උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු බලතල හයක් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
පළාත් සභා සතු ඉඩම් හා පොලිස් බලතල අහෝසි කිරීමට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඒ 3, 154 ඞී 2, 154 ජී 3 හා පළාත් සභා විෂය ලැයිස්තුවේ යන 4.2 වගන්ති සංශෝධනය කර පළාත් සතු බලතල අඩු කිරීමකින් මිස උතුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර අද (14) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඉඩම් හා පොලිස් බලතල ඉවත් කරන්නට ආණ්ඩුව සිත යොමු කර තිබුණ ද තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර වැනි ඇමැතිවරුන් රටට ද්‍රෝහීන් වී රට බෙදා වෙන්කරන්නට කටයුතු කරමින් සිටින බවට ද හෙතෙම චෝදනා කළේය.
ජනාධිපති මෙම ඉල්ලීම් නොසළකා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් උතුරේ ඊළමක් බිහිවීම ඉර හඳ සේ විශ්වාස බව දොස්තර අමරසේකර මහතා අවධාරණය කර කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ප්‍රනාන්දු ඕක තමයි අපිත් කුවෙනිලාට කලේ .බෝට්ටුවලින් ඇවිත් අපිත් කලේ යක්ෂයන්ගේ, නාගයන්ගේ රට කොල්ලකාපු එකනේ. එකම වෙනස අපි ඒක කරපු කාල වකවානු වෙනස් වීම පමණි. ලෝකේ කොහෙත් තත්වේ ඕකයි. ඉන්දියාවේ ඉන්නෙත් ගොඩ කාලෙකට පෙර අප්‍රිකාවෙන් ආපු අය.(නදී)
ඔබ හරි, මේ වෙලාවේ අපි කරන්න ඕන් ජාතිවාදය අවුස්සන එක නෙමෙයි ජාතියක් හැටියට එකට ඉදව් ජනාධිපතිට සහය දෙන එකයි. අපි හැමෝම ලංකාවේ ඉපදුනු මිනිස්සු. අපි වැඩ කරන්න ඕනේ ජාතික හැගීමෙන්. ජාති වාද ප්‍රශ්න අවුස්සන තාක්කල් කිසිම ප්‍රශ්ණයක් විසදෙන්නේ නැහැ. අපි දැන් නිදහස් රටක්. පරණ ජාති බේද දැන් වැඩක් නැහැ.(නදී)
මේ රට අද ලෝක තත්ත්වයන්ට ගැළපෙන සේ සකස් කරලා නැහැ.අපි හැමදාම කළේ විවිධ කරුණු කාරණා සදහා තර්ක විතර්ක කරමින් කාලය කා දමපු එකයි.කිසිදු රජයකට ඉදිරි දැක්මක් තිබුනේ නැහැ. හැමෝම කළේ එන එන විදියට ඒ වෙලාවට පැලැස්තර දැමීම පමණයි.අපි ජාතියක් ලෙස එකමුතුව වැඩ කරලා නැහැ. මට හිතෙන්නේ දැන්වත් අපි එය කළ යුතුයි.අපේ ව්‍යවස්ථාව අපේ නීතිය අපේ ජාතික ප්‍රතිපත්ති මේ එකක්වත් අපේ න්‍යය පත්‍රයේ නැහැ.ඒ නිසා හැමදාම අර්බුද.අනෙක් රටවල් පොදු ජනතාවට වඩවඩා පහසු නිදහස් පරිසරයක් නිර්මානය කිරීමට සිතන අවදියේ අපි තාමත් ව්‍යවස්ථාව අදී කරුණු ගැන තර්ක කරනවා. මේවා නිවැරදිව දැන්වත් තිරසාරව සකස් නොකලොත් අපේ රටට කුමක් වේවිද? ඒ නිසා අපි මේ රටේ වගකිවයුතු සැමගෙන් ඉල්ලන්නේ දැන්වත් අපි අපේ ව්‍යවස්ථාව හොදින් දූරදර්ශිව හදමු. නීතිය අපට ගැළපෙන සේ අපිම සකස් කරමු. එහෙම වුනොත් අපේ රට අභිමානවත් රටක් වේවි. මේ සදහා අපි කතිකාවතක් ගොඩනගමු. (නි)
නිමල්, යාපනේ ඉඩමක් ගන්න ගිහින් අසල්වැසි විරුද්ධත්වය මත ඒ ඉඩම ගන්න බැරිවෙච්ච සිංහල කෙනෙකුව ඔබ දන්නවද? අපි සිංහල, අපි දෙමල, අපි මුස්ලිම් කියා කියා වාද කරන තාක්කල් ජාතිවාදය තියේවි. ජාතිවාදය තියෙන තාක්කල්, ඔබටත් මටත් රටටත් කොයිම ජාතියකටවත් කිසි යහපතක් වෙන්නේ නැහැ. (නි)
පාර්වතී, ශීලා ඔබ දෙදෙනාම ඕස්ට්‍රේලියාව ගැන හොදටම දන්නවද? . එහෙ හැමෝටම නීතිය එකයි. එහෙ පාලකයෝ කියලා තියෙන්නේ එහේ ඉන්නවනම් එහෙ තියෙන නීතියට අනුව ඉන්න ඕනා කියලා. එකම පාලන භෂාව ඉංග්‍රීසි. ඕනෑම කනෙකුට තමන්ට කැමති පරිදි නිවසක් මිලදී ගැනීමට පුළුවන්. නමුත් මෙහෙ එහෙමද? තේසවලාමේ නීතිය අනුව අපිට යාපනෙන් ඉඩමක් මිලදී ගන්න බැහැ. සිංහල අපිට ඕනා කෙනෙක් විවාහ කරගන්න පුළුවන්. මුස්ලිම් අයට පස් දෙනයි. එහෙන් උලමලා. අනිත් ආගම්වලින් ඔහොම නීති දැම්මද? හැමෝටම එක නීතියක් තිබිය යුතුයි. සිංහල අපිට තමයි හැමතැනම වරදින්නේ.(නදී)
කතා කරලා වැඩක් නැහැ,අම්මපා මේකේ බාගෙට බාගයක් ඉන්නේ පුදුම ජාති ද්‍රෝහියෝ ටිකක්. මෙයාලට තේරෙන්නේ නැහැ සිංහලයට තියෙන්නේ මේ රට විතරයි කියලා. පුලුවන් නම් කියන්න දෙමළුන්ට අහිමි වුණ අයිතිවාසිකම් මොනවද කියලා. එක සිංහලයෙකුට යාපනේ ගිහින් ඉන්න බැහැ,එහෙත් අද කොළඹ,ගාල්ල,නුවර,මේ හැමතැනම රජ කරන්නේ,මුස්ලිම් අයයි,දෙමල අයයි. ලෝකේ සුළු ජාතීන්ට මේ තරම් රාජ්‍ය බලයක්,වෙළඳ බලයක් තියෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. අනිත් එක සිංහලයෝ වගේ තමන්ගේ ජාතියට ගරහන,ජාතිය පාවාදෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. අදහස් දැක්කම මට කියන්න තියෙන්නේ ලබන ආත්මේ බෞද්ධයෙක් වෙලා ලෝකේ කොහේ ඉපදුනත් මේ වගේ ජාති ද්‍රෝහීන් ඉන්න ලංකාවේ නම් නුපදීවා කියලයි. (නි)
පෙරේරා මහත්තයා, ඔබ නියම දෙමල ජාතිවාදය ඔප්පු කරලා තියෙනවා. අල්ලපු ඉඩමේ ඉන්න දෙමල අය, ඒ ඉඩම සිංහල මිනිහෙකුට ගන්න දේවිද? අනේ කරුණාකරලා ප්‍රභාකරන් කියන ඝාතකයා යාපනෙන් පැන්නු සිංහල මිනිස්සුන්ට ආපහු එහෙ යන්න අවස්ථාව සලසලා දෙන්නකෝ. නැත්නම් ඔබ හෝ එහෙන් ඉඩමක් අරගෙන දන්වන්නකෝ. මේ තීරුවේ සිංහල අයිටිය ගැන කතාකරන සැමටම බොහොම ස්තූතියි (නි)
මහේෂ්, ඔයා රටේ නීතිය ගැන ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්පස්සේ නීතිය ගැන කතාකරන්න. (නි)
ෆෙඩරල් වෙන්න ලොකු රටක්ම විය යුතු නැහැ. දේශපාලන විද්යාව හදාරපු අය ඒක දන්නවා. ඔස්ට්‍රේලියාව ෆෙඩරල්ද? . නැහැනේ, නමුත් රුසියාව එක්තරා මට්ටමකට ෆෙඩරල්. මහා බ්‍රිතාන්‍යත් එහෙමයි. ඉන්දියාවත් එහෙමයි. ඇමරිකාව ෆෙඩරල්. කැනඩාව, ස්විට්සාර්ලන්තෙත් එක්තරා මට්ටමකට ෆෙඩරල්. අපි අපේ මට්ටම හදා ගමු. බුදුදහමේ කියන විදියට හැමෝටම සලකමු. ආගම ගැන පුරාජේරු කතා වගේම වැඩත් පෙන්වමු.(නදී)
මේ රට මානව හිතවාදී බෞද්ධ. සිංගප්පුරුවේ වරක් ජනපති වුණේ මෙහෙන් 83 පැනලා ගිය දෙමල කෙනෙක්.ඔබමා කෙන්යානු ඉන්දුනීසියානු කෙනෙක්.මෙහෙ ඉන්න සිංහලයෝ ඉතාලි ඕස්ට්‍රේලියා ගිහින් දේශපාලනේ කරනවා.හැබැයි කතාව කොහොමද? අන්න එකයි අපි ෆෙඩරල් ඕනෑ කියන්නේ. (නි)
ධර්මපාල යු .එස්.ඒ. කියන කෙනාගෙන් මම අහන්නේ, ඇමරිකාවේ දැන් ජාතින් හතලිස් ගානක් ඉන්නවනේ. එතකොට එහෙත් කියා කියා ඉන්නේ ඇමරිකන් ජාතිය ගැන විතරද? උදාහරණ ලෙස ස්කොට්ලන්තෙන් ඇමරිකාවට ගිය අය එහෙ ඉදන් එයාලට තියන එකම රට ස්කොට්ලන්තේ කියලා වැලපෙනවද? (නි)
බහුතර සිංහල මිනිස්සු හිතනවා දෙමල අය එයාලගේ වහලුන් වගේ කල්ලතෝනි වැඩ කරමින් අවවාද අනුශාෂණා ලබමින් යටත්ව ජිවත් විය යුතුයි කියා. මේක වහල් වාදී මානසිකත්වේ. අපි ඒකට යට වෙන්න කැමති නැහැ. අපට සිංහල අය යටත් කලයුතුත් නැහැ. ඔබ විදින අයිතීන් ඒ හා සමානව ලබා ගැනීමයි ඕනා. ඔබට ඔබේ භාෂාවෙන් හැදුනුම්පත් ලැබෙනවා වගේම අපටත් අපේ භාෂාවෙන් ඕනා. එහෙම නැති නම් දෙගොල්ලටම පොදු ඉංග්‍රීසියෙන් ඕනා. සිංගපුරුවේ වගේ.(නදී)
අනුර කිවුවා වගේ මෙරට ලෝක තත්වෙට ගැලපෙන්න සකස් වෙලාම නැහැ. ඒක සහතික ඇත්තක්. අන්න ඒකයි මේ ගැටලු.කරුණාකර දන්නා කෙනෙක් කියන්න සිංහලකම කියන්නේ මොකද්ද? සිංහලකම කියන්නේ ජාතිකත්වය නම් එවැනි ක්‍රම හරහා පාලනය වන රටවලට උදාහරණ මොනවද? සිංහලකම දේශපාලන විද්‍යාත්මකව විස්තර කරන්නේ කෙසේද? බෞද්ධකමයි සිංහලකමයි එකට සමපාත වේද? එසේ වේ නම් ඒ කෙසේද? දියුණු අනෙක් රටවල් ජාතිකත්වය මත පදනම්ව දියුණු වෙලා තිබේද? (නි)
අපි ඔක්කොම අවේ ඉන්දියාවෙන් සිංහල අය අපට වඩා ටිකක් කලින් ආවා. අපි ඊට ටිකක් පස්සේ ආවා. දෙගොල්ලම කලේ කුවෙනිට කොලේ වපු එකනේ. ඇයි මේ දැන් තනියම කන්න හදන්නේ. මේ කතා හරි නම් කියන්න ඕනා දබානේ ඉන්න අය.(නදී)
අමරසේකර සීයේ බොරු සංදර්ශන නොදා පැත්තකට වෙලා ඉන්නවද ?(නදී)
අරුණ, ඔයාගේ දවසේ කියමනට කටේ මසුරන් දාන්නා වටිනවා (නි)
කවුරු මොනවා කිව්වත්, අපි සිංහල, අපි දෙමල, අපි මුස්ලිම් වශයෙන් කියාගෙන වෙන් වෙන්ව අපි අපේ ජාතින් ඉස්මතුවෙන අන්දමට ක්‍රියාකලොත් එක ජාතියක් විදිහට අපිටවත් අපේ රටටවත් කිසිදිනක වගතුවක් වෙන්නේ නැහැ. අපි සියල්ලෝම අපි ශ්‍රී ලාංකික කියලා හිතලා රට ජාතිය නැගවීමට ක්‍රියාකළේ නැත්නම් අපි රටක් ජාතියක් වශයෙන් ලෝකෙට නය වෙවී සදහට ඉඳීවි. (නදී)
බුද්ධ ධර්මේ ගැන කියා නිතර බෙරිහන් දෙන අය අන් සතුටට අකමැති ඇයි? සමානාත්ම තත්වෙට අකමැති ඇයි? දෙමල අයට අපි වගේ ජිවත් වෙනවට අකමැති ඇයි? දෙමල කෙනෙක් ඉන්දියාවේ වගේ අගමැති හෝ ජනපති වෙනවට අකමැති ඇයි? ඉන්දියාවේ පක්ෂ නායිකා ඉතාලි, ජනපති මුස්ලිම්, අගමැති සික්. හැබැයි මෙහෙ ඒවා බැහැ (නි)
කවුද වැඩියෙන් බලේ ඉන්නේ කාටද වැඩිපුර බලේ තියෙන්නේ කියනදේට වැඩිය වැදගත් හැමෝම එක හා සාමෙන් ඉන්නවද සතුටින් ඉන්නවද කියන එක. මොකෝ දැන් අපේ අය බලේ හිටියා කියආ අපි ඉන්නේ ඉතා සතුටින්ද? ඒ සදහා සාර්ථක ක්‍රමයක් ආදර්ශයට ගන්නවා නම් අප්‍රිකාවේ නැහැ,ආසියාවෙත්නැහැ,යුරෝපේ හෝ ඇමරිකාවේ ඇත (නි)
කතා කරන්න කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තේ ගැන විස්තර අන්තර්ජාලෙන් ලබාගන්න දන්නේ නැතිනම්. ආදර්ශයට ගතයුත්තේ තවත් යුද්ද හෝ ගැටළු තියන රටක් නොව සාමකාමී රටකි. එනම් බොහෝ විට කැනඩාව,ඇමරිකාව,ස්විට්සෙර්ලන්තේ වගේ. නැතිව ඉන්දියාව වගේ හැම වටකම හැම ප්‍රාන්තෙකම කෑල්ල ඉල්ලන රටක් නොවේ.(නදී)
දෙමල සමහර පිරිස් අතර ඊලාම් සිහිනය තාමත් බිද වැටි නැහැ.අළු යට ගිනි වගේ. (නි)
මාලා , මල්ලේ පොල්ද? ආදර්ශයට ගන්නවා නම් ගන්න ස්විස්ටර්ලන්තේ,කැනඩාව , ඇමරිකාව. මෙම රටවල් ලෝක හොරු !! (නි)
රට වෙනුවෙන් දිවි දුන් විරුවන්ට නිගරුවන දේ කිරීමන් වැලකීම බුද්ධිමත් අයෙකුගේ යුතුකමකි. එය පැහැර හරින්න පමණක් නොව අනුබල දෙන්නාද ශාපයට ලක්වීම නියතය. ෆෙඩ්රික් නොර්ත් කිවුවේ ඔහුට ලංකාව එක ඇහැකින් පාලනය කළ හැකියි කියලයි. එසේ නම් ඇස් දෙකක් ඇති අපට නොහැකිවන්නේ මන්ද? (නි)
දොස්තර ගුණදාස අමරසේකර මහතාට ළඟදීම ඇමතිකමක් ලැබේවි අපේ ජනාධිපති තුමාගෙන්.(නදී)
නිදහස් රටක ජීවත්වෙන අපි ආයෙත් උතුර දකුණ කියලා රට දෙපැත්තකට බෙදීමකින් තොරව අපේ ස්වාධීන ඡන්දය ප්‍රකාශ කරලා ජනාධිපතිතුමාට සහය ලබාදීම කළ යුතුය.ජාතිවාදය රටක දියුණුවට බලපාන ප්‍රධාන සාධකයකි (නි)
සදරුවන්, ඔයා මන්ද බුද්ධිකද? ඔයා මිනිස්සු එක්ක ජිවත් වෙන්න දන්නෙ නැද්ද? (නි)
අපි කියන්නේ ඊලාම් වාදීන්ට අන්තවාදීන්ට නැගිටින්න දෙන්න එපා.අහිංසක මුස්ලිම්,දෙමල මිනිස්සුන්ට නෙමෙයි.මුස්ලිම් අහිංසක මිනිස්සු ඉන්නවද?රටෙන් බාගයක් ඉල්ලන්නේ රටට ආදරේටද? (නි)
නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ-කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ.යමෙක් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උප්පත්තියෙන් නොව ක්‍රියාවෙන්ය.ෆව්මි,ඔයාලා අනුන්ගේ සතුටට කැමතියි නම් ඇයි අනුන්ගේ බෙලි කපන්නේ? (නි)
මොකක්ක්ද මේ කතාවල තේරුම? අපි එක රටක ජීවත්වෙන මිනිස්සු ජාති භේද ඕනේම ප්‍රශ්නෙකදීම අදාල කරගන්නවා. එහෙම බලද්දී අපි කන බොන හැම දේකමත් ජාති භේදය අනුව වෙන් කරගන්න වෙනවා. නිකන් බොරුවට නැති දේවල් ඇති කරන්න තමයි අපේ මිනිස්සුන්ට පුළුවන්. උතුරේ මිනිස්සු හොදට ඉන්නවා මෙහෙ කට්ටිය මරාගන්නවා.(නදී)
මෙතන ඉන්න අය දෙමල හැඳුනුම්පත් ගැන කතා කරනවා. ඉන්දියන් පාස්පෝර්ට් එක දැකලා තියෙනවද? ඒකේ දෙමල අකුරක්වත නැහැ. (නි)
පෙරේරා මහත්තයෝ,යාපනේ ඉඩම් ගන්න ගිහිල්ල නෙවෙයි, තිබිච්ච ඉඩම අහිමි වූ සිංහලයන් ගැන ඔබ පුවත් පත්වලින් දැකලා නැද්ද? යාපනේට ගිහිල්ලා එහෙ තල්හකුරු විකුණන සිංහල මිනිස්සු ඉන්න හැටි දැකලා නැද්ද? ඔවුන් සමග කතා කරලා නැද්ද? මම සේවයේ යෙදි සිටි කාලයක නම් මම ඔබව කොළමට කැඳවා ජාතිවාදය කුමක්ද කියලා පැහැදිලි කරලා දෙනවා. (නි)
කොහොමත් සිංහලයා මෝඩයා කියන්නේ නිකම්ම නෙමෙයිනේ. කොහොමත් ඔය ගැට වලට අපේ කට්ටිය අහුවෙනවා. සමහරු බලය රැක ගන්න තව සමහරු ඩොලර් වලට. දාලා තියන ප්‍රතිචාර දැක්කත් හිත ගන්න පුලුවන් නේ. (නි)
අනේ සහෝදරවරුනේ, දැන් යුද්දේ ඉවරයි. අපේ රටේ සාමය උදාවෙලා තිබෙන්නේ. දැන් තිබෙන ප්‍රශ්නය මේක කාගේ නිජබිමද කියන එක නොවේ. ලාංකිකයන් හැටියට අපි අපේ රටේ සංවර්ධනයට අපේ තිබෙන්නාවූ වගකීම ඉටුකිරීම තමා අපි කලයුත්තේ. ජාතිවාදය පිළිකාවට වඩා දරුණු රෝගයක්. ඒ රෝගය වැළදුණු අය පවා අදහස් ලියනවා ඔයාලට බෝවෙන්න කලින් ප්‍රවේශම් වන්න. (නි)
සංජිව, මේ රටේ සුළු ජනයාට වෙනම කැල්ලක් එපා. ඕනෑ සම අයිතිය,භාෂා අයිතිය.උදාහරණ, අපට පුලුවන්ද ලංකාවේ උප්පැන්නේ හැදුනුම්පත් දෙමලෙන් දෙනවද? සිංහල කි දෙනෙක් දෙමල දන්නවද? දෙමල ගොඩදෙනෙක් සිංහල දන්නේ නැහැ. එක්කෝ ඉංග්‍රීසියෙන් දෙන්න.මේ මොකුත් දෙන්න බැරි නම් තමයි ෆෙඩරල් ඉල්ලන්නේ. එතෙන්ට අපිව තල්ලු කරන්නේ ඔයාලා. (නි)
ගුනදාස අමරසේකර හරි. (ස)
එංගලන්තේ ඉංග්‍රීසි ජාතීන්ට පමණද?. නැහැ එකේ ඉන්නවා කොන්කනි, ඇන්ග්ලෝ සක්ෂන්,ස්කොටිෂ්,අයිරිෂ්,වේල්ස්. ශ්‍රී ලංකිකයන්ට ලංකාව නොකියා සිංහලයන්ට ලංකාව කියා කියන්නේ වර්ගවාදී පදනමෙන්. දැන් සික් කාරයන්ට වෙනම රටක් තියනවද. මලයලියන්ට තියනවද. චිනේ ඉන්නවා ජාතින් 9. දෙන්න හැමෝටම සම අයිතීන්.(නදී)
පෙරේරා,ඔයාට වැඩිය හොඳට මම තේසවලාමේ නීතිය දන්නවා. ඔයා පුලුවන් නම් මට පෙන්නන්න මේ ඉතිහාසය තුල යාපනේ බිම් අගලක් සින්නක්කරව ගත්ත එක සිංහලයෙක්. (නි)
සිංහලයට කියල වෙනම රටක් ඕනෑද? එහෙම ජාතිකත්වේ මත පදනම් වුණ රටවල් ලොව තිබේ නම් ඒ මොනවද? මා දන්නා විදිහට සිංහල අය ඉන්නවා යුරෝපේ.ඇමරිකාවේ.හැබැයි එයාල සිංහල කියනවා වෙනුවට කියන්නේ ඇමරිකන්,බ්‍රිටිෂ්,කැනේඩියන් වගේ දේවල්.ඒකේ තියන වරද මොකද්ද. (නි)
සාර්ථක වෙයිද? ඔය ඉල්ලීම. (නි)
