IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එස් එම් රංජිත් උතුරුමැද මහ ඇමති?

සැප්තැම්බර් අට වැනිදා පළාත් සභා ඡන්දයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් එස් එම් රංජිත් මහතා ලබන සඳුදා උතුරුමැද මහ ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. මේ අතර ඔහුගේ සොයුරු වනජීවි හා ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීය. සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත. දෙවරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙවර මනාප සටණින් රංජිත් මහතාට පරාජය විය. සබරගමුව මහා ඇමැතිවශයෙන් මහීපාල හේරත් මහතා දිවුරුම් දීමට නියමිතය.    



අදහස් (0)

එස් එම් රංජිත් උතුරුමැද මහ ඇමති?

සුරංජිත් Thursday, 20 September 2012 08:27 AM

"සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත" එතකොට.........................(ස)

:       0       0

රෝසා Wednesday, 19 September 2012 06:25 PM

අයියෝ! රතිඤ්ඤා වලට වියදම් කරපු සල්ලිත් අපරාදේ! (නි)

:       0       0

මංගල Wednesday, 19 September 2012 06:22 PM

හොද තීරණයක්. දැන්වත් උතුරු මැද සංවර්ධනයට හා ඔබලාගේ කැපවීම අවශ්‍යයි.(නදී)

:       0       0

නන්දන Thursday, 20 September 2012 04:09 PM

අනේ අපේ අනුරපුරේ දැන්වත් හොදට හදන්න. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 08:35 AM

ඒක හැලියේ බත් කන්නේ ඒක පැදුරේ නිදි යන්නේ අයියා මල්ලී වාගේ හොද අයියා මල්ලී වාගේ .(ස)

:       0       0

චානක මධුෂංක Wednesday, 19 September 2012 06:27 PM

අනිත් අයටත් හොද ආදර්ශයක්.(නදී)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 19 September 2012 06:29 PM

ඔව් ඔව් අපි දන්නවා, මහ ඇමතිකම ඊළගට දෙන්නේ එස් එම් චන්ද්‍රසේන මහත්තයාට නේ. (නි)

:       0       0

චතුරංග Wednesday, 19 September 2012 06:48 PM

ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා අවංක ජනතා නායකයෙක් බව මේකෙන් හොදටම පැහැදිලියි. ජනාධිපතිතුමාට තිබුනෙ අස්වීම බාර නොගෙන ඉන්න. සබරගමුවෙ අපිට නම් හැමදාම හුළං. (නි)

:       0       0

අසංක Thursday, 20 September 2012 08:50 AM

චන්ද්‍රසේන ඇමති තුමාට මේ නැතිවුන ඇමති කම ගැන දුකයි.මොකද එතුමත් වැඩිම මනාප අරගනයි ඔය ඇමතිකම ගත්තේ.ඒත් ඒක ප්‍රශ්නයක් වන නිසා මේ තීරණය ගත්ත එක හොදයි.ඇමති තුමාට නොලැබී යන දේට වඩා මේ ලැබෙන්න යන දේ ගැන මිනිස්සුට ගොඩක් දැනෙනවා.කොහොම වුනත් ඔබ තුමාටත් සාධාරණයක් ඉෂ්ඨවෙයි කියන විස්වාසය තියෙනවා.වෙල් ඩන් ඇමති තුමා.ජය වේවා. .(ස)

:       0       0

රණා Thursday, 20 September 2012 08:52 AM

මට නම් මේ ගැන සැකයි (නි)

:       0       0

සුමනා Wednesday, 19 September 2012 06:55 PM

ඔය නීතිය අර පවුලේ අයට වලංගු නැත.(නදී)

:       0       0

කුමාර Thursday, 20 September 2012 10:01 PM

දැන්නම් උතුරු මැදට හොද කලක් යයි. (නි)

:       0       0

ෂා Wednesday, 19 September 2012 06:55 PM

හොද ආදර්ශයක්. මල්ලි හින්දා වෙන්න ඇති.(නදී)

:       0       0

ධම්මික Thursday, 20 September 2012 08:51 AM

සුභ පැතුම්! දිගුකල් වැජඹේවා! (නි)

:       0       0

සරත් Wednesday, 19 September 2012 06:52 PM

අනෙක් කෙනාට මොකද වුණේ? (නි)

:       0       0

කෙනඩි Wednesday, 19 September 2012 06:52 PM

නැද්ද වෙන කෙනෙක් එහෙම? (නි)

