කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 13කට අධික මුදල් වංචා කිරීමේ සිද්ධියක ඇප ලබා සිටින බොරැල්ලේ පදිංචි දිනේෂ් දර්ශන පොලිස් සැරයන් ආර්. එම් රත්නමලල මහතාට මෙලෙස තර්ජනය කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විමලසේන මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමර්ශන අංශයේ ඉන්න කෙනා බබා....තර්ජනය කරපු ගමන්ම කියලද??
කාපු බීපු වෙලාවට කර ගන්න විහිළු ඇයි මෙච්චර ගණන් ගන්නේ..... (ස.වි)
නඩුකාරඋන්නාන්සේලාට පුළුවං මේවගේ නඩු අහලා තීන්දු දෙන්න විතරද?
ඒක ඇත්ත අලිබබෝ. මේවට නම් පට ගාලා විසදුම් දෙනවා.
මෙහෙමත් අය .... ඕකට කියන්නෙ ඉල්ලං මාමයිට් ගාගන්නවා කියලා..(සවි)
අලි බබාගේ කතාවට මාත් එකඟයි....(සවි)
එක් ස්ථානයක සිදුවන සිද්ධියක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වය පිළිබඳ හුදෙකලාව වෙන් වෙන්ව ගෙන පොදු ජනතාව ලෙස අප කල්පනා නොකළ යුතුය. පොදුවේ අප කල්පනා කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමස්තයක් ලෙස පොදු ජනතාවටත්, රටටත් ඉටු කරන සුවිශේෂී සේවාව පිළිබඳවයි. දැනට දිවයිනේ බහුලව ව්‍යාප්තව යන අපරාධ රැල්ලත් සමඟ එය මැඩ පැවැත්වීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට විරුද්ධව එම අපරාධකරුවන් විසින්ම අති සූක්ෂම මෙහෙයවන කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් වන බව මේ දිනවල විවිධ ජනමාධ්‍යවල පළවන පොලිසියේ නම කැත කරවන පුවත් අනුව පැහැදිලි වන බව පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව සැලකිලිමත්වීම බුද්ධි නිලධාරීන්ගේ වගකීමක් බවද කාරුණිකව සිහිපත් කර දීමට කැමත්තෙමි. එසේම උද්ගතව ඇති මේ තත්වය නිසා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි සේවය කරන නිලධාරීන්හට කුමන අයුරකින් වත් අපහාසයක් සිදුවන ආකාරයේ අදහස් පළ කිරීමෙන් වැළකී කටයුතු කිරීමට ප්‍රවේශම් වන මෙන් මම සමස්ත රට වැසි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !!!
ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව දැනට විද්‍යුත් මාධ්‍යවල පළ වන බොහෝ තොරතුරු නිසා පොලිසිය පිළිබඳව සමස්ත රට වාසීන් තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහයක් දරන බව පෙනී යයි.මෙය රටේ වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට බාධාවකි.එසේම මේ සඳහා දර දිය අදින විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවදිව සිටිය යුතු යැයි සිතමි.එමෙන්ම බොහෝ විට නීතිය අතට ගැනීමට සිදුවීමට හේතුවන කිසිදු පදනමක් නොමැති කටකතා පිළිබඳ අප කල්පනාකාරී විය යුතුය. මෙවැනි අවස්ථාවල අප විසින් තෙවරක් නොව සියවරක්ම සිතා බැලිය යුතුය.