උපාධීධාරී ගුරුවරුන් බස්නාහිර පළාතේ පාසල්වලට බඳවා ගැනීමේ විභාගයේ ලකුණු 106ට වැඩි ප්‍රමාණයක් ගත් උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදා පත්වීම් දෙන බවට පොරොන්දු වී තිබියදී එතෙක් ස්වේච්ඡාවෙන් සේවය කරන ලෙස පළාත් අධ්‍යාපන බලධරයන් දන්වා ඇති බවත්, කිසිදු වැටුපක් නොගෙවා මාස තුනක් පමණ එලෙස ඔවුන්ගෙන් වැඩ ගැනීම නීති විරෝධී බවත් ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ස්වේච්ඡාවෙන් වැඩ නොකළොත් පත්වීම් නොලැබෙන බවට ඇතැම් උපාධිධාරීන් බියකින් සිටින බවයි. පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ ගුරුවරුන්ට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නැයි කීවේ ඔවුන්ට අත්දැකීමක් හා පළපුරුද්දක් ලබා ගැනීමට බවයි. ස්වේච්ඡාවෙන් සේවය කළත් නැතත් කඩඉම් ලකුණෙන් ඉහළ උපාධිධාරීන්ට අනිවාර්යෙන්ම ගුරු පත්වීම් දෙන බව ද ඕ කීවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
රස්සවා ඕනෑ නම් ඔහොමම ඉවසලා තව ටිකක් ඉන්න. (නි)
ඔය දෙන්නේ කලා උපාධිධරින්ට. ඒගොල්ලන්ට 106 කඩඉම් ලකුණු. එහෙත් ගණිතය -130, විද්‍යාව- 136, තොරතුරු තාක්ෂණය -125, වාණිජ 138 විතර. එතකොට මේ අයට මොකද වෙන්නෙ? (නි)