IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


උද්දිකගේ රංගනය අතේ පත්තු වෙයිද?

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය.

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු නොවීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළේය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවද තල්දුව මහතා ප්‍රකාශ කළේය.

එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ මන්ත්‍රීවරයා හොඳින් දන්නා අය විදිහට එම ප්‍රහාරය සැලසුම් සහගතව කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ ගැන විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි

සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බවටද තොරතුරු හෙළි වී ඇතැයි පැවසූ තල්දුව මහතා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

තම ගිනි අවිය වෙනත් අයෙකුගේ යටතට පත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු කීවේය.

සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවද පොලිසිය පවසයි.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමෙන් පසු ඔහු විදේශගත වූයේය.

 



අදහස් (16)

උද්දිකගේ රංගනය අතේ පත්තු වෙයිද?

රංබොඩ Thursday, 13 June 2024 09:05 PM

උද්දික පොඩි රඟපෑමක් කරලා වෙනත් රටකට ගිහින් දේශපාලන රැකවරණ යටතේ පදිංචි ය ගන්න උත්සහා කරනව වෙන්න පුලුවන් . අපරාදේ තමන්ගේ මව්බිමේ තිබුණ තැන එයාට ලෝකෙ කොහෙන් ගන්නද ? මිනිසුන් මොනවාද හොයාගෙන වෙනත් රටවල් වලට යනවා. ඒක මුලාවක් විතරයි. රස්සාවක් කරන්න යන එක වෙනම දෙයක්.

:       1       9

මැක්ස් Thursday, 13 June 2024 10:22 PM

අනුරාධපුරයේ අහිංසක ජනතාව රැවටීමට කලින් මේක ගේම දුන්නේ විමල් වීරවංසට. රංගනයේ නාමයෙන් ඊලගට රවටුවේ ජයන්ත චන්ද්‍රසිරි. ඊටත් පස්සේ තමයි කැනඩා රජයට බොරුව දැම්මේ. ඒ රට නම් ඉතින් මෙහෙන් යන ඕන බේගල් කාරයකුට (විශේෂයෙන්ම කොටි හිතවාදීන්ට) තෝතැන්න නිසා උද්දික වැනි කෙප්පයකුට වුවත් ගැලපෙන රටකි.

:       0       4

අරවින්ද මොනරවිල Thursday, 13 June 2024 10:27 PM

දෙන්නම ලංකාවෙන් පැනලා යනතුරු බලාගෙන ඉදලා පොලිස් පෙත්තප්පු දැන් දොඩවනවා, මොංගල්ලන්ත පොලිසිය ඇරුණාම රටේ බොහෝ දෙනෙක් සැක කෙරුවා මේක උද්දිකගේ ගේමක් කියලා. අවිහිංසක මිනිහෙක් අල්ලා ගෙන උගේ ඇට කුඩු කරනවා ඇරෙන්න මොංගල්ලන්ත පොලිසියට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

:       1       10

Muthu Thursday, 13 June 2024 11:14 PM

මේක ඇතුලේ තියෙන දියවන්නා කතාව අප්පිරියයි......මොකද පුංචි ළමයි හිටන් මේ නිව්ස් අහනවා...බලනවා......සමාජය කුණු වෙන්න පටන් ගන්නේ මෙතනින්........ඕක ඇතුලේ ඉන්න සේරම 100% ඔය වගේ.....එක එක එලියට එනවා....ඩයනා ගේ දිගුවේ ....ඊළඟ එක තමයි මේ.....

:       0       6

Shashika519 Friday, 14 June 2024 12:02 AM

මේ අපේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්. අපි මෙයාව ආරක්ෂා කරගන්න ඕනි. වහාම පරීක්ෂණ නවත්වන්න

:       1       5

kotiya Friday, 14 June 2024 03:23 AM

ඕක තමයි උද්ධික කියන්නේ හැම නළුවාටම නාට්‍ය අධ්‍යක්ශනයයි, තිර පිටපත් ලිවීමයි කරන්න බෑ කියලා.

