උතුරු පළාතේ ඡන්දයට විරෝධය පළ කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් කැලණිය ධර්මායතනය අසලින් අද ඇරැඹිණි.
පැමිණ සිටි පිරිසේ සාධු කාර මධ්‍යයේ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මුලින්ම පෙත්සමට අත්සන් තැබූහ.
මහා සංඝරත්නය ද, ජාතික නිදහස් පෙරමුනේ නායක ඇමැති විමල් වීරවංශ, නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද ඊට එක් වූහ.
මෙය රට වෙනුවෙන් ඉටු කරන උතුම් කාර්යයක්යැයි ද, රට වටා ගොස් අත්සන් එකතු කර එය ජනපතිට භාර දෙන බව ද නාලක හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට පළාත් සභා ඡන්දෙ හොදයි නම් උතුරට නරක ඇයි? (නි)
ආයෙත් ආශ්චර්යය වේවා! (නි)
මේ කරන වැඩ මට නම් පෙන්නේ විකාර වගේ (දී)
ඡන්දය ඕනෑ නෑ (නි)
අපි මොකද වෙන්නේ කියලා විතරක් බලන් ඉම්මු (දී)
ලංකාවට ගිය කලක් (දී)
දැන් අත්සන් ගැහිල්ලටත් "සාධුකාර" දෙනවද? (නි)
බැරි වුනොත් උපවාසෙකට යමු. මං ගානේ ලෙමන් පෆ් හොඳේ! (නි)
කවුරු නැතත් හාමුදුරුවෝ එතන. (නි)
අපිට බැහැ මොකුත් කියන්න මේ වෙනුවෙන් (දී)
මම දකින දෙයක් තමයි උතුරට ඡන්දයක් තිබ්බේ නැත්නම් ඒක අපේ රටේ කොටසක් කියලා අපිට කියන්න අමාරු වෙනවා ලෝකයට (නි)
ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැද්ද (දී)
මේ අනතුරින් රට ගලවාගන්න මෙතුමාලට ශක්තිය ලැබේවා! (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවාද මන්දා (දී)
දැන් ඔහොමම "විදුලි බිල අඩු කරනු" කියලා පෙත්සමකුත් අත්සන් කරමුද? (නි)
ඡන්දෙ තියන්න ඕනා. ඒක උතුරේ ජනතාවගේ අයිතිය. මේවා කරන අය තමයි බෙදුම්වාදය පටන් ගන්නේ. ඔය දේවල් වලින් වෙන්නේ රටට හානියක් පෞද්ගලික දේශපාලන වාසි තකා ජනතාව මුලකරනවා. අපි හොද දැක්මක් ඇතිව වැඩ කරමු. ජනතාගේ අයතීන් සුරකිමු. සියලු දෙනාට එක සේ ජීවත්වන්නට හැකි අයුරින්. ඇමරිකා වේ කලුජාතින් ඉනේ 14% යි. නමුත් ඔබාමා ජනාධිපති උනා. රටට වැඩ කරන්ක බැරි අය ඉල්ලා අස්විය යුතුයි නේද? දේශපාලනය තුල හැමදේම සමාන විය යුතුයි.(නදී)
මෝඩ වැඩක්.(නදී)
මේ අයව පාර්ලිමේන්තුවට ඇරියේ කව්ද? (නි)
චන්දයක් තියන්න මිනිස්සුන්ගෙන් අහ අහ ඉන්න ඕනේ නැහැ නේද (දී)
මේකවත් කරමු හාමුදුරුවනේ (නි)
