IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උඩින් මුහුදට වැටුණත් පණ බේරේ

මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ඉන්දුනීසියා ලයන් එයාර් ජෙට් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මුහුදට වැටී තිබේ.

මේ හදිසි කඩාවැටීම නිසා මගීන් කිසිවකුත් මරුමුවට පත් නොවූ අතර 22ක් රෝහල් ගත කරනු ලැබූහ.

ඉන්දුනීසියාවේ ඩෙන්සාර් ගුවන් තොටුපළට මීටර් 50ක් පමණ ඈතින් මේ අනතුර සිදු විය.

පොලීසිය හා ගුවන් හමුදාව ඩිංගි බෝට්ටු මගින් මුහුදේ පාවෙමින් සිටි මගීහු බේරා ගනු ලැබූහ.



අදහස් (0)

උඩින් මුහුදට වැටුණත් පණ බේරේ

ලුම්බිණි Monday, 15 April 2013 08:03 AM

මෙම ගුවන් යානය බිමට බැමේදී රන්වේ එක ඕවර්ෂුට් කිරීම නිසාලු මුහුදට ගියේ. (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 15 April 2013 08:12 AM

මුතුකුඩ මහතාණනි, ඔබ කරුණු නොදන්නවා නොවෙයි. වචනවල තේරුම නොදන්නා බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ජයම්පති Monday, 15 April 2013 08:20 AM

මුතුකුඩ, අනේ ආපහු අදහස් දාන්න කලින් කාගෙන් හරි අහලා ඉන්න. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Wednesday, 17 April 2013 12:10 AM

සිරිල් ගිහින් තියෙන්නෙත් මුතුකුඩ ගිය ඉස්කෝ‍ලෙටද කොහෙද? අපේ නිදහස් උත්සවය දවසේ අපේ ගුවන් හමුදා පැරිෂුට් භටයන් බිමට පනින්නේ හදේ ඉදලද? (නි)

:       0       0

මනෝජ් Monday, 15 April 2013 08:25 AM

මුතුකුඩ දාන අදහස් මම ආයේ කවදාවත් කියවන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රේම් Monday, 15 April 2013 08:33 AM

අනේ පවු මුතුකුඩ. හැමෝම දොස් කියන්නේ එයාටමනේ. දන්නේ නැති කමටනේ කිව්වේ. සමහරවිට එයාට මුතුකුඩ නිසා පැරිෂුට් මතක් වුණාද දන්නේ නැහැ. ඒකත් කුඩේ වගේනේ. අනේ සොරි මුතු (නි)

:       0       0

අමිල කටුනායක Monday, 15 April 2013 08:41 AM

සෙන්තිල් , දන්නවාද දම්මි-සුගත් කතාව? ඔයාට කවදාහරි පසුතැවෙන්න වේවි, මේක දම්මි-සෙන්තිල් කතාව නිසා. (නි)

:       0       0

රකිත් Monday, 15 April 2013 08:56 AM

පොඩි වැරදීමක්නේ. මුතුකුඩ, ගානක් නැහැ. අපි හැමෝටම වරදිනවනේ. ඔබ අදහස් කළේ "ලයිෆ් ජැකට්" එක නොහොත් "ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලය" නේද? හැබැයි, ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද මේ වගේ අනතුරු වලදී වතුරට වැටෙන වෙලාවේදී, පිහිනන්න දන්නේ නැත්නම්, ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

රකිත් Monday, 15 April 2013 09:20 AM

සෙන්තිල්, එතකොට "ටයිටැනික්" වගේ තව සිනමා කෘතියක් අපිට බලන්න පුළුවන් වෙයි නේද, "ලයන් එයාර් ජෙට්" කියලා. (නි)

:       0       0

ජෙෆ් Monday, 15 April 2013 09:49 AM

මුතුකුඩ මෙහෙම නානවට වඩා හොද නැද්ද ඔය කඩා වැටුන ගුවන් යානයේ සිට මුහුදට වැටුනා නම්? එතකොට මුහුදු වතුර බිබී හොදට පෙගිලා නාගන්න තිබුනා. (නි)

:       0       0

රොෂාන් Saturday, 20 April 2013 08:39 AM

පිස්සු, ගුවන් යනවල තියෙන්නේ පැරසුට් නෙමේ. පීනන්න දාන ජැකට් එකක්. අරගෙන හොදට බලන්න.(නදී)

:       0       0

සංජීව Monday, 15 April 2013 09:55 AM

රකිත් , ඔයත් මුතුකුඩගේ ජාතියේම එක්කෙනෙක්. ජීවිතාරක්ෂක කබා පැලද ගත්තා නම් ගිලෙන්නේ නැහැ (නි)

:       0       0

ලීල් Monday, 15 April 2013 07:35 PM

මුතුකුඩ, දන්නෙ නැති පැරෂුට් ගැන ලියන්නේ නැතුව කරබාගෙන ඉන්න. (නි)

:       0       0

අමිල Monday, 15 April 2013 07:49 PM

අනේ අපොයි! නේද මුතුකුඩ? කට්ටිය වරදිනකල්මනේ බලාගෙන ඉන්නේ. ඕවා ගණන් ගන්න එපා. අනේ කාටද වරදින්නේ නැත්තේ. (නි)

:       0       0

රකිත් Monday, 15 April 2013 10:24 AM

සංජිව, කරුණාකර, නැවත මගේ ප්‍රතිචාරය කියවන්න. (නි)

:       0       0

සඳුන් Monday, 15 April 2013 10:59 AM

ලබන සැරේ මම පාර්ලිමේන්තුවට යෝජනවක් ඉදිරිපත් කරනවා..ලංකාවට එන හා යන සියලුම ගුවන් මගීන්ට පැරචුට් එක බැගින් ලබා දෙන්න කියලා.....ගුවන් මගීනුත් ගොඩ, මුතුකුඩත් ගොඩ..... (ස)

:       0       0

සකීන් Monday, 15 April 2013 08:44 PM

සමහර ගුවන් යානාවල පැරිෂුට් ඇත. ඉහත අදහස් දාපු අය ගමන් කර ඇත්තේ දෙකය් පනහෙ ගුවන් සමාගම් වලය (අ)

:       0       0

ඩැනී Monday, 15 April 2013 11:46 AM

මේ ගුවන් යානය මුහුදට වැටුණේ ගොඩබැසීමට යද්දී නිසි ලෙස යානය පාලනය කරගන්න බැරිවයි. ලයන් එයාර් ගුවන් සේවයේ බොහෝ අනතුරු සිදුව තිබෙන අතර බොහොමයක් ගුවන් නියමුවන්ගේ නොසැලකිල්ල නිසා සිදුව තිබෙන අනතුරු වනවා මේ නිසාම ලයන් එයාර් යුරෝපයේ තහනම් (බ්ලැක් ලිස්ට්) කර තිබෙනවා. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 April 2013 09:33 PM

බුදු අම්මෝ! මම නම් නිකන් ටිකට් එකක් දුන්නත් මත්තලින් නම් එන්නේ , යන්නේ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 06:57 PM

ගුවන්යානා තුල හදිසි ආපදා අවස්ථා වල මගීන්ට පිලිපදින්න යැයි පෙන්වාදෙන පැරිෂුට් කට්ටල ගුවන් යානාවේ මගීකුටී වල තිබුණත් ඇති ප්‍රයෝජනයක් නැත. හදිසි අවස්ථාවල එවැනි දේ පැලද බේරුණු අය සම්බන්ධව සදහන් වන්නේද නැත. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 14 April 2013 07:08 PM

දෙවියන්ට ස්තූති වේවා! (නි)

:       0       0

කවීන් Monday, 15 April 2013 12:57 PM

ගුවන් යානා වල පෙරසුට් දැමීම නරක අදහසක් නොවේ . දැනටමත් එයාර් බස් සමගම මේ ගැන පර්යේෂණ කරගෙන යනවා. මෙයින් ජීවිත් බේරාගැනීමට පුළුවන් . බිමට කඩා වැටුණොත් ඔක්කම මිය යනවාට වඩා එක වටිනවා. (ස)

