ජේ සී වැලිඅමුණ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකන් එයාර්ලයින්හි ප්‍රධානියකුට යහපාලන ආණ්ඩුව යටතේ දෙවැනි වරටත් සේවා දිගුවක් ලබා දීම කිසි සේත් අනුමත කළ නොහැකි බවත්, එය සිදු නොවිය යුත්තක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ජනමාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙස කීවේය.
හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම උඩ සේවයට පැමිණ ඇති එම ප්‍රධානියාට සේවා දිගුව ලබා දීම පමණක් නොව වැලිඅමුණ වාර්තාව ක්‍රියාත්මක නොවීම ද ගැටළුවක් බව සේනාරත්න මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එයාර්ලයින් සේවකයන් මුදා හැරි බවට එම ප්‍රධානියාට වැලිඅමුණ වාර්තාවෙන් චෝදනා එල්ල වී තිබේ. 2015 ජනවාරි වන විට ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතර හමාරක් බව ද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ විවේචන පිටිපස්සේ එයට වාසිවෙන මොකක් හරි තියෙනවා සාමාන්‍යයෙන්. (ම)
එතකොට කෝප් එක ගැන මොකද කියන්නේ (බ)
එහෙනම් ඉතින් පුළුවන් ඉක්මනට එයා දොට්ට දමන එක නේ ඇත්තේ ! වැරදි විදියට ලබාගත් ලක්ෂ ගණන් වැටුපත් ආපසු ලබාගන්න, හිමින් සීරුවෙන් විදේශ ගත වීමට පෙර (බ)