IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උරගයන් ගිල එළියට ගනී

අඩි එකහමාරක නයකුගේ වල්ගය පැත්තෙන් වැඩි කොටසක් ගිල මිනිත්තු තුන හතරකට පසු එළියට ගන්නා ත්‍රාස ජනක ක්‍රීඩකයෙක් පැල්මඩුල්ලේ සිටී.

බටලන්දේ සුනිල් ශාන්ත මේ නයා ගිල දැමුවේ ඔහුගේ මිතුරකු නයාගේ හිසෙන් අල්ලාගෙන සිටියදීය.

විස්මිත ක්‍රීඩාවලට උපන් හපන්කම් දක්වන සුනිල් මුහුනේ කොකු ගසාගෙන මීට කලින් ලොරියක් හා මෝටර් රථයක් ඇද්දේය. නයි පැටියකු නාසයෙන් ඇතුළු කර කටින් පිටට ගත්තේය.

ත්‍රාස ජනක ක්‍රීඩා සමාජයක් ආරම්භ කිරීම ඔහුගේ අරමුණයි.

එළියට ගත් නයා ඔහු අසළ කැලෑවකට මුදා හළේය.



අදහස් (0)

උරගයන් ගිල එළියට ගනී

රෝහිත Tuesday, 07 May 2013 08:29 PM

අයියෝ පිස්සුද? ඇයි මේ මිනිස්සුන්ට මරණයට අත නොවනා ඉන්නම බැරි? (නි)

:       0       0

සුනිල් Tuesday, 07 May 2013 08:52 PM

දොස්තරලට හොයන්න බැරි ලෙඩ හැදෙයි. (ත)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 May 2013 12:40 PM

මෙන්න ගිනස් පොතට යන්න ඕනා මිනිස්සු.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 May 2013 12:43 PM

ප්‍රෙව්සම් වන්න නයි නළගනට වුන දේ දන්නවනේ.(නදී)

:       0       0

චින්තන ෆෙර්ණන්දෝ Wednesday, 08 May 2013 11:04 AM

ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 09:15 PM

ශාන්ත මල්ලී,ඔය එක එක්කෙනා කියන දේවල් ගණන් ගන්න එපා. කව්රුවත් නොකරපු දෙයක් ඔබ කරන්නේ. ප්‍රථමයෙන් නයා ගිල්ලා.දෙවනුව පොලගුන් ගිලින්න.ඊළඟට පිඹුරන් ගිලින්න. උත්සාහය අත්‍ හරින්න එපා. ඔබට ජය. (ත)

:       0       0

අප්පුහාමි Tuesday, 07 May 2013 09:35 PM

මේ කෙනා ගැන ඔච්චර තමා. ඕක කාන්තාවක් කළා නම් කොහොමද? (ත)

:       0       0

සම්පත් Tuesday, 14 May 2013 09:03 AM

මේවා ළමයි පුරුදු උනොත් විනාසයි. සීනි එක්ක ගනුදෙනු හොද නැහැ ළමයෝ.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 13 May 2013 12:21 AM

මේ වගේ දේවල් මනුස්සකමට හොද මදි. සතුන්ගෙන් වැඩ ගන්න කාලයට වඩා දැන් දියුණු රටක් ලංකාව. රැකියාවක් නැත්නම් කුලීවැඩක් කරන්න. එහෙමත් බැරිනම් සිගාකන්න. සතුන්ට හිරිහැර කරන්න එපා. කැළයට මුදා හරින්න. (නි)

:       0       0

සුගත් Tuesday, 07 May 2013 10:46 PM

නයි අරින රටේ නයි ගිලින එකත් නරක නැහැ (නි)

:       0       0

ලලිත් Tuesday, 07 May 2013 11:06 PM

නයාට හදිසියේ බඩ ගියොත් නම් විනාශයි. (නි)

