
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට තුර්කි රජය ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන නොවැම්බර් 1 වැනිදා සිට මෙම තහනම ක්‍රියාවට නැංවෙයි.
මීට අදාළ පනත් කෙටුම්පත, තුර්කි පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මාසයේය.
කුඩා දරුවන් ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම, ඔවුන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ අපරාධ ආදිය සැලකිල්ලට ගනිමින්, මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි තුර්කි රජය පවසයි.
මේ වනවිටත්, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වැනි රටවල් අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කටයුතු කර ඇත. ඒ අතරට, තුර්කිය ද ඇතුළත් වෙයි.
එසේ වුවත්, තුර්කියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස මෙන්ම සමරිසි ප්‍රජාව සහ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පවතින සීමාකාරී තත්ත්වයන් හමුවේ, මෙම නව තහනම පිළිබඳව ද එරට මානව හිමිකම් සංවිධාන තම කංසාව සහ අවධානය යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd