ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් මොහාන් ලාල් ග්‍රේරු හා පී දිගම්බරන් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (06) දින 14ක අතුරු තහනමක් පැනවීය.
දැනට රජයට සහාය දෙන මේ දෙදෙනා ගිය මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි.
එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පටහැනිව දෝෂාභියෝගයකට පක්ෂව ඡන්දය දුන් අය පක්ෂයෙන් නෙරැපීමේ තීරණය මත ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම මේ අනුව වැළැක්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු ප්‍රධාන වගඋත්තරකරුවෝ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
මේ නඩු විසදන්නා සේ මගේ ඉඩම් නඩුවත් ඉක්මණින් විසදනව නම්? (දී)
කාවවත් එහෙම පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ (දී)
බැරි සිල් නොගනින් අමරෝ (ස)
අයියෝ ඒ මොකටද ඒ (දී)
රැව්ලයි කැඳයි දෙකම බෑනේ (ස)
මොකද්ද මේ වෙන්නේ (දී)
රෑ වැටුණු වළේ දවල් වැටෙන්න හොද නැහැ. (නි)
අපේ ඡන්දය අරන් අනිත් පැත්තට සහාය දෙන එක ඡන්දය දීපු අයට කරන බලවත් අසාධාරණයක් (ස)
ඉතින් මොකටද මොවුන්ට ඡන්දෙ දෙන්නේ (ස)