ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) හෙට (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල අතර තරගය හෙට පස්වරු 4.00 ට ආරම්භ වේ. තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් දන්ඩි පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කඳුරට වෝරියස් පිල අතර තරගය හෙට රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණු තරග සේරම පැරදිලා දැන් ඉතින් ගෙම්බෝ තලයි (අ)
කෝ විදේශීය ක්‍රීඩකයෝ (අ)
මෙම තරගෙන් පරණ ලැජ්ජාව වහ ගන්න පුළුවන් වේවි... (ස)
අපේ රටේ සල්ලි ටික තමයි මේවයින් ඉවර වෙන්නේ (දී)
මේවා බොරු වැඩ. අපේ රටේ මිනිස්සු එනවද ඉන්දියාවේ වගේ තරඟ බලන්න . අපරාදේ සල්ලි.. (ස)
මොනවයින් මොනවා වෙයිද (දී)
සිසිර, ඔයා වගේ තමාන්ගෙ රටින් සංවිධානය කරන දේවල් හෑල්ලුවට ලක් රලා කතා කරන මිනිසුන් ඉන්නකන් ලංකාවට කිසි වගතුවක් නැහැ. විදේශීය ක්‍රීඩකයන් කියන්නේ ක්‍රිස් ගේල් විතරක් නොවෙයි. ගිහින් බලන්න කීයක් ඉන්නවද කියලා. අයි.පී.එල්. වලට වඩා අපේ එස්.එල්.පී.එල්. එකේ සමාරම්භක උත්සවයම කොච්චර ලස්සනද? හරියට දන්නේ නැතුව කිසිම දෙයක් පහළට දාලා කතා කරන්න එපා. (නි)
ගහමු... හොදට ගහමු.... (දී)
කරුණාකර රට ගැන ආදරයෙන් හා කරුණාවෙන් කතා කරන මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.. (ස)
කිසිම විදේශිකයෙක් නෑතිව මේක සංවිධානය කලානම් කොයි තරම් හොදද .අපේ රටේ ක්‍රීඩකයන්ට අපි ආදරෙයිනේ දිනුවත් පෑරදුනත්. (ස)