:       0       0

මිනෝලි Saturday, 11 May 2013 10:48 AM

දැන් දැන් ලංකාවේ ඉන්න බෞද්ධයෝ මේවගේ වැඩ කරලා හරි ප්‍රසිද්ධ වෙන්න බලන්නේ. පව්කාර මිනිස්සු. මේකට නඩු දන්නේ නැද්ද ? අර කෙල්ලෙක් නාගයෙක් ලග තියාගෙන හිටියට නඩු දැම්මා. මේකා නයෙක් ගිලිනවා. එතකොට මේක සත්ව හිංසාව නෙමෙයිද? (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 12:18 AM

පිස්ස්සු නැත්නම් හොදයි. පොඩි දරුවෝ බලාගන ඉදලා සර්පයෝ කවා ගනීවි කියලා හිතෙනවා. මෝඩ වැඩක්. (නි)

:       0       0

සදුන් කල්ප Wednesday, 08 May 2013 12:18 PM

නියමයි (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 08 May 2013 12:20 AM

දරිද්‍රතාවයෙන් පෙළෙනා මිනිසාට රැකියා නැති වු විට කුමක් හෝ ක්‍රමවේධයක් සොයාගෙන ඒ තුලින් ප්‍රසිද්ධියට පත්වී සමාජගතවීම අද බහුලව දකින්න තිබෙන්නා වු දෙයක්. ඒ තුලින් සමාජයටත් තමාටත් ඇතිවන ප්‍රතිඵලයේ අයහපත් පැත්ත නොබලා කටයුතු කිරීම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

අනුර Tuesday, 07 May 2013 04:21 PM

මෙ මිනිහට පිස්සුද කොහෙද? ඕක අර නලගනට දුන්නම හරිනේ.(නදී)

:       0       0

ජීවන් Tuesday, 07 May 2013 04:27 PM

මෙවැනි දේවල් පොඩි ළමයිට පෙන්නන එක හරි නැ කියල මටනම් හිතෙන්නේ.(නදී)

:       0       0

සදරුවන් Tuesday, 07 May 2013 04:28 PM

එම්බාම් කරන රස්සාව මීට වැඩිය හොඳයි.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 07 May 2013 04:30 PM

ඔයිට වඩා හොඳ විනෝදාංශයක් නැද්ද දැන්නැහැ ....(නදී)

:       0       0

ලන්කා Tuesday, 07 May 2013 04:32 PM

ලංකාවේ දෙසපලුවෝ ගිලින්නේ නැතුවම නයි පැට්ටෝ කී දෙනෙක් නම් එලියට දානවද ?(නදී)

:       0       0

වරුණ Tuesday, 07 May 2013 04:33 PM

කොයි වෙලාවක හරි නයා නළලට දෂ්ට කරලා සෙට්ට පෝච්චි උනා කියල ලංකාදීප ඔන් ලයින් එකේ දාවි .(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 07 May 2013 04:34 PM

බලාගෙන දැක්ක නේද අර චීනට මොකද උනේ කියලා..ආදා වගේ නෙවේ නයා...(ස)

:       0       0

සන්ජීව Tuesday, 07 May 2013 04:39 PM

සත්ව හිංසනය ..අනික වැඩකට නැති වැඩ, මොකක්ද මේකෙන් සමාජයට ලැබෙන සෙතේ.(ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 May 2013 04:44 PM

කෙසේ හෝ ඔබට ඉතාලි එන්න පුළුවන් නම්, ඔබට සශ්‍රීක අනාගතයක් මෙහි ඇති බව මට පෙනේ.(ස)

:       0       0

විජේසිංහ Tuesday, 07 May 2013 04:48 PM

ඕව හරිම භයානක වැඩ. (ස)

:       0       0

රුවිනි Wednesday, 08 May 2013 05:30 AM

මහත්තයෝ, ඔය අහිංසක සත්තු අතෑරලා වෙන මොනවහරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න බලන්න. (නි)

