අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යන ‘ගලසීන උදානය‘ නම් සැනකෙලියේ සංවිධායක යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු හතර දෙනකුට බ්‍රහස්පතින්දා (31) අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද (30) නොතීසි නිකුත් කළේය. එම විදුහල් ක්‍රීඩා පිටියේ සැනකෙලිය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරු මේ නියෝගය දුන්හ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ආනන්ද කුලරත්න, දුමින්ද දිසානායකගේ ලේකම් නන්දන ලොකුබරණ, අනුරාධපුර ස්වර්ණපාලි පාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. වාසල ට නොතීසි නිකුත් කෙරිණි. අධිකරණ නියෝගය ෆැක්ස්, දුරකතන, පිස්කල් මගින් සීඝ්‍රගාමී තැපෑලෙන් හෝ නොපමාව ඔවුනට ලබා දිය හැකි වෙනත් ක්‍රමයක් ඇත්නම් බාර දෙන ලෙස අධිකරණ රෙජිස්ටාර්ට නියෝග කළේය. ඔවුන් අධිකරණයට නොපැමිණියහොත් ස්වර්ණපාලි බාලිකා විදුහල ක්‍රීඩාංගනයට ඇතුළුවීම සහ එහි සැනකෙළියක් පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් පැනවීමට සිදුවන බවද විනිසුරුවරු ප්‍රකාශ කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි ආසියාවේ ආශ්චර්‍ය.
නීතිය හමුවේ හැමෝම සමානයි. යුක්තියට හිස නැමිය යුතුයි.
කුමාරි ඔයා හරියටම හරි..ජය වේවා !
වැඩේ නම් පංකාදු 5. ලොකු ලොකු දේවල් යට ගහන්න දන පොඩි සෙල්ලමක් වෙන්න පුළුවන්. ජය වේවා!
මේක අනුරාධපුරයේ වාර්ෂිකව පවත්වන උත්සවයක් . සමහරු මේකට කැමති නෑ. ඒකයි ගැටලුව.
පූජනීය නගරයේ සුරාසොඬුන් පතුරවන්න එපා...
නාහේ බලාගෙනයි...
එයාට ස්ථාන මාරුවක් ලැබෙයිද ??
මුල ,මැද , අග ගැලපෙනවා මේ ලංකාව නේ............
ඔය සැණකෙළි මිනී මරා ගන්න හොද තැනක් තමයි
ඕවත් ප්‍රශ්නද ?කැලේ අලි දළ පිටින් මැරෙන්නේ...
මේක තමයි ආසියාවේ ආශ්චර්‍ය..
ඇත්තටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවානම් කොච්චර හොදද? මෙන්න මේ වගේ තීරණ තමයි රටට වැදගත් වෙන්නේ
දිනුෂී, සුභාෂීණී, ගැහැණු වුනත් සත්‍යය එඩිතරව ප්‍රකාශ කිරීමට තරම් කොන්ද කෙළින් තිබූ ඔය සහෝදරියන් දෙදෙනාට මගේ හෘදයාංගම ආචාරය පුද කරමි.
සිල් සමාදන්වීම කෙසේ වෙතත් ගාණක් හොයාගන්න තිබුණු අවස්ථාව ..
98%ක්ම මෙහේ ප්‍රශ්න වලට මුල ඔය දේශපාලනේ තමයි
ගරු සංගමයේ සභා පතිට බුදු සරණයි!
කමෝන්. සුභ අනාගතයක්!
ලංකාවේ දේශපාලනයේ නිරුවතයි මේ....
මම කිවුවේ බොරුද? දේශපාලකයෙක් නොගෑවී වැසිකිළියකට වත් යන්න බැරි තරමට අද දේශපාලනය ගද ගහනවා
ගජ සිහ උදානය???
පොසොන් එක තියෙන්නේ එක එක්කෙනාට සැනෙකලි කරන්න නෙමෙයි.පොසොන් එක කියන්නේ ආගමික උත්සවයක්
ඔහොම යන්