මට හිතා ගන්න බැහැ බුදු දහමේ මොන කියමනට අනුකුලවද මේ හාමුදුරුවරු මේක කරන්නේ කියලා? (නි)
සිල්වා, ඔබ කාගේද ලනු කාලා. ඔබ ඉන්නේ ලංකාවෙ නම් වෙන්න බැහැ. ඡන්දෙ තියන්න ඕනෑ උතුරේ විතරක් නොවෙයි මුළු රටේම එක විට. ඒක උතුරේ ජනතාවගේ අයිතිය නොවේ, ලංකාවාසීන්ගේ අයිතිය. (නි)
රටේ හැම ජන කොටසකටම සිය අයිතිය එක සමානයි. මට හිතාගන්න බැහැ අපේ මහ සංඝරත්නය ඇයි මේ විදියට හැසිරෙන්නේ කියලා (නි)
ජනතාවගේ ප්‍රශ්න වලට සැබෑ උත්තර මින් ලැබේද? (නි)
මේක නැවතත් රටේ බෙදුම්වාදය පටන් ගන්න උඩ ගෙඩි දීමක් වේවිදැයි මට සැකයි (නි)
පෙත්සම් වලටත් වදින රටක් මේ .(ත)
උතුරෙ ඡන්දය තියන්න. ඒක වැදගත්. අපි මේ වගේ බෙදීම් ආයේ ඇති කලොත් වෙන්නෙ ඉස්සර හිටපු තැනටම අපිව ඇද වැටෙන එකයි. පාර්ලිමේන්තුවට බලයක් තියෙනවනේ පලාත් සභා වැරදි පාරක යනවා නම් ඒවා නතර කරන්න. අනික පොලිස් බලතල ඉඩම් බලතල දුන්නා කියලා ඒ අය වෙනම පාලනයක් ඇති කරගන්නේ නැහැනේ. (නි)
මේ සම්භන්දව දැනගෙන කතා කලොත් තමයි හොද (දී)
මමනම් හිතන්නේ මහජනතාවගේ කැමැත්ත කලානම් හරි (දී)
උතුරට චන්දය එපාද
මෙවැනි ප්‍රශ්න වලට කතා කරන අපි තමයි වැරදි අන්තිමට (දී)
මාවනම් ඕවට ගාව ගන්න එපා (දී)
කළොත් කරන්නේ මේවගේ බෙදුම්වාදී වැඩක්. (ත)
උතුරට පමණක් නොවෙයි අපේ මේ පුංචි රටේ අනිත් පළාත් වලටත් සභා අවශ්‍යම නැහැ. අපේ රටේ පාලන තන්ත්‍රයට ඒක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒවා පවත්වාගෙන යාමෙන් කරන්නේ රටේ බොහොමයක් අය ඉතා දුකසේ ජීවත් වෙද්දී පොදු මහජන මුදල් පළාත් සභා සුදු අලියා නඩත්තු කරන්න වියදම් කිරීමයි. අතීතයේදී කරපු වැඩ වර්තමානයේදීත් කරන්න ඕනෑද? පෙරමෙන් මධ්‍යම රජයත් ප්‍රාදේශීය සභාත් පත්කරගන්න මැතිවරණ පැවැත්තුවහම උතුරේ අයගේ ඡන්ද අයිතිය රැකෙයි. (නි)
ඔබ වහන්සේලා පහුගිය කාලයේදී කොහෙද හිටියේ? නිකම් ප්‍රශ්න දාගන්න එපා හාමුදුරුවනේ (නි)
මේ රට බෙදුම්වාදයෙන් බේරාගත් වීර ධීර ඇමතිවරයාගේ තවත් දේශප්‍රේමි වීර ක්‍රියාවලියක ආරම්භය. (ත)
චන්දෙ තිබ්බොත් පරදිනවා. මුක්කු ගහලා ඉන්න අයට යන එනමන් නැතිවෙනවා ..(ත)
ඇයි තවත් අවුලක් ඇති කරන්න හදන්නේ? (ත)
සිල්වා මහතාගේ ඉහත අදහස් මා සංපූර්නයෙන්ම අගය කොට සලකමි.බෙදුම් වාදයට අපි ඉඩනොදිය යුතුවේ. (ත)
