දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බන්ධනාගාරය ඉදිරිපිට දී මහජනතාව අමතමින් ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය හිර ගෙදර ඉදිරිපිය පාරේදී පිරිත් කියා සෙත් පැතූහ. ‘මට කළ අසාධාරණයට ජනතාව සාධාරණයක් ඉටු කරාවි. ජනතාවගේ සුසුම්, කඳුළු, දහඩිය සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අද සිට ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා. ජනතාව මට දුන් ශක්තිය මට මහත් ශක්තියක් වුණා. එය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මා දේශපාලන වෛරයකට ලක්වී අසාධාරණයකට ලක් වුණා. ඒ අසාධාරණය සාධාරණය කරගන්න මා සමග එක් වන්න. ඒ අසාධාරණය නිසා වසර දෙක හමාරක් ඔබගෙන් ඈත් වී සිටීමට සිදු වුණා. මගේ ජීවිතය තිබෙන තුරු මා ඔබ සමගයි. මා කවදාවත් මට සහාය දුන් අය පාවා දෙන්නේ නෑ. මේ රටට රණවිරුවන් ගෙන දුන් සාමය ඉදිරියට ගෙන ගොස් සාමාය සතුට රජයන රටක් බිහි කරන්නට දායක වන්න. මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ. මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ. ඉදිරියේදීත් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. බඩගින්න ඉවසාගෙන මට ශක්තිය දුන් මුහුණු කවදාවත් අමතක කරන්නේ නෑ. මා සමග රැඳී සිටින්න කියා මා එයගෙන් ඉල්ලනවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට, දූදරුවන්ට, යහළු යෙහෙළියන්ට හා අන් සියලු දෙනාට ජයෙන් ජය පතමි.
.....ඡායාරූප.....
සබැඳි පුවත්.......

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දැන් බලන් ඉන්නේ බල්ලගේ ඇගේ එල්ලෙන මැක්කෝ වගේ ඔබතුමාගේ ඇගේ එල්ලෙන්න.උන්ව අයින් කරලා ඔබතුමා ජනපතිතුමන් සමග එක් වෙන්න
ඔබ දෙවිවරයෙක් යුද්ධය දිනා දුන්න ජනාධිපතිතුමා වගේම. එත් දේශපාලන ඌරු කොටුවට අයෙත් බහින්න එපා......එ ඌරු වල අයිති ඌරෝන්ට විතරයි දෙවි වරුන්ට නොවෙයි...
හරකෙක් උනාට උම්බෑ කියන්න එපා අනේ.... !!!!!!!!
දෙයියනේ.... දැංවත් හොද කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න.
SFඉවසීමෙන් තැන්පත්ව දුරදිග බලා වැඩකරන්න. තෙරුවන් සරණයි !
නොදන්න දේවල් නොකිය ඉන්නවනම් නේද හොඳ.....
සමහරුන් හිතන්නෙ හරි පටු විදියට,වචනයෙන් මිස ක්‍රියාව නෑ බොහෝ විට...
දෙවන මෙහෙයුමද???
පුරුදු පුහුණු වූ රෝගියෙක්
ඔබේ දිවියේ ඉතුරු කාලයට අපි සුභ පතමු!
ඕනෑම රටක ඕනෑම සමාජයක විවිධ අදහස් තියන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන් කිසියම් මිනිසෙකු ගේ අදහස් වලට කැමතිවී ඔහු වටා රැස්වෙන්න පුළුවනි.නායකත්වයක් ගෙන රටක් පලනය කරනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි. බලන්න පිටකොටුවේ ගස්යට කතා කරන අය වටා කීදෙනෙක් ඉන්නවා දකියා. සරත් පොන්සේකා මහතා රට බේරගන්න නායකත්වය දුන්න බව ඇත්ත. ඔහුට දේශපාලනය කිරීමට අය්තියක් ඇති බවත් යුක්ති සහගත බව ඇත්තය.නමුත් රටක් පාලනය කිරීමත් හමුදාවක් පාලනය කිරීමත් එක සමාන නොවන බවයි මගේ හැගීම.
ආ......................
එතුමා ගේ දේශපාලන දර්ශණය සමඟ පෞද්ගලිකවම මම එකඟ නොවූවත් එතුමා නිදහස් වීම පිළිබඳ ව සතුටු වෙමි....පීම්බුවාට බඩ ගෙම්බන්ගේ නැහැ හැඩ ඔබේ වටේඉන්න අය හැම දාම පුම්බන්ඩ කියයි බඩ.....
ඔබේ දිරිය ගැන අපිට සතුටුයි
අපි ජීවත් වෙන්නේ අමෙරිකා වේවත් එංගලන්තේ වත් නෙවේ ආසියානු රටක. මේවයේ වෙනදේවල් දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.
අපි ජීවත් වෙන්නේ ඇමරිකා වේවත් එංගලන්තේ වත් නෙවේ ආසියානු රටක. මේවයේ වෙනදේවල් දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.
කැනහිලුන් ඔහේ කටමැත දෙඩෙවුවද වීරයන් හදුනන්නේ තවත් වීරයෙක්ම පමණි. ඔබට ජය ශ්‍රී!!!
පුවත් විපරමාටයි මේ කියන්නේ, ඔබ නියම නමින් පෙනී හිටින්නේ නැතුව බොරු ගහනවා.නිකං අනුන්ට කඩේ යන්නේ නැතුව ඉදින් යාළුවා
සුභ පැතුම්!!!
අනුර සිල්වා තමයි ඇත්ත කීවේ
ඉටුකළයුතු යුතු යුතුකම් - ලෝකෙන් ලැබුනත් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් - ඔබයි පුතේ රටේ උතුම් යු.එන්. දැක හැකිළෙන්නේ- රට වැසියාට පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ - ඔබ මතු දින රජ වන්නේ.
අපේ රටේ අපේ අයගේ හැටියක් තමා ඕනම දෙයක් ඉක්මනට බදාගන්න එකත්,ඉක්මනට අතඅරින එකත්,
මාලු වෙළදාමට උනත් හැතියාවක් පුරැද්දක් තියෙන්න ඔනැ දේශපාලනය කරන්නත් හැකියාවක් පුරැද්දක් තියෙන්න ඔනැ හැමෝම ආශයි රජසැප විදින්න හොදම උදාහරනය තමයි ලෙඩ කියල නවලෝකෙට වෙලා කරපු බොරැව මෙහේම අයද ජනකාවට අවංකව සේවය කරනව කියන්නෙ තැනක් හමිබ උනොත් රටම විනාශයි අඩුම තරමෙ හරවත් දේශනයක් කරන්න දන්නවද කවුරැහරි ලියල දුන්නොත් කොලය බලාගෙන කියවයි එහේම නැතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මයා වගේ හරවත් විධියට කථාකරන්නවත් පුලුවන්නමි කමක් නැ.බලයට තන්හාවෙ හා ඊර්‍රෂ්‍යාවෙ මැරෙන්න හදනව.
ඉවත දැමු ඔබ පුටුව මත තැබු අය අමතක කලාම කලකමී පල දිල බුදුදහම අනුව කර්‍මය පලදිල කියලයි අපට නමි හිතෙන්නේ.රට හදන්න හැකි කෙනා දැන් රට හදාගෙන ඉදිරියට යනව.පවිලෙ අයත් එක්ක පාඩුවෙ සිටිම ඔබටත් රටටත් ඉතා සුබයි.
දිරිය නම් අගෙයි.හැබැයි බැරිය ඔය කට සමග
දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්, අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්, කටු ඉබුලේ අපි එල්ලාපන්
එල්ලුවට පස්සේ ආයේ ඉතුරුවන දහිරියක් ගැන අපිනම් දන්නේ නැහැ ජනරාල් තුමා. මොනවා කරන්ඩත් කලින් ටිකක් නිදහසේ කල්පනා කරන්ඩ. ඕක ඇතුලට වෙලා ඉඳල විඳපු දුක අපිදන්නවා. ඔලුවට ටිකක් සහනයක් දීල සුවපත් වෙලා ඉන්ඩ. ජනතාවට ඒ තරම් හදිස්සියක් නැහැ. ඔබතුමා සුදානම් වෙනතුරු එයාල ඉවසන් ඉන්න සුදානම්.
නිමල්, ඔයා රටට කරපු බම්බුවක් නැ.කරන්නේ රටට වැඩක් කරපු මනුස්සයෙක්ට බනින එක විතයි. රටේ ඉන්න මෙ වගේ කෙනෙක් හිරේට දානව කියන්නෙ, ජාතික අපරාධයක්.
ජයවේවා ඔබට!!
බලන්නකෝ තියෙන එඩිතර කම
කාලය අනුව හැම දේම තීරණය වෙයි....
මට ඔබ ගැන ආඩම්බරයි යුද්ධය ඉවර කළ නිසා. ඉස්සරහට පරිස්සමෙන්...
අද අපි භුක්ති විදින්නේ ඔබගේ ඒ නිර්භීත ශක්තියයි. මේ වදන්පෙළේ වටිනාකම කියලා නිමකළ නොහැකි. ඔබට ජය නියතයි!!
මින් ඉදිරියට ඔබට කරදරයක් නොවේවා
යකෝ මේක හරි වැඩක්නේ. SFට වෙච්ච අසාධාරණය ගැන කවුරුවත් කතා කරන්නේ නැද්ද?
තියනදෙයක් කාලා පන්සලට චෙලා සිල් ගත්තොත් නරකද..
ඒ හරක්ට උම්බෑ කියන මේ හරක් කවුද??
හරකෙක් උනාට උම්බෑ කියන්න එපා අනේ.... !!!!!!!!
රොලංක ,රූපසිංහ, ඔබ දෙපලගේ අදහස් වලට මාත් එකඟයි...
සෙනඟ දැක්කම උන්හිටි තැන් අමතක වෙනවනේ....
දැන් ඉතිං කරන්න තියෙන්නේ තමන්ගේ නම්බුව තියා ගෙන ඉන්න එක තමයි
මෙතුමා ඡන්දේ ඉල්ලන පක්ෂය දෙවෙනි තැනට එද්දි යූ.එන්.පී.ය ඉබේම තුන වෙනවා
Please MR.SF, කරුණාකර දේශපාලයෙන් ඈත් වෙන්න.මම ඉල්ලන්නේ එච්චරයි
සර් නිහඬව ඉන්නකම් ඔබ වීරයෙක්
නැවතත් ඔබ වට රොක් වෙන්න ඉන්න ඔබව මේ විපතෙහි හෙලා තමන්ගේ ඇග හා බඩගෝස්තරය ආරක්ෂා කොරගත්තු අර දේශපාලන කැනහිලුන් ටික නැවතත් දැන් ඔබ ගාවට දුව එවි. ඔය කනහිලුන්ගේ බසට යටවෙන්නේ නැතුව, ඔබේ සබැ මිතුර වන ජනපතිතුමන් සමග සිංහ කාහල නදට එක වන්න, සබැ සේවයක් කල හැක්කේ එතකොටයි.
අපේ ජනාධිපති තුමා ..මෙතුමාට එලියට එන්න උදව් කලේ මෙයාගෙන් ජනාධිපති තුමාට තරගයක් නැති නිසා...අනිත් ඇත්ත තමා ජෙනරාල්ගේ සෞඛ්‍ය තත්වය
සහාය දුන්න අය නම් පාව දෙන එක ඇත්ත
ජයවේවා එස්.එෆ්. අපි ඔබ සමගයි
කට කට
මාලුවා නහින්නෙත් කට හින්දා කියන එක ෆොන්සේකා මහත්තයා දැන්නෙනෑ වගේ. ජනාධිපති නිදහස් කරන්න අවසර දුන්නේ නැත්නම් කොහොමද දන්නෙනෑ එළියට එන්නේ..
අපේ වීරයට ජයවේවා!
අපි කවදත් ඔබ සමගයි ජයවේවා.
නියම ශ්‍රී ලංකිකයා අපි ඔබ සමගයි
කවුරු මොනව කිවුවත් මටනමි තවම කිසිම දෙයක් හිතාගන්න බෑ දොරේ. මොවයින් මොනව වෙයිද කියල.එක පැත්තකින් අලි ඉන්නවා. අනෙක් පැත්තෙන් සීනු තියෙනවා. තවතව අළුත් ලාංජන ගොඩක්වටේට. මෙ ජනමාධ්‍යවල ඉන්නඅයත් මොන මොන වගේ ප්‍රවෘත්ති දායිද දන්නෑ. එදා යුද්දේ දිනපු දවසෙ ජනාධිපතිව පිළිගත්තෙත් මේ විධියටම තමා.
කොහොමත් අපි ඔබ සමග තමයි
යහපත් රටක් යහපත් හෙටක් වෙනුවෙන් ඔබේ නිවැරදි එඩිතර අවංක නායකත්වය පොදු ජන පැතුමයි
මෙයාවහරි තැනට ගෙනියන්න. 134 බස් එක යන්නේ?
සිංහයන් මැද ඉන්න හිවලුන් හඳුනගෙන ප්‍ර වේශම් වෙන්න. ජීවිතයේ පරණ වැරදී හොඳින් හඳුනගගෙන දේශාපලනයට පිවිසෙන්න. ඔබට දීර්ඝායුෂ
ජයන් ජයම වේවා අපේ සෙන්පතියාණෙනි!
ජයෙන් ජය සෙන්පතියාණෙනි
නියම නිදහස බුක්ති විඳින්න පූළුන් වෙන්නේ අදයි අපට
ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
දැන්වත් පැත්තකට වෙලා ඉන්න
පොඩි ඔවුන් උනත් වැඩියෙන් දැගලුවහම ඉක්මණින් නිදා ගන්නාව කියල කතාවක් තිබෙනවා අපි බලමු ඉදිරියෙ මොනාද වෙන්නේ කියල.