:       0       0

ධර්මසේන Sunday, 14 April 2013 07:53 PM

මට නම් හිතෙන්නේ ඒක පස්සේ ලිස්සලා ගිහින් මුහුදට වැටුනා කියලනේ. (නි)

:       0       0

කමල් Sunday, 14 April 2013 08:00 PM

මුතුකුඩ , මම මේ දන්නේ නැති නිසා අහන්නේ , හැම මගියෙකුටම පැරෂුට් දෙනවද ? (නි)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 03:57 PM

ජීවිතය බේරාගැනීම වාසනාවක් (නි)

:       0       0

සනුල් Sunday, 14 April 2013 08:13 PM

මුතුකුඩගෙ මෝඩකම අද මුලු රටම දැන ගත්තා . මගී ගුවන් යානා වල හදිස්සි අවස්ථාවල භාවිතා කරන්න කියල දෙන්නෙ පැරෂුට් නෙවෙයි. ඒවා ජීවිත ආරක්ෂක කබා . ඒවා අවශ්‍ය වන්නේ ජලය මත කරන හදිස්සි ගොඩබැමකදී . ගුවන් යානාවකට අරාක්ෂාකරී ලෙස ගුවන් පථයකට ලගා විය නොහැකි විට භාවිතා කරන දෙවන උපක්‍රමය තමා ජලය මත ගොඩබෑම. පෙනෙන විදිහට මෙම කබා නිසා තමයි මේ පිරිස බේරි තිබෙන්නෙ. මුතුකුඩ මෙම ගුවන් යානයේ සිටියානම් ෂුවර් එකටම ලයිෆ් ජැකට් එක දාගෙන බිමට පැනල ලංකාවෙ නමත් කැත කරනවා.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 14 April 2013 08:17 PM

මුතුකුඩ මහත්තයා ජීවිතාරක්ෂක කබා තම තියෙන්නේ. ඒවා පැරෂුට් නෙවේ නේද. මට නුඹ කවදාවත් පැරෂුට් ෆ්ලිඝ්ට් එකේදී හම්බ වෙලා නැහැ.(නදී)

:       0       0

රුසිරු Wednesday, 17 April 2013 05:30 PM

සකීන්, මගීන්ට පැරෂුට් දෙන ගුවන් සේවයන් කියන්නකෝ බලන්න. (ප්රිවැටේ සහ මිලිටෝර්ය් හැරුණු විට) (නි)

:       0       0

දම්මි Sunday, 14 April 2013 08:44 PM

දෙවියන්ට ස්තූති වේවා! මෝඩ කම පයිලට් ට තමයි ස්තුති කරන්න ඕන දෙයියො මූදට වැටෙනකම් දැක්කෙ නැද්ද.?(නදී)

:       0       0

කොටවල Sunday, 14 April 2013 08:48 PM

ම්‍රතුකුඩ, බොරු කියන්න එපා.(නදී)

:       0       0

සංජීව Sunday, 14 April 2013 09:12 PM

මමත් ගුවන් යානා වල යනවා. කවදාවත් ගුවන් යානාවල පැරෂුට් තියෙනවා කියල අහල නැහැ. ඔයවගේ වෙලාවට පාවිච්චි කරන්න ජීවිත ආරක්ෂක ජැකට්නම් තියෙනවා. (නදී)

:       0       0

නදී Sunday, 14 April 2013 09:16 PM

හැම ගුවන් යානාවක ම ජිවිත ආරක්ෂක කබා තිබේ. මෙවැනි ගුවන් යානා අනතුරකදී මගින්ව බේරාගැනීම සදහා අදාල අංශ එනතුරු දියේ නොගිලී දියමත පාවීමට අරක්ෂාවීමට එය මහෝපකාරී වේ.(නදී)