ඡන්දය එපා නම් 12% සිටින දෙමල ජාතිකයන්ට හැම රාජ්‍ය අංශයේම රැකියා ලබාදෙන්න. නැතහොත් නැවත ඊලාම් යුද්ධයකට මුලපුරන්න පුළුවන් මේ වගේ වැඩ නිසා. (නි)
මාගේ ඉහත සදහන් කරපු ප්‍රතිචාරයට සමාවෙන්න. මේක හොද ක්‍රියාවක් රටට ආදරය කරන සියලුම දෙනා මේ සමග අත්වැල් බැදගන්න (නි)
මමනම් කියන්න චන්දය කවද පවත්තුවත් පවත්වන්න ඕනෙනේ (දී)
තවත් ආරවුලකට මුල වේවිද? (නි)
මොකද්ද දන්නේ නැහැනේද එපා කියන්න හේතුව
ඕනෑ දේටයි එපා දේටයි හැම එකකටම සම්බන්ධ වෙන එක හාමුදුරුවරුන්ට යුතු නැහැ නේද? සාසනේ රැකගෙන මිනිස්සුන්ව දැහැමි සිතුවිලි වලට යොමු කරන්න (නි)
කොහොම හරි ඡන්දේ තියන්න ඕනෑ (නි)
ආශ්චර්යය ළං ළංව පෙනෙනවා (නි)
උතුර කියන්නෙත් ලංකාවේම කොටසක්. ඡන්දය එයාලගේ අයිතිවාසිකමක් (නි)
ඔබේ උත්සාහයට අපේ ශක්තිය .. කූස වෙනුවෙන් ප්‍රභාකරන් වැනි එයගේ අතීතය අමතක කරන අය ද සිටිනා බව සිහියට ගන්න. (ත)
තවත් විස්තර දෙන්න (දී)
ලංකාවේ අනිත් පළාත් වලට තියෙනකොට උතුරට විතරක් එපා කියන්න අයිතියක් තියෙනවද ?? උතුර ලංකාවේ කොටසක් නෙමෙයිද? (නි)
තව පස්සන යන්නද රටේ උතුරේ මිනිස්දසුන්ගේ අයිතිය නේ ඡන්දය ඒ මිනිස්සුත් ලංකාවේ නේද (අ)
උතුරේ ඡන්දය තිබිය යුත්තේ උතුරෙන් පන්නා දැමු සියලුම ජනතාව නැවත පදිංචි කරවීමෙන් පසුවය. එල්.ටී.ටී.ඊ. සංවිදානය විසින් ඔවුන්ගේ මතයට එරෙහිවන සියලුම දෙනා (සිංහල,දෙමල, මුස්ලිම්) උතුරෙන් පන්නා දැමුවේ හුග කාලයකට පෙර සිටය. (නි)
මට දැන් ටික කාලෙක හිදලා තේරිලයි තිබෙන්නේ ඇමතිතුමා සතුටින් නොවෙයි ඉන්නේ කියන එක. මම හරිද මන්දා.. (නි)
මමත් කියන්නේ ඒ චන්දය එපා (දී)
මමත් ඒ පෙත්සමට අත්සන් කළා (දී)
එපා කියන්න තවත් හේතු දක්වන්න (දී)
මව් බිමට ආදරය කරන මිනිසුන්ට මව්බිම අහිමි වෙයි. ඔවුන් එය රැක ගැනීමට සටන් කර ද්‍රෝහීන් ලෙස හංවඩු ලබති ....! (නි)
හරි හමන් විස්තරයක් නැහැනේ
ආයෙත් ලොකු ගැටුමකට පාර කපන්න වගෙයි යන්නේ. (නි)
මමයි කියලා මහත්තයෝ මොනවා කියන්නද (දී)
විස්තර මොකුත් නැති නිසා අදහසක් දක්වන්න අමාරුයි (දී)
යුගයේ අවශ්‍යතාවක්. හොද වැඩක්. හමුදාව ජීවිත පරිතතයග කරලා බේරා ගත්ත රට අපහු කොටියට දෙන්නද ඡන්ද තියන්නේ? (නි)