ඔබ වීරයෙක්
බුද්ධියට ඉඩදී වැඩ කර ජාතියක් වශයෙන් රැකිය යුතු පිළිවෙත් රකින්න
අනුර, ජනපතිට තරගයක් නැත්න්ම ඇයි මෙතුමාව ඇතුළට යැවුවේ?
ඔබ යුද්ධයේදී සතුරන් පාලනය කළාට කවදාවත් රටක් නම් පාලනය කරන්න බෑ
අපේ සෙන්පතියාණෙනි! ඔබතුමාට ජයෙන් ජය පතමි. සියලු දෙවියන්ගේ පිහිටයි
30ස් වසරක යුද්දයේ මර උගුල් වලින් බේරී ඉදිරියට ගිය ඔබට දේශපාලන පිටියේද මර උගුල් වලින් බේරී අහිංසක ජනතාවගේ දුක් කදුලු පිසලන්න හැකිවේවා!
SF තවදුරටත් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැති නිසා නිදහස් කලා... පවු අසරණයා... බලා ඉන්න කල කල දේ පලදෙන හැටි තව ඉස්සරහට...
තාරුණ්‍යයේ නැවුම් බලාපොරොත්තුව නුඹයි සෙන්පතියාණෙනි. බඩ ගෝස්තරවාදී දේශපාලන කැනහිලූන්ට සාපවේවා
හෙට අනිද්දට ප්‍රතිකාර ගන්න කියලා උසාවියෙන් අවසර අරන් රට ගිහින් කොටින්ගේ කපටිකම් වලට අහු වෙයිද දන්නේ නෑ
තාමත් වටේට ඉන්නේ හිවල්ලු ටිකක්නේ
ෆොන්සේකා මහත්මයානණි, ඔබතුමා ඔබගේ රාජකාරියේඳි වීරයෙක් වුන බව හැබෑව. එයට අපි ඔබට ගරු කරමු. නමුත් මුල අමතක කරන්න එපා. මීට පෙර හිටපු හමුදාපතිවරුන්ට වීරයන් වෙන්න ඉඩ නොදුන්නේ රටේ පාලකයන්ම බව අමතක කරන්න ඵපා. ඔබතුමාට දැන් කරන්න තියෙන්නේ එකදෙයයි. රටේ ජනාදිපතිතුමන් සමග එක්වී රටට යහපතක් කරන්න. නැත්නම් ඇමරිකාවට යන්න.
හැමෝම ඔහොම තමයි කීවේ. ඔබට නිදහස ලැබීමනම් යහපතක්!
මතක නැතිවද කොහේද ජනරාල් තනතුරෙන් ඉන්නකොටම ලංකාවේ කිසිවිටක නොවුන විදිහට යුධ හමුදාපති කරලා ලංකාවේ ඉහලම වීරයා කරලා දුන්නේ කවුද කියලා ඒකෙන්ද මේ ආයුතු ප්‍රයෝජන ගන්නේ? ඕකට තමා කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා
යහපත් දෙයක් කරන්න හිතනවනම් අයහපත් දේශපාලනෙන් අයින් වෙන්න. දැන්වත් හිතන්න.නැත්තන් කලවැදි පප්පො සුදු කොඩි පෙන්නලා සුදු වෑන් එහෙක ගෙනිහින් වැඩේ දීලා අණ්ඩුවෙ එකවුන්ට් එකටම බැර කරයි.87 - 89 කරෙත් ඔය ටිකමයි.කාට ගේම දීලා හරි රජ වෙන්න බලන එක තමයි උන්ගෙ එකම දේශපාලන දර්ශනය.
අරාබියේ අපි ගැන ඔබතුමාවත් හිතන්න
අදින් පසු රටට සේවයක් කිරීමට විපක්ෂය සමග එක්ව රජයට සහාය දෙන්න
ඔය ඉතිං ඉල්ලං කන්න තමයි හදන්නේ
ලාල් ගලබඩ.. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි",තවම එහෙම කෙනෙක් රටට වැඩ කරන්න කැමති පාලකයෙක් බිහිවෙලා නැත.පේන තෙක් මානෙකවත් නැත.නායකයෝ කොච්චර බිහි උනත් පාලකයෙක් බිහි වෙන දවසක් අපි බලා සිටිමු.
ඩෙන්සිල් කොබ්බෑකඩුවට වුණ දේවල් දැක්කම ඔබතුමා කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙනවා, මේ තරම් කට මැත දොඩවලත් ඔහොම ඉන්න ලැබිච්ච එකට
ඔබේ වචන ලංකාවේ අනාගතයට ලොකු විනාශයක්
බොරු කාරයින්ට අහු වෙන්නේ නැතුව වැඩක් කරන්න පුළුවන් මොළයක් තියෙන රනිල් මහත්තයත් එක්ක එකතු වෙන්න