ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර ද සියයට 16කින් අඩු කිරිමට පියවර ගෙන තිබේ. ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එරට පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත්තේ 2014 වසර සඳහා ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර මුදල සියයට 16කින් අඩු කළ යුතු බවයි.
ඒ අනුව 2014 දී ඉන්දියාවට ලැබෙන ඇමරිකා ආධාර මුදල ඉන්දියානු රුපියල් කෝටි 500යි ලක්‍ෂ 50ක් වන බවත් එය 2013 වසර මෙන් සියයට 16ක අඩුවීමක් බවත් ඉන්දියාව පවසයි.
ඇමරිකාව ලංකාවට දෙන ආධාර ද සියයට 20න් අඩු කිරිමට ඔහු යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ ආණ්ඩුව අයවැය පියවන්නේ නය අරන් . ඒ මදිවට පිටරටවලටත් ආධාර දෙන්වා. , විකාර කරන්නේ නැතුව ඉස්සෙලා ඇමෙරිකාවේ අයවැය පියවා ගන්න බලන්න.(නදී)
ලලිත් , ඇමරිකාව බිහිවූ හැටි සහ ලෝකයේ සම්පත් ඇති රට වලින් ඇමරිකාව සිදුකරන සුරා කෑම් පිළිබඳව ඔබට සාමාන්‍ය දැනීමක් හෝ නැති බව පෙනේ .(නදී)
මම නැවක (ටග් යන්ත්‍රාවක) කපිතාන් වරයෙක්. ඇමරිකාව තවමත් ඉරාකයෙන් මංකොල්ල කන එක නවත්තල නැහැ. ඉරකයෙ තේල් ඉක්මනට අදින්න "ඛව්ර් අබ්ඩ් අල්ලාහ්" නම ඇති ගග දිගේ රට තුල සිට ඇත මුහුදේ තියන "අල් බකර් ටෙර්මිනල්" එකට විශාල නල මාර්ගයක් සවි කලා. හේතුව විශාල නැව් වලට එම ගග දිගේ ඇතුලට යා නොහැකි නිසාත් ඇතුලට යාම අනතුරු සහිත නිසාත්.(ප්‍රහාරයකට ලක්විය හැකි නිසා) හැම සතියකට වරක් හෝ දෙවරක් විශාල ටැන්කර (තේල් ගෙනියන නැව්) අල් බකර් ටෙර්මිනල් එකේ සිට ඇමරිකාව බලා පිටත් වෙනවා. සම්පත් ඇති රටවල් වලට තමයි ඇමරිකාව අතයි, කකුලයි,ඔලුවයි දමන්නේ. සම්පත් නැති වෙළුන රටවල් වල මොන මානව හිම්කම් නොවෙයි මොන දෙයක් උනත් ඒ දිහා හැරිලා බලන්නේ නැහැ. අමතක කරන්න එපා. අපගේ රට හොද නාවික මධයස්ත්නයක් බව. ලෝකය පුරහා ඔවුන්ගේ යුද මධයස්ථාන ස්ථාන ගත කර තියනවා. ඔවුන්ට අප අවනත නොවන නිසා තමයි අපට මෙතෙරම් කෙකනහිලි කම් කරන්නේ. මගේ රටට මම ආදරෙයි. රට පාවා දෙන ප්‍රතිචාර දමන්න එපා. ඔබට ස්තුතියි. (නදී)
අයියෝ, මම නම් හිතුවේ ඉන්දියාව විදෙස් ණය ඔක්කොම පියවලා ඉවරයි කියලා. ලැජ්ජාවෙ බැහැ අප්පා මේවට. (නි)
ඉන්දියාවටත් කපලා නිසා යාන්තම් ලාංකිකයන්ටත් හිත හදා ගත හැකියි (නි)
ඇමෙරිකාවට හැමදාම හංගගෙන ඉන්න බැහැ එහෙ තියෙන ප්‍රශ්න. ණය කපන්න වෙලා තියෙන්නේ ලැජ්ජාව පැත්තකට දාලා (නි)
ඇමරිකාව පොහොසත් වුණේ වැඩකරලා මිසක් කාගෙන්වත් පිනට ඉල්ලලා කාලා නෙමෙයි (නි)
ඇමරිකව චීනයෙන් ණය ගන්නේ. අනිත් රට වලට දෙන්ට සල්ලි නැහැ. ඩොලර්වල වටිනාකම එන්න එන්න බහිනවා. අද රත්තරන් වල මිළ හොදටම බාල්දුවෙලා. (නි)
ඇත්ත. මෙකී ලෝකයේ ලොකුම ණය කාලා තියෙන්නේත් ඇමෙරිකාව. (නි)
ඔව් ඉතින් පොඩි එකා සමග යුද්දයකට පැටලුනොත් එහෙම ඉදිරියේදී එහෙන් මෙහෙන් පුපුරන්න පටන් ගත්තොත් වියදමට සල්ලි තියෙන්න එපායැ.(නදී) .
ජෙෆ් හරි, අපේ ආණ්ඩු චන්දෙ ගන්නකොට එක ප්‍රතිපත්තියක් දිනුවට පස්සේ තව එකක්. බඩවල් ලොකු කරගන්න වාසියට කරන වැඩ මිසක් රටේ අනාගතය වෙනුවෙන් දුප්පත් මිනිහට ආදරය කරන ආණ්ඩුවක් තාම මේ දසක 3-4 ඇතුලත ඈවිල්ලා නැහැ.(නදී)
ඉන්දියාව ගැන කියන්නේ ලංකාවට 20% කපපු එක දැක්කේ නැද්ද?(නදී)
කින් බෙනට්, ඇමරිකාව දෙන ආධාර ණයක් මිසක් පිනට නොවෙයි. නැවත ගන්නේ පොලියක් සමගින්. එම එකතු වන පොලී මුදල් ඇමරිකාවේ ඉදිරි ආර්ථිකයට දියුණුවක්. (නි)
ඔයිට වඩා කෙරුම්කාරයො ඉන්නවා තමිල්නාඩුවේ. (නි)
ඇමරිකාව වෙනුවෙන් අත ඉස්සුවත් නැතත්, කාටත් එකම හැන්ද තමා. ඔවුන්ට ප්‍රතිපත්තියක් තිබෙනවා. එම නිසයි ඔවුන් අද ලෝකයම පාලනය කරන්නේ. (නි)
ඇමෙරිකාව ඔය වගේ ලෝකයේ හැම රටකටම දෙන ආධාර ප්‍රමාණය යම් ප්‍රතිශතයකින් කපලා හැරියා නම් ඇමරිකාවට නැවත තමන්ගේ ආර්ථිකය ගොඩගන්න එක හරිම ලේසියි. මෙයාල ඉතින් ලෝකයේ තියෙන රටවල් 150 කට විතර ආධාර කරනවනේ. (නි)
මට පෙනෙන්නේ අමෙරිකාව බංකොලොත් වෙලා වගෙයි. දැන් අපිට තමයි ඇමෙරිකාවට ආධාර දෙන්න වෙන්නේ :) (නි)
ඇමෙරිකාව ලෝකය සුරකලා ලෝකෙට නයට දෙනවා.(නදී)