මොන දේ වුණත් නැවත කුරිරු ත්‍රස්තවාදයට පණ පොවන්න නම් එපා (නි)
සමහර අය කියන විදියට උතුරට බලය බෙදුවත්, තව මොනවා දුන්නත් ජාතික සමගියක් නම් ඇති වෙන්නේ නැහැ. වෙනත් ක්‍රමයකින් තමයි ඔවුන්ව දිනා ගන්න වෙන්නේ (නි)
බලමු වෙන්නේ මොනවද කියා ... ඊට පස්සේ ? (නි)
උතුරු පළාත් සභා ඡන්දය කොහෙත්ම නොපැවැත්විය යුතුයි. ඒ නිසා ඔය බලතල අඩු කරලා තියමු කියන මිත්‍යාවත් පරාජය කළ යුතුයි. මේ සඳහා පළාත් සහා අවශ්‍යද නැද්ද කියලා ජනමත විචාරණයක් පවත්වනු කියලා රජයට බල කරන ව්‍යාපාරයක් වහාම දියත් කළ යුතුයි. (නි)
කරුණාකර ඔබත් ඊට පුළුවන් නම් විරුධව පෙළ ගැස්සෙන (දී)
ජන්දය එපා කියන්නේ උතුර ලංකාවේ පළාතක් නොවේද? (නි)
මම හිතේ තියෙන දේ කියූවොත් සේරම දෙනා බය වෙනවා (දී)
මොකද ඒ
13 වන ව්‍යවස්ථා සංශෝධනය අප පාර්ලිමේන්තු අනුමැතියකින් හෝ ජනමත විචාරනයකින් තොරව අප රටට බලෙන් හඳුන්වාදුන් දෙයක් මිස, එය බහුතර ශ්‍රී ලාංකිකයන්ගෙ අවශ්‍යතාවයක් නොවේ. අතිවිශාල මුදල් සම්භාරයක් විනාශ කරමින්, සාතිශය බහුතර ශ්‍රි ලාංකිකයන්ගෙ අප්‍රසාදයට පාත්‍ර වී ඇති පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට යම් ප්‍රවේශයක් මෙම ක්‍රියාවලිය තුලින් ලැබේවා යැයි පතමි. අපේ රටේ පුදුම මානසික රෝගීන් පිරිසක් සිටිති. රටේ තිබෙන සියලුම අඩුපාඩු විවෙචනය කරන ඔවුහු ඒ වෙනුවෙන් කිසිවක් නොකරති. එනමුදු යමෙක් අවම තරමින් එක ගැටළුවක් වෙනුවෙන් හෝ පෙනි සිටින විට එයට සහය නොදී අංශුමාත්‍රයක් හෝ අඩුපාඩුවක් සොයාගෙන එය හෙලාදකිති.... (නි)
කිසිත් නොදැන කරන අදහස් දැක්වීම් ගැන කණගාටු වෙමි. ඡන්ද අයිතිය හැමෝටම තියෙන්න ඕනෑ තමා. ඒත්, ඡන්දය නිසා ආයිත් කොටින්ට රට යනවා නම්? පළාත් සභා ක්‍රමය ඉන්දු ලංකා ගිවිසුමෙන් ස්ථාපිත කලේ ප්‍රභාකරන් සනසන්න. එතකොට එයාලට බලය ගන්න තවත් ලේසි වෙනවා. ඔවුන්ගේ නිජ භූමිය ලකුණු කරලම දුන්න වගේ වැඩක්. ඉඩම් හා පොලිස් බලතල ගන්න එක තමා ඊළඟට කරන්න තියෙන්නේ. ඊට පස්සේ වෙනම ආණ්ඩුවක් උතුරේ පටන් ගනියි. මේ දෙය වෙන්න නොවී පළාත් සභා ක්‍රමය අපේ රටින් ඉවත් කර දාමු. පළාත් සභා කියන්නේ කිසිම වැඩකට නැති සුදු අලියෙක්. ඒක රටට බරක්. (නි)
