IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


එ.ජා.පෙ.ජනපති අපේක්ෂක සජිත් බව ස්ථිරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය.

එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වීමට නියමිතය.



අදහස් (36)

එ.ජා.පෙ.ජනපති අපේක්ෂක සජිත් බව ස්ථිරයි

waruna Thursday, 26 September 2019 08:26 AM

මෙතෙක් එජාපයට පාවිච්චි කළ නිර්පාක්ෂික අපගේ ඡන්දය ඔහුට කිසිවිටක හිමි නොවේ.

:       0       0

Purawasiya Thursday, 26 September 2019 08:29 AM

මෙවැන්නෙකුට රටක නායකත්වය ලැබීමත් භයානකයි.

:       0       0

චන්න Thursday, 26 September 2019 08:33 AM

නමුත් දිනන්න අමාරුවෙනවා. ලොක්කා කරපු පිස්සු වැඩ වලට...

:       0       0

chamara Thursday, 26 September 2019 08:34 AM

එජාපයේ අපට අත්දැකීම් බහුල නායකත්වයක් තිබියදී, ඒ වගේම උගත්අය රැසක් සිටියදී සාපෙළ අසමත් අයෙකුට යටවීම අපරාධයක්..

:       0       0

Uditha - London Thursday, 26 September 2019 08:34 AM

එතකොට රනිල් මහත්තයාගේ කොන්දේසි වලට යටත් ද? එහෙම කොන්දේසි වලට යටත් නැද්ද? රනිල් මහත්තයට තියෙන්නේ බලය ගන්න.. තමන්ගේ දේශපාලන ජීවිතේ කිසිම දවසක ජනාධිපති පුටුවේ ඉඳගන්න බැරිවුණා.. මෙදා සැරේ තමයි තියන එකම චාන්ස් එක... එ්කටත් හෙනහුරා පාත්වුණා වගේ සජිත් ආවා.. දැන් කරකියා ගන්න විදිහක් නැහැ. ඕක තමා සත්‍ය...

:       0       0

ranjith Thursday, 26 September 2019 08:38 AM

සජිත් මහතාත් අපේක්ෂකත්වය ගත්තේ එතුමාගේ සදාදරණීය පියාණන් වගේ බලෙන් . පියා පසු කාලෙක පක්ෂය ඇතුලේ සියලුම නායකයන් කපා දැමීමට කටයුතු කළා. අගමැතිකමට කව්රුවත් දන්නේ නැති අයෙක් දැම්මා.

:       1022       4108

senaThursday, 26 September 2019 10:26 AM

මම නම් ඡන්දේ දාන්නේ නැහැ. ඔයාලත් දාන්න එපා. අපිට හොදට මතකයි පහුගිය ප්‍රේමදාස යුගය.

:       79       195

RAVINDU Thursday, 26 September 2019 08:44 AM

අපේ අනාගත ජනාධිතිපතිතුමනි ඔබට අපේ සුභ පැතුම්.

:       2659       1312

GobbayaThursday, 26 September 2019 10:06 AM

2035 දී.........

:       7       205

HemanthaThursday, 26 September 2019 10:39 AM

නමට ගැලපෙන කොමෙන්ට් එක.

:       0       0

Prabha Thursday, 26 September 2019 10:50 AM

පිනට කන්න බලන් ඉන්න අයගේ සිහින කුමරු...

:       0       1

ධනා Thursday, 26 September 2019 08:52 AM

ගමන සුබයි ජය නියතයි... බයියන් කපෝතියි..

:       0       0

කපිල Thursday, 26 September 2019 08:59 AM

රජයේ තියෙන සොච්චම් අරමුදලත් මහජනයාට නිකන් බෙදලා ගෙවල් හදලා, රටේ ආර්ථිකය වල පල්ලටම දමන්න තමයි යන්නේ. ඊට අමතරව රිෂාඩ්, TNA සහය අරගෙන ඒ අයගේ සියලු අවශ්‍යතා ඉටුකරන්නත් වෙනවා. කරු ආවා නම් මීට වැඩිය හොඳයි.

:       0       0

Sanath Kandy Thursday, 26 September 2019 09:01 AM

සජිත්ට එජාප පාක්ෂිකයන්ගේ ඡන්ද 100% ක් ආකර්ෂණය කරගත හැකිය. ගෝඨාට පොහොට්ටුවේ ඡන්ද 100% ආකර්ෂණය කර ගත හැකිය. එහෙත් මේ දෙදෙනාටම මධ්‍යස්ත මතධාරී උගත් හා දේශපාලන අවබෝධයකින් ඡන්දය දෙන නිර්පාක්ෂික ඡන්ද ආකර්ෂණය කරගැනීමට නොහැකිය. ඒ නිර්පාක්ෂික ඡන්ද මෙවර නිවැරදි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන විකල්ප අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක වෙනුවෙන් පාවිච්චි වෙනු ඇත.

:       0       0

sirimal Thursday, 26 September 2019 09:06 AM

සජිත්ට අපේක්ෂත්වය ලබාගැනීමට කියන ඕනෑම කොන්දේසියකට එකඟවීමට අමාරු නැත. එසේවන්නේ ඒ කොන්දේසි ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ ජයග්‍රහණයෙන් පසුව වෙන නිසාය. සජිත්ට කිසිදාක දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙන්නේ නැත. ගෝඨාභයට ඇති ඡන්ද පදනම සුළුකොට තැකීම මෝඩකමකි. හතර ගාතෙන් වැටී යනඑන මඟක් නැතුව සිටි එජාපය ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසු යලි පණ ගසා නැගිට ගත්තේය. නමුත් රනිල් ඇතුළු කණ්ඩායම එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැත. එජාපයේ කරුමය එයයි. දැන් ජවිපෙ තනිව තරඟ වදින නිසාත් ප්‍රභල විකල්ප අපේක්ෂකයින් ඉදිරිපත්වන නිසාත් කාගේ හෝ ජයග්‍රහණය තීන්දු වෙන්නේ ශ්‍රීලනිපයේ ඡන්ද සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද මතය. මේනිසා දෙමළ සහ පාවෙන ඡන්ද නොලැබෙන නිසා සජිත්ට දැන් ඇති එකම පිහිට ශ්‍රීලනිපය පමණි. එහෙයින් සජිත්ට අද අපේක්ෂකත්වය ලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ ඔහු ජනපති සමඟ සන්ධානගත වීමටද බැරි නැත. මේ සියලු දෙනා එකතුව රනිල්ගේ දේශපාලන ගමන හමාර කර දැමීමට ගන්නා උත්සාහය තුලින් ඇත්තටම සිදු කරන්නේ එජාපය වැනි ඓතිහාසික පක්ෂයක් වලපල්ලට ඇදගෙන යාමයි.

:       0       0

sam Thursday, 26 September 2019 09:06 AM

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව ස්ථිරයි. ඒ කියන්නේ එතුමා අපේක්ෂක බව මිසක් ජනාධිපතිකම ලබා නොගැනීමත් ස්ථිරයි කියන එක නේද?

:       0       0

thilakasiri Thursday, 26 September 2019 09:09 AM

සජිත් ජනපති අපේක්ෂකයා කළාට ඔහුගේ මතුගම කතාව හා ඔහුගේ බිරිඳගේ ආර්යා කතාව නිසා රණසිංහ ප්‍රේමදාස යුගයක් නැවත අනවශ්‍යයි කියමින් සජිත්ට ඡන්දය නොදීමට පාක්ෂිකයින්ම සැරසෙමින් සිටයි. හරින්ලා සජිත්ලා රටේ මහජනතාවට එතරම් වටිනා මිනිසුන් නොවන බව දැනගන්න ලැබෙයි බලාගෙන ඉන්න.

:       0       0

wimal Thursday, 26 September 2019 09:15 AM

අපරාදේ වියදම දුප්පත් අයට දුන්නා නම්, මොකද ඉතින් දැන් බොරු කියලා දිනපු කාලය අවසන්...

