IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉන්දියාවට කඩුලූ 5 ක ජයක්

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී කඩුලූ 5 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය පිල සමත් විය.

ලකුණු 334 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම  ඕවර 49 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ලබාගනිමින් පන්දු 6 ක් ඉතිරිව තිබියදීම තරගයෙන් ජයගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 333 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු 120 කදී ලකුණු 144 ක් ලබාගත් විරාට් කෝලි සහ පන්දු 81 නොදැවී ලකුණු 106 ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දීය ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.

ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ෂිකාර් ධාවන් දුවද්දී දැවී යාමෙන් පසුව මුරලි විජේ (18) සහ රෝහිත් ෂර්මා (5) දවාගැනීමට සමින්ද එරංග සහ තිසර පෙරේරා සමත් වූ හෙයින් ලකුණු 62 කට ඉන්දීය පිලේ කඩුලූ 3 ක් බිඳ වැටී තිබිණ. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 186 ක් එක්කළ විරාට් කෝලි සහ දිනේෂ් කාර්තික් ඉන්දීය පිලට ජය මාවත විවර කර දුන්හ.

ශී‍්‍ර ලංකා ඉනිමේදී පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනාම ඉන්දීය පන්දු යවන්නන් විසින් තමන් දවාගනු ලැබීමට පෙරම කී‍්‍රඩා පිටියෙන් ඉවත්ව ගියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 94 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් ලබා සිටියේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. පන්දු 78 කට මුහුණ දුන් තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 84 ක් ලබා සිටියේය.

පෙරහුර තරගයක් වූ හෙයින් කුසල් ජනිත් පෙරේරා (82) සහ තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ටත් පන්දුවට පහර දීමේ අවස්ථාවක් සලසා දෙනු අටියෙනි. පසුගිය 30 වැනිදා පාකිස්තනු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා පිලේ පුහුණු තරගයද වර්ෂාව නිසා පැවැත්විය නොහැකි විය.

මෙම තත්ත්වයෙන් අනගි ප‍්‍රයෝජන ගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ අයි. පී. එල්. තරගාවලියෙන් වෙහෙසට පත්ව සිටින ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූහ. කාසියේ වාසිය දිනාගනීමෙන් අනතුරුව පන්දු යැවීම තෝරා ගත් නමුත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පාලනය කිරීමට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අසමත් විය.

ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 5 ක් බිඳ වැටුණ ලෙස ලකුණු පුවරුවේ සටහන් වුවද ඉන්දීය පන්දු යවන්නන් විසින් දවාගන්නා ලද්දේ පන්දු 31 කදී ලකුණු 33 ක් ලබාගත් මහේල ජයවර්ධනගේ කඩුල්ලත්, පන්දු 32 කදී ලකුණු 45 ක් ලබාගත් කුමාර් සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් (පන්දු 48 කින් ලකුණු 46) පමණි. තිසර පෙරේරා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ පන්දු 19 කදී ලකුණු 32 ක් ලබාගත්හ.

 

 

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉනිම

කුසල් ජනිත්    - තරගයෙන් ඉවත්වුනා   82            
තිලකරත්න දිල්ශාන්    - තරගයෙන් ඉවත්වුනා             84
මහේල ජයවර්ධන    - ඇ. පතන් ප. ඉෂාන්ත් ශර්මා   30
කුමාර් සංගක්කාර    - ඇ. අශ්වින් ප. මිෂ්රා     45        
දිනේෂ් චන්දිමාල්    - ඇ. දෝනි ප. බුවනේශ්වර් කුමාර්    46
තිසර පෙරේරා    - නොදැවී    26
දිල්හාර ලොකුහෙට්ටිගේ- නොදැවී     6
අතිරේක            14
එකතුව  ඕවර 50 කදී කඩුලූ 3ක් දැවී        333

කඩුලු වැටීම:
1-209, 2-279, 3-325

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, ශමින්ද එරංග, රංගන හේරත්, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, ලසිත් මාලිංග

