ කරන්න ඉඩ දීල තියෙන්නෙ?
මේවා පෝර ද ?? සීනි ද????
මේ සීනි මිනිස්සුන්ටද ????????? සත්තුන්ටද???????????? කවුරු කවුරුත් සීනි කන්න එපා...
මිට වඩා පිරිසිදු කලොත් හොදයි මොකද සිනි හෝදල අරගෙන කැමබිම හදන්ඩ බැනේ...
සෞඛ්‍ය පරීක්ෂකල ඒ පැත්තෙ නැතිව ඇති...........කෑමට බීමට ගන්න දේවල් නිශ්පාදනය කරද්දි මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
මේක හොඳ වැඩක් ,රටට ලාභයක් ලැබෙන දෙයක්,නමුත් මීට වඩා ක්‍රමවත් වෙන්න ඕන.සීනි කියන්නෙ ආහාරයක්. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන ..