අඩි එකහමාරක නයකුගේ වල්ගය පැත්තෙන් වැඩි කොටසක් ගිල මිනිත්තු තුන හතරකට පසු එළියට ගන්නා ත්‍රාස ජනක ක්‍රීඩකයෙක් පැල්මඩුල්ලේ සිටී.
බටලන්දේ සුනිල් ශාන්ත මේ නයා ගිල දැමුවේ ඔහුගේ මිතුරකු නයාගේ හිසෙන් අල්ලාගෙන සිටියදීය.
විස්මිත ක්‍රීඩාවලට උපන් හපන්කම් දක්වන සුනිල් මුහුනේ කොකු ගසාගෙන මීට කලින් ලොරියක් හා මෝටර් රථයක් ඇද්දේය. නයි පැටියකු නාසයෙන් ඇතුළු කර කටින් පිටට ගත්තේය.
ත්‍රාස ජනක ක්‍රීඩා සමාජයක් ආරම්භ කිරීම ඔහුගේ අරමුණයි.
එළියට ගත් නයා ඔහු අසළ කැලෑවකට මුදා හළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත ගැන මෙපමණ අවධානයක් යොමුවුණේ මෙයා අමුතු වැඩක් කළ නිසයි නේද ? (නි)
අහක යන නයි දැන් කටෙත් දාගන්නවා. (නි)
මෙයා ගිය ආත්මේ කබරයෙක් වෙන්න ඇති (නි)
අයියෝ පිස්සුද? ඇයි මේ මිනිස්සුන්ට මරණයට අත නොවනා ඉන්නම බැරි? (නි)
දොස්තරලට හොයන්න බැරි ලෙඩ හැදෙයි. (ත)
ශාන්ත මල්ලී,ඔය එක එක්කෙනා කියන දේවල් ගණන් ගන්න එපා. කව්රුවත් නොකරපු දෙයක් ඔබ කරන්නේ. ප්‍රථමයෙන් නයා ගිල්ලා.දෙවනුව පොලගුන් ගිලින්න.ඊළඟට පිඹුරන් ගිලින්න. උත්සාහය අත් හරින්න එපා. ඔබට ජය. (ත)
මේ කෙනා ගැන ඔච්චර තමා. ඕක කාන්තාවක් කළා නම් කොහොමද? (ත)
නයි අරින රටේ නයි ගිලින එකත් නරක නැහැ (නි)
නයාට හදිසියේ බඩ ගියොත් නම් විනාශයි. (නි)
පිස්ස්සු නැත්නම් හොදයි. පොඩි දරුවෝ බලාගන ඉදලා සර්පයෝ කවා ගනීවි කියලා හිතෙනවා. මෝඩ වැඩක්. (නි)
දරිද්‍රතාවයෙන් පෙළෙනා මිනිසාට රැකියා නැති වු විට කුමක් හෝ ක්‍රමවේධයක් සොයාගෙන ඒ තුලින් ප්‍රසිද්ධියට පත්වී සමාජගතවීම අද බහුලව දකින්න තිබෙන්නා වු දෙයක්. ඒ තුලින් සමාජයටත් තමාටත් ඇතිවන ප්‍රතිඵලයේ අයහපත් පැත්ත නොබලා කටයුතු කිරීම කණගාටුවට කරුණක්. (නි)
මහත්තයෝ, ඔය අහිංසක සත්තු අතෑරලා වෙන මොනවහරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න බලන්න. (නි)
මේ මනුස්සයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)
සුනිල්, කාටත් කරන්න බැරී දෙයක් කරන එක විස්මිත දෙයක් තමා. හැබැයි මේවා කවුරුත් අනුමත කරන්නෙත් නැහැ නේද ? ඒක හින්දා යහපත් දෙයක් සමාජයට ගැළපෙන දෙයක් කරමුද ? (නි)
වැඩේ හොද නරක ගැන නොව මේ පුද්ගලයගේ බය නැතිකම ගැන හොයන්න (නි)
මෙච්චර කල් අපි අහලා තිබුනේ නයි අරිනවා කියලානේ. නයි ගිලින අයත් ඔය ඉන්නේ (නි)
මොහු ලබාගෙන තිබෙන සාර්ථකත්වය පසුබිමෙන්ම විද්‍යමාන වෙනවා නේද? (නි)
රොෂාන් හරි. (නි)
කව්ද අර වඩාගෙන ඉන්න ලොකු බබා. (ස)
කරන්න වෙන වැඩක් තිබුනෙම නැද්ද ප්‍රසිද්ද වෙන්න.(ස)
නියමයි, ත්‍රාසජනක ක්‍රීඩා සමාජ තමයි අපට දැන් නැත්තේ. හාස්‍යජනක ක්‍රීඩා සමාජ නම් බොහෝයි. (නි)
සාර්ථකත්වයට කෙටි මාර්ග සොයන මෙවැනි හරසුන් ක්‍රියා වලට ආවැඩීම පවා මානසික දුබලතාවයකි. බතල නටුවක් හිටවන මිනිසා මොහුට වඩා වීරයෙකි. (නි)
ආසියාවේ ආශ්චර්යය... (නි)
නියමයි (නි)
වීරකමක් වෙන්නේ ගෝනුස්සෙක් වලිගෙ පැත්තෙන් ගිල්ලා නම්. ඕවා සත්ව හිංසා. (නි)