දකුණේ පෙළපාලි යනවා ඡන්ද බලය රකිමු කියලා.උතුරට ඡන්ද බලය රැකගන්න වුවමනා නැද්ද? පටු අදහස් නිසා අපි වසර 30 යුද්ධ කරලා රටම විනාශ කළා. ආයෙත් අපි යන්න හදන්නේ එතනටමද? ඡන්දය තියමු.බලය බෙදමු.රට නොබෙදමු. (නි)
මම මේ ගැන දන්නේ නැහැ
සියලු පළාත් සබා නැතිකළ යුතුය. උතුරේ ප්‍රශ්නයට දේශපාල විසදුමක් දී අවසානය. යුදමය විසදුම් ද දේශපාලන විසදුමකි. දෙමල ජනයා නමින් සිදුවන බටහිර ක්‍රිස්තියානි අරමුණුය පරදවමු. අපිට 13 නම් එපා ... (නි)
උතුරේ චන්දය තියන්න ඇය බය? දකුණ වගේ ලංකාවේ කොටසක් නේද? ඡන්දෙ නොතියන එකෙන් තමා රට බෙදෙන්නේ (නි)
අනේ සාධු! (නි)
මේ සියලුම ප්‍රශ්න වලට මුල අප ඍජුව ක්‍රියා නොකිරීමයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි නම් මුල සිටම ඒ බව නොකීවේ ඇයි? ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය සැනසීමට 13 ට වඩා යමක් දෙන බව පැවසුවේ ඇයි? අපට ඇත්ත නොකිවුවේ ඇයි? යුධ අපරාධ සම්බන්ධයෙන්ද අප පඹ ගාලක පැටලුනේ මේ වගේ බොරු කියන්න යාමෙන්. මතකනේ අර ශුන්‍ය සාමාන්‍ය වැසියන් ඝාතන ප්‍රතිපත්තිය. අපට කෙලින්ම ඒ වෙලාවේ කියන්න තිබුනේ අප කරන්නේ යුද්ධයක්, යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මිය යන බව. ඒ වගේ අපට කියන්න තිබුනේ 13 වන සංශෝධනය රටට අහිතකර නිසා අහෝසි කරන වග. මෝඩකම ඉවසිය හැක නමුත් ඉල්ලන් කෑම ඉවසිය නොහැක. (නි)
පළාත් සභා අහෝසි කර, පළාත් පාලන ආයතන (නගර සභා) වලට සම්පුර්ණ බලතල දෙන්න. ශ්‍රී ලාංකීය සමගිය ආරක්ෂා කිරීමට නීති ගෙනායුතු කාලය ඇවිත්. (නි)
මල්වතු මහනායක සුවාමින්වහන්සේ කිවුවා ඡන්දය තියලා බලය බෙදලා වැඩකරමු කියලා. උන්වහන්සේ මේ ප්‍රශ්නය දිහා බලලා තිබෙන්නේ බුද්ධියෙන්.නමුත් දැන් මේ ප්‍රශ්නය දිහා බලන්නේ පටු දේසපාලන ඇසකින් වගෙයි පෙනෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් පලකරලා තියෙන ලංකාදීප කියවන බුද්ධිමතුන් බහුතරක් නිවැරදිව මේ ප්‍රශ්නය දකින එක සුබවාදී ලකුණක්. (නි)
ඡන්දෙ තිබුනත් නැතත් පාඩුවෙන්නේ අපටමය. බඩුවල මිළ ගනන් ආශ්චර්යය වගේ ඉහල යනවාය! (නි)
ලංකාවේ අනිත් පළාත් අටේම පළාත් සබා තියනවා නම් උතුරටත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ (නි)
