ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලේ සහ උමං මාර්ගයේ පරීක්ෂණ කටයුත්තක් සඳහා අද එහි සම්පූර්ණ ජලය කොත්මලා ඔයට මුදාහළ බව ජලාශ බාර ඉංජිනේරුවරු කියති.
කොත්මලා ඔයෙන් එම ජලය පහළ කොත්මලේ ජලාශයට මුදා හරියි.
ලබන 3 වැනිදා තෙක් මෙහි ජලය රැුස් නොකරන බව ඉංජිනේරුවෝ කියති. මේ නිසා එම දිනවල ජාතික විදුලිබල පද්ධතියට ඉහළ කොත්මලා ජලාශයෙන් සැපැයුණ මෙගාවොට් 150ක විදුලිය අහිමි වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශවල වතුර ඇරලා පර්යේෂණ කරන රටක් නැහැ, මොකක්හරි ලෙඩක් වෙන්න ඇති.(නදී)
විදුලිය නම් අහිමිවුණාට කමක් නැහැ. ඒත් මේ අවුරුද්දේ ඉඩෝරයට පෙර ජලාශය පුරවා ගන්න පුළුවන් වේවිද? ඒකයි තියෙන ප්‍රශ්නය. ගිය සැරේ දැක්කනේ. වින්ඳ දුක් කන්දරාව. (නි)
මාස ගානක් පෑව්වා ජලාශ වල වතුර බින්දුවක් නැති වෙන්න. ඒ කාලෙ මොන පරීක්ෂණයක් වත් නැහැ. අඩු ගානෙ ඒ කාලෙ රොන් මඩ ටික ඇදලා ජලාශයේ ගැඹුර වැඩි කරන්නවත් උන්නදුවක් නැහැ. අන්තිමට හොඳටම වැහැලා වතුර පිරුණම ඒ වතුර ටික හිස් කරලා පරීක්ෂණේ තියනවා. (නි)
ඇයි ඒකත් ලීක්ද? (නි)
ඕවා පායපු කාලේ කරන්න බැරි වුනේ ඇයි. පායනකොට ආපහු වතුර නැහැ කියලා කෑගහුවම හරි. (නදී)
මේවට තමයි ආස්චර්ය පානවා කියලා කියන්නේ.(නදී)
ඔන්නඔහේ විදුලි බිලට තව ඉන්ධන ගැළැපුම් ගාස්තුවකුත් එකතු කරලා දාන්න. (නි)
ගිවිසුම් ගත කොමිස් මුදල් ලැබෙන්නේ තාප විදුලිට වැඩි වැඩියෙන් මිලදී ගත් තරමටයි. ජප විදුලියට ඕවා නැහැනේ.(නදී)
මේක කලේ මේ ලඟදි නේ ද ? උමගේ වැඩ ඉවර කලෙත් 2010 නේ. මොකද මෙච්චර ඉක්මනට පරීක්ෂා කරන්න උනේ ? (ස)
මේකේ හිටපු මාළුන්ට මොකද වුණේ? (නි)
සමහරු කියන්නේ මෝඩ කතා. (නි)
කවුද සම්පත් මෙතන මෝඩකතා දාලා තියෙන්නේ? (නි)
වරුණ: "ඕවා පායපු කාලේ කරන්න බැරි වුනේ ඇයි. පායනකොට ආපහු වතුර නැහැ කියලා කෑගහුවම හරි." පායන කාලේ මේක විවෘත්ත කරලා තිබුණේ නෑ (ස)
මම හිතුවේ වතුර නැතුව ගිහිල්ලා කියලා (දී)
අනේ මන්දා , හැම වැඩක්ම අවුල් (ස)
ඇයි කාරනය කියන්නේ නැත්තේ. ලයිට් බිලට තව කීයක් හරි එකතු කරන්න ලෑස්ති වුනාද?(නදී)