IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ තීරණයක් නෑ‘

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම විසදුම ගෙන ඒම  ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක‍ෂ නායක ආර් සම්බන්දන් මහතා පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දේශපාලන විසදුම් ගෙන ඒම සම්බන්දයෙන් තවදුරටත් සාකච්ඡා වන බවත් ඒ සදහා මුස්ලිම් පාර්ශවයත් දෙමළ පාර්ශවයත් සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගතයුතු බවත් හෙතෙම කීවේය.

 මේ වසර අවසන් වීමට පෙර  ජනවාර්ගික අර්බුධයට විසඳුමක් ගෙන ආ හැකි යැයි තමා විශ්වස කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ දෙමළ ජාතික දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සමග ත්‍රිකුණාමලයේ දී පැවැති සාකච්ඡාවක දී ය.



අදහස් (0)

‘උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ තීරණයක් නෑ‘

චරණ Thursday, 01 December 2016 08:37 AM

රටේ සාමය නැති වෙන්න හොඳ නැහැ (ර)

:       0       0

සෙනරත් Wednesday, 30 November 2016 03:06 PM

පළාත් සභා වලට ඇති බලතල වැඩි කළ පසු ඒවා එක්කර ගැනීම හෝ වෙන් කර ගැනීමේ බලය එම පළාත් සභා සතු වනු ඇත. (බ)

:       0       0

ධම්ම Wednesday, 30 November 2016 03:16 PM

ඔක්කොම පළාත් ඒකාබද්ධ කරලා එක ශ්‍රී ලංකාවක් හදන්න. (බ)

:       0       0

ජනහිත Wednesday, 30 November 2016 05:49 PM

මේ මොකද ජාති වශයෙන් කටයුතු කරන්න හදන්නේ. මේක එකම රටක්. හිතන්න ඇමෙරිකාව ගැන. මුළු ලෝකෙම අය ඉන්නවා. එ්ත් රටක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවත් ලැබෙන්නෙත් නැහැ කිසිම දවසක. (නි)

:       0       0

රෝහණ Wednesday, 30 November 2016 11:08 PM

සම්බන්දන්ලා කියනවා වගේ ජනවාර්ගික ප්‍රශ්නයක් මේ රටේ තියනවා නම් කොහොමද උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉන්නවාටත් වඩා ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව බහුතරයක් රටේ වෙනත් පළාත් වල ව්‍යාපාර කරගෙන ගෙවල් හදාගෙන හොඳින් ජීවත්වෙන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 November 2016 11:36 PM

රට කබලෙන් ළිපට වැටෙන්නයි හදන්නේ. ඊට කලින් මේ තත්ත්වය පෙරළාගනිමු (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 01 December 2016 01:49 AM

දෙමළ සහ මුස්ලිම් ජනතාව සාකච්ඡා මඟින් අදාළ පළාත් සම්බන්ධව තීරණ ගැනීමට සුදානම් නම්, සමහර සිංහල ද්‍රෝහියන් උතුර සහ නැගෙනහිර එකතු කිරීම, එම පළාත් දෙකේ ජනතාවගේ ඡන්දයෙන් පමණක් තීරණය වියයුතු බව සිතන්නේ නම්, සෙසු පළාත්වල සිංහලයන් අතරේ ජීවත්වන මුස්ලිම් සහ දෙමළ මිනිසුන්ගේ අනාගතය ගැනද සිතිය යුතුය. මේ රටේ හැම සිංහලයෙකුම බලපෙරේත සිංහල දේශපාලකයන්ගේ අසුචිද සුවඳැයි කීමට සුදානම් නැති බව සිහි තබාගත යුතුය. අනාගත සිංහලයන්ගේ අයිතිය ගැන සිතන සිංහලයන්ද සිටින බවත් සිතිය යුතුය. (නි)

:       0       0

පේදුරු Thursday, 01 December 2016 01:59 AM

දැන්වත් සිංහලයෝ ටික එකතුවෙලා අපේ රට රැකගනිමු. මේ අය හදන්නේ අපේ රට නැතිකරන්න.සේරම පාරට බැහැලා මේ සේරම ගෙදරම යවමු (නි)

:       0       0

සත්‍යයා Thursday, 01 December 2016 02:07 AM

මුලින්ම කියන්න ඕනෑ ලංකාවේ කිසිදාක ජනවාර්ගික අර්බුදයක් නොතිබුන බව. දෙවනුව කියන්න ඕනෑ තමන්ගේ හිසට තමන්ම ගිනි තබාගෙන "හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස" සිංහලවිරෝධී උන්මාදයෙන් පෙළෙන අයම තමයි ඔය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. අපට කියන්න තියෙන්නේ මේ වගේ අය ඉන්නකම් ප්‍රභාකරන් කිසිදාක මියනොයන බවයි (නි)

:       0       0

ජයරත්න Thursday, 01 December 2016 06:57 AM

සත්‍යයා, එක රටක් ඇතුළේ බලය බෙදාහදා ගන්න ඉල්ලපු මධ්‍යස්ථ පිරිස් වලට පහරදීලා තමයි ප්‍රභාකරන්ලව හදාගත්තේ. දෙමළ ජාතියේ දුක්ගැනවිලි කතා කිරීම සිංහල විරෝධයක් නෙමෙයි. මම එක දෙයක් ගැන එකඟයි. මේ ගොඩක් දුක්ගැනවිලි ග්‍රාමීය දකුණටත් තියෙනවා. ඒ නිසා මෙගාපොලිස් එකෙන් පිට හැමෝටම බලය බෙදෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 01 December 2016 08:10 AM

ඇයි උතුර නැගෙනහිර විතරක්? පළාත් නවයම ඒකාබද්ධ කරමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1773 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1329 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 374 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 508 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 228 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site