අනේ මහේෂ්වරන්, ඔයා මේ තොත්ත බබෙක් වගේ කතා කරන්න එපා. දෙමල අය අනිත් රටවල සහජීවනයෙන් ඉන්නේ දෙමල අයගේ තියෙන ජාතිවාදේ නැති නිසාද? නැතිනම් ඒ රටවල නීති ගොඩාක් තද නිසාද? ලංකාවේ වගේ සුළු ජන කොටසක් රටෙන් 1/3 ක් ඉල්ලුවොත් ඒ රටවල එයාලගේ දුවිල්ලක්වත් ඉතුරු කරන එකක් නැහැ. මම කියන්නේ පොඩ්ඩක් උත්සහයක් කරලා බලන්න කැනඩා, යූඑස්ඒ වල වගේ. ඔයලා ඒ රටවල ඉතිහාසය එක්ක බැලූවම දැන් සැහෙන්න කාලයක් එහෙ ජීවත් වෙලා තියනවනේ. නිජබිම් සංකල්පය ඒ රටවලට ගෙනියන්න කාලේ හරි. එතකොට අපිට ලංකාවේ ඉඳන් බලන්න තිබුනා ඊළාම් එකක් ඒ වගේ රටක පිහිටවන හැටි. (නි)
දියුණු ලෝකේ දේශපාලන භාවිතාවේ කතා කලොත්,දියුණු රටවල දේශපාලන න්‍යායන් ගැන කිවුවොත්,මානව දයාව ගැන කතා කලොත් දේශද්‍රෝහීන් කියනවා. වර්ගවාදේ කතා කලොත් සුලුජාතින් වහල්බවෙන් පාලනේ කරන හැටි කතා කලොත් දේශප්‍රේමියෝ කියනවා. ඇයි ජාත්‍යයන්තර වාදේට ගරු කරන්න බැරිද. (නි)
කැතිද පොලුද මුගුරුද ගෙන රුපුන් ක්‍රෝධයෙන්,පිබිද එන්න උතුරු දකුණු සකල දේශයෙන්,නසා ඔබද අපද පෙලන රුපුන් ක්‍රෝධයෙන්,නිරයක් නැති දේශය රැක ගනිවු ආලයෙන්. සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාන මිතුරනේ... (වැඩක් නැහැ ඩී උපුල්.නන්දා මොනවා ගැයුවත් සුනිල් පෙරේරා මොනවා ගැයුවත් මේ රට හැදෙන්නේ නැහැ.) (නි)
ගුණදාස අමරසේකර මහතා හරියට හරි. ජාතිවාදය අවුස්සන්නේ සිංහල අපි නෙමෙයි. කතා කරලා වැඩක් නැහැ,අම්මපා මේකේ බාගෙට බාගයක් ඉන්නේ පුදුම ජාති ද්‍රෝහියෝ ටිකක්. මෙයාලට තේරෙන්නේ නැහැ සිංහලයට තියෙන්නේ මේ රට විතරයි කියලා. පුලුවන් නම් කියන්න දෙමළුන්ට අහිමි වුණ අයිතිවාසිකම් මොනවද කියලා. (නි)
" එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී - සතුරු කැලත සඳලු තලෙහි හිඳිති මධු බිබී " (නි)
අනුර, නිමාලි,පෙරේරා, ඔයාල වගේ අදහස් ලියන බුද්ධිමත්ව සිතන අය හිටියොත් තම අපිට අපේ රට සංවර්ධනය කළ හැක්කේ. අපි ලාංකිකයින් වශයෙන් එහෙක වීම තමා වඩා වැදගත්. බොහෝ අය මේ ලියන තියෙන අදහස් බලන්න කොළඹ, නුවර, ගාල්ල වගේ නගර වල මුස්ලිම් අය කවදාවත් සිංහලය්ව එලවො වෙළඳාම් කලේ නැහැ. එයාලගේ උත්සාහයෙන් දියුණු වුනා. මේ දවස්වල ජාතිවාදී අදහස් ලියන අය කියන පට්ටපල් බොරුව තමා සිංහල අයගේ කඩවල් වලින් මුස්ලිම් අය බඩු ගන්නේ නැහැ කියන එක. පුළුවන් තරම් බොරු කියලා ප්‍රබල උත්සාහයක් නිරත වෙනවා මුස්ලිම්-සිංහල අර්බුදයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනාම එකතුවී ඒ මන්දබුද්ධිකයන්ගේ උත්සාහය ව්‍යාර්ථ කළ යුතුයි (නි)
මගෙත් ඉස්සර ගුණදාස අමරසේකර ගැන ගරු කිරීමක් තිබුනා. ඒත් පසුව ඒ අදහස වෙනස් වුණා. (නි)
අපි හැමදාම කළේ මොකක්හරි දෙයක් අල්ලගෙන තර්ක කරන එකනේ. වැඩක් කරන මනුස්සයෙකුටවත් වැඩක් කරන්න දෙන්නෙ නැහැ (නි)
ගුණදාස අමරසේකර මහතාණෙනි, ඔබ විසින් කළ යුතුව තිබෙන බොහොමයක් දේ අතපසු වී ඇති බව දැන් හැගෙන්නේද? (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔය පළාත් සහා සියල්ලම අහෝසි කරන්න. මෙය රටට කරන සේවයක්. හැබැයි උතුරු පළාතට මීට වැඩිය මුදල් ආයෝජනය කරන්න. ඉක්මනින්ම කොළඹ සහ යාපනය අධිවේගී මාර්ගයකින් සම්බන්ධ කරන්න.කරුණාකර ඉක්මනිම වැඩිපුර ආයෝජනයක් උතුරු පළාතට කරන්න. (නි)
දෙමළ සහ මුස්ලිම් අය කෙතරම් මිල අධිකව කිවුවත් ඔවුන් දකුණේ ඉඩම් මිලදි ගනියි. මුදල් කෑදරකමට මේ අයට ඉඩම් විකිනීමේදී කල්පනාකාරී වන්න. උදාහරණ, අපරටේ ප්‍රධාන නගර ඇතුලු සියලුම උප නගරවල ඇති තත්වය විමසා බලන්න. නිවසක් කුලියටවත් දීම ඉතා පරිස්සමෙන් කරන්න. අපගේ අයට මුදල් ප්‍රශ්න ඇති නිසා ඒ තුලින් ඔවුන් මුදල් විසිකර ඔවුන්ගේ යටි අරමුණු ඉටුකර ගනී.එසේ නොවුනහොත් අපට උතුර තියා දකුණත් නැතිවේවි. (නි)