:       0       0

Ranbanda Thursday, 26 September 2019 09:21 AM

සිංහල ජාතියෙන් වැඳලා ඉල්ලන්නේ මේ පාරනම් බෙදන්න එපා.. බදුර්දීන්, හකීම් දෙමළ සන්ධානය ඉන්නේ මොන පැත්තේද, ඒ පැත්තට ඡන්දෙ දෙන්න එපා.. යුඑන්පී එක මේ කරන්නේ තනිකරම රඟපෑමක්. අද මිනිස්සුන්ට බෝම්බ අමතක වෙලා. සජිත්ද, රනිල්ද කියන එක උඩට දාලා පහුගිය අවුරුදු 4 තිස්සේ කරපුවා අමතක කරවලා. තව දෙයක් ගෝඨාභය ආවොත් මිලිටරි පාලනයක් කියලා තමන් තරම් කවුරුවත් නැහැ කියපු පල්ලේවත්ත, නාගානන්දලා අද ගේන්න යන්නේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක.. ඒ කරන්නෙත් සිංහල ඡන්ද කඩන එක විතරයි.. කවුරුවත් 100% නිවැරදි නැහැ.. ඒත් මේ වෙලාවෙ සුළු ජාතීන් හුරතල් කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න එපා

:       0       0

ranga Thursday, 26 September 2019 09:21 AM

පියාගේ අඩිපාරේ යන පුතු...

:       0       0

රවින් Thursday, 26 September 2019 09:26 AM

දැන් වෙලාව පස්වරු 2.45 යි. මේ අපි කියවන්නේ පස්වරු 3 ට රැස්වෙනවා යයි කියන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණද? මේ දවස්වල මෙම ප්‍රකාශකගේ පියාණන් ඉස්පිරිතාලෙද? මතකනේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කියූ කතාව...

:       0       0

Ferando Thursday, 26 September 2019 09:55 AM

අවසන් මොහොතේ පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනස් කරන බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබේ.

:       254       167

Hafeel Thursday, 26 September 2019 12:05 PM

එහෙමනම් ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වෙලා නෑනේ.....

:       71       29

යාපා Thursday, 26 September 2019 10:07 AM

එක්කෙනෙක් ජනාධිිපති වෙලා රටම කෑවා.දැන් වෙන කෙනෙක් ඉතුරු ටිකත් කන්න ඡන්දේ ඉල්ලනවා.වෙලාවට මෙයාට දිනන්න බෑ.ඒ නිසා කලබල වියයුතු නෑ.නැත්තන් හදිසියෙන්වත් දිනන්නවත් සම්භාවිතාවයක් තිබ්බනම් රට විනාශයි.

:       16       202

Lahiru Thursday, 26 September 2019 10:24 AM

අපිට යු.එන්.පි.යේ ඉගෙන ගත්ත දැක්මක් තියෙන කොච්චර මිනිස්සු ඉන්නවද මෙයාට වඩා. ඇයි බැරි වෙන කෙනෙක් දාන්න? පෙට්ටි පෙට්ටි ගෙවල් ගැහුවට මේ මනුස්සයා රටක් ගොඩනගන්න හරි යන්නේ නෑ. විකාර කන්සෙප්ට් තියෙන මිනිහෙක්. දැක්මක් නෑ. තාත්තව විකුණන් කරන දේශපලනෙන්ම තේරෙනවා. නා ගත්ත ඇති බුදු අම්මෝ. රෙද්දක් ඇඳන් පාරේ යන්න බෑ පිස්සෙක් ජනාධිපති කරලා.

:       85       519

piyal Thursday, 26 September 2019 10:33 AM

දැන් ඉතින් අපිට පියාගේ කාලේ වගේ වැඩ කරගෙන යන්ට පුළුවන්.

:       8       17

ලුම්බිණි Thursday, 26 September 2019 10:33 AM

තමන් විසින් තමන් ගස් බැඳ ගන්න මිනිසුන් ඉන්න රටක තමන් විසින් තමන්ම ජනාධිපතිකමට තරඟ කරන්න තෝරා ගන්න එක පුදුමයක්ද?