මහත්වරුනි පටුව සිතන්න එපා. සිංහලයින්ට ඇති අයිතිය දමිලයාටත් දෙමු. රට නොබෙදමු, බලය විමධ්‍යගත කරමු. පළත් සබා සියල්ල අහෝසි කොට නැවත පරණ සොල්බර් ක්‍රමය වැනි අර්ථවත් ක්‍රමයකට යමු. (නි)
නිහාල් ඔබගේ අදහස් ඉතා හොඳයි. රට එකක් නම් සියලු දෙනාටම එකවගේ සමාන අයිතියින් තියෙන්න ඕනෑ.ඊට එහා මෙහා ගිය අදහස් අනිවාර්යෙන්ම බරපතල ප්‍රශ්න ඇතිකරාවි. එය වලකන්න බැහැ. (නි)
ශ්‍රී ලංකාව අපේ රට. ඒක බෙදන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. අපි රට නොහිටියත් අපි අපේ ජනාධිපතිතුමන් සමග ඉන්නවා. දකුණු කොරියාවේ සිංහලයෝ අපි. (නි)
රටට අවාසියක් වෙන වැඩක් කිසිම විටක කරන්න එපා (දී)
මේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙන්න (දී)
ජාතික නිදහස් පෙරමුනේ එම පෙත්සමට පුර්ණ සහය දෙනවා. (ස)
මම මොකුත් නොකියමි
කාට කියන්නද මේ ගැන ඇත්තටම දුක හිතෙනවා බුද්දියක් නැති මිනිසුන් අපේ රටේ ඉන්නවනේ... බෞද්ධ ධර්ෂණය ගැන දන්නේ නැති යට මේවා හොඳයි. රට හදන්න පෙර ගම හදන්න ගම හදන්න පන්සල හදන්න .. මෙහෙම ගියොත් අපට ඇත්තටම රටක් නැති වෙනවා.. (ස)
උතුරේ ඉන්න ජනතාව ලාංකිකයෝ බව අමතක කරන්න එපා. සැමගේ ප්‍රජාතන්ත්‍රවාදී බව තහවුරු කරන්න. ඒකීය රටක් තුල බලය බෙදන්න.(නදී)
නිහාල්, හිල්මි ඔබ හරි. රටේ සෑම පුද්ගයෙකුටම සම අයතිවාසිකම් තියෙන්න ඕනේ. දැන් අපේ රට ස්වාධින රටක්. මේ රට නිදහස් කරලා දුන්නු අපේ ජනාධිපතිතුමා රට දෙකට කරන්නේ මොකටද? සුළු පිරිසක් මෙය අසාර්ථක කිරීමට දරන ව්‍යර්ථ උත්සාහයකි. ජනාධිපතිතුමනි අපි ඔබ සමගයි.(නදී)
අපට රට නැති වෙන්න දෙන්න ඉඩ නැහැ. මෙයට (පෙත්සමට) සහයෝගය දෙමු. ඊට පස්සේ විරෝදය පාමු. (නදී)
රටේ ව්‍යවස්ථාවට විරුද්ධව ක්‍රියා කිරීමට රජයට බල කරන මේ අය ත්‍රස්තවාදීන් නොවේද ගෝඨාබය මහත්තයෝ?(නදී)
ජනතාවගේ කැමැත්ත පමණක් ඉෂ්ට කරන්න (දී)
වෙන්නේ මොකද්ද කියලා අපි බලන් ඉන්නවා එච්චරයි (දී)
අනේ මන්දා
ඡන්දෙ තිබ්බත් ඉතින් දිනන්නේ ආණ්ඩුව තමා. ආණ්ඩුව වට්ටන්න කාටවත් බැහැ. මේ ආණ්ඩුවෙන් රටට කරලා තියන දේවල් මිනිස්සු දන්නවා.(නදී)
අනේ මන්දා මෙයාලා කරන්නෙම ප්‍රශ්න ඇතිකරන එක. ඇමතිතුමා මොකක් හරි කොනක් අල්ලගන්නවා.(නදී)
මම මේ සම්භන්දව මොකුත් දන්නේ නැති මොකුත් කියන්නේ නැහැ (දී)
මම කියලා මොනවා කියන්නද