:       0       0

රොෂාන් Thursday, 20 September 2012 09:01 AM

සහෝදරයන් දෙදෙනෙක් තනතුරු දැරීම නුසුදුසුයි කියන්නෙ ඒකයි (නි)

:       0       0

ඇරිස් Wednesday, 19 September 2012 06:53 PM

හොදයි. අලුත් මුහුණු... (නි)

:       0       0

රානා Wednesday, 19 September 2012 06:53 PM

අන්න අයියා මලෝ.(නදී)

:       0       0

ගමා Thursday, 20 September 2012 09:03 AM

හිටපු මහ ඇමති ගමට රටට කළ සේවය මොකක්ද? (නි)

:       0       0

රෝමා Thursday, 20 September 2012 09:00 AM

කවුරු මහ ඇමති වුනත් අපිට වෙන සෙතක් නැහැ. බලන්න, කාම අපරාධ දැන් අඩු වෙලාද? රෝහලකට ගිහින් නිවැරදිව බෙහෙත් ටිකක් ගන්න පුළුවන් ද? (හොද බෙහෙත් ගන්න නම් ප්‍රයිවට් චැනල් එකට යන්න වෙනවා) පාසල් අධ්‍යාපනය? ගුරුවරු ටියුෂන් කරනවා ජිවත් වෙන්න සල්ලි මදි නිසා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ආත්මය අධ්‍යාපනය බේරාගන්න සටන් කරනවා. ඒ අස්සේ ඇමති පුතුන් ලක්ෂ 300-400 සැප වාහන තියාගෙන ලස්සනම ලස්සන සූරුපී කතුන් සමග සතුටු වෙනවා. ජනතාවට කවදාද සතුටක් ලැබෙන්නේ? (නි)

:       0       0

අමුකොටුව Thursday, 20 September 2012 09:07 AM

සුභ පැතුම් .දේශපාලන ගමන්මග ඉදිරියටම යන්න ලැබේවා‍‍....(ස)

:       0       0

දිසා Wednesday, 19 September 2012 06:55 PM

නව මහ ඇමති තුමාට ජය වේවා!(නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 06:59 PM

බර්ටිට මොකද වුණේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 07:06 PM

මැරෙණකම් මහ ඇමතිට මොකද වුණේ?

:       0       0

සිසිර Thursday, 20 September 2012 02:00 PM

අපිට මොකද අනේ

:       0       0

බෝධිපාල Thursday, 20 September 2012 09:24 AM

එක අදහසක්වත් බර්ටිගේ පැත්තට පක්ෂ නැහැ (නි)

:       0       0

විරාජ් Wednesday, 19 September 2012 07:01 PM

හිප් හිප් හුරේ! (නි)

:       0       0

අමා Thursday, 20 September 2012 09:28 AM

මලයන්ඩිය බිය නොවන්න බිලි වෙනහැටි මම පෙන්වමි. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 20 September 2012 09:32 AM

මේ ඇමති තුමා වගේ අනිත් ඇමති තුමන්ලාත් ඉල්ලා අස්වෙනවා නම් සරසවි ප්‍රශ්නය ඉක්මනට විසදේවි (ස)

:       0       0

සරසි Thursday, 20 September 2012 02:01 PM

කැබිනට් සංශෝධනයේදී වෙන ඇමතිකමක් ලැබෙයි. (නි)

:       0       0

ප්‍රේමී Thursday, 20 September 2012 02:03 PM

ජයවේවා

:       0       0

දිලංකා Wednesday, 19 September 2012 07:10 PM

කෝ අර මැරනෙකම් මහ ඇමති කිව් බර්ට් මහත්තයා.(නදී)

:       0       0

ෆාරු Thursday, 20 September 2012 09:38 AM

දන්නෝ දනිති..(ස)

:       0       0

සිල්වා Wednesday, 19 September 2012 07:07 PM

වැඩ පටන්ගත්තම ඉස්සැල්ලා හොයන්නේ බර්ටි ප්‍රේමලාල්ගේ වත් කම්.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 07:13 PM

පදවියෙන් ඉවත්වීම ස්වයං තීරණයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 19 September 2012 07:15 PM

දැන් ඉතින් හිටපු මහ ඇමති තුමාගේ පුතාට ඇමති කමක් ලැබෙයි.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 20 September 2012 09:46 AM

අනේ මෙහෙම විහිලු තහළු! (නි)

:       0       0

තුෂාර Friday, 21 September 2012 11:52 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්. (නි)

:       0       0

සවිරු Wednesday, 19 September 2012 07:16 PM

අන්න ඇමතිවරු.(නදී)

:       0       0

කිවී Wednesday, 19 September 2012 07:16 PM

බර්ටි නැවත කැබිනට් එකට පත් වෙයි.(නදී)

:       0       0

අචිනි Thursday, 20 September 2012 09:57 AM

තිරය ඇරෙනවා, තිරය වැහෙනවා.... නාටකය පටන් ගන්නවා (නි)

:       0       0

ජිල්බු Thursday, 20 September 2012 09:53 AM

සහෝදරත්වයෙන් වැඩකරන එක හොදයි (නි)

:       0       0

සුසන්ත Thursday, 20 September 2012 09:55 AM

ඉස්සර ඔය නීතිය තිබෙන්නෙ නැතුව ඇති. බර්ටිට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රංජිත් Wednesday, 19 September 2012 07:18 PM

නියමයි. මුලු රටටම හොද ආදර්ශයක්. ජයවේවා! (නි)

:       0       0

අනුර Thursday, 20 September 2012 09:58 AM

කවුරු ආවත් දුප්පත් අපිට ඇති වැඩක් නැහැ. (නි)

:       0       0

නුවන් Thursday, 20 September 2012 05:22 PM

කොහොමද කියන්නේ

:       0       0

සහන් Sunday, 23 September 2012 05:55 PM

බර්ටි මහත්තයා, එහෙනම් දෑන් මොකද කියන්නේ? (නි)

:       0       0

ජයම්පති Wednesday, 19 September 2012 07:35 PM

මට මෙය විශාල පීඩනයක් (නි)

:       0       0

නිලුක​ Wednesday, 26 September 2012 07:42 AM

දෙදෙනාගෙන් කවුරු පත් වුවත් අපට වෙනසක් නැත​. (නි)

:       0       0

මාටිං Thursday, 20 September 2012 10:24 AM

මාර නීතියක්නෙ වැඩි මනාප ගත්තනම් සහෝදරකම් බලන්න දෙයක් නැහැනේ... චන්ද්‍රෙස්න ඇමතිතුමාට එයාගෙ ඇමතිකම ආපසු දෙන්න තියෙන්නේ.. (නු)

:       0       0

සාලින්ද Wednesday, 19 September 2012 07:53 PM

නොදන්න නිසයි අහන්නේ. කොහේවත් නැද්ද අයියා, මල්ලිලා ඇමතිවරු වගේ තනතුරු දරන අය? (නි)

:       0       0

නීලා Wednesday, 19 September 2012 07:53 PM

ඉහළම උගතාට දුන්නා නම් තමයි හොද (නි)

:       0       0

කල්ප Thursday, 20 September 2012 02:34 PM

අනේ මන්දා ඓතින්

:       0       0

පී.ඒ.වී. ඩුලාන් Thursday, 20 September 2012 10:42 AM

නියමයි ඔහොම යං..! (නු)

:       0       0

විමුක්ති Wednesday, 19 September 2012 08:03 PM

"සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත." ඉහත වාක්‍යය සියල්ලන් සදහාම වලංගු නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

හර්ෂණ Wednesday, 19 September 2012 08:12 PM

මොන විකාරයක්ද මේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Wednesday, 19 September 2012 08:12 PM

අයියෝ බර්ටි? (නි)

:       0       0

කුලතිලක Thursday, 20 September 2012 10:40 AM

බලන්නකෝ ජනාධිපතිතුමාට සහෝදරයෝ කීදෙනෙක් ඉන්නවද කියලා. මෙහෙම ප්‍රශ්න නැහැනේ (නි)

:       0       0

කුමාර Wednesday, 19 September 2012 08:13 PM

හොද ආදර්ශයක් ඇමතිතුමා..

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 19 September 2012 08:14 PM

මෙන්න මේක තමා මහත්වරුන්ගේ දේශපාලනය කියන්නේ.මේක අන් හැමෝටම ආදර්ශයක් වේවා. පදවියට වැඩිය මහත්මාකම ලොකුයි කියන එකයි චන්ද්‍රසේන මහතා කියා දුන්නේ. (නි)

:       0       0

නිසල් Thursday, 20 September 2012 10:46 AM

ඒ වුණාට බලන්නකෝ අපේ ජනාධිපතිතුමා තමන්ගේ සහෝදරයන් සමග එක්ව වැඩකරන අපූරුව (නි)

:       0       0

අනුර Wednesday, 19 September 2012 08:16 PM

තවත් නාටකයක්ද?

