(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්, රවුටරයක් සහ කිනිසි දෙකක් සමඟ නිට්ටඹුව කල්එළිය ප්‍රදේශයේදී පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.
මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි. එම නිවැසියාද පොලිස් බාරයට ගනු ලැබ ඇත.
වේයන්ගොඩ පොලිසිය ත්‍රිරෝද රියක් සෝදසියට ලක් කළ අවස්ථාවේදී වෙනත් අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් අයකු කොළඹ ප්‍රදේශයේ පල්ලිවලට කඩු බෙදා හැරිය බව කියන සැකකරුගේ බිරිය බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පල්ලිවලට කඩු බෙදාහැරිය බව කියන සැකකරු දින දෙකකට පෙරදී බිරිය සමඟ කල්එළියේ නැගණියගේ නිවසට පැමිණ ඇති බවද අනාවරණයවූ බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් හා නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්
sarath Sunday, 28 April 2019 04:47 PM
‘‘ඉන්දියාවේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් වුණාට එහි ප‍්‍රධානියෙක් වන සාකීර් තායි කරන පීස් ටීවී ආයතනය තහනම් වුණාට ඒ කිසිවක් ලංකාවේ තහනම් නැහැ. ඔවුන්ගේ ආධාර අනුබල ලබන තව්හිද් ජමාත් කණ්ඩායම් අපරාධ කිරීමට මිනිසුන්ගේ ඔළු ගෙඩි නිර්මාණය කරනවා’’...
dkosdi Monday, 29 April 2019 04:10 AM
කඩු කොස් කොටන්නද ?