මට නම් හිතා ගන්න බැහැ මොකද්ද ඊට හේතුව (දී)
උතුරේ චන්දෙ පැවැත්වුවොත් අනිවාර්යෙන්ම ටී.එන්.ඒ දිනනවා. ඊට පස්සේ හොද සෙල්ලන් බලාගන්න පුළුවන් වේවි.ප්‍රභාකරන් අවු 30 යුද්ද කරලා බැරි උන දේ නිකන්ම ලැබෙනවා.(නදී)
ඡන්දය තියා රටේ සමගිය ඇති කරමු. ජනතාවගේ මුදල් වලින් යැපිලා ජනතාවට බොරු කිරිම වැරදි වැඩක්. සියලු දෙනාගේ අයිතීන් සුරැකීමට රජය බැදිලා ඉන්නවා. බෙදුම් වාදය වාසිය කරගෙන ඔය පොඩි පක්ෂ වල පිරිස ඒගොල්ලන්ගේ පැවැත්මට කරන දේවල් නවතමු. මෙතුලින් වෙන්නේ රට තව යට යන එක. මේ දේවල් ගැන සිතිය යුත්තේ මනසින් හදවතින් නෙවෙයි.(නදී)
විමල් මහත්තයා ඔය බොරු වැඩ නවත්තලා උතුරට ගහිල්ලා ගෙවල් ටිකක් හදන්න ජනතාවගෙන් ඔබට පිලිගැනිමක් තියෙයි. අපේ සුවාමින් වහන්සේලා බෞද්ධ සාසනය නගා සිටුවන්න වැඩකරන්න බුද්දියෙන් සමාජයට ආදර්ශයක් වෙමින්.(නදී)
සිවුර යනු ශ්‍රද්ධා සිත පහල කරන අනර්ඝ වස්තුවක් මිස මඩ සෝදන අවියක් නොවේ . (නි)
ලංකාවට දැන් ඕන සර් ජෝන් කොතලාවල වගේ නායකයෙක්. එදා ඉන්දියන් අගමැති නේරු ලංකාව අමුනගන්න හදනකොට බයනැතිව විරුද්ධ වුණේ කොතලාවල අගමැතිතුමා. (නි)
මෙයාට දැන් කරන්න දෙයක් නැති නිසා බොරු වැඩ කර කර මහජනතාව රවට්ටනවා. ජෙ.වි.පි. එකේ හිටපු කාලේ කරපු වැඩ ආයෙත් පටන් ගන්න වගේ යන්නේ. නිකන් අහිංසක මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව ඉන්න. මෙච්චර කාලයක් හිටපු නැති කට්ටිය එකතු වෙලා දැන් නැති ප්‍රශ්න ඇති කරන්න යන්නේ.(නදී)
මේ පෙත්සම් වලින් මොකක්ද ඇති වැඩේ මෙතනම තියෙනේ නැවතත් බෙදුම් වාදය පටු අදහස් රටට පලදායි වැඩක් කරමු. ඡන්දෙ තියල ලෝකෙට පෙන්වන්න මානව හිමිකම් රකිනබව. මේදේ නොකලොත් තමයි කොටින්ට අවාසි වෙනේ. මේක නිකන් හිගන්නාගේ තුවාලේ වගේ බොර කර කර වාසි ගන්න හදනවා. එයින් වෙන්නේ මේ රට කොන්වෙනවා ලෝකෙන්. ලින් ගෙම්බන්ට මේවා හොදයි.(නදී)
උතුරේ ජන්දයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැනෙ ,අනිවාර්යෙන් චන්දෙ දිනනවා. කොහොමත් උතුරේ මිනිස්සු ජනාධිපතිතුමාටයි අපේ රජයටයි ආදරෙයි. අද අපි බය නැතුව පාරේ යන්නෙත් උතුරේ මිනිස්සු බයක් නැතුව රෑට නිදා ගන්නෙත් ඒ නිසා තමයි. හැබැයි මේ වැඩේට අපි සහයෝගය දෙනවා. (නි)
ලංකාවේ කොටසක් නොවෙයිද උතුර (දී)