IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය.

රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව වේ. ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කැරිණි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කැරිණි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය.



අදහස් (0)

‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු

සේනක Friday, 25 November 2016 02:54 PM

වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 26 November 2016 04:50 PM

ඊ-නිවුස් නොතිබෙන්න අදටත් අපි සහ අපේ දරුවන්ට සිද්ධවෙන්නේ වහල්ලු වගේ මැරෙනකම් ජිවත්වෙන්නයි. අපි අපේ මුදල් වියදම් කරමින් මොනතරම් සටනක් කරලද හිටපු ඒකාධිපතියා ගෙදර යැව්වේ. (නි)

:       0       0

සුනිල් Friday, 25 November 2016 03:27 PM

මෙය මාධ්‍ය මර්දනයේ ආරම්භය නොවේවා! (නි)

:       0       0

සුසිල් Friday, 25 November 2016 03:34 PM

අපහාසයක් වූවා හෝ නොවූවා, වංචාවකට නම ඈඳුනු කෙනෙක් නියෝගය ඉල්ලන්න‍ේ? නඩුවට ප්‍රස්තූත වූ කෙනාම නියෝගය නිකුත් කරනවා. කෝ ලිවීමේ සහ කියවීමේ නිදහස? මේක වැටෙන්නෙ සිවිල් ගණයටද? අපරාධ ගණයටද? මේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපනය කළයුතුයි. (නි)

:       0       0

මහින්දපාල Friday, 25 November 2016 06:54 AM

ඉතාමත් අගනා නියෝගයක් මොහු සිතා සිටින්නේ මාධ්‍යය තුළ ඔහුට වඩා දැනුමැති අයකු නැති ලෙසයි. (ම)

:       0       0

ගංගා Friday, 25 November 2016 03:44 PM

ඇත්තට අද රටේ තැනක් නැහැ (නි)

:       0       0

සමන් Friday, 25 November 2016 03:47 PM

මේ වරෙන්තු නිකුත් කිරීමත් ලංකාව විහිළුවට පත්කිරීමක් කියායි මට සිතෙන්නේ. මේක සංකීර්ණ කටයුත්තක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මේක අනිත් අතට කැරකෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

නිස්සංක Friday, 25 November 2016 03:50 PM

හරිම සතුටුයි. ගරු නඩුකාරතුමියට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 25 November 2016 03:53 PM

මොහු පසුගිය රජයේත් වර්තමාන රජයේත් වැරදි නිර්දය ලෙස විවේචනය කළා. මොහු වරදක් කර ඇත්නම් චෝදනාව ඔහුට ඉදිරිපත් කර නිදහසට කරුණු විමසා ඉන්පසුව වරෙන්තු නිකුත් කළා නම් තමයි යුක්තිසහගත වන්නේ. අනෙක මේ වරෙන්තුව නිකුත් කරන්නේ මොහුගේ වෙබ් අඩවියේම විවේචනයට ලක්වූ විනිසුරුවරියක්. ඒකත් සදාචාරාත්මක නැහැ නේද (නි)

:       0       0

මර්වින් Friday, 25 November 2016 05:18 PM

ඊ-නිවුස් නැත්නම් අද සමහරවිට යහපාලනයකුත් නැහැ. ඒක තේරුම්ගත්තොත් හොඳයි (නි)

:       0       0

සේන Friday, 25 November 2016 08:12 AM

වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්.(ම)

:       0       0

විජේ Friday, 25 November 2016 08:36 PM

අපරාධ වල වීඩියෝ නිතරම ටීවී වල පෙන්වීමත් වැරදි නේද? පොලිසිය පරීක්ෂණ කරන්නත් කලින් මේවා මහජනයාට පෙන්වනවා. (නි)

:       0       0

ජයන්ත Friday, 25 November 2016 08:44 PM

සඳරුවන් කියන්නේ යම්කිසි වැරැද්දකදී සියලු සත්‍ය තොරතුරු සාක්ෂි ඇතුව දුෂණයට ජඩ දේශපාලනයට විරුද්ධව තදින්ම පහරදීපු අපේ කාලයේ වීරයෙක්. ලංකාවේ විනිසුරුවන් යැයි කියාගන්නා සමහරු ගැන යුරෝපයේ සිටින සියලුම ප්‍රජාව අතිමහත් පිළිකුලකින් සිටිනා බව පමණක් මතක තියාගෙන හැසිරීම ලංකාවේ සියලුම දෙනාගේ ශරීර සනීපයට හොඳ බව අපේ හැඟීමයි (නි)

:       0       0

අසංක Friday, 25 November 2016 08:38 AM

යහ පාලනයක් ගේන්න කඩේ ගියාට හොද වැඩේ (බ)

:       0       0

දයා රත්නායක Friday, 25 November 2016 09:29 PM

අධිකරණයට අපහාස වන අන්දමින් සහ ජනතාවගේ විශ්වාසය බිඳවැටෙන අයුරින් තීන්දු තීරණ ගත් විනිසුරුවරුන් මෙන්ම නීතිය අධිකරණයට අැඟිලි ගැසූවන්ටත් නීතිය ක්‍රියාත්මක වූවානම් කෙතරම් අගනේද? (නි)