:       0       0

නන්දන Wednesday, 08 May 2013 05:43 AM

මේ මනුස්සයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

කමල් Tuesday, 07 May 2013 05:15 PM

ඔන්න නයි ටිකත් දැන් යයි ජිනීවා (නි)

:       0       0

ජනක Tuesday, 07 May 2013 05:15 PM

මේවා තේරුමක් නැති වැරදි ආදර්ශ දරුවන්ට දෙන විකාර වැඩ. (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 08 May 2013 06:51 AM

සුනිල්, කාටත් කරන්න බැරී දෙයක් කරන එක විස්මිත දෙයක් තමා. හැබැයි මේවා කවුරුත් අනුමත කරන්නෙත් නැහැ නේද ? ඒක හින්දා යහපත් දෙයක් සමාජයට ගැළපෙන දෙයක් කරමුද ? (නි)

:       0       0

ගයන්ත Tuesday, 07 May 2013 05:26 PM

මෙන්න නියම මිනිහෙක්. වැඩ කාරයෙක්.(නදී)

:       0       0

ධම්ම Tuesday, 07 May 2013 05:32 PM

අහිංසකයො අනේ! මේවට උඩගෙඩි දෙන්න එපා,පව්.(නදී)

:       0       0

ඉරෝකා Wednesday, 08 May 2013 07:35 AM

වැඩේ හොද නරක ගැන නොව මේ පුද්ගලයගේ බය නැතිකම ගැන හොයන්න (නි)

:       0       0

නිරෝෂන Tuesday, 07 May 2013 05:34 PM

මේවට බනින්න එපා ලෝකයේ අමුතු වැඩකාරයේ ඉන්නවා.(නදී)

:       0       0

ශිරෂ් Tuesday, 07 May 2013 05:36 PM

දැන් මේ ලෝකේ මිනිස්සුන්ට (ඔක්කොටම නෙමේ) 80% ආගම දහම පිරිහිලා තියෙන්නේ මේ යන්නේ කොයිබටදෝ.(නදී)

:       0       0

සුරේකා Wednesday, 08 May 2013 07:37 AM

මේ පුවත ගැන මෙපමණ අවධානයක් යොමුවුණේ මෙයා අමුතු වැඩක් කළ නිසයි නේද ? (නි)

:       0       0

ආනන්ද Tuesday, 07 May 2013 05:39 PM

වැඩකට නැති වැඩ නවත්තල ප්‍රයෝජනවත් පැලයක් හිටුවන්න ඔය කාලයේදී.(නදී)

:       0       0

ලංකාසිරි Wednesday, 08 May 2013 02:56 PM

වීරකමක් වෙන්නේ ගෝනුස්සෙක් වලිගෙ පැත්තෙන් ගිල්ලා නම්. ඕවා සත්ව හිංසා. (නි)

:       0       0

රොෂාන් Wednesday, 08 May 2013 08:28 AM

මොහු ලබාගෙන තිබෙන සාර්ථකත්වය පසුබිමෙන්ම විද්‍යමාන වෙනවා නේද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 May 2013 08:44 AM

රොෂාන් හරි. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 06:28 PM

මේවා දැකලා අපේ පොඩි පැටවුන්ටත් හිතෙයිද දන්නේ නැහැ අත්හදා බලන්න පොඩි අහර කුක්කෙක් වත් අල්ලාගන්න.(නදී)

:       0       0

රූමි Tuesday, 07 May 2013 06:30 PM

අං ගිලපු මිනිස්සු ඉන්න රටක මේකත් කජ්ජක්ද කියල මම අහන්නේ නැහැ. කරන දෙයක් පරිස්සමින් පුතේ. නමුත් වඩා හොඳ නයාව ඔලුව පැත්තෙන් ගිල්ලනම් තමා.(නදී)