:       0       0

සේනානායක Wednesday, 19 September 2012 08:19 PM

ආදර්ශවත් ක්‍රියාවක්..

:       0       0

බෝපේ Thursday, 20 September 2012 11:11 AM

පක්ෂයේ නීතියට අනුව එකම පවුලේ දෙදෙනෙකුට ඇමතිකම් දැරිමේ තහනමක් නැහැ. (නි)

:       0       0

ගයා Wednesday, 19 September 2012 08:26 PM

හොද තීරණයක්.. කමක් නෑ මල්ලිටනේ..

:       0       0

හස්ත Wednesday, 19 September 2012 08:34 PM

චන්ද්‍රෙස්නට ඇති මොලේ අනිත් අයට නැති එකයි ප්‍රශ්නෙ.

:       0       0

රොශාන් Thursday, 20 September 2012 11:19 AM

මේ එයා නෙමෙයි..(ස)

:       0       0

Falik Wednesday, 19 September 2012 08:44 PM

ඔබ විශිෂ්ඨයි..

:       0       0

මොහාන් Thursday, 20 September 2012 11:25 AM

චන්ද්‍රසේන ඇමතිතුමනි ඔබ අපට ආශිර්වාදයක් (ස)

:       0       0

වසන්ත Friday, 21 September 2012 12:38 PM

චන්ද්‍රසේන ඇමතිතුමාට ජය වේවා! (නි)

:       0       0

රාජා Thursday, 20 September 2012 11:29 AM

දේශපාලන විහිලු. එහෙමනන් හැමෝටම බලපවත්වෙන්න ඕනෙ නේ (ස)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 11:38 AM

කලින් හිටපු කෙනාට දෙවියන් දුන් දඩුමක්ද .......(ස)

:       0       0

කුරුවිට Wednesday, 19 September 2012 09:19 PM

මම බලන්නේ ලංකාවේ උණුසුම් පුවත්ද?

:       0       0

සදුන් Thursday, 20 September 2012 11:40 AM

එතකොට අනිත් අයත් අස් වේවිද ?? (ස)

:       0       0

freddie Wednesday, 19 September 2012 09:21 PM

නිවැරදි තීරණයට ස්තුතියි.

:       0       0

සරත් Wednesday, 19 September 2012 09:41 PM

ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නෑ

:       0       0

ප්‍රදීප් සිල්වා Wednesday, 19 September 2012 09:42 PM

නියමයි

:       0       0

kkg Wednesday, 19 September 2012 09:49 PM

සැබෑ සහෝදරයත්වය.. මැරෙනකල් මහ ඇමතිට මොකද වෙන්නේ?

:       0       0

අසේල-ඉතාලි Wednesday, 19 September 2012 09:44 PM

බර්ටි අන්කල් කොහෙද?

:       0       0

ප්‍රදීප් ද සිල්වා Wednesday, 19 September 2012 09:45 PM

අනිවාර්යෙන්ම ජනතාවගේ කැමැත්තට තැන දෙන්න ඕනෑ. (නි)

:       0       0

රජිත් Wednesday, 19 September 2012 09:52 PM

එහෙනම් මැරෙනකම්ම මහ ඇමති කිවුවේ? (නි)

:       0       0

සේනක Wednesday, 19 September 2012 10:02 PM

අයියා මොකද - මල්ලි මොකද... (නි)

:       0       0

ශාන්ත Wednesday, 19 September 2012 10:12 PM

මල්ලි ජනාධිපති, අයියා කතානායක.(නදී)

:       0       0

ප්‍රගීත් Thursday, 20 September 2012 03:02 PM

අනේ බර්ටි මහත්තයෝ, ඔයා නැතිවුණා කියලා ශ්‍රී.ල.නි.ප. ය පරදීද? තමන්ගෙ තරම දැනගෙන කතා කළොත් හොඳයි නේද? (නි)

:       0       0

ආනන්ද Wednesday, 19 September 2012 10:16 PM

මැර බලය අවසානයි.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 19 September 2012 10:09 PM

මැර බලයට තිත.... (නි)

