"එකම වහලක් යටින් සියලු රෝග නිවාරණය" යන තේමාව යටතේ කොළඹ මරදාන නොරිස් කැනල් පාරේ ඉදිකෙරුණු දියවැඩියා අන්තරාසර්ඝවේදය සහ හෘද පරිවෘත්තිය මධ්‍යස්ථානය විවෘත කිරිම මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් අද (14) සිදු කැරිණි.
දියවැඩියාව, වකුගඩු රෝග හෘද රෝග, අක්ෂි රෝග,අස්ථී රෝග ඇතුළු සියලුම රෝගී තත්ත්වයන් සඳහා මෙම මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර කැරෙයි.
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ! මෛත්‍රී ට ආප්ප කන්න දීල මහින්දට විරුද්ධව තරඟ නොකරන තත්වයට ගේන්න කරපු අසාර්ථක උත්සාහයත් මහින්ද සංකල්පයක් තමයි. (අ)
ජනපතිතුමනි, දියවැඩියා රෝගීන්ගේ සායනයන්ට මුදල් අයකරන්න එපා. දුප්පත් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. දියුණු රටවල මේ අය සඳහා 100% ක් නොමිලේ ප්‍රතිකාර. (නි)
සත්‍යාට වයර් මාරුවෙලා. ඇත්ත නම්, මහින්ද පටන්ගත් දේ තමා දැන් තමන්ගේ වගේ විවෘත කරන්නේ! (නි)
මෙම ආයතනය පිහිටවලා ටිකක් කල් නේද? අපි මේක ගැන දන්නවා (නි)
ඉස්පිරිතාල තව මදි වෙයි රටේ මිනිසුන්ට දෙන වදවලට. පාර්ලිමේන්තුවේ අයට අවුරුද්දට රුපියල් 500,000 ගෙවල් කුලී දීමනාව. ඔක්කොම එකයි. මහජනයා තලාපෙළා ගන්න සල්ලි වලින් සැප විඳිනවා. ලෙඩ්ඩුන්ටවත් සහනයක් නැහැ. (නි)
මන්දපෝෂණයටත් ප්‍රතිකාර ඕනෑවෙයි ලංකාවේ බඩුමිලේ හැටියට (නි)
සංගමයේ අය මේකට සම්බන්ද නැතිද ? ඒ මුණූනම් පේන්න නැහැ. (අ)
අරුණි, ඔයා හරියටම හරි (නි)
පෙළක් අයට මහින්දගෙන් තොර ලෝකයක් ඇත්තෙම නෑ,ගෙදර ගෙනත් තියාගන්නකෝ ,එතුමා දෙවරක් ජනාදිපති වුණා.තුන්වෙනි පර පැරදුන ,ඒක මහජන කැමැත්ත (අ)
මේක ගොඩක් උපකාරී තැනක් මම විශේෂ ප්‍රතිකාර මෙයින් අරන් තිබෙනවා (බ)
රජයක යුතුකම රටවැසියා ආරක්ෂා කිරීමයි. කවුරු කළත් ඒවා මහජන මුදල්. හැබැයි ඉස්සර දාපු අඩිතාලම් වල පොල්ගසුත් පැලවෙලා. අර මොරගහකන්ද ව්‍යාපෘතිය වගේ! (නි)
ඔබතුමා ජනතාව අමතනවිට දැඩි ප්‍රතිපත්ති ඇති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එ්ත් ඒවා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න නැහැ. අයවැය ගැන අපට ඇත්තේ කණගාටුවක්. ගරු ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය යොමුකරන්න (නි)
හොද දේට ගරු කරන්න.(හේ)
මහින්ද ජනාධිපතිව සිටිකාලේ ගොඩනඟපු දේවල් තවමත් මෙයාලා විවෘත කරන්නේ. හදන්නකෝ නම්බුකාර විදියට අංගසම්පුර්ණ සැත්කම් තියටර් එකක්. ලක්ෂ කෝටි වලින් මේ රටේ අසරණ මිනිසුන්ගෙන් ඉන්දියාවට යන මුදල් සම්භාරය මේ රටේ ඉතිරි කරගෙන රටතුළ ඒ මුදලින් යමක් දියුණු කරගත හැකියි. නැත්නම් මේ රටේ මිනිසුන්ට හිඟාකන්නවත් නැතිවෙයි තව ටික කලකින් (නි)
සාදු සාදු සාදු ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
මේවා මහින්දගේ සංකල්ප අඩිතාලම් (බ)
ඇත්ත නම් බටහිර වෛද්‍ය ක්‍රමයට දියවැඩියාව, හෘද රෝග, ආදී බෝ නොවන බොහෝ රෝග සඳහා ප්රතිකාරක තවම සොයාගෙන නොමැති වීමයි. හෙළ වෙදකම බටහිර වෛද්‍ය වරුන් විසින් ම අවඥාවට ලක් කරමින් කතා කරයි. නමුත් හෙළ වේද කමේ එන හොඳ ප්‍රතිකාර ක්‍රම ඇත්තේය. (බ)