වසර එකොළහකට පෙර ගොඩකවෙල බලවින්නේ දී එකම පවුලේ හයදෙනකු ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් අධිචෝදනා ලැබ සිටි හය දෙනාගෙන් හතරදෙනෙකු ඊට වරදකරු කළ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔවුනට මරණිය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව බරපතල වැඩසහිත පස් අවුරුදු සිරද`ඩුවමක් බැගින් ද නියම විය.
ගොඩකවෙල පල්ලෙබැද්ද බලවින්නේ පදිංචි කපුගෙදර කංකානම්ලාගේ රෝහාන් ජගත් නිස්සංක (44), කපුගෙදර කංකානමලාගේ ක‍්‍රිෂාන් ප‍්‍රියන්ත (37) නොහොත් චුට්ටා , ගමආරච්චිගේ මහසේන බණ්ඩාර සමරසේකර (30), රණසිංහ මුදියන්සේලාගේ ආනන්‍ද වසන්තකුමාර (36) නොහොත් ජයපාල නොහොත් සේපාල කළුවාට මරණ දඬුවම් නියම විය පළමු සහ දෙවැනි විත්තිකරුවෝ අයියා මලෝය.
අධිකරණය මඟහැර සිටි නිස්සංක හා සමරසේකර අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති වෙත විවෘත වරෙන්තුවක් ද නිකුත් කැරිණි. බ‍්‍රාහ්මණගේ දයාවංශ (46) සහ වික‍්‍රමආරච්චි මුහන්දිරම්ලාගේ උපුල් රණසිංහ (33) යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරණු ලැබූහ. ගොඩකවෙල බලවින්නේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන් වු අබේසිංහ ආරච්චිල්ලාගේ පොඩිමහත්මයා (48), හෙට්ටිආරච්චිගේ රොස්ලින් (74), වස්තුහේවලාගේ සිරියාවතී (44), වස්තුහේවලාගේ දයානන්‍ද (38), අබේසිංහලාගේ ඉ`දුනිල් (19), අබේසිංහලාගේ මධුරා සුරේනි (22) යන එකම පවුලේ මව, පියා, මස්සිනා, ආච්චි සහ දරුවන් 2001 අපේ‍්‍රල් 28 වැනි දින මරා දමන ලදැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ. අබේසිංහගේ චමින්ද (22) දිවි ගලවාගත් අතර ඔහු පැමිණිල්ලේ ඇසින් දුටු එකම සාක්කිකරු විය. දැන් ඔහුගේ වසය අවුරුදු 33කි. පැමිණිල්ලේ මුළු සාක්කි ගණන 34කි. පවුල් ආරවුලින් පසු නිවසින් පිටමංකර සිටි පළමු සහ දෙවැනි විත්තිකරුවන්ගේ මවට මියගිය අබේසිංහලාගේ පොඩිමහත්තයා අය ඔහුගේ නිවසේ රැකවරණ දීම මත තිබු වෛරයක් මෙම ඝාතනවලට හේතුව වු බව අධිකරණයේ දී අනාවරණය විය. පාවහන් දෙකක් ද පොලිස් නිල සුනඛ සහාය ද සැකකැරවන් අල්ලා ගැනීමට උපකාරි විය.
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එකම පවුලේ හයක් මැරූ අයිය මලෝත් පෝරකේට
සසිකා Thursday, 01 March 2012 09:32 PM
දඬුවම සාධාරණයි
අබුඩාබි කොල්ලා Thursday, 01 March 2012 09:33 PM
හොද තීරණයක්. අපි නීතියට ගරු කරනවා..
උපුල් Thursday, 01 March 2012 10:25 PM
මීට කලින් තමි මේ දඩුවම දෙන්න තිබුනේ. අවරුදු 11 බොහොම වැඩි.
අමරා අයිරාගනී Thursday, 01 March 2012 11:19 PM
ඉක්මණට එල්ලුම්ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි..
නිශාන්ත Thursday, 01 March 2012 11:43 PM
ඇයි තවම මරණ දඩුවම දුන්නට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?
බියන්කා Friday, 02 March 2012 12:34 AM
පින්සිද්ධවෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..
අලි ජේමිස් Friday, 02 March 2012 01:52 AM
මරණ දඩුවම විතරක් දීල මදි. එක ක්‍රියාත්මක කරන්නත් ඕන
ශ්‍රියා Friday, 02 March 2012 05:26 AM
අධිකරනය දේශපාලනීකරණය නොකිරීම සතුටක්..
එස් සමරසිංහ Friday, 02 March 2012 08:40 AM
මිනීමරුවන්ට සහ බාල අපරාධකාරයන්ට ඉක්මනටම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන..
සුගත් Friday, 02 March 2012 10:14 AM
අපරාධ අඩුවෙයි කියලද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ?
රොෂාන් කොඩිකාර Friday, 02 March 2012 11:52 AM
ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?
ප්‍රසන්න Friday, 02 March 2012 12:15 PM
කල් ගත්තා වැඩී...
රොෂාන් Friday, 02 March 2012 04:27 PM
දඩුවම් සාධාරණයි
SHAN SAUDI ARABIA Saturday, 03 March 2012 03:33 PM
ඉක්මණට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් අපරාධ අඩුවෙයි ගරු ජනාධිපතිතුමනි, ඇයි ඔබතුමා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? පින්සිද්ධ වෙයි. එල්ලුම් ගහ නැවත ගේන්න..
ජානක වෙල්ලප්පුලි Monday, 05 March 2012 08:55 AM
තිරණය දෙවියන්ට භාරයි