(ටෝනි කරුණානායක,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .
වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වු මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි . රෝහල් ගත කරන විටත් සැකකරු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි. පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය , ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (ෂොකෝ ) සමග එක්ව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එස්.ටී.එෆ් වෙඩි පහරින් වෙඩික්කරුවෙක් මරුට
ලුම්බිණි Thursday, 20 July 2023 07:44 AM
හැමදාම ප්‍රශ්නය විසඳුනේ ඔන්න ඔහොමයි. මොකද වුනේ කියලාවත් බැලීමක් නැහැ.
UAE Api Thursday, 20 July 2023 09:26 AM
එහෙම කෙනෙක් මෙහි සිටිනවා නම් අල්ල ගන්න පුළුවන් පහසුවෙන්ම
LkaThursday, 20 July 2023 02:23 PM
නියමයි දැනගන්නේ කොහොමද?
කිරිපුතා Thursday, 20 July 2023 09:32 AM
අනුර කුමාර කට උල් කර කර දුක පවසන්න ගනීද දන්නෙ නෑ. මොකක් හරි කොනක් තියෙන්නත් ඕනනෙ එයාලට කතා කරන්න. නැතිව ඉතින් මේ වෙනකම් රටට වැඩක් කළා නෙවෙයිනෙ
ruwan Thursday, 20 July 2023 11:03 AM
සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා
Nalin Thursday, 20 July 2023 01:00 PM
සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා
ලුම්බිණි Thursday, 20 July 2023 02:29 PM
හැමදාම වෙන දේ. පරීක්ෂණත් නැහැ. නඩුත් නැහැ.
Bamunuarachchi Friday, 21 July 2023 04:15 AM
පාතාලයෝ මැරෙනකොට මෙයාට රිදෙනවා වගෙයි.
Lelwala Friday, 21 July 2023 08:51 AM
ඒක එයාගෙ විශ්වාසය