ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතන වලට අපහාස වන අන්දමේ ප්‍රවෘත්තිමය සිද්ධීන් 14ක් පළ කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු හා ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයකු වන මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) පැමිණිලි14 ක් බාර දුන්නේය.
ප්‍රවෘත්ති මාලාවක් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබද සොයා බලා සුදුසු දඩුවම් ලබා දෙන ලෙසට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි ඇයි බයවෙන්නේ (නි)
ඊ නිව්ස්, දූෂණ එළිකිරීම හොඳයි (නි)
නඩුව දම්මවාපු බළල් අත පේනවා....(බ)
ඊ නිවුස් තමන් වාමාංශික බවක් පෙන්වමින් කරන්නේ දකුණට ආවැඩීමක් පමණයි. (ම)
ඔව් මේ කැලෑපත්තරයේ බුද්ධාගමටත් නිතර පහර දෙන බව පේනවා .කිසියම් විදේශීය නයාය පත්‍රයකට අනුව වැඩකරන බවත් පේනවා (බ)
ඇත්ත කියනකොට රිදෙනවා (බ)
ඔහොම තමා පිට කැහිල්ලෙන් පුහුල් හොරා අහුවෙනවා නේ..(බ)
කාගේ හෝ වැරදි පෙන්නා දෙන එක වරදක්ද? මේ චීනය නොවෙයි නේද? (බ)
කාගේ කීමටද? විනිසුරෙක් නම් තම ගෞරවය රැකගන්න දැනගන්න. එවිට මෙවැනි ක්‍රියා නැවැත්විය හැක. (බ)
දඬුවම් කළයුත්තේ වැරදි පුවතක් පළකළා නම් පමණකි. පළකළ පුවත් සත්‍ය නම් අපහාසයක් වූවත් දඬුවම් දීම සාධාරණ නොවේ. (නි)
ඊ නිව්ස් වල අදායම ගැන විගණනයක් කලොත් හොඳයි. (ම)
ඇත්ත කියනකොට ගොඩක් අයට බොහොම රිදෙනවා (නි)
ලංකා ඊ නිවුස් මමත් දැන් අවුරුදු ගානක් සිට බලනවා. මහින්දගේ කාලයේ එය වාරණය කරලා තියෙද්දිත් මම ප්‍රොක්සි හරහා බැලුවා. මෙයින් නම් සඳහන් කළ වැරදිකාරයින් ඇත්තටම ලොකු දුෂිතයින්. ඒ ගැන ආයේ දෙකක් නැහැ. ලංකාවේ නීතිය විවේචනය කළේ මේ වෙබ් අඩවිය නොවෙයි. (නි)
සුදු ඇඳගෙන උපාසකයෙක් වගේ ඉඳලා හොරුන්ව ආරක්ෂා කරන අයත් ඉවත් කරවන්න නඩුවක් දාන්න පුළුවන් කොන්ද පණ තියෙන කෙනෙක් රටේ නැද්ද? (නි)
අසත්‍ය පතුරන අයට විරුද්ධව කවුද නඩුවක් දාන්නේ ? (නි)
කරන වැරදි හෙළිකරන මාධ්‍යවල කට වහන්න හදනවට වඩා වැරදි කරන දුෂිත විනිසුරුවරුන්ට දඩුවම් දෙන්න (නි)
මේක ඊ නිවුස් සමඟ පසුගියදා විරසකයක් ඇතිකරගත් ප්‍රභලයෙකුගේ ප්ලෑන් එකක් කියලයි අපිට හිතන්නේ (නි)
ඔය කියන පුද්ගලයා ගැන කවුරුත් දන්නවා. (නි)
මෙය නිතතින්ම සිදුවිය යුතුම දෙයක් වීරවන්සගේ සී නිවුස් හා ඊ නිවුස් හී මූලික පරමාර්තය අනුන්ට අපහාසකිරීම හා තමන් පමණයි නිවැරදියන මතයේ සිටින්නවුන්.(ම)