දකුණු දිග ඉරාකයේ හා මධ්‍යම ඉරාකයේ කාර් බෝම්බ කිහිපයක් පුපුරායාමෙන් 57 ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැග්ඩෑඩ් නගරයේ පිපිරීම් නමයක් බස්රා නගරයේ පිපිරීම් දෙකක් ද සිදුව ඇත.ඉරාකයේ අන්බාල් ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් පොලීසියට කරන ලද වෙඩි තැබීමකින් පොලිසියේ හත් දෙනකු මියගොස් ඇති බව ද දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටියෙන් කියනවනම් මේ ලෝකේ වැඩිහරියක් ඉන්නේ නොමැරෙන මිනුස්සු. (අ)
ඉරාකෙන් ඇමරිකානු හමුදාව ඉවත් කරගෙන දැන් කොච්චර කල්ද? බින් ලාඩන් විනාශ කරලාත් දැන් ගොඩක් කල්. එහෙත් තාම බෝම්බ පුපුරනවා. අපේ ශ්‍රී ලංකා හමුදාව කොයිතරම් නම් විශිෂ්ටද? යුද්දේ ඉවරයි කිව්වා. එතනින් ඉවරයි. (නි)
බටහිර රටවල් සමග ඇමෙරිකාව කරපු දේවල ප්‍රතිපල තමා අද මේ දකින්නේ. (නි)
පේනවා නේද,අල්ලාහ් කැමති මොන වගේ දේවල් වලටද කියලා? ලේ දකින්න පුදුම කැමැත්තක් තියෙන්නේ. (නි)
ඉරාකයේ නම් මීට එහා ගන්න දෙයක් නැතිවේවි.සදාම් හුසේන් නැති ඉරකයක් ඕනෑ නැහැ කියල අල්කයිඩා කල්ලිය හැමදාමත් බෝම්බ පුපුරවති (නි)
බලන්න ඇමෙරිකාව යුද්දේ ඉවර කළා කිවුවට තාමත් ඉරාක් වල බෝම්බ පිපිරෙනවා. අපේ රට ඒ අතින් වාසනාවන්තයි. (නි)
මේ පින්තුරවල මිනිස්සු ගානක් නැතුව හැසිරෙන හැටියෙන් පේන්නේ මේක එදිනෙදා දෙයක් බවට පත්ව ඇති බවයි. සදාම්ව මරලා දාල ඉරාකෙට උරුම කර ගත්ත මේ ඉරණම අනික් අරාබි රටවල් කීපයකුත් ඉල්ලන් කන හැටි දැක්කම මිනිස්සු කවදාවත් වැරදීම්වලින් පාඩම් ඉගෙනගන්න ජාතියක් නෙමෙයිද කියලා හිතෙනවා. (නි)
කෝ අහමෙඩලා? මොහොමඩලා? මොකද සද්ද නැත්තේ? (නි)
එකම දෙවියන් අදහන මිනිසුන්ට එකට ජීවත් වෙන්න බැරි හැටි. (නි)
ඇමරිකාවේ තෙල් මංකොල්ලයට ඉරාකය තාමත් අකමැති බව පෙනෙනවා. සෙන්තිල් කියලා ප්‍රතිචාර කරන එක්කෙනා හීනයක්වත් දැකලද? (නි)
ඉරාකයේ බෝම්බ පුපුරන්නේ, මේ රටේ මිනිස්සු අදහන දෙවියන්ගේ කැමැත්ත නිසාද ? කුරගල පැත්තේ තියනව කියන හාස්කම් සහිත පල්ලිය පිහිටවන්න ඕන ඉරාකයේ, සිද්ධවෙන ලේ වැගිරීම් නවත්වන්න.(නදී)
ඇයි මේ එකම ආගමේ මිනිස්සු ඔහොම මරා ගන්නේ.(නදී)
මොන ජාතියේ මොන ආගමේ වුණත් අපි මිනිස් ඝාතන වලට විරුද්ධ වෙන්න ඕනෑ. මුස්ලිම් රටවල බෝම්බ පිපිරෙනකොට අපිට සතුටු වෙන්න බැහැ. මොකද අපි නියම බෞද්ධ. ඒ වගේම අපි ජාතිවාදයටත් , ආගම වාදයටත් විරුද්ධයි. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙන්න ඕනැ මුස්ලිම්වරුන්මයි. අපේ ලංකාවේ නැගෙනහිර සිදුවෙන මුස්ලිම් අනතවාදයට මුස්ලිම් සහෝදරවරු විරුද්ධ වෙන්න ඕනෑ. නැත්නම් අපි හැමෝටම වෙන්නේ ඔය දේ තමා. ජාති වාදය මුස්ලිම්, සිංහල , දෙමල මොක වුණත් අපිට එපා. මේක ඔබෙත් මගෙත් එකම රට. රැක ගමු ශ්‍රී ලංකා. (නි)
ඔය ප්‍රතිචාර ලියන අයියලගේ බුද්ධි මට්ටම ගැන මම කනගාටු වෙමි. මෙචර ප්‍රශ්නයක් වුනේ ඇමරිකාව නිසා. සදාම් ව එලවන්න කියලා ත්‍රස්තවාදීන්ට ආයුධ දුන්නා, දැන් ඒ ආයුධම අරන් තමන්ගේ ත්‍රස්තවාදය පතුරුවනවා. කවුද කිව්වේ මේ මරාගන්නේ එකම ආගමේ කියලා, මේ ඔක්කොම කරන්නේ ඊශ්‍රායලය. (නි)