:       0       0

බුද්ධික Sunday, 14 April 2013 09:17 PM

මේක තමයි හොදම උදාහරණය බේරුණු අවස්ථාවකට. මුහුදේ පාවී ඉන්න මිනිස්සු බෙර ගත්ත කියන්නේ ඒ අය ජීවිතාරක්ෂක කඹා පාවිච්චි කර ඇති බවයි. පැරෂුට් කියල දෙයක් නම් නැ මගීන්ට දෙන. කෙසේ නමුත් මේක යානයේ දෝෂයක් තමුන්ගේ කර්ර්ම පල අනුව ජීවිත බේරුණු වාසනාවන්ත මිනිසුන් පිරිසක් ගමන් ගත් යානයක්. ,කලාතුරකින් අහන්න ලැබෙන කිසිවෙකුටත් ජීවිත හානි නැති තවත් එක් අවස්ථාවක්.(නදී)

:       0       0

බෙන් Sunday, 14 April 2013 09:18 PM

මුතුකුඩ, පැරිෂුට් කට්ටල වලින් බේරෙන ගුවන් යානා ඇත්තේ ගුවන් හමුදාවට.(නදී)

:       0       0

සෙන්තිල් Sunday, 14 April 2013 11:31 PM

දම්මි,ඔයයි මමයි මෙම ප්ලේන් එකේ හිටියා නම්,මම ඔයාව වතුර උඩ පා කර කර ගිලෙන්න නොදී තියාගෙන ඉන්නවා. (නි)

:       0       0

සතිෂ් Monday, 15 April 2013 12:14 AM

මුතුකුඩ, පැරිෂුට් තියෙන්නේ ප්‍රහාරක ගුවන් යානා වල. (නි)

:       0       0

ජීවන් Monday, 15 April 2013 01:20 AM

පින් කරලා තියෙනවා හොදින්ම... (නි)

:       0       0

සිරිල් Monday, 15 April 2013 04:10 PM

මුතුකුඩ, පැරිෂුට් දෙන්නේ හදට යන අයට විතරයි (නි)

:       0       0

රුවන් Sunday, 21 April 2013 06:18 PM

මමනම් කියන්නේ ගුවන් යානාවල යන හැමෝටම "මුතුකුඩයක් " දෙන්න ඕනෑ. එතකොට හදිස්සියෙවත් අනතුරක් වුණොත් ඔය මුතුකුඩේ ඉහලාගෙන බිමට පනින්න පුළුවන්නේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 April 2013 03:25 AM

මුතුකුඩ මහතාණනි , පැරිෂුට් මගින් පනින්න ඉතා දීර්ඝ හා දුෂ්කර පුහුණුවීමක් අවශ්‍යයි. ප්‍රහාරක යානා වල නියමුවන්ට නම් ඉඳගෙන ඉන්න සීට් එක පිටින් පැරිෂුටයක් මගින් ඉවතට පනින්න පුළුවන් වුණාට මගී යානා වල යන අපිට නියමුවාගේ පිහිට පමණි. (නි)

:       0       0

ජ.හේරත් Monday, 15 April 2013 03:57 AM

අය්යෝ ! මුතුකුඩ , ඔයත් හරියට අර අපේ කට හොඳ නැති දේශපාලකයෙක් ඉන්නේ කට ඇරියොත් මෝඩ කතා කියන, අන්න එයා වගේනේ . ඔයා මේ කියනේ ජීවිත ආරක්ෂක ජැකට් ගෙන. එහෙම නැතුව පැරිශුට් නෙමෙයි. (නි)

:       0       0

කැලුම් Monday, 15 April 2013 07:18 AM

මේක ගොඩක් උද ඉඳන් වැටුන එකක් නෙමෙයි නේද? ලෑන්ඩ් කරන්න යද්දී වැටුන එකක් කියලයි ආරංචි. (නි)

:       0       0

කැලුම් Monday, 15 April 2013 07:21 AM

http://www.youtube.com/watch?v=xtz5glxpLME (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1211 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2677 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1663 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2858 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1918 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site