:       0       0

වෙනුර Wednesday, 19 September 2012 10:38 PM

අයියගේ බඩ පිරිලා වගේ.(නදී)

:       0       0

රුවන් Wednesday, 19 September 2012 10:34 PM

හිටපු මහ ඇමතිතුමාගේ තත්ත්වයට නම් පත්වන්න ඵපා. ඔබට ඡය! (නි)

:       0       0

රුවන් Wednesday, 19 September 2012 10:41 PM

ඔබට ජය (නි)

:       0       0

මංඡුල බිරුට් Thursday, 20 September 2012 12:03 PM

චන්ද්‍රසේන ඇමතිතුමා ගේ තැනට බර්ටි ඇමතිතුමා ලගදිම ඒයි (ස)

:       0       0

සනත් Thursday, 20 September 2012 11:58 AM

හොදයි සන්තොසයි

:       0       0

පවන් Wednesday, 19 September 2012 11:00 PM

කාලෙකින් දැක්ක සහෝදර පෙමක්. අයියා මල්ලිට ආදරෙයි. නෑණා මස්සිනාට ආදරෙයි. මේවා රගපෑමට තියාගන්නේ නැතුව හොදට ඉස්සරහට තියාගන්න.උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ආනන්ද Wednesday, 19 September 2012 11:21 PM

ඉතාම සාධාරණ තිරණටක් හා පත් කිරීමක් .(ස)

:       0       0

නලීන් Wednesday, 19 September 2012 11:25 PM

වැඩක් කරනවා නම් එකම පවුලේ අයට තනතුරු ලැබුණත් මොකද වෙන්නේ? (නි)

:       0       0

වසන්ත Thursday, 20 September 2012 12:11 PM

අනේ හොදයි

:       0       0

රොෂාන් Wednesday, 19 September 2012 11:35 PM

අනේ පවු බර්ටි. (නි)

:       0       0

නිෂාම් Thursday, 20 September 2012 12:14 PM

එස්.එම රන්ජිත් මහතා ගිය වර අඩු අත්දැකීම් නිසා මහා ඇමතිකමට තේරුනේ නැහැ. හැමදාම එයා නවකයෙක් විදිහට සළකළා බර්ටි ප්‍රේමලාල් මහතාටම ප්‍රධාන ඇමතිකම දීම අසාධාරණයිනේ. මෙය තමයි ඉතාම නිවැරදි තීරණය. සහෝදරයාගේ ක්‍රියාවද අගය කළ යුතුයි. (නි)

:       0       0

දිල්ශානි Wednesday, 19 September 2012 11:44 PM

එයාට මොකුත් මතක නැල්ලු (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 19 September 2012 11:59 PM

ඉදිරියේ තව ජවනිකා තියෙනවා. බලන්න මීළගට මහ ඇමතිකමට චන්ද්‍රෙස්න මහත්තයාට ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ .... (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 20 September 2012 01:07 AM

හොඳ අයියලා මල්ලිලා .(ස)

:       0       0

දමිත් Thursday, 20 September 2012 12:26 PM

උතුරු මැද නම් හොදයි..ඒත් නැගෙනහිර..? (නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 20 September 2012 12:36 PM

හෙට වනජීවී සහ ගොවිජන සේවා ඇමති ලෙස බෙර්ට්ය් දිසානායක මහතා දිවුරුම් දේවි (ස)

:       0       0

මාලා Saturday, 22 September 2012 11:27 AM

අපි බලමු

:       0       0

අමිල - ඩුබායි Thursday, 20 September 2012 02:27 AM

ඉතින් මහ ඇමති බැරිනම් ජනාධිපති වෙච්චදෙන්කො, අපිට මොකද බලන්න. රටේ හැමතැනම වාගේ පවුල් සමාගම් තියෙන එකේ මේ අයිය මලෝ දෙන්නත් මේ විදියට සාමයෙන් දෙයක් කරගන්නවා නම් කොච්චර හොදද. නේද? සහෝදර ප්‍රේමයට හොද ආදර්ශයක්. මේ කාලෙ රටේ අධ්‍යාපනයත් ඉතාමත් අනර්ඝ තත්වයක තියෙන නිසා මේ කතාවත් අපේ නංගිලා මල්ලිලාගෙ පෙළපොත් වලට ඇතුළත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

අනුර Thursday, 20 September 2012 02:39 AM

නියම නීතිය...(ස)

