කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම්වලින් මැණික් ඉල්ලම් සොරකම් කළැයි සැකපිට රිමාන්ඞ් භාරයේ සිටි අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිගේ ආරක්‍ෂක දෙදෙනා ඇතුළු පස්දෙනෙක් තිස්සමහාරාම ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ආරක්‍ෂක රැකවලූන් වන බිබිලේ මැදගම එච්.එම්. විජේකෝන් බණ්ඩාර, බදුල්ල රජවීදියේ ඞී.එම්. කරුණාරත්න, ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ මුරකරු මොනරාගල හුලංදාවේ කේ.ජී. දයානන්ද. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රියැදුරු වික‍්‍රමආරච්චිගේ ලෙනාඞ් හා බුත්තල පිහිල්ලේ ආර්.බී.ජී. චාමින්ද එසේ ඇප ලැබූවෝ වෙති. ජුලි 17 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත් ඔවුනට නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd