අම්පාර වලකාපිටිය වැවට ආ අලි රංචුවකට කොටුවී පැය දෙකකට ආසන්න කාලයක් සිටි ‘එසැණ‘ මාධ්‍යවේදී කුමාර සී ලියනාරච්ච බේරා ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
‘දීගවාපි රක්ෂිතය පැත්තේ සිට අලි වැටද පෙරලාගෙන ආ බව කියන මේ අලි රංචුවේ පින්තූර ගන්න මමත්, ලියනාරච්චිත් වැවේ දෙපැත්තට ගියා. ලියනාරච්චි ගිය පැත්තට අලි රංචුව ආවා. ඔහු කොටුවූ බව දුරකතනයෙන් මට දැන්වුවා. පණ බේරාගන්න කුඹුක් ගහකට නැගීමට මොහොතකට පෙර වනජීවිය පැමිණ ඔහු බේරා ගත්තා‘
මේ ත්‍රාසජනක අත්දැකීමට ගොදුරු වූ ලියනාරච්චි පවසනුයේ ගගවයන් තණ බිම්වලට ඇතුළු කිරීම සඳහා අලිවැටේ කම්බි යටින් කපා තුබූ තැන්වලින් අලින් ගම්බිම් වලට එන බවයි.
රැලේ නායකයාගේ අණ අනිත් අලින් ඉතා හොදින් ක්‍රියාත්මක කරන බව පෙනුනායැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද ප්‍රවෘත්තියක් ගේන්න අපි මොන තරම් දුක් විදිනවද?ජීවිතය පරදුවට තියනවද?මේ කථාව ඊට හොදම උදාහරණයක්.(නදී)
ඔබතුමාට කරදරයක් නොවුණු එක ගැන අපිට සතුටුයි (නි)
ඒත් ඒ පළාත් වල වෙසෙන අහිංසක ගැමියෝ කී දෙනෙක් අලින් විසින් පහර දීලා මරා දාලා ඇද්ද? (නි)
රැලේ නායකයාගේ අණ අනිත් අලින් ඉතා හොදින් ක්‍රියාත්මක කරන බව පෙනුනායැයි ද ඔහු කියයි. එකට අපේ පාර්ලