කොටි සංවිධානය අතහැර පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුහුණුව ලැබූ උතුරේ 375 දෙනෙක් දකුණේ සංචාරයට ආහ. පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය චන්ද්‍රසේන ගජධීර, පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ඔවුහු මහත් හරසරින් පිළිගත්හ. කළුවැල්ල හින්දු කොවිලේදි උදෑසන පූජාවට සහභාගීවීමෙන් අනතුරුව ගාල්ල බන්ධනාගාරය විසින් පිළියෙල කළ ආහාර ගත් පිරිස ලෝක උරුම ගාලු කොටුව නැරඹීමට ගියහ. තමන් දකුණ දුටු මුල් වතාව බව එම තරුණ තරුණියෝ කියති. අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගත් බවත් සිංහල දෙමළ සමගිය වර්ධනය කරගෙන ජීවත්වන බව සියළු දෙනාගේ අදහස වි තිබේ. පුනරුත්ථාපනය වන කාලයේ දී බොහෝ දේ ඉගෙන ගත් බවත් හමුදාව සහ රජය තමන්ට හොඳින් සැලකූ බවත් ඔවුහු කියති. තම ජීවිතයේ සුන්දරතම කාලය පුනරුත්ථාපන කඳවුරේ ගත කළ කාලය බව ද පවසන ඔවුහු රටට වැඩදායී රැකියාවක නිරතවීමේ අපේක්ෂාවෙන් පසුවෙති.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳ පුරවෙසියෙක් වෙන්න(නු)
හරිම සන්තෝෂයි. ජය වේවා! (නි)
අපේ දකුණු පළාතට ආපු ඔහෙලව අපි බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා! ඔබලාට ජයෙන් ජයම වේවා! කරපු මෝඩකම් අත්හැරලා තමන්ටත් විශේෂයෙන්ම රටටත් වැඩදායි පුරවැසියෝ හැටියට ජීවත්වෙන්න ශක්තිය,දිරිය හා වාසනාව ලැබෙන්නෙයි කියලා හදවතින්ම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. නංගියේ,මල්ලියේ,අක්කේ,අයියේ, ඔබලාට ජය වේවා! (නි)
මේ රටේ ඉන්න වැඩි දෙනෙක් ලංකාවට ආවේ උතුරු ඉන්දියාවෙන්.මේ ලියන මමත් එහෙමයි.ඇවිල්ලා මේ රටේ හිටපු සිංහලයන්ට අනුගත වෙලා සිංහල බස පිළිගෙන මේ රටේ හිටියා මිසක් වෙනම රටක් ඉල්ලන්න ගියේ නැහැ. නමුත් ඔය දෙමල බස කතාකරන අය එදා සොලී රට,අද තමිල්නාඩුවෙන් මෙහෙ ඇවිල්ලා දෙමල බසම කතා කරමින් වෙන රාජ්ජයක් හදන්න එදත හැදුවා,අදත් හදනවා. ඉතින් මේ ගොල්ලන්ට හොඳ කියන අය ටිකක් කල්පනා කරන්න. සමහරවිට මට බනීවි ජාතිවාදියි කියලා. (නි)
නංගී, මල්ලි දකුණේ ප්‍රධාන අමාත්‍ය තුමා දැක්කහම දේශපාලනය කරන්න හිතෙන්නේ නැද්ද? (නදී)
එක්සත්ව එක්සිත්ව අපේ රට ගොඩනගමු. එක මවකගේ දරුවන් වී අවංකව හිතින් සහෝදරයන් ලෙස අප කටයුතු කළොත් කිසිම බලවේගයකට අපිව පරද්දන්නට බැරිවේවි. ජය ශ්‍රී.. ජය ශ්‍රී... (නි)
ඔව් ඉතින් කොටි නිල ඇදපු උදවියට රතු ටී ෂර්ට් එකත් කළු කලිසමත් අන්දලා, යාන වාහන, අහාර පාන දීලා , දකුණට එක් කරගෙන යනකොට ඕනෑම ප්‍රචන්ඩ පුද්ගලයෙක් ඇතුලත මොනවා තිබුනත්, සුභ වාදීව කතා කරන්න දක්ෂයි.(නදී)
ජයවේවා! (නි)
පස්සේ මතක් වුනේ, මේ කතාව ජයලලිතාට හා කරුණානිධිට පෙන්නුවානම් හොන්යි හිස් මොලේ පැදෙන්න. (නදී)
අනේ මොකද කවුරුත් ආණ්ඩුවට බැනලා ලියන්නේ නැද්ද.(නදී)
අපි සියල්ලු දෙනාම ලංකා වාසීන් මේ වගේ විස්තර දැනගැනීමට ත් දැකගනිමටත් ලැබෙන එක ගැන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි.
සාදරයෙන් පිළිගනිමු..!! මොවුන්ට සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන පෙන්වන අතරේ ලංකාවේ අනික් අයවත් පුනරුත්තාපනයෙන් සංස්කෘතිය රකින්නට වැඩපිළිවෙලක් සැකසුවොත් තවත් හොදයි. මොකද මොවුන්ව නිදහස් කරන සමාජය වල වැදීම තුල මොවුන් යලිත් නොමගට යාමේ හැකියාව වැඩිය. (නු)
තමුන්නාන්සේලාට දෙය්යන්ගේ පිහිටයි. හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න දිවිය සවිය ලැබේවායි පතමි. (ස)
ලොව කිසිම මෙවන් වූ කණ්ඩායම් වලට , නොලබපු පළමුව ජීවිත දානයත්,දෙවැනිව නිවැරදි පුනරුතපනයත් නිසා ඔබ ලැබූ මහගු අවස්ථාව අපතේ නොහරින්න .උපන් බිමට ආදරය කරන්න ,කළහි ගුණ දක්වන්න . ඔබලාට වාසනාවන්ත අනගතයක් (නු)
අහිංසක මිනිස්සු..(ස)
අපුරු චායාරුප ටික. (ස)
නියමයිනේ.. (ස)
නියමයිනේ.. (ස)
ජාතිවාදී වැඩ නැතුව මේවා තමා වෙන්න ඕන...(ස)
දකුණට සාදරයෙන් පිළිගනිමු... ! (ස)
දෙවියන් වහන්සේට ස්තුතිවෙවා, මෙකෛ අපෙරටටට අවශ්‍ය සමගිය, ලෝකේ කිසිම රටක් මේවිදියට තම සතුරාට සලකල නැත. මොකද බටහිර ලෝකේ ඇස් අන්ධවෙලා තියෙන්නේ ? (ස)
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා එඩිතර හොද පූංචි පුතෙක් ලක් මැනිට නැති වුනා. (නු)
සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා එඩිතර හොද පූංචි පුතෙක් ලක් මැනිට නැති වුනා. (නු)