දැන් දැන් ලංකාවේ ඉන්න බෞද්ධයෝ මේවගේ වැඩ කරලා හරි ප්‍රසිද්ධ වෙන්න බලන්නේ. පව්කාර මිනිස්සු. මේකට නඩු දන්නේ නැද්ද ? අර කෙල්ලෙක් නාගයෙක් ලග තියාගෙන හිටියට නඩු දැම්මා. මේකා නයෙක් ගිලිනවා. එතකොට මේක සත්ව හිංසාව නෙමෙයිද? (නි)
මෙන්න ගිනස් පොතට යන්න ඕනා මිනිස්සු.(නදී)
ප්‍රෙව්සම් වන්න නයි නළගනට වුන දේ දන්නවනේ.(නදී)
මේ වගේ දේවල් මනුස්සකමට හොද මදි. සතුන්ගෙන් වැඩ ගන්න කාලයට වඩා දැන් දියුණු රටක් ලංකාව. රැකියාවක් නැත්නම් කුලීවැඩක් කරන්න. එහෙමත් බැරිනම් සිගාකන්න. සතුන්ට හිරිහැර කරන්න එපා. කැළයට මුදා හරින්න. (නි)
මේවා ළමයි පුරුදු උනොත් විනාසයි. සීනි එක්ක ගනුදෙනු හොද නැහැ ළමයෝ.(නදී)
දැන් මේ ලෝකේ මිනිස්සුන්ට (ඔක්කොටම නෙමේ) 80% ආගම දහම පිරිහිලා තියෙන්නේ මේ යන්නේ කොයිබටදෝ.(නදී)
මෙවැනි දේවල් පොඩි ළමයිට පෙන්නන එක හරි නැ කියල මටනම් හිතෙන්නේ.(නදී)
එම්බාම් කරන රස්සාව මීට වැඩිය හොඳයි.(නදී)
ඔයිට වඩා හොඳ විනෝදාංශයක් නැද්ද දැන්නැහැ ....(නදී)
ලංකාවේ දෙසපලුවෝ ගිලින්නේ නැතුවම නයි පැට්ටෝ කී දෙනෙක් නම් එලියට දානවද ?(නදී)
කොයි වෙලාවක හරි නයා නළලට දෂ්ට කරලා සෙට්ට පෝච්චි උනා කියල ලංකාදීප ඔන් ලයින් එකේ දාවි .(නදී)
බලාගෙන දැක්ක නේද අර චීනට මොකද උනේ කියලා..ආදා වගේ නෙවේ නයා...(ස)
සත්ව හිංසනය ..අනික වැඩකට නැති වැඩ, මොකක්ද මේකෙන් සමාජයට ලැබෙන සෙතේ.(ස)
කෙසේ හෝ ඔබට ඉතාලි එන්න පුළුවන් නම්, ඔබට සශ්‍රීක අනාගතයක් මෙහි ඇති බව මට පෙනේ.(ස)
ඕව හරිම භයානක වැඩ. (ස)
ඔන්න නයි ටිකත් දැන් යයි ජිනීවා (නි)
මේවා තේරුමක් නැති වැරදි ආදර්ශ දරුවන්ට දෙන විකාර වැඩ. (නි)
මෙන්න නියම මිනිහෙක්. වැඩ කාරයෙක්.(නදී)
අහිංසකයො අනේ! මේවට උඩගෙඩි දෙන්න එපා,පව්.(නදී)
මේවට බනින්න එපා ලෝකයේ අමුතු වැඩකාරයේ ඉන්නවා.(නදී)
මෙ මිනිහට පිස්සුද කොහෙද? ඕක අර නලගනට දුන්නම හරිනේ.(නදී)
වැඩකට නැති වැඩ නවත්තල ප්‍රයෝජනවත් පැලයක් හිටුවන්න ඔය කාලයේදී.(නදී)
මේවා දැකලා අපේ පොඩි පැටවුන්ටත් හිතෙයිද දන්නේ නැහැ අත්හදා බලන්න පොඩි අහර කුක්කෙක් වත් අල්ලාගන්න.(නදී)
අං ගිලපු මිනිස්සු ඉන්න රටක මේකත් කජ්ජක්ද කියල මම අහන්නේ නැහැ. කරන දෙයක් පරිස්සමින් පුතේ. නමුත් වඩා හොඳ නයාව ඔලුව පැත්තෙන් ගිල්ලනම් තමා.(නදී)
මල්ලී, වැඩි සෙල්ලම් එපා. අඩුම දඩය 25,000/=. වඳ වී ගෙන එන සත්ව හිංසාවට. (නි)
හිතවත් සුනිල් මාමේ පිටිගලවත් එකතු කරගෙන නයි සමාගමක් පටන් ගන්න. එයත් ඔබටම ගෑලපෙනවා (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
මේ වගේ වැඩ වලට ලංකාවේ මිනිස්සු බය, සාම්ප්‍රදායිකව සිතන නිසයි (නි)
අනේ මේ මිනිහට වෙන කරන්න වැඩ නැද්ද? මේවා ත්‍රාසජනක වැඩ නෙමෙයි, මම නම් කියන්නේ මේවා මෝඩ වැඩ. (නි)
නයි නළගන වගේ රටේ අවධානය ගන්න කරන වැඩක් ද ? (නි)
ලසන්ත, කහවත්තේ ඉන්නේ මාර අය නේද?(නදී)
නයි ගිලිනකම් මන්දන්නේ නැහැ. නයි අරින අය නම් හැමතැනම ඉන්නවා.(නදී)
මේවා හොද නැහැ .(නදී)
ඕන කබරයෙකුට ඕක කරන්න පුළුවන්.(නදී)
කබරයෙකුට පුළුවන් වුනාට මිනිසුන්ට අමාරු වැඩක් පෙරේරා මහක්තයෝ.(නදී)