:       0       7

sam Friday, 14 June 2024 06:28 AM

පසුගිය සැප්තැම්බර් මාසයේදී වුණු සිද්ධිය විමර්ශණය කරලා වැරැදිකාරයෝ හොයන්න හදන්නේ මාස 07කට පස්සේ. එතකොට අශ්වයා පැනලා ගිහිල්ලා, දැන් ඉතින් ඉස්තාලය ළඟ පොලිසිය මුරට දාපල්ලා...

:       1       3

Namali Friday, 14 June 2024 06:32 AM

පොහෙට්ටුව කියන්නේ තනිකරම කටු ගහක්... ඉතින් ඒ ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ.

:       1       7

Lalla Friday, 14 June 2024 07:36 AM

බොරුවෙන් රටම මුලාකළ පොහොට්ටුවන්ගේ තවත් මෝඩ වික්‍රමයක්. ලජ්ජාව නැතිකමට මොන උත්තරයක් වත් අදාලද?

:       1       17

Santu Friday, 14 June 2024 07:57 AM

මෙයාත් හොඳ කයියනායක කෙනෙක් විතරයි, දන්නෝ දනිති.

:       0       18

suranjana Friday, 14 June 2024 08:02 AM

මේක රංගනයක් කියලා ඔය ආරංචිය එනකොටම ඕනෑම තර්කානුකුල කෙනෙකුට තේරෙනවනේ. අපේ මෝඩ මිනිස්සු මේ වගේ අයවනේ තෝරාගන්නේ තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතාකරන්න..

:       0       20

හරිස්චන්ද්‍ර Friday, 14 June 2024 08:06 AM

මොවුන්ට නම් නිසි දඬුවම් දෙන්න ඕනේ. ඡන්දේ දීපු මිනිසුනේ දෙපාරක් හිතන්න වෙනවා මේ වගේ වංචාකාරයන්ට ඡන්දෙ දෙනකොට...!

:       0       21

Nimal Friday, 14 June 2024 08:09 AM

මව්බිම වෙනුවෙන් කැපවෙමි

:       0       10

Bunny Preena Friday, 14 June 2024 09:21 AM

කොහොමත් ඉතින් හොදම නලුවෝ ටික ඉන්නේ විධායක සභා පාර්ලිමේන්තුවේ තමයි

:       0       23

සෙනෙවිරත්න Friday, 14 June 2024 02:17 PM

මිනිහා දේශපාලන තර්ජන තියෙනවා කියලා පෙන්නලා වීසා අනුමත කරගන්න ඇති. ඒකට තමයි මේ නාට්‍ය , රටේ වෙන දේවල හැටියට තානාපති කාර්යාල ඕවා විශ්වාස කරාවි. නමුත් මේක එළි වුණොත් ආපහු පටවලා එවාවි...

:       0       18

wimal Friday, 14 June 2024 03:06 PM

අනුරාධපුරේ නම කෑවා, ඡන්දෙ දුන්නු අය අනාථයි..., අන්තිමට වුණේ අපේ මිනිස්සු මෝඩයන්ට අන්දවපු එක. කොහොමත් හැමෝම දන්නවා පළමු දවස්වලම එයා කෙරුව බොරුව... පොඩ්ඩක් හරි ගරුත්වයක් තිබුණා නම් ඒකත් නැතිව ගියා. මේ ඔක්කෝම කරලා තියෙන්නේ කැනඩා වීසා ගන්න. ඒකට එයාටම තමයි ප්‍රශ්නයක් වෙන්නේ... කැනඩා එම්බසියෙන් හොඳයි. අන්තිමට විමල්ගේ අනුරාධපුරේ කොල්ලත් රටෙනුත් පැනලා ගියා...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 120 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 66 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 189 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 389 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 202 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 610 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site