‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තෙවැනි තරගය අද (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට පමණ ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව කඩුලූ 4 ක ජයක් ලැබූ අතර දෙවැනි තරගය සම තත්ත්වයෙන් අවසන් විය. මෙම තරගයේ ජයග‍්‍රහණය කණ්ඩායම් දෙකටම එකසේ වැඳගත් වන අතර ශ්‍රී ලංකාව ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව හිමිවේ. තරග පහකට සහභාගි වූ ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි ස්ථානයේ ද රැුදී සිටියි. ශ්‍රී ලංකා තරග හතරකට සහභාගී වී ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා සිටියි. අද තරගයේදී ඉන්දීය පිල මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග්ට පැවරී තිබේ. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම නිසා ඉන්දීය පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනිට තරගයක තහනමක් සහ තරග මුදලින් 40% ද`ඩයක් පැනවීය. ඒ නිසා දෝනිගේ සේවය කණ්ඩායමට අද තරගයේදී අහිමි වේ. මෙහිදී ඉන්දීය පිලේ සෙසු ක‍්‍රීඩකයෝ ද තරග මුදලින් 20% බැගින් දඩයකට යටතේ වූහ. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ක‍්‍රීඩා කළ කණ්ඩායම අද තරගයේදී ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිල අවසන් තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය. ෆර්විස් මහරුෆ් වසර දෙකකට ආසන්න කාලයකට පසුව කණ්ඩායමේ ස්ථානය ලබමින් එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිතර විය. අද තරගයේදී ශ්‍රී ලංකා පිලට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාවුවහොත් මහරුෆ් ආරම්භක පිතිකරු ස්ථානයේ පන්දුවට පහරදීමට බොහෝ දුරට ඉඩ තිබේ. මහරුෆ් දේශිය තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කරයි. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර ඉන්දීය එක්දින සංචිතය: විරේන්ද්‍ර සෙවැග් (නායක) රෝහිත් ශර්මා, සචින් තෙන්ඩුල්කාර්, මනෝජ් තිවාරි, රවිචන්ද්‍රන් අෂ්වින්, ගෞතම් ගාම්බීර්, රවීන්ද්‍ර ජඬේජා, සහීර් ඛාන්, විරාට් කෝලි, ප‍්‍රවීන් කුමාර්, ප‍්‍රතීව් පටෙල්, ඉර්ෆාන් පතන්, සුරේෂ් රයිනා, රාහුල් ශර්මා, විනෙයි කුමාර්, උමේෂ් යාදේව්.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාව අද පැරදුනොත් ශ්‍රී ලංකාවට උසස්වීමක්