පන්දු යැවීම:
ඉර්ෆාන් පතන්: 5-0-45-0, බුවනේශ්වර් කුමාර්: 8-0-58-1, ඉෂාන්ත් ශර්මා: 6-0-41-1, විනේ කුමාර්: 7-0-42-0, රවිචන්ද්‍රන් අශ්වින්: 8-0-45-0, රවින්ද්‍ර ජදේජා: 8-0-41-0, අමිත් මිෂ්රා: 8-0-53-1

 

ඉන්දීය කණ්ඩායම් ඉනිම

ශීකාර් ධාවන්    - දුවද්දී දැවී ගියා        1    
මුරලි විජේ    - ඇ. තිරිමාන්න ප. එරංග    18
විරාට් කෝලි    - ඇ. චන්දිමාල්පග එරංග       144    
රෝහිත් ශර්මා    - ඇ. කුලසේකර ප. පෙරේරා    5    
සුරේෂ් රයිනා    - ප. සේනානායක    34        
දිනේශ් කාර්තික්    - නොදැවී                            106    
මහේන්ද්‍ර සිං දෝනි    - නොදැවී    18

අතිරේක            11
එකතුව  ඕවර 49 කදී කඩුලූ 5ක් දැවී                            337

කඩුලු වැටීම:
1-5, 2-52, 3-62, 4-110, 5-296

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, අමිත් මිෂ්රා, ඉර්ෆාන් පතන්, ඉෂාන්ත් ශර්මා, විනේ කුමාර්, උමේෂ් යාදව්

පන්දු යැවීම:
නුවන් කුලසේකර: 9-0-56-0, ඇන්ජලෝ මැතිව්ස්: 5-0-26-0, ශමින්ද එරංග:9-0-60-2, තිසර පෙරේරා: 6-0-34-1, සචිත‍්‍ර සේනානායක: 6-0-42-1, රංගන හේරත්: 7-0-44-0, ජීවන් මෙන්ඩිස්: 3-0-31-0, තිලකරත්න දිල්ශාන්: 3-0-20-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 1-0-18-0

 



අදහස් (0)

ඉන්දියාවට කඩුලූ 5 ක ජයක්

මහේෂ් Sunday, 02 June 2013 12:24 AM

ඉන්දියාව අපිව පැරැද්දුවාද, නැතිනම් අපි ඕනෑකමින් පැරදුනාද කියලා හිතෙනවා. අනේ මන්දා (නි)

:       0       0

සිල්වා Sunday, 02 June 2013 12:46 AM

ඔය මාලිංගව එහෙම පුහුණු තරග වලට දාලා වෙහෙස කරවන්න එපා. ඊලග අයි. පී. එල් එකට සෙල්ලම් කරන්න ආබාධ නොවී ඉන්න එපැයි..... (නි)

:       0       0

කැල්වින් Sunday, 02 June 2013 01:38 AM

ඉන්දියාව කියන නම ඇහුනොත් ඇති. ඇයි මෙච්චර ඉන්දියාවට බය? (නි)

:       0       0

ඉෂාන් Sunday, 02 June 2013 08:26 AM

නිදි මරාගෙන මැච් එක බැලුවට අපි පැරදුනා.(නදී)

:       0       0

සංජු Sunday, 02 June 2013 08:31 AM

අපේ කොල්ලන්ගේ හරඹය හොදයි. ඔය විදියට යන් ජය ජය ලංකා. ඔය වගේ ලකුණු ලබාගැනීමක් ඉදිරියට කරගෙන යන පීඩනයක් එක්ක ප්‍රතිවිරුද්ද කණ්ඩායම් අඩපන කරමු.(නදී)

:       0       0

බිශෙන් Sunday, 02 June 2013 06:15 PM

අනිවාර්යෙන් අවසන් තරඟයටනම් අපේ අය එනවාමයි. (ත)

:       0       0

යොහාන් Saturday, 01 June 2013 05:09 PM

අපේ කට්ටිය බැංකු උඩ හිටියට නිකන් ඉඳලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

සම්පත් Saturday, 01 June 2013 05:12 PM

අනිත් තරග වලටත් ඔහොම ගැහුවොත් හොදයි (නි)