ඔය පළාත් සබා කියන දේශපාලන මොන්ටිසෝරිය සම්පුර්නයෙන්ම අහෝසි කරන්න ඕනෑ (නි)
තේසවලාමේ නීතිය නිසා මට යාපනෙන් ඉඩමක් ගන්න බැහැ. මගේ මානව හිමිකම් කඩවෙලා. කවුද ජිනීවා ගිහින් මේක කියන්නේ? හැබැයි මේකේ අනිත් පැත්ත වුණා නම් අම්මපා අපි ඉදලා ඉවරයි. අපි ජාතිවාදී වර්ගවාදී නොවෙමු. නමුත් සියළුම ජාතීන් එසේ විය යුතුයි. (නි)
සිහලුනේ, අන්තවාදීන්ට ඊළාම්වාදීන්ට ගහපල්ලා මොලෙන්.කුණු බිත්තර ගහලා රටක් හදන්ඩ බැහැ කවදාවත්. ඒකෙන් වෙන්නේ වෛරය වපුරන එක. ඒක බුදු දහමට පටහැනියි. ඔය දියුණු කියන රටවලත් දේශද්‍රෝභීන්ට ගහන්නේ මොලෙන්.අපේ රටේ වගේ හැමදාම පාරේ බෝඩ් උස්සගෙන කෑගහන්නේ නැහැ. (නි)
දත්ත වලට අනුව 13% ලංකා දෙමල, 7% ඉන්දීය දෙමල, 7% මුස්ලිම්, 73% සිංහල අපි. බලතල අපි තියාගෙන රට අපි පාලනය කරනවද නැතිනම් 20% වුන කලවම් දෙමල ජාතියට රටෙන් බාගයක් පාලනය කරන්න දෙනවද? පෙරට එන්න. අපි ඔබ සමගයි (නි)
අපි අනුන්ට වයිර කරන්න හොද නෑ. ඒ අය එක්ක ගනුදෙනු නවත්වමු. (ස)
සිංහල අපි කතාකළොත් තමයි ජාතිවාදය.කොළඹ වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ මොන ජාතිකයෝද?රට පුරා නගර වල ව්‍යාපාර වැඩි හරියක් කරන්නේ මොන ජාතිකයෝද?සිංහලයෙක්ගේ කඩේකට අන් ආගමිකයෙක් එනවද?සිංහල අපි කඩේකට යද්දී ජාතිය බලනවද?ඔහොම ගියොත් සිංහල තොපිට පරදේසක්කාරයින්ගේ වහල්ලු වෙන්නයි වෙන්නේ. (නි)
අපටත් තේසවලාමේ නීතියක් වගේ එකක් වහා ක්‍රියාත්මක කළ යුතු කාලය පැමිණ ඇත. අපේ අය දෙමළ සහ මුස්ලිම් අයට ඉඩම් විකිණීමේදී දෙවරක් හිතන්න. ඔවුනට මුදල් ප්‍රශ්නයක් නැහැ. (නි)
මේ චතුල වෙරෝනා නම් කොහෙන් ආපු කෙනෙක් ද මන්දා.දැන්වත් සින්හලුනේ, තොපි ගැන කතා කරපල්ලා (නි)
ඔය කියන බලතල නොදී තිබියදීත් වර්ධරාජා පෙරුමාල් කරන්න උත්සාහ කල දේ අපි කවුරුත් දැක්කනේ. දකුණේ පළාත් සභා වැඩ කරන්නේ මධ්‍යම රජයට යටත්ව. ආණ්ඩු පක්ෂයේ අය නිසා කියමුකෝ. ඒත් ඒ ගොල්ලන්ටත්, නිදසුනක් හැටියට, පොලිස් බලතල දුන්නොත් අද ඒ ගොල්ල කරන දේවල්වල හැටියට ඒ පලාත්වල මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි නේද? නමුත් අත්තනෝමතිකව ක්‍රියා කරන්න බලාගෙනම ඉන්න උතුරු නැගෙනහිර පළාත් සභාවලට නීතියෙන්ම පොලිස් බලතල වැනි දේ දුන්නොත් සිදුවෙන්නේ කුමක්ද කියල හිතාගන්න අමාරුද? (නදී)
අද ඊලමට පාර කපන්නේ අපේ උගත් කියා ගන්න කොටසක් සහ විදේශ අරමුදල් මත යැපෙන සිංහලයන්. පක්ෂ බේදයක් නැතුව බැලුවොත් තේරෙනවා ඇත කවුද අද ඊලමට පාර කපන්නේ කියලා (නි)
මෙහි අදහස් දක්වන සමහර අයට කියවා තේරුම් ගැනීමේ හැකියාවවත් නැහැ. ජාතිබේද අවුස්සන කථාවක් එතුමා ලියා නැහැ. ගුණදාස අමරසේකර මහතාණෙණි ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (ස)
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පමණක් නොව සෑම මනුෂ්‍යයකුට සම අයිතිවාසිකම් තිබෙන බව පිළිගනිමි. නමුත් යටි අරමුණක් ඇත්නම් එය තේරුම් ගෙන ප්‍රතිකර්ම යෙදීමත් මැනවි. ප්‍රතිකර්ම යෙදීම ශ්‍රී ලාංකික ජාතියේ ආරක්‍ෂාව සදහාම විය යුතුයි.(ස)
මැණික් ,විරාජ් සිංහලයන්ට වැඩි අයිතියක් දෙමල මිනිස්සුන්ට තියෙනවා. තේසවලාමේ නීතිය අනුව සිංහලයන්ට යාපනේ කොටසක් ඉඩම් මිලදී ගන්න බැහැ. නමුත දෙමල අයට ඕනෑම තැනක ඉඩම් මිලදී ගන්න පුළුවන්. යාපනෙන් එලවපු සිංහලයන්ට තවම එහෙ යන්න බැහැ. නමුත් දෙමල අයට මෙහෙ ඉන්න බැරිද. නිකන් නොදන්නා දේවල් වලට කතා කරන්න එපා.ගුණදාස අමරසේකර මහතා හරියට හරි. ජාතිවාදය අවුස්සන්නේ සිංහල අපි නෙමෙයි. (නි)
