එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙන ආ යෝජනාව අද (10) සභාවේදී සම්මත විය.
ඒ අනුව ඉරිදා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා කාලයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බවත් පාසල් සිසුන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම එහි අරමුණ බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජනප්‍රිය වෙන්න කරන දෙයක්. දහම් අධ්‍යාපනය නංවන්න ඕන නම් දහම් පාසල් වලට ඩෙස් බංකු, පෙළපොත්, ගුරුවරු දෙන්න ඕන. සල්ලි තියෙන අය ගෙදරට ගෙනැල්ලා ටියුෂන් ගන්නවා. නැත්නම් කොළඹ යනවා. ඒක ඔය යෝජනාවෙන් නවත්වන්න බෑනේ. ඉරිදා උදේ ළමයි දහම් පාසැල් නොයා ගෙදර ඉඳන් පාඩම් කළොත් ගෙදර ඉන්න එකත් තහනම් කරනවද? (බ)
වැඩේ නම් හොඳයි...! ජනතා බදුමුදලින් වැටුප් දීමනා ලබාගන්නා අධ්‍යාපන අධ්‍යක්ෂකලා, විදුහල්පති, ගුරුවරුන් රාජකාරී කැපවීමේ දර්ශකයක් තමයි මින් පෙන්නුම් කෙරෙන්නේ..! ඕක ඌවෙන් නොවී බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පටන්ගත්තොත් නම් කොපමණ විරෝධයක් ඒවිද..? මේ පියවරෙන් රිදෙන,වදින පාර්ශවයන්ගෙන්..! (නි)
මොන හොඳ වැඩේ කරන්න ගියත් කුණු කුණු ගාන කට්ටිය ඉන්නවා. රට සිංහල ජාතිය ගැන හිතලා ගත්ත තීරණයට මගේ උත්තමාචාරය (නි)
ඉරිදාට ටියුෂන් තහනම් කළයුතුයි. පාසලේ අධ්‍යාපනය පමණක් ඇති. මේක රට පුරාම කරන්න. සල්ලි තියන එකා ගෙදරට ගෙන්නලා උගන්නාගත්තටත් ඉරිදා උදේ ළමයි දහම් පාසැල් නොයවා ගෙදර ඉඳන් පාඩම් කළොත් කමක් නැහැ. මොකද මේ තීරණය ඒගොල්ලන්ට අයිති නැහැ. මේක සමස්ත බෞද්ධයා වෙනුවෙන් ගත් තීරණයක්. සතිය පුරාවටම පන්ති කරලා ඉරිදා දහම් පාසල් යන ඒක කොච්චර හොඳද? (නි)
මේ මොනවා කළත් සල්ලි තියන එකා ගෙදරට ගෙන්නලා උගන්නාගනී. දුප්පත් ළමයි අමාරුවේ වැටෙනවා මේකෙන් (නි)
මමත් දහම් පාසල් ගුරුවරයෙක්. අපිටත් තියන ලොකුම ගැටළුවක් මේ. දහම් පාසල් අවසන් ශ්‍රේණියේ ළමයි ඇත්තේම නැහැ. බස්නාහිර පළාත් වලත් ක්‍රියාත්මක කළොත් ලොකු පිනක් (නි)
දහම් අධ්‍යාපනය නෙමෙයි, පොඩි කාලේ ඉඳලම ළමයින්ගේ හැදියාව හදන්න වැඩපිළිවෙළක් ගේන්න (නි)
එතා හොද වැඩක් දියුනු රටවල මේ තරම් දරුවන්ට වැඩ දෙන්නේ නෑ දරුවන්ගේ ළමා කාලය ටිෂුන් කාරයන් වෙළද පලක් කරගෙන උපකරක් පන්ති පැවැත්වීම ගෙන තව නීති රීති ගෙන එක හොඳයි නැතිනම් ටිෂන් කාරයන්ටම රට යනවා(අ)
මේක මෝඩ වැඩක් ... දැන් දුපත් ළමයින්ට පන්ති යන්න නැහ. ඉතින් පන්ති යන්නේ ඉස්කෝලේ හරියට උගන්න්වනේ නැති නිසා. දහම් අධ්‍යාපනය නංවන්න ඕන නම් එකත් ඉස්කෝලෙම කළාම ඉවරයිනේ. (අ)
සෙනසුරාදා, ඉරිදා දෙකම තහනම් කරන්න. රටට වැඩ කරන්නනේ දෙසපලකයෝ එන්නේ. ඒ දරුවන්ට ආදර්ශමත් වෙන්න ඒ අයත් එක්ක ආගමික කටයුතු හා සමාජ සත්කාර කරන්න. (අ)
ඔහොම යමු. ස්තූතියි ඔබට. අනිත් ප්‍රධාන ඇමතිවරුත් ආදර්ශයට ගත්තොත් හොඳයි . තව පළාත් 08 යි . ඉරිදා වගේම පෝය දවසටත් තහනම් කරන්න ඕන..(බ)
ඉතා හොඳ වැඩක්. ඇත්තටම දහම් පාසල් යන ළමයින්ගේ කැපීපෙනන හැදියාවක් තියනවා. රටේ අනාගතය සදාචාරසම්පන්න කරන්න මීට වඩා හොඳ වැඩක් නම් හිතාගන්නවත් බැහැ. චාමර මැතිතුමාට මේ වැඩේ කරන්න පුළුවන් වුණොත් රටටම ආදර්ශයක්. හොඳ ආරම්භයක්. (නි)
මුළු දිව යිනම ඉරිදා දවසම පලමු පන්තියේ සිට 11 වන පන්තිය දක්වාම සියලු උපකාරක් පන්ති සහ පාසල්වල පත්වනු ලබන උත්සව සහ අමතර ක්‍රියාකාරකම් නැවැත්වීම ඉතා සුදුසයි (බ)
සෑම වෙනසක්ම ඌවේ අපෙන් තමයි .ගොඩක් හොඳ වෙඩක්. (අ)
මමත් දහම්පාසල් ගුරුවරයෙක් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඉරිදා දවස්වල ළමයින්ට දල තියෙන උපකාරක පන්ති බස්නාහිර පළාත තුලත් මේ දේ කරලා දෙන්න ලොකු පිනක් (අ)
අති විශිෂ්ඨයි (අ)
ටියුෂන් තහනම් කල යුතුයි. පාසලේ අධ්‍යාපනය පමණක් ඇති හරියට ගුරුවරුයි ළමයිනුයි එකතුවෙලා කරනවානම්. (අ)
රටපුරා මෙය සිදු කළ යුතුයි (අ)
ගුණ දහම් කියන්නේ නීති පනවලා බලෙන් පොවන්න පුළුවන් දෙයක් නොවේ. තම දරුවන් දහම් පාසල් නොයවන මව්පියන් මේ හේතුව නිසා දහම් පාසල් යවාවි කියලා හිතනවානම් ඒක මෝඩ කමක්."පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්" "" උගේ ගතිය ඌ නාරී මැරූවත්"" කියන කවිය මේකට ගැලපෙනවා . (අ)
ඉතා හොඳ වැඩක්. අහන්නත් සතුටුයි. (නි)
බැරිද මේක අනිත් පැතිවලත් කරන්න (නි)
ඉතා හොඳ වැඩක්. (නි)