IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස්  පොලිස් ස්ථානය වෙත රැගෙන විත්  නිල ඇඳුම  පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා  හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා  යොමු කිරීමට කටයුතු කර ඇත.

යක්කල පොලිස් වසමේ  නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා  පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව  නිලධාරීන් කණ්ඩායමක්  එම ස්ථානය වෙත යවා එහි රැඳී  සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.



අදහස් (12)

උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින්

Ajantha Chandrasiri Wednesday, 13 March 2024 07:39 AM

යුක්තිය ඉටු කරමු

:       4       15

පියල් Wednesday, 13 March 2024 07:46 AM

මේකේ ඇති වැරැද්ද මොකද්ද? ඔහු ගොස් ඇත්තේ සේවා කාලයේදීද?

:       9       26

Kamal Wednesday, 13 March 2024 08:50 AM

ඉතින් ඒක නීතියට සදාචාරයට අනුකූල නැද්ද? මේක මාර වැඩක්. සදාචාරයයි නීතියයි සංස්කෘතියයි ඔක්කොම පටලවාගෙන වැඩ කරනව. සදාචාරය කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ. නීතිය මොකක්ද කියල දන්නෙත් නෑ. ඒ හින්ද ටීවී එකේ පත්තර වල යන සංස්කෘතියට එකඟ අදාල නැති වැඩ පොලිසිය කරනව. සංස්කෘතියට එකඟ හින්ද පාරේ ඕන ඕන විදියට වාහන යන එක අවුලක් නෑ. හැබැයි ස්පා ගිහින් වැඩට යන එක සංස්කෘතියට එකඟ නැති වැඩේ අවුල්.

:       6       20

Bokaa Wednesday, 13 March 2024 10:34 AM

ඉතින් ඇතුලෙදි හිටියෙ නිල ඇඳුමෙන් නෙමෙයිනෙ?

:       1       28

රට වැසියා Wednesday, 13 March 2024 12:02 PM

මේ රටේ තියෙන්නේ අරුම පුදුම නීති - ස්පා එකකට යන එකත් මහා-අපරාධයක්, නිල ඇඳුම ඇඳගෙන වෛද්‍ය ප්‍රතිකාර හෝ සාමාන්‍ය ශාරිරික අවශ්‍යතාවයක් ඉටු කරගැනීම අපරාධයක්ද? පොලිසිය හිතන්නේ මේවා "යුක්තිය" ඉටු කිරීම කියලාද? - අබුද්දස්ස ක‍ාලේ ලබුත් තිත්තයි කීවා වගේ..!

:       7       21

Senarath Wednesday, 13 March 2024 12:23 PM

ඒ නිලධාරියා නිල ඇඳුමින් යන්න ඇත්තේ පෝලිමේ නොසිට විශේෂ වරප්‍රසාද යටතේ සේවය ලබාගන්න වෙන්න ඇති...

:       4       22

Lakmal Wednesday, 13 March 2024 12:24 PM

යුනිෆෝම් ඇදන් යන්නත් බැරිද? ස්පා යන එක වැරැදිනම් ඒක නීතියෙන් තහනම් කරන්න. මේ වගේ ගොන්පාට් නොකර. මේ වගේ දේවල් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැනුවත් විය යුතුයි...!

:       8       20

නිහාල් Wednesday, 13 March 2024 02:27 PM

නිල ඇඳුමක් නැතුව ලොරි රියැදුරකුට වෙඩි තබා මරා දැමූ පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නාද?

:       0       9

පිටිගල මිලානෝ Wednesday, 13 March 2024 03:42 PM

නෝනා සුපර්මාකට් එකට බස්සලා බඩු ගන්න අල්ල පනල්ලේ ස්පාවලට රිංගලා සැපක් ගන්න මහත්තුරු හරියට ඉන්නවා...

:       3       4

Rohana Wednesday, 13 March 2024 09:52 PM

කවුද වැරැදි ස්පා එකද පොලිස් නිලධාරියද? එහෙනම් ස්පාවලට අනුමැතිය දෙන්නේ මොකටද? මෙතැන සැවොම නිවැරැදි කරුවන්ය...

:       0       0

සමන්ත Wednesday, 13 March 2024 10:14 PM

එයා පිනට රිංගන්න ඇත්තේ නිල ඇඳුමින්... හොද වැඩේ...

:       0       0

ප්‍රසන්න Thursday, 14 March 2024 03:19 AM

මෙතන තර්කෙ බලන්න. මේ ස්පා එකේ වසමේ පොලිසිය දන්නවා ඒ ස්පා එකේ නිතියානුකුල දේවල් වෙන්නේ නෑ කියල. අනිවාර්යයෙන් පොලිසියත් එක්ක එකතුවෙලා කරන්නේ. ස්පා හිමියා කලබල වෙන්න ඇති පොලිස් ඇදුමෙන් ආපු එක ගැන. ඒ නිසා තමන්ගේ වසමේ පොලිසියට කියල. ඒ පොලිසියත් තමන්ගේ ජාවාරම් වලට පිට පොලිසි ඇවිල්ල බලපෑම් කරනවට කැමති නැති නිසා එයාව අල්ලලා. ඒ ස්පා එකේ වෙන්නේ නිතියානුකුල දේවල් කියල වසමේ පොලිසිය දන්නවනම් පොලිස් නිල ඇදුමෙන් නෙවේ සිවුරක් දාගෙන ආවත් කලබල වෙන්න අවශ්‍යතාවක් නෑ නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 930 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 692 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9566 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2540 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3927 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 6114 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site