හරියට හරි අපට වගේම උතුරේ අයටත් ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. හෙබයි පොලිස් බලතල සහ ඉඩම් බල තල දෙන්න එපා ඒවා දුන්නොත් රට වෙන් වෙනවා. ඊළඟට මෙහෙ පළාත් සබා වලට එමබලතල දෙන්න වෙනවා.එතකොට මෙහෙ මොනවද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඔනී නැහැ නේද. පොලිස් බලතල සහ ඉඩම් බලතල මධ්‍යම ආණ්ඩුව තියා ගත යුතුයි. (ස)
ජනාධිපතිවරයා මෙම ඉල්ලීමට එකඟවෙන බව මට ඉර හඳ සේ විශ්වාසයි! (නදී)
ඔබතුමා කියන්නේ දකුණේ මිනිස්සුන්ට දීල තියෙන අයිතිය උතුරේ මිනිස්සුන්ට නොදෙන්න කියන එකද,ඒ මිනිස්සුන්ට චන්ද අයිතිය එපාද,අයි ඔහොම කුහක විදියට බලන්නේ. (ස)
කරුණාකර ජාතිබේද අවුස්සන එක දැන්වත් නතර කරන්න. අපට වගේම උතුරේ මිනිසුන්ටත් ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. (ස)
මොනවද දන්නෑ ඔය බලතල.. (ස)
අනේ මන්දා මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
කරුණාකර ජාතිබේද අවුස්සන එක දැන්වත් නතර කරන්න. අපට වගේම උතුරේ මිනිසුන්ටත් ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න (නි)
ඇමරිකාවේ ජාතින් 46 එකට ජිවත් වෙනවා. මහා බ්‍රිතාන්න්යේ ජාතින් 10 වැඩිය එකට ඉන්නවා මේ ඔක්කොම ෆෙඩරල්. කැනඩාවෙත් එහෙමයි. දෙමල අයට දෙමල භෂාවෙන් හැදුනුම්පත, උප්පැන්නේ සහ අනෙකුත් දේවල් දෙන්න බැරි නම් ෆෙඩරල් දෙන්න.(නදී)
ධර්මපාල, ඔයාට සිංහල අපේ රට ගැන ඔච්චර කැක්කුමක් තියනවා නම් මොන එහෙකටද ඇමරිකාවට වෙලා ඉන්නෙ? මම සිංහලද කියලා අම්මගෙන් අහලා කියන්නම්. වැදගත් රටක ඉන්න හින්දා වැදගත් විදිහට මිනිස්සුන්ට කතා කරන හැටි ඒ රටේ අයගෙන් ඉගෙන ගන්න (නි)
තිස්ස, වාසු, ඩිව් ත්‍රී වීල් නේ. ඒ කියන්නේ ආණ්ඩුව ට් ත්‍රී වීල් පක්ෂ වලට බැන්නට ආණ්ඩුව ඇතුලෙත් ත්‍රී වීල් පක්ෂ තියෙනවා.(නදී)
මෙහෙ ඉන්න සිංහලයෝ යුරෝපෙට ගියහම එහෙ තියන සම නීතිය හරියටම එකක් නෑර බුක්ති විදිනවා.මෙහෙ ඉපදිච්ච දෙමල අයට දෙනවට අකමැතියි. (නි)
මේ රට දෙමල අයගේ හෝ සිංහල අයගේ පමණක් නොවේ.එය අප සැමගේය. එක ජාතියක් වැඩියෙන් ඉන්නවා කියා ඔය ඇසල වගේ මෝඩයෝ කියන විදියට එක ජාතියකට අඩුවෙන් සැලකිය යුතු නැහැ.දෙන්න සම අයිතීන්. (නි)
සිංහලයෝ කෑගහන්නේ හරියට මෙයාලා මේකේ ඉපදුනා වගේනේ බොලවූ. (නි)
සඳරුවන්, නිකන් කෑගහන්නේ නැතුව බලන්න දෙමල ජනයා ඉන්න අනික් රටවල් දිහා. කොහෙවත් ප්‍රශ්න නැහැ.මෙහෙ මහා ජාතිය වර්ගවාදී නිසයි ප්‍රශ්නේ.කැරිබියන්,සින්ගප්පුරු,කෙන්යා,දකුණු අප්‍රිකා... (නි)
එක්කෝ ෆෙඩරල් දෙන්න නැතිනම් කොන් ෆෙඩරල් දෙන්න. කියන්නෙපා ඉන්දියාවේත් නැහැ එහෙම ඒවා කියල මොකෝ ඉන්දියාව කියන්නේ ආදර්ශයට ගන්න පුළුවන් රටක් නෙවේ. ආදර්ශයට ගන්නවා නම් ගන්න ස්විට්සෙර්ලන්තේ,කැනඩාව,ඇමරිකාව.(නදී)
මෙතුමා සේනාවේ බළල් අතක්.(නදී)
නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ, කැනඩාවේ ජාතික ගීය ගයන්නේ ඉංග්‍රීසියෙන් පමණක් නොවේ. ඉංග්‍රීසි බසයි ඉතුරුවා ඉතිරි බස්වලින්. ඉන්දියාවේත් පලවෙනි කොටස බෙන්ගාලි බාසාවෙන්. සිංගප්පුරුවේ ගයන්නේ තුන් වෙනි ජන ගහනයේ භාසාව වන මලේ වලින්. ලංකාවේ හරි නම් සිංහල දෙමල සහ වැදි බස්වලින් ගායනා කළ යුතුයි.
අසල රටෙන් බාගයක් 20% පාලනේ කරන්න දෙන්න වෙන්නේ අපි එයාලට අයිතීන් නොදුන්නම.උදාහරණ වශයෙන් දෙමලෙන් හැදුනුම්පත, උප්පැන්නේ නොදීම, ජාතික ගීය දෙමලෙන් ගායන කිරීමට ඉඩ නොදීම සහ අනිකුත් දේවල්... (නි)
සිංහලයෝ ලංකාවට ආවේ දෙමල අයට ටික කාලෙකට කලින්. අපි ආවේ ඊට පස්සේ. අද මේ සිංහලයෝ නගන තර්ක හරි නම් කරන්න ඕනෑ දඹානේ ඉන්න ආදී වැසියෝ. (නි)
ඔහු ඇත්තටම හරි. ගුණදාස අමරසේකර මහතා සෝම හිමියන්ගේ අදහසයි සනාථ කරන්නේ.(ස)
තේසවලාම් නිතිය ගැන බෙරිහන් දෙන අය කියන්න බලන්න මේ නිතිය ගැන." සිංහල රාජ්‍ය භාෂාව වේ. දෙමළද රාජ්‍ය භාෂාව වේ" සිංහල සහ දෙමල රාජ්‍ය භාෂාව වේ කියලා කියන එක මදි කමක්ද?.(නදී)
එද දුටු ගැමුණු රජතුමා රට එක්සේසත් නොකරන්න ඔය ප්‍රතිචාර දාන මානව හිතවාදීන්ට රටකුත් නැතිවෙනවා.(නදී)
මෙයාලා යුද්දය ඉවර කරලා බල්ලාගේ ඉදලා පරම්පරා පනහකට විතර හම්බකරගෙන කවදාහරි යන්නේ. ආයෙත් ඊලමකට පාර කපලා ඔය දෙපත්තෙම් රට ජාති ගැන හිතන්නේ ඉතාම පොඩි පිරිසක්.(නදී)
සමහර උදවිය එදා ඇති කළේත් ජාතිවාදය. අද ඇති කරන්නෙත් එදා මෙන්ම සමානුපාතික ජාතිවාදයක්. (නි)
දෙමල පිරිස් ආයුධ අතට ගන්නේ නැහැ. ඒ අයටත් රටේ එක හා සමානව ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. (නි)
නිමල්, ඔබ තේසවලම නීතිය ගැන වැරදි අර්ථකතනයක් දෙන්නේ. මෙම නීතිය අනුව යාපන පළාතේ ඉඩමක් විකුනන කෙනෙක් එයාගේ අසල්වැසියන්ට ඉස්සෙල්ලා ඒ ඉඩම විකුණන බව පවසා ඒ එක්කෙනෙක් එය ගන්න සුදානම් නම් එයාට විකිණිය යුතුයි. එහෙම ගන්න සුදානම්ව තිබියදී ඒ ඉඩම පිට වික්කොත් අර අසල්වාසියට නීතිය මගින් ඒ විකුණුම අවලංගු කළ හැකියි. ඒ ඉඩම ගන්න අසල්වැසියෝ කැමති නැත්නම් ඉඩම් හිමිකරුට එම ඉඩම ඕනෑම ගන්න කැමති සිංහල, මුස්ලිම් ආදී ඕනෑම අයෙකුට විකුනන්න පුළුවන්. ඔන්න ඔහොමයි ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ. සිංහල මිනිසුන්ට යාපනේ ඉඩම් ගන්න බැහැ කියන එක සම්පුර්ණ අසත්‍යක්. (නි)
ගාල්ලේ ,යටලමත්තේ ගුණදාස අමරසේකරලා,ගුණදාස කපුගේලා ජාති හිතෛශින්ය. (නි)
ඔබතුමානන්ට, සුඛි දීඝායු පතමු! (නි)
අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් තියනවා. ඉතිහාසය සාහිත්‍යය හරියට උගන්වන්නේ නැහැ. අපේ මිනිස්සු සිංහලකම ගැන අපේකම ගැන දන්නේ නැහැ. හැඟීමක් නැහැ. අනිත් හැමෝම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. සමහර සිංහලයෝ කරන්නේ ජාතිද්‍රෝහී වැඩ. ගුණදාස අමරසේකර වැනි මිනිස්සු රටේ සම්පත්. චතුර වෙරෝන නමින් ලියන්නේ අසිංහලයෙක්. සඳරුවන් ඔබ තවත් අදහස් දක්වන්න. ගොඩක් අය හොඳට ලියනවා. සිංහල අපට තියෙන්නේ ලංකාව විතරයි. දේශපාලකයෝ බලන්නේ තමන්ගේ බලය ගැන. අපි සිංහලයෝ එක මතයකට වැඩ කරමු. රටේ පින් තියන දරුවෝ උපදින්න අධිෂ්ඨාන කරන්න (නි)
නිමල් දන්නා තේසවලාමේ නීතිය...? (නි)