ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 14 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී බඹර බියක් හේතුවෙන් පන්දු රකින්නෝ සහ පිතිකරුවෝ එකවරම බිම දිගා වීමෙන් විනාඩි දෙකක පමණ කාලයක් තරග නතර වී තිබුණි.
ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයෙන් 1000 කට අධික බඹරු රෑනක් පියාඹා යෑම නිසා මෙම බිය ඇති විය. එම බඹරු රෑන ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයේ නැවතීම හේතුවෙන් එම ස්ථානයෙන් පේ‍්‍රක්‍ෂකයන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.
කෙසේ වෙතත් විනාඩි දෙකක පමණ කාලයක් බිම දිගාවී සිටි ක‍්‍රීඩකයෝ නැගිට නැවත තරගය ආරම්භ කළහ.
(ඡයාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹර ප්‍රහාරයක්නමි කමක් නෑ බොදු බල ප්‍රහාරයක්නමි තමයි ප්‍රශ්ණය.(නදී)
අර වේග පන්දු යවන කෙනාව බලන්න එන්න ඇති. එයාට වැඩිය අපිට යමක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න එන්න ඇති. (නි)
මාලිංග හොයාගෙන ආවද දන්නේ නැහැ.(නදී)
අලි ප්‍රශ්න,කුරුළු ප්‍රශ්න,දැන් බඹරු ප්‍රශ්න.(නදී)
හම්බන්තොට ආස්චර්ය.(නදී)
බඹරු නොදුටු මගක් පිපිල ගෙයි මැද සාලේ. (නදී)
මත්තලටත් ඕකම වෙයිද?(නදී)
බඹරෑ?(නදී)
ස්වභාව ධර්මයේ සිදුවීම් අපි කොහොමද නවත්වන්නේ? (නි)
මොනවද අර දිල්ෂාන් බිම ඉන්න කෙනෙකුට කියන්නේ? (නි)
ජාත්‍යන්තර තරඟ වලට මේකත් ඇතුලත්ද (දී)
බඹර නාදේ ඇසෙන මානේ.... (නි)