කොළඹ රේගු බාරයට ගත් කන්ටේනර් දෙකක ඇත්තේ සියයට අනූහයක මධ්‍යසාර අඩංගු එතනෝල් බව කාර්මික තාක්ෂණ ආයතනය තහවුරු කර ඇතැයි කොළඹ රේගුවේ මධ්‍යම පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වත්සලා නානායක්කාර මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් මහතා හමුවේ කියා සිටියාය.
ලීටර 65100ක්වූ එම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි දහනම ලක්ෂයකට ආසන්නයැයි ද ඇය කිවාය.
එතනෝල් ගෙන්වා ඇත්තේ මාර්තු 19වැනිදාය.
‘රෝසිං රේසිං හා සල්ෆේඩ් ටර්පන්ටයින් යනුවෙන් නම් කර එතනෝල් අනවසරයෙන් ආනයනය කර ඇත්තේ පාදුක්ක වටරැක රංග දර්ශන සමරනායක නම් පුද්ගලයෙකි.
ඇක්සිස් ඉන්කස්ට්‍රීස් පෞද්ගලික සමාගම නමින් මෙම එතනෝල් ගෙන්වා ඇතත් එම ආයතනය ඇත්තේ කොතනදැයි සැකකරු රේගුවට දන්වා නැතැයි ද අධ්‍යක්ෂවරිය කීවාය.
මේ සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ද ඇය කීවාය.
එතනෝල් ආනයනය සපුරා තහනම් බවත්, ඒවායේ වටිනාකම අනුව අතිරේක මුදලක් රේගුවට ගෙවිය යුතු යැයි ද ඇය සඳහන් කළාය. සැකකරු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නේ නියම අයිතිකාරයා නෙමෙයි . මේක තමා අද රටේ පවතින තත්වය. මෙහෙම රටකට යන කළ මොකක්ද? (නදී)
ලංකාව හරිම නීති ගරුක රටක් වෙලා.(නදී)
රටේ නියම නිතිය මකලා දැන් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු නිතිය. (අ)
අපි ඉස්කෝලයක් ලඟින් වත් ගිහිල්ල නැහැ කියලද හිතන්නේ.(නදී)
එතනෝල් වෙනුවට ලාබෙට බඩු මල්ලක් සතොසින් ගත්තා නම් හරිනේ. (නි)
කල්පනාවෙන් ඉන්න. තව ටික දවසකින් එතනෝල් පොල්තෙල් වෙන්නත් පුළුවන්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙයාවත් නීතිපති නියමයෙන් නිදහස් කරාවිද දන්නේ නැහැ. (නි)
සුරාබදු නිලදාරිතුමන්ලට මෙහි ගෞරවය හිමිවිය යුතුයි.(නදී)
අජිත්, සුරාබදු තමයි මේක අල්ලාගත්තේ.(නදී)
මේක නම් විහිලු රටක් වෙලා ! (ස)
මේක නම් විහිලු රටක් වෙලා ! (නදී)
ඇත්තටම මේ ගොල්ලන්ද ගෙන්නලා තියෙන්නේ? (ස)
මේකත් ඉස්සර වගේම විසදෙනවා. අපි බලාගෙන ඉදිමු. (ස)
මේකේ නියම අයිතිකාරයෝ කවුද කියලා අපිට දැනගන්න ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒත් මේ බඩු ගෙන්නුවේ වෙන කට්ටියක් නේද? (නි)
හැම තැනදීම උන දේ මෙතනත් වෙනවා. බලාගෙන ඉන්නකෝ. (නදී)
රටට විහිලු සපයන්නේ නැතිව ඔය එතනෝල් ටික ගෙන්වපු කෙනාගේ ආයතනයටම ගෙනිහින් දෙන්න. පේනවනේ හමුදා මේජර්ට ගහපු නඩුවට වුන දේ.(නදී)
පෙරුමාල් හරියටම හරි (නි)
මේවා සන්දර්සන. මේ මිනිහ උසාව් ගෙන්නයි ගෙනියන්නයි යන වියදම හිරේ ඉන්න අයට සති දෙකකට කන්න දෙන්න පුළුවන්. තව කීයක් හරි අපේ සාක්කුවෙන් යන එක තමයි වේනනේ.(නදී)
එතකොට අර සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ මල්ලිට මොකද උනේ??? (ත)
රුපියල් 40 ක විතර දඩයක් ගෙවන්න වෙයිද?(නදී)
අනේ අපොයි සිංහල ඖරුද්දට ලාබෙට සුදුව ටිකකක් බොන්න ගියා ඒ-කටත් ඔන්න හෙනහුරා ගහල !(නදී)
මර්වින්ගේ පුතා වගේ තව සතියකින් එයාවත් නිදහස් කරලා දායි.(නදී)
අනේ අහිංසක ලිපිකාර මහත්තයා. පහත් තැනින් යයි ගලා ජලේ.(නදී)
මිටි තැනින් වතුර බහින්නයි යන්නේ. මෙන්න තවත් කන් ගැට්ටෙක්.(නදී)
මහින්ද චින්තනයේ මතට තිත.(නදී)
ගරු ඇමති තුමන්ලගෙන් ඇහුවනම් කියි ආයතනය තියෙන තැන.(නදී)
මේ වගේ දේවල් හැම දෙයක්ම අල්ලන්න ඕනේ . (නදී)
මන් හිතුවා.
වීරෝධාර රේගූ නිලධාරීන්ට මගේ උත්තමාචාරය.(නදී)
හසිත මඩවල නඩුවෙ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුට ඇප, කොටකෙතන මිනී මැරුමේ සැකකරුවන් දෙදෙනෙක් නිදහස්, හමුදා මේජර් ට ගහපු සිද්ධියේ සැකකරුවන් නිදහස්, පැෂන් බග් ප්‍රහාරයේ ඔක්කොම නිදහස්! මේකත් ඒ විධියටම වෙයි.(නදී)