:       0       0

සන්ජීව Wednesday, 08 May 2013 09:16 AM

කව්ද අර වඩාගෙන ඉන්න ලොකු බබා. (ස)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 06:33 PM

මල්ලී, වැඩි සෙල්ලම් එපා. අඩුම දඩය 25,000/=. වඳ වී ගෙන එන සත්ව හිංසාවට. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:42 PM

හිතවත් සුනිල් මාමේ පිටිගලවත් එකතු කරගෙන නයි සමාගමක් පටන් ගන්න. එයත් ඔබටම ගෑලපෙනවා (නි)

:       0       0

නිලූ Wednesday, 08 May 2013 09:34 AM

කරන්න වෙන වැඩක් තිබුනෙම නැද්ද ප්‍රසිද්ද වෙන්න.(ස)

:       0       0

රකිත් Wednesday, 08 May 2013 09:53 AM

නියමයි, ත්‍රාසජනක ක්‍රීඩා සමාජ තමයි අපට දැන් නැත්තේ. හාස්‍යජනක ක්‍රීඩා සමාජ නම් බොහෝයි. (නි)

:       0       0

කමල් Tuesday, 07 May 2013 07:11 PM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

ගයන්ත Tuesday, 07 May 2013 07:13 PM

මේ වගේ වැඩ වලට ලංකාවේ මිනිස්සු බය, සාම්ප්‍රදායිකව සිතන නිසයි (නි)

:       0       0

ගාමිණී Tuesday, 07 May 2013 07:15 PM

අනේ මේ මිනිහට වෙන කරන්න වැඩ නැද්ද? මේවා ත්‍රාසජනක වැඩ නෙමෙයි, මම නම් කියන්නේ මේවා මෝඩ වැඩ. (නි)

:       0       0

ඉරෝකා Tuesday, 07 May 2013 07:16 PM

නයි නළගන වගේ රටේ අවධානය ගන්න කරන වැඩක් ද ? (නි)

:       0       0

නලීන් Wednesday, 08 May 2013 10:03 AM

සාර්ථකත්වයට කෙටි මාර්ග සොයන මෙවැනි හරසුන් ක්‍රියා වලට ආවැඩීම පවා මානසික දුබලතාවයකි. බතල නටුවක් හිටවන මිනිසා මොහුට වඩා වීරයෙකි. (නි)

:       0       0

සදුන් Tuesday, 07 May 2013 07:19 PM

ලසන්ත, කහවත්තේ ඉන්නේ මාර අය නේද?(නදී)

:       0       0

මික්‍රයා Tuesday, 07 May 2013 07:19 PM

නයි ගිලිනකම් මන්දන්නේ නැහැ. නයි අරින අය නම් හැමතැනම ඉන්නවා.(නදී)

:       0       0

රුවන් Tuesday, 07 May 2013 07:21 PM

මේවා හොද නැහැ .(නදී)

:       0       0

පෙරේරා Tuesday, 07 May 2013 07:21 PM

ඕන කබරයෙකුට ඕක කරන්න පුළුවන්.(නදී)

:       0       0

නිමල් Tuesday, 07 May 2013 07:31 PM

කබරයෙකුට පුළුවන් වුනාට මිනිසුන්ට අමාරු වැඩක් පෙරේරා මහක්තයෝ.(නදී)

:       0       0

ධම්මික Tuesday, 07 May 2013 08:15 PM

මෙච්චර කල් අපි අහලා තිබුනේ නයි අරිනවා කියලානේ. නයි ගිලින අයත් ඔය ඉන්නේ (නි)

:       0       0

ධම්මිකා Tuesday, 07 May 2013 08:22 PM

අහක යන නයි දැන් කටෙත් දාගන්නවා. (නි)

:       0       0

සෑම් Tuesday, 07 May 2013 08:24 PM

මෙයා ගිය ආත්මේ කබරයෙක් වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 186 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1044 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 284 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 168 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 372 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 955 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site