(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පත්කරනු ලැබ තිබේ.
මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ප්රියදර්ශන යාපා මහතා වන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරමින් සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව එහි සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා එම තනතුරට පත්කෙරුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එජනිස භාණ්ඩාගාරික ධූරය දූමින්ද දිසානායකට
Prabha Sunday, 20 October 2019 10:19 AM
කොහෙන් හරි කමක් නැහැ... කීයක් හරි හම්බ කරගන්නනේ ඕනේ... නැද්ද?
RaveendraSunday, 20 October 2019 10:42 PM
නැතුව නැතුව පුතේ .... හොරකම පිලිබදව පස්චාත් උපාධියක් තියෙන මට මේ බාලාංසේ හොරකම් එතරම් අපහසුද ??? මගේ ලේකම් උනත් වැඩේ කරයි යස අගේට.. ඒ ගැන කිසි බයක් ඇතිකරගන්න එපා හොදේ...
salapathalaMonday, 21 October 2019 05:37 AM
මෙය ... හා නැද්ද? යනුවෙන් වෙනස් විය යුතුයි.
Buddhika Sunday, 20 October 2019 10:21 AM
දැන් මෙහෙම පක්ෂයක් නමට විතරයි තියෙන්නේ. මෙහි සාමාජික පක්ෂ ඔක්කොම දැන් පොහොට්ටුවේ..
Hafeel Sunday, 20 October 2019 01:56 PM
කොමියුනිස්ට් පක්ෂයටත්, සමසමාජ පක්ෂයටත් වෙච්චදේ දේ තමයි, දැන් මේ පක්ෂයටත් වෙලා තියන්නේ. දවසින් දවස මේ පක්ෂය දිය වෙමින් පවතිනවා.
sharm warnFriday, 25 October 2019 09:17 AM
බලාගෙන ඉන්නකෝ. පොහොට්ටුවත් පාවී පාවී තියෙයි මහින්ද රාජපක්ෂ ඉන්නකල්.එයා නැති වෙච්ච දවසට පොහොට්ටුවකුත් නැහැ.
sirimal Sunday, 20 October 2019 10:41 AM
තවම හිටපු ජනාධිපතිතුමිය කතා කලේ නැද්ද? එතුමියගේ පරණ පුරුද්ද තවම නැතිවෙලා නැතුවා වගෙයි පෙනෙන්නේ. එතුමිය ඊයේ (19) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවට ප්‍රචාරය වුණාට එම ගමන තව දින කිහිපයකින් කල් දමා ඇති බවයි දැන් කියන්නේ. දැනට "පක්ෂය ගොඩ ගැනීමේ සාකච්ඡා" දුරකථන සාකච්ඡාවලට පමණක් සීමා වෙලාලු. ඒ වුණාට මංගල සමරවීර ඇමතිතුමා නම් මෙහෙ ඉඳගෙන බොහොම මහන්සි වෙනවලු.. ඡන්දෙට කලින් කවුරු හරි බාගන්න.
රවින් Sunday, 20 October 2019 10:58 AM
අනුර ප්රියදර්ශන යාපා මහතා පොදු පෙරමුණට ගිහිල්ලා කොච්චර කල්ද? අවුරුද්දක්? දෙකක්? එතෙක් කල් මේ කියන එ.ජ.නි.ස. අක්‍රීයවද තිබුනේ? මොකෝ හිටන් මේ පෙරමුණ සක්‍රීය කරන්න හිතුනේ? පහුගිය ටිකේ හම්බවුණු හූ හඬ නිසා අවදි වුණාද..?
Mahee Sunday, 20 October 2019 11:49 AM
වැඩේට හරියටම ගැලපෙන මනුස්සයා. කවුරු කොහොම බලයට එයිද, මොනවා වෙයිද කියලා දන්නේ නැති හින්දා කීයක් හරි හම්බ කරගන්න ලැබෙන අවස්ථාව මොකටද නැති කර ගන්නේ..?
saliya Sunday, 20 October 2019 03:16 PM
තව හූවක් තියා පිළිගන්න., නව භාණ්ඩාගාරික, දුමින්ද..
Chanak los angeles Monday, 21 October 2019 09:48 PM
ඩලස් කියනවා ජන මාධ්‍යයට ඝෝටාගෙන් අතීත දේවල් අහන්න එපාලු. දැම්මම ඔහොම තර්ජනය කරමින් කොන්දේසි දමනවානම් බලයට ආවොත් කොහොමට තිබේවිද කියා සියලු දෙනා තේරුම් ගත යුතුයි .