රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඉරාන පකිස්තාන මායිමේ සිදුවිය. සිය ගණනක් මිනිසුන් මැරෙන්නට ඇතැයි අනුමාන කෙරේ. භූමිකම්පාව ඉන්දියාවට හා ගල්ෆ් රාජ්‍යවලට ද දැණිනි. වසර 40කින් සිදු වූ ලොකුම භූමිකම්පාව මෙය බව ඉරානය කියය.
රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඉරාන පකිස්තාන මායිමේ සිදුවිය. සිය ගණනක් මිනිසුන් මැරෙන්නට ඇතැයි අනුමාන කෙරේ. භූමිකම්පාව ඉන්දියාවට හා ගල්ෆ් රාජ්‍යවලට ද දැණිනි. වසර 40කින් සිදු වූ ලොකුම භූමිකම්පාව මෙය බව ඉරානය කියය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කරන අයට, පව් පලදෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ අරාබියේ වැඩ කරනවා නම් අපි වැදගෙන ඉන්න ඕනෑ කියල. ලෝකේ කොහේ වැඩ කෙරුවත් වැඩ කරලා පඩිනේ ගන්නේ. අරාබිකාරයෝ නිකන් සල්ලි දෙන්නේ නැහැ. (නි)
සිද්දියට මුහුණ දුන් අය ලියපු දේවල් වල තියන සංවේදීබව බලපු අයට නැතිබව පැහැදිලිව පේනවා.(නදී)
අපි කවුරුත් මිනිස්සු. මෙවනිදේ අහන්න ලැබෙන එක දුකක්. එත් කාලය ආවාම අපි කවුරුත් මෙලොවින් යනවා. ඒ කොහොමද?කොතනද?කවදාද?(නදී)
මෙවන් විපත් කාට හෝ නොවේවා කියා ප්‍රාර්ථනා කරමු! (නි)
අනේ දමිත් මම ඉන්නෙත් සාර්ජා වල. බොරුවක් නම් නෙමෙයි . මට නම් දැනුනේ නැහැ. (නි)
මුතු මෙන් දිමුතු වූ, හොඳ මෙන් සිනිඳු වූ, සඳ මෙන් පසිඳු වූ, දහම් ගීතයේ සංගීතයෙන් මහ පොළොවේ අජීවී සජීවී සෑම වස්තුවක්ම අජරාමර කරමින් සනහාලූ බුදු බණ අහන්න. කරදර අඩු වෙයි. (නි)
තමන් කර ඇති කර්ම පලදෙන විට වෙලාවක් ස්ථානයක් නොමැත. එය ඔබටත් මටත් පොදු වේ. (නි)
මිනිස්සු මුහුදේ මාළු මරාගෙන කෑවා. සුනාමියෙන් මිනිස්සු ගහගෙන ගිහින් මාළු මිනිස්සුන්ව කෑවා. මිනිස්සු මහපොළොව විනාස කරනවා. මහපොළොව මිනිස්සුන්ව විනාස කරනවා. සෑම සතෙක්ම මරණයට බයයි. ජීවිතයට ආදරෙයි. අනුන්ගේ මස් කාලා ජීවත් වෙලා මොකටද? දැන් බුද්ධ ශාසනේ පිරිහෙන කාලේ. ඉදිරියට තව කරදර. පින්වත් බෞද්ධයිනි, සංසාරෙන් එතෙර වන්න. තෙරුවන් සරණයි. (නි)
සෞදියේ ඉන්න අපටත් දැනුනා මෙම භූ කම්පනය අද සවස 2.30ත විතර (නි)
මාර්ක් කියන්නේ මෝඩයෙක්.සුනාමි ආපු වකවානුවේ මෙසේ අදහස් ලිවිමට මෙවැනි තීරුවක් තිබුනෙත් නැහැ.අවශ්‍ය නම් ලංකාදීපයෙන් සත්‍යතාවය විමසා දැන ගන්න. (නි)
මම ඉන්නේ කුවේට්. මෙහේ වෙලාවෙන් දවල් 154ට මම ඉදගෙන හිටපු පුටුව පැද්දුනා. (නි)
මෙච්චර හොද බුදු ගුණ දන්නා අයගේ අදහස් තියෙද්දී , බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් දාන සමහර නරුම අදහස් ගැන පුදුමයි. බුදු දහම මෙන්ම, නියම බොදුනුවා කවදත් මානව හිතවාදියි. සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.. ! (නි)
මට නම් සැකයි මේක ඇමරිකාවේ න්‍යෂ්ඨික අත්හදා බැලීමක්වද්ද කියලා (නි)
වෙන්න තියනදේ වලක්වන්න කාටවත් බෑ මියගිය සියලු දෙනාට නිවන් සුව පතමු . (ස)
ඔවදන් දෙන්න නම් ඕනෑ තරම් කට්ටිය ඉන්නවා (නි)
ගල් කුහරයක හිටියත්, අහසේ පැලක් බැඳගෙන හිටියත් , මුහුද මැද හිටියත් මරණින් ගැලවෙන්ඩ බෑ. කල යුත්තේ ජීවත්ව ඉන්නා තුරු සත් පුරුෂව ජීවත් වීමයි.(නදී)
භූමිකම්පා ඇති වෙන්නේ සොබා දහමට අනුවයි. කාගේවත් පවකට නොවෙයි. ලෝක ස්වභාවය වෙනස් කරන්න කාටවත් බැහැ. සසර භය දකින්න ඕනෑ ඒ නිසයි. (නි)
චරිත බුද්දිමත් කියල පෙන්නුවා. කොහොම උනත් මෝඩයි.(නදී)
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා .(නදී)
ඇත්තටම සමහර අයගේ නුවන පහල තමායි තියන්නේ. එක උඩ වාඩි වෙලා තේරුමක් නැති ප්‍රතිචාර දානවා. මොනවා කන කට්ටියක් ද මන්දා?(නදී)
අනේ තුෂාර, ඔයා බුදුදහම ගැන අනුන්ට කියන්න. අපිට එපා (නි)
හැෙමා්ම අල්ලා දෙවියන් ලගට යන්න ඇති කනගාටු වන්න ඒපා !! සතුටු වන්න.(නදී)
අනිවාර්යයෙන්ම අපි ඔබව මරණයෙන් ආර්ථිකයෙන් දේපල විනාශයෙන් පරික්ෂා කරනවා මයි. කුරානය කියයි.(නදී)
තුෂාර, මෙතනට ආගම පටලවාගන්න එපා (නි)
රටක විවිධ බුද්ධි මට්ටම වල සිටින ජනතාව තමන්ට දැනෙන දේ තම නුවනින් විමසා බලා අදහස් දැක්වීම සාමාන්‍ය දෙයකි. සමස්ථ අදහස් සමාලෝචනය කර බැලීමේදී බහුතරයක් සිංහල බෞද්ධ සමාජීය සංස්කෘතියකට උරුම කම් කියන්න වූ මිනිසුන් සිටින රටක, මිනිසා මිනිසාගේ පොදු මානුෂික සහ සමාජීය ගැටළු වලදී ප්‍රතිචාර දැක්විය යුතු සංවේදී සංයමය දක්නට නොලැබීම මහත් වූ අවාසනාවකි; කනගාටුවකි; කලකිරීමකි.(නදී)
අනතුරෙන් විපතට පත්වූ හැමෙදනා ගැනම කනගාටු වෙනවා. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. (අ)
අපි ඉන්න ඇෆ්ඝනිස්තානයේ. අපිට හරියටම සවස 4 විතර දැනුනා. (නි)
තුෂාරට හොදක් නම් වෙන්නෙ නැහැ මේ වගේ මෝඩ අදහස් දානවට. (නි)
මම ගෙදර හිටියේ. දන්නේවත් නැහැ. (නි)
මෙම අනතුරට මුහුණ දුන් ඉරානයේ සිටින අපේ රටේ සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරණ පතමි. අපේ රටට විදෙස් මුදල් සපයා එවන අපේ හිත මිතුරන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!! (නි)
අපිටත් ඒක හොදටම දැනුනා සාර්ජා වලටත්.පලවෙනි අත්දැකීම මගෙනම් මේ රටේ.(නදී)
හරක් මැරීම හොද දෙයක් නෙමෙයි කියන්නේ ඕකතමයි අපි (නි)
මටත් එක හොදටම දැනුනා.ඒ වෙලාවේ මම තනියම. මට දරුවෝ දෙන්න මතක් වුණා. හිත හදා ගත්තා. ආරක්ෂකයෝ ඇවිත් මාව ගෙනිච්ච එක ජීවිතේ පළමු අත්දැකීම, මේ රටේ. (නි)
ලංකාවෙ තෙල් දැනටමත් ගනන් ගිහිල්ලද දන්නෙ නැහැ (නි)
කවුරු වුනත් මනුෂ්‍ය ජීවිත. ඔවුනට නිවන් සුව පතමි! (නි)
මම වැඩ කරන හොටෙල් එකත් හොඳටම හෙල්ලුනා. මේ රටවල අය කරන පාපකාරී වැඩ වල ප්‍රතිපල තමයි මේවා. ලෝකෙන්ම වැඩියෙන්ම පව් කරන්නේ අරාබිකාරයෝ. රස්සාවල් කරන අහිංසක මිනිසුන්ට නම් කරදරයක් වෙන්න එපා (නි)
ලංකාදීපයේ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම ඇත්තෙන්ම ප්‍රසංශනීයයි..!! (නි)