:       0       0

තලල්ල Saturday, 01 June 2013 05:21 PM

මේ දෙන්නගේ මේ රිද්මය මේ විදියටම තිබ්බොත් අපි කප් එක අනිවාර්යෙන් ගෙනෙනවාමයි. මුල හොදට තිබුනොත් අවසානයත් හොදයි (නි)

:       0       0

සනත් Saturday, 01 June 2013 05:25 PM

නියමයි.....අපේ කොල්ලෝ බංකුවට සීමා කරලා තිබ්බටත් එක්ක දීපල්ලා. (නි)

:       0       0

නිරෝෂන් Sunday, 02 June 2013 11:24 AM

අනේ මේ කෝලිව කලින්ම ක්‍රීඩාගාරෙට යවන්න කාටවත්ම බැරි වුණ හැටි? (නි)

:       0       0

අමිල Saturday, 01 June 2013 06:59 PM

ඉන්දියාවට හොඳට බැට දෙන්න. (නි)

:       0       0

තුසිත Sunday, 02 June 2013 11:51 AM

අපේ කොල්ලෝ හොදට සෙල්ලම් කරලා තියෙනවා (නි)

:       0       0

මාර්ක් කුරේ Sunday, 02 June 2013 12:43 PM

කණ්ඩායම හොඳින් තරග කලා කියන්න අමාරුයි මොකද ඔයිට වැඩි ඉලක්කයක් ඉන්දියාවට දෙන්න තිබුනා. පසුපෙළ පිතිකරුවන් අවසාන පන්දු ඕවර 15-10 තුල ලකුණු වැඩිකලානම් අනික ඉන්දීය පිතිකරුවන් අධ්‍යයනය කල බවක් පෙනෙන්ට තිබුනේ නැහැ. පන්දු යවන්නන් විදිහට එට හේතුව ඔවුන් පිතිකරුවන්ගේ පින්නට වන්නට පන්දුව පතිත කිරීමත් පුල්ටෝස් පන්දු වැඩි වශයෙන් යොමු කිරීමත් නිසා. මම හිතනවා අපි මෙවර දක්ෂම කණ්ඩායම් 3 අතර ඉන්නවා. අඩුපාඩු හදාගෙන තරග වලින් ජය ගැනීමට සුබ පැතුම්.(නදී)

:       0       0

සනත් Saturday, 01 June 2013 08:43 PM

මයික් හසී,බ්‍රාවෝ, නැතුව පුංචි දෝනි තරහා වෙලා..... (නි)

:       0       0

සංජු Sunday, 02 June 2013 01:27 PM

පුහුණු තරගෙට සල්ලි හම්බවෙන්නේ නැහැනේ (නි)

:       0       0

නදී Sunday, 02 June 2013 01:34 PM

ඉන්දියාවේ පිතිකරු අංශය ප්‍රබලයි. (නි)

:       0       0

ඉන්දික Saturday, 01 June 2013 09:16 PM

නියමයි. ඔහොම යන්. ඔලුව කල්පනාවෙන්. ජයවේවා! (නි)

:       0       0

අපි සහ අපි Sunday, 02 June 2013 03:00 PM

මම ඔය මැච් එක ගිහින් බැලුවා. ඇත්තම කියනවා නම් සුද්දෝ අපිට ෆාස්ට් විකට් එකක් දුන්නේ නැහැ පුරුදු වෙන්න. ඕක ලංකාව වගේ ස්ලෝ විකට් එකක්. තරඟ වලදී අපිට එක පාරම ෆාස්ටි විකට් එකේ ගහන්න වෙන්නේ. ඊයේ අපි හොඳට ගැහුවා.පන්දු යැව්වේ සැළසුමකට නොවේ (නි)

:       0       0

මෙතුජ Sunday, 02 June 2013 03:02 PM

මෙතන උඩ ඉන්න අය වගේ කොච්චර පැරදුනත් අනේහොදයි කියන අය නිසා තමයි ලංකාව කවදාවත් ක්‍රිකට් දිනන්නෙ නැත්තෙ... ඔහොම යන්..ඔහොම යන්.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 76 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 123 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 128 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 106 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 322 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 343 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site