:       0       0

පෙරුමාල් Friday, 25 November 2016 08:44 AM

විනිසුරුවරු බොහෝ දෙනෙක් මනුෂ්‍යෙයා්ය (බ)

:       0       0

දයා රත්නායක Friday, 25 November 2016 09:36 PM

නීතියේ නිරුවත ඉදිරියේ අයුක්තියට එරෙහිව අැත්ත කතාකළ ඊ නිවුස් ලොක්කා ජනතාවට වීරයෙකි. (නි)

:       0       0

සමුද්‍ර ජීවන් Friday, 25 November 2016 08:46 AM

ගරු නඩුකාරතුමියට මගේ ප්‍රණාමය. ඔහු ගැන මේ දුන් තීරණයට එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අද සතුටු වෙනවා. (බ)

:       0       0

සෙනෙවි Friday, 25 November 2016 08:47 AM

නීතියේදී මාධ්‍යවේදීන්ට කියල වෙනම වරප්‍රසාද තිබිය නොහැකියි (බ)

:       0       0

නිපුන Friday, 25 November 2016 11:11 PM

මෙයා අපේ කාලයේ වීරයෙක්. රිදෙන තැනට රිදෙන්නම ගහන කෙනෙක් (නි)

:       0       0

නාමල් Friday, 25 November 2016 11:21 PM

මෙතන අදහස් දාලා තියෙන සමහර මැදමූලන ප්‍රේමීන්ට ඊනිවුස් එකෙන් රිදිලා කියලා පේනවා (නි)

:       0       0

රොමේෂ් Friday, 25 November 2016 08:50 AM

ලංකා ඊ නිව්ස් කියන්නේ කිසිම සදාචාරයක් නැති මාධ්‍ය භාවිතයක්. ඔවුන් භාවිතාකරන වචන වුනත් හරිම අපුල ගෙනදෙන වචන. විවේචන තියෙන්න ඕනා, නමුත් මේවගේ අප්‍රසන්නව මාධ්‍ය භාවිතා කිරීම කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. (බ)

:       0       0

රුවන් Friday, 25 November 2016 11:58 PM

උදයංග වීරතුංගට තියෙන චෝදනාවත් එක්ක මේක පටළාගන්න එපා. යුද්ධයට පෙර කට්ටිය කොමිස් ගැහුවේ නැද්ද? අප කළයුත්තේ යුද්ධ කාලේ කළ වැඩ ඇද ගනිමින් තියෙන වැඩ ප්‍රමාද කිරීම නොවේ. මේ ආණ්ඩුව වැටුන ලොකුම වළත් එකයි. අපිත් නොදැනීම එ්කේ වැටිලා දඟලනවා. (නි)

:       0       0

ගුණරත්න Saturday, 26 November 2016 01:11 AM

ඊ-නිවුස් වලට අපේ රටේ ඉන්න හැමෝම හොරෙක්, දූෂකයෙක්. කිසිම රජයේ තනතුරකට පත්කරන්න බැහැ. පත්කරන පුද්ගලයාව හොරෙක් කරනවා, දූෂකයෙක් කරනවා. (නි)

:       0       0

සුසිල් Saturday, 26 November 2016 01:40 AM

මේකට නම් ඉල්ලන පරක්කුවෙන් වරෙන්තු! (නි)

:       0       0

රොෂාන් Friday, 25 November 2016 09:17 AM

හොද තීරණයක් මගේ ප්‍රණාමය ! (ම)

:       0       0

ටෙෂාන් Saturday, 26 November 2016 02:36 AM

මට නම් ඔහු වීරයෙක්! (නි)

:       0       0

උපුල් Friday, 25 November 2016 09:36 AM

උදයංගට නැති ඉන්ටපෝල් වරෙන්තු මාධ්‍යවේදීන්ට දැමීම ගැන කණගාටුයි. (ම)

:       0       0

රත්නපාල Saturday, 26 November 2016 03:36 AM

ගුණරත්න අපේ රට රාජ්‍ය සේවයේ ඉන්න බහුතරය හොරු, දුෂකයෝ තමා ... ඒවා වාර්තා කිරීම වරදක් වෙන්නේ කොහොමද? (හේ)

:       0       0

ප්‍රියාන් Friday, 25 November 2016 09:39 AM

හොද තීරණයක්..මෙයා කරන්නේ ජඩ මාධ්‍යයක්.. (ම)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 26 November 2016 04:20 AM

ඊ-නිවුස් නැත්නම් අද සමහරවිට යහපාලනයකුත් නැහැ.තව අවරුදු 20 කාටවත් විපක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙත්/කරන්නෙත් නැහැ. ඒක තේරුම්ගත්තොත් හොඳයි (හේ)

:       0       0

චමින්ද Friday, 25 November 2016 10:17 AM

වැරදි තැනට තදින්ම පහරදීපු කෙනෙක් (ම)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 25 November 2016 10:45 AM

හැබැයි අවුරුදු දෙකක් ගියා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ජාත්‍යාන්තර වරෙන්තු නිකුත් කරන්න. (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 25 November 2016 12:31 PM

වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්. (ම)

:       0       0

සුගත් Friday, 25 November 2016 01:19 PM

වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්. (ම)

:       0       0

නිරු Friday, 25 November 2016 06:25 AM

විනිසුරුවරුද මනුෂ්‍යයෝය....! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1559 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 367 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 118 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 104 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site