:       7       175

Kamal Thilakasiri Thursday, 26 September 2019 10:35 AM

මෙයත් යන්නේ තාත්තාගේ අඩි පාරේ... වැඩ ඔක්කොම එහෙමයි. බලමු කොච්චර දුර යයිද කියලා

:       0       0

indra Thursday, 26 September 2019 10:37 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි... අායෙත් එන්නේ එකම මුහුණු ටික, ගියවර කීයක්වත් රැස් කර ගන්න බැරි වූ අය තමා සජිත් මහතා වටේ ඉන්නේ..., මේ පාරනම් ජනතාව රවටන්න බෑ.. ජනතාව මෙවර සිතිය යුත්තේ රට ගැනයි... දෙවනුව බඩ.

:       0       0

Lion Thursday, 26 September 2019 10:53 AM

මොහු පොරොන්දු වෙච්ච දේවල් කරන්න පුලුවන්ද? ඊයේ කිව්වා පාසල් ළමුන්ට දිවා ආහාර නොමිලේ දෙනවා කියලා. තව කිව්වා පඩිය 50000 කරනවා කියලා. රණවිරු හැම ගෙදරකටම යනවා කියලා. කිසිම දැක්මක් නැති සිල්ලර බොරු කිය කිය මේ වැඩ කරන්න පුලුවන්ද? මේ දුප්පත් රටට.., මේ නායකයෝද? මෙරට අගාධයටම යනවා. මොනවා වුණත් වැදගත් දෙයක් කියන්නේ අනුර කුමාර විතරයි. මේ තුන්දෙනාගේම කතා අහනකොට මෙය තේරෙනවා. අපි අවුරුදු 70ක් මේ දෙපැත්තට දුන්නා ඇති...

:       0       0

pinsiri Thursday, 26 September 2019 11:04 AM

මෙයා සහන දෙනවලු. කොහොමද දන්නේ නෑ දෙන්නේ. අාදායමක් උපයන විදිහක් ගෙන දැක්මක්නේ. රටේ කෘෂි කර්මාන්ත කඩන් වැටිලා .ඒවා නගා සිටුවන්න දැක්මක් නෑ.

:       6       320

ආන්ජලෝ නුගාරා Thursday, 26 September 2019 11:07 AM

මෙයා ජනාධිපති වුනොත් 2020 ආඩී හත්දෙනාගේ කැද හැළිය වගේ තියෙයි.

:       12       124

wimal Thursday, 26 September 2019 11:08 AM

මෙයාලා මොන ගැට ගැහැව්වත් දිනන්නේ නැහැ. සමහර සුලු ජාතිීන් බලන් ඉන්නවා රට ඉදිරියට නොගෙන යාම සදහා තමුන්ගේ පටු අරමුණ ඉටු කරගන්න හිතාගෙන මෙයාලව දිනවන්න. මේ ගමන හොද පාඩමක් ඉගෙන ගනිී. රටේ දේශද්‍රෝහී 70% උඩින් ගෝඨාභය දිනනවා.

:       356       50

athuraThursday, 26 September 2019 12:20 PM

හීන තිබුනට කෝටියක්.... අතේ නැහැ රුපියලක්......

:       0       33

BamunuarachchiFriday, 27 September 2019 02:25 AM

නොනිදා ඉන්නකෝ... එතකොට හීන පේන්නේ නැහැනේ... හීන දැක්කාමත් උදේ පහ වෙනකොට අැහැරෙන්න ඕනේ නේද?

:       0       0

Bamunuarachchi Friday, 27 September 2019 02:15 AM

හපෝ ඕකත් දෙයක්ද? පොල්පිත්තක් එ.ජා.පෙ. ජනපති අපේක්ෂක හැටියට එවන්නකෝ එ්ත් උඩ පැනලා කරණම් ගහලා එජාපයෝ අනුමත කරාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 391 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 245 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 350 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 276 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1010 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 1257 1

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 351 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site