IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


උත්සව සමයේ බිත්තර හිඟයක් නෑ

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )

එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම්  බිත්තර මිලදී  ගැනීමේ හැකියාව තිබෙන බවත්  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක මහතා පවසයි  .

රජය මගින් පනවා තිබෙන පාලන මිලටත් අඩුවෙන් උත්සව සමයේදී පාරිභෝගිකයන් හට බිත්තර මිලදී ගැනීමට හැකි වන බවත් කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක මහතා කියා සිටී  .

විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන  කේක් යනාදී සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන බව පවසන ඔහු එහෙත් එළඹෙන සතියෙන් පසු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාවන බවත් කියා සිටියේය  .

මේ වන විට රට පුරා සියලු  කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදු වෙමින් පවතින බවත් තව
මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන් සදහා බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය  .

එසේම මේ වන විට බිත්තර හිගයක් ඇති බව මවාපාමින් බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන සරත් අත්තනායක මහතා එසේ බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ තම නිවසේ   කුකුලෙක් වත් නොමැති පුද්ගලයන් බව ද  වැඩිදුරටත් පැවසීය  . 



අදහස් (1)

උත්සව සමයේ බිත්තර හිඟයක් නෑ

LGPJ Wednesday, 07 December 2022 06:33 AM

No lac of eggs but prices had gone up.!!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 100 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 604 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 586 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1045 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 785 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1768 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site