ගම්පහ නැදුන්ගමුවේ ඌරුවල අක්කර පහක පමණ පවත්වාගෙන ගියා විශාල ඌරු කොටුවක් වසා දමන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද නියෝග කළේය.
මෙම ඌරු කොටුවේ ඌරන් පන් දහසක් පමණ සිටින බවත්, අවට ගම්මානවල වැසියන්ගේ සෞඛ්‍යට අහිතකර ලෙස එය පවත්වාගෙන යන බවත් රම්මුතුගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ එම් එස් කේ බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න එන්න තැනක් නැති වුණා කියල, කන්න බොන්න නැති වුණා කියල, උරෝ පට්ටි පිටින් පාරවල් වහල, අධිකරණය ඉදිරියේ ඌරු විරෝධතා පවත්වන්නත් පුළුවන්.තුන්මුල්ල පැත්තෙන් යන එන අය පරිස්සම් වුණොත් ඇඟට ගුණයි ! (ම)
උෟරු කොටුව උෟරුවල නැතිව වෙන කොහේ හදන්නද, මිනිස්සු මොකටද ඒ කිට්ටුව ගෙවල් හදාගත්තේ. (බ)
මේක වෙන ජනශූන්‍ය පැත්තකට ගෙනියන්න බැරිද? (නි)
ඉතින් මේ රට දියුණු කරගන්නේ කොහොමද? (නි)
ඔය ඌරු කොටුවේ කී දෙනකුට රැකියා අවස්ථා ලැබෙන්න ඇද්ද? රට තවත් මේකෙන් පස්සට යනවා (නි)
වටේ සිටි අයට නාස් වහගන්න නාස් ආවරණ දුන්නා නම් ඉවරනේ. අපරාදේ රටේ ආර්ථිකය තවත් කඩා වැටෙනවා (නි)
හරිම හිනා යනවා අපිට නම් මේවට (නි)
මේ තියෙන ව්‍යාපාර ටික වහලා දාන්නේ නැතුව, ඔවුන්ට එය නිවැරදි ආකාරයට කරගෙන යන්න උපදෙස් දෙන්න. ව්‍යාපාරයක් වහන එක එතරම් පහසු නැහැ. (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය විරෝධතාවය දක්වන්න එන්න අදහසක් තිබෙනවද? (බ)
කොහොමත් දැන් ඌරොත් දගලනව වැඩියි තමයි.. හැම ඌරටම යනඑනමන් නැතිවෙයි ළගදිම පේන විදියට..(බ)
එ්ක දැන් වෙන පැත්තක පටන්ගනීවි (නි)
මෙවන් තීරණ වලට අපේ හදපිරි ආචාරය! (නි)
කුඹුරු වැඩ කිරීමත් සෞඛ්‍යයට අගුණයි නේද? හරක් ඇති කිරීම ආදියත් ලංකාවේ තහනම් කළයුතු වේ (නි)
දරුණු පීඩාවකින් මහජනයා බේරාගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ට ස්තූතියි! (නි)
ඌරෝ විතරක් තහනම් කරලා බැහැ. හරක්, එළුවෝ, කුකුළෝ ඇතිකිරීමත් එහෙනම් තහනම් කළයුතුයි. (නි)
ඔහොම ගියාම, හරක්, මී හරක්, බල්ලන්, බළලුන් ඇති කිරීමත්, කුඹුරු වැඩ කිරීමත් සියල්ලම ලංකාවෙන් තහනම් කරන්න සිදුවේවි. මෙහෙම පුදුම රටක්! ඌරු කොටුව සුද්ද කරලා තියාගත්තා නම් ඉවරනේ. දත් මදින්නේ නැහැ කියලා කටවල් සිමෙන්ති දාලා වහලා හරියනවද? (නි)