හොර ක්‍රෙඩිට් කාඞ්වලින් එතෙර ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ රුපියල් විසිහයකෝටියක් හෙරෙරෙන් ගත් බව කියන 13 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
එච්.පී. සමන්ත, උදයකුමාර අබේසිංශ, පීටර් ත්‍යාගරාජා, සෙල්වරාජා රජ්කුමාර්, පී. ඩික්සන්, අජිත් කුමාර රාජපක්ෂ, එස්. රාධක්‍රිෂ්ණන්, කේ.එල්. යසස් තරිඳු, ටී. රවික්‍රිෂ්ණ, එරංග අබේසිංහ මොහොමඩ් සුහාඩ් හා බණ්ඩාර විජේතුංග ඔවුහුය.
තව හත් දෙනෙක් රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කැරගෙන යයි.
හොරොන් ගත් මේ මුදල් රාජ්‍ය නොවන සංවිධාන දෙකට සහන පදනම හා කාන්තා සංවර්ධන පදනමේ නමින් රාජ්‍ය බැංකුවක තැන්පත් කැර ඇතැයි උසාවියෙදී කියැවිණි. අන්තර් ජාතික බැංකු සම්මුති අනුව එම බැංකුව මේ මුදල් ආපසු ගෙවිය යුතු බවද උසාවියේදී අද කියැවිණි.
සැකකරුවෝ සියලූ දෙනාම ලාංකිකයෝය. මෙම රාජ්‍ය නොවන සංවිධානයේ මුදල් කොටි සංවිධානයේ අරමුදලට ගියේදැයි සැකබව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔවුන් මෙරට කිසිම පොදු වැඩක් කැර නැති බවද උසාවියේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර රුපියල් දසදහසක් දඩ ගහලා නිදහස් කරන්න නම් එපා. මේ හොරුන්ට සදාතනික හිරගෙය හිමිවිය යුතුයි (නි)
අර කොටින්ගෙන් මුදා ගත්තා කියපු රත්තරන් කිලෝ සියගනනට, නැව් සහ සල්ලි වලට මොකද වුණේ? ඒවත් ආපහු කොටින්ට දුන්නාද? (නි)
මේ හොරු ලංකාවේ තියන්න එපා. රජකාලේ වගේ රටින් පිටකර දාන්න (නි)
"රුපියල් 100/ දඩයකට යටත් කොට නිදහස් කරන ලදී ."ලගදීම අසන්නට ලැබේවි.(නදී)
ඔය මුදල් ටික අරන් විදුලි බිල අඩුකරන්න.(නදී)
බයව්න්න එපා ජීවන්ත ඒවා ගැන. ඒවගේ පිහිටෙන් තමයි තාමත් සමහරු සැපසේ ජීවත් වෙන්නේ (නි)
මේ ප්‍රතිචාර දාන අය දන්නේ නැද්ද මේ නීති ලංකාව තුල අක්‍රියයි කියලා. හෙට මේ සියලු දෙනා නිදහස් වෙයි. එහෙම නුනොත් ඕක ලංකාව නෙවෙයි. (නි)
ජාති බේද නැතුව සමාදානයෙන් වැඩේ කරලා තියෙන්නේ ඔය. (නි)
ඔස්ට්‍රලියාවේයි, නවසීලන්තෙයි තියෙන ජයතිලකලාගේ කෝටී ගණන් වැට් සල්ලි ගේනවා නම් ලයිට් බිල් අඩුකරන්න පුළුවන්නේ ?(නදී)
මාස 6ක සිරදඬුවමක් සාධාරනයි. හේතුව මීට වැඩිය ලොකු වැරදිකාරයෝ ඔය අපුරුවට ඉන්නේ. (නි)
අපෙන් අහන්නේ හරියට අපි වියදම් කළා වගේනේ. (නි)
ප්‍රශ්නයක් නැහැනේ කොටින්ට ගියානම් ආපහු රජයට හම්බ වෙනවනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් ජීවන්ත මහත්තයාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ.(නදී)
සිංහල කොටි ටිකට දස වද දෙන්න ඕන හරිනම්.(නදී)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බටහිරට සම්බන්ධ යම් එන්.ජී.ඕ. ජාලයක් ජලය ඇතුළු ස්වභාවික සම්පත් බහුජාතික සමාගම් වලට ලබා ගැනීම පිණිස කාලයක සිට එළිපිටම කටයුතු කරමින් සිටී . මෙහි සිටින ශ්‍රී ලාංකික සාමාජිකයන් පසුගිය කාලයේදී විදේශ මුදල් ලබා ගැනීම පිණිස රජයට ,ආරක්ෂක අංශ ,සහ රටේ සංස්කෘතියට පහර දෙමින් කටයුතු කරනු නිරීක්ෂණය විය.මේවායේ සාමාජිකත්වය දරණ රජයේ උසස් නිලධාරින් මෙම සංවිධාන වලින් අනියම් ක්‍රමයෙන් ලැබෙන විදේශ ශිෂ්‍යත්ව සහ මුදල් නිසා රටට ඉතා හානිකර ක්‍රියා සිදු කරමින් සිටින බව දැනටමත් රජයේ බුද්ධි අංශ දැනගෙන ඇත.මෙම දේශ ද්‍රෝහී නිලධාරින් පිළිබඳව විමර්ශනයක් සිදු කර දැඩි දඬුවම් ලබා දිය යුතුය (නි)