බුදු පිළිම තහනම් කරපු කතාවකුත් මතක් වුණා මට. (නි)
සදරුවන් වගේ නුගත් අය හැමදේකටම ආගම ඇදලා ගන්නවා. ඊට වැඩි දෙයක් ගැන හිතන්න මොලයක් නැහැ (නි)
මෝඩ ප්‍රතිචාර ලංකාවට සුනාමි ආපුවෙලෙත් ඔය මෝඩයෝ ටික ලිවුවා. (නි)
ඒ මිනිස්සු ඒ තරම් පව් වැඩ කරනවා නම් අපේ මිනිස්සු මොකටද සල්ලි හොයන්න ඒවායේ යන්නේ? (නි)
පවු. ඒත් මොනවා කරන්නද? මියගිය සැම දෙනාටම නිවන් සුව අත් වේවා ! (නි)
ජීවිතයේ තෙවැනි වතාවට මරණ භයක් දැනුනා. මම කළ එකම දෙය නම් තෙරුවන් සිහි කරලා මගේ පවුලේ අය සහ දරුවන් මතක් කළ එක විතරයි. ඉන් එහාට යමක් සිතා ගන්න සිහියක් තිබුනේ නැහැ. මම හිටිය බිල්ඩිම තට්ටු 12 එකක්. ඉක්මනට බිමට බැස්සා. (නි)
එහෙම නම් මිනිසුනේ, ඇයි ලංකාවට, ජපානයට සුනාමි ආවේ? (නි)
මෙහෙට පස්වරු 14.45ට විතර ආවේ (නි)
මාර්ක් ,ඔයා හේතු ඵලවාදය කියලා දෙයක් අහලා තියෙනවද?මේවාට ප්‍රථිචාර දක්වන්නේ මොඩයෝ නම් ඔබතුමා බුද්ධිමත් ප්‍රතිචාරයක් දක්වන්න. හැම දේකටම විවේචන එල්ල කරලා වීරයෝ වෙන්න දඟලන ඔයාලා වගේ මෝඩ පණ්ඩිතයන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.බුදු දහම ටිකක් අධ්‍යයනය කරන්න. ඔබට නුවන පහල වේවා! (නි)
සහොදරවරුනේ කරුනා වෙන් අදහස් පලකරන මේ වගේ වෙලාවට.(නදී)
සමහර අදහස් දක්වන අය ඇයි මේ මෝඩ? හැම දේටම ජාතිවාදය?ලෝක විනාශය එනකොට සියලුම දෙනා මේ ආකාරයෙන් තමා යන්නේ, මතක තියා ගත්තොත් හොදයි. (නි)
අවුරුදු වලට පස්සේ බීමත්කමින් ලංකාවේ කී දෙනෙක් මැරුණද? මරා දැම්මද? මේක මොන පාපකර්මයක්ද? අනුන්ගේ දේවල් වල අඩු පාඩු බලන්නේ නැතුව අපේ වැරදි හදාගනිමු (නි)
ලොව සියලු දෙනා ජාති ආගම් වශයෙන් වෙන් වුනත් සියලු දෙනාම මනුෂ්‍යයෝ. මගේ කණගාටුව. (නි)
ජාතිවාදී අදහස් පළනොකර ශෝකය ප්‍රකාශ කරමු. (නි)
ජාතිය ආගම කෙසේ වෙතත් මගෙත් කණගාටුව! (නි)
ස්වාභාවික විපත් හැම රටකටම පොදු දේවල් මමත් 2012 ඔය වගේම අත්දැකීමකට මුහුණ දුන්නා.තුන් වෙනි තට්ටුවේ ඉන්න අපි මොනවා කරන්නද ?බය උන පාර මගේ දුව පැය 2ක් විතර කතා කළෙත් නැහැ .(නු)
මරණ භය තරම් තවත් භයක් කොහේද? ඉරාන වැසියන් ඇතුළු ඉරානයෙ සිටින සියළුම දෙනාගේ ජීවිතවලට හානියක් නොවේවායි පතමි. බුදුසරණයි…!(නු)
එතකොට ලංකාවට සුනාමිය අවෙත් අපි පව් කාරයෝ හින්දද... මිනිස්සු සොබාදහමට කරන අපරාධ වලට ලැබෙන දඩුවම් බරපතලයි..... ඒකට ආගම් භේදයක් නැත..(නු)
කවුරුන් හරි හිතනවානම් හරක් මරන නිසා හරි බුදු පිලිම තහනම් කලනිසා හරි මේ දේ සිදු උනා කියලා පිවිතුරු බුදු දහම තියන අපේ රටේ අය කරනා අපරාද වලට දඩුවම් කෝ ! අරාබි රටවල මිනිසුන් ඔය තරම් නපුරුනම් ඔවුන් ගෙන් වැටුප් ලබීම ඊටත් වඩා අපරාධයක් නේද?(නු)
ස්වභාවික ආපදා වලට ජාති, ආගම්, කුලභේද කිසිවක් නැහැ (නි)
අනේ තුෂාර ඒ කට්ටිය පාපකාරී නම් ඇයි තවමත් ඒ රටේම වැඩකරන්නේ ? නිකම් බොරුවට කියවන්න එපා. හම්බකරන රටට ගරු කරන්න ඉගෙනගන්න.(නදී)