:       0       0

බණ්ඩාර Thursday, 20 September 2012 03:42 PM

රෝමා, අනෙක් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)

:       0       0

ලාල් ගලබඩ Thursday, 20 September 2012 03:34 AM

බලමුකෝ එයාගේ වැඩත් (නි)

:       0       0

ලලිත Thursday, 20 September 2012 03:56 AM

තීරණය හරි! ජනාධිපති ජනමතයට හිස නමනවා.ඔබට‍ ජය! (නි)

:       0       0

කාලිංග Thursday, 20 September 2012 01:03 PM

රටට සේවය විතරයි අපිට ඕනේ

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 20 September 2012 04:11 AM

මෙන්න නියම මහත්වරු (නි)

:       0       0

මාපා Thursday, 20 September 2012 04:08 AM

පරිස්සම්වෙන්න. ඔබට සුබ පැතුම්.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 20 September 2012 01:10 PM

ඒක තමා. වෙන කස්ටිය ඔහොම ඉල්ලා අස්වෙන්නේ නෑනේ,අයියලා මල්ලිලා කියලා. චන්ද්‍රෙස්න ඇමතිතුමා පොඩි විවේකයක් ගන්න තමා ඉල්ලා අස්වෙන්න ඇත්තේ.මොකද එතුමා දන්නවා නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් උනොත් නිසැකවම ජනතා වරම ලැබෙන බව. ඒ නිසා බය නැතුව අස්වීමේ ලිපිය බාරදෙනවා. ගොඩක් හොදයි. එහෙම තමා අනිත් අයත් කටයුතු කරන්න ඕනේ. කොහොම උනත් දැන් උතුරුමැද මහජනතාවට සේවය කරන්න ඔබතුමාට කාලය ඇවිත්.අළුත් මුහුණක්..අළුත් අදහස්.... මහජන මතයට අනුව කටයුතු කළාට ජනාධිපති තුමාට විශේෂ ස්තූතිය..... ජය වේවා....!!! මැර කමින් තොරව යහපාලනයක් ගෙනයන්න.දිගු ගමනක් යන්න ආශීර්වාදය ප්‍රාර්ථනා කරමි. සුභ අනාගතයක් !!! (ස)

:       0       0

නිමල් Thursday, 20 September 2012 05:56 AM

එක එක්කෙනාට එක එක නීති. (නි)

:       0       0

සමන් Thursday, 20 September 2012 07:33 AM

ගැහුවානේද පාරක්‍‍‍...(ස)

:       0       0

වරුණ Thursday, 20 September 2012 07:40 AM

සහෝදර ප්‍රේමයට ජය වේවා! (නි)

:       0       0

කුමාර Wednesday, 19 September 2012 06:09 PM

නියමයි (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 19 September 2012 06:12 PM

ජය වේවා! (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 19 September 2012 06:15 PM

ආදර්ශයක් නම් අපි ගරු කරන්නෙමු (නි)

:       0       0

රමනි Thursday, 20 September 2012 07:55 AM

21වැනි ශතවර්ෂයට හොද වැඩක් (නි)

:       0       0

කුරේ නාවලගේ Thursday, 20 September 2012 08:08 AM

අයියෝ සල්ලි! කෝ දැන් පුස් වෙඩි? (නි)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 06:19 PM

එහෙම කියන්නේ කොහොමද සනා? (නි)

:       0       0

සංජය Thursday, 20 September 2012 08:10 AM

එකම පවුලේ දෙදෙනෙකුට තනතුරු දුන්විට මේවා තමයි ප්‍රශ්න (නි)

:       0       0

සුජිත් නිශාන්ත Tuesday, 25 September 2012 01:44 PM

කවුරු මහා ඇමති වුනත් අපිට එකයි. මොකද අපි කන්නේ බොන්නේ අපි රස්සාව කරලා අමාරුවෙන් හම්බ කරලානේ..(ස)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 06:17 PM

සමහර අය කියනවනේ අදත් හෙටත් මමයි මේ පළාතේ රජා කියලා (නි)

:       0       0

අසිත Wednesday, 19 September 2012 06:24 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙතුමාටද කෝඩුකාරයා කිවු‍වේ? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 20 September 2012 08:25 AM

‍සැමදෙනාම මොහුව ආදර්ශයට ගත යුතුයි‍‍...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 17 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1370 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2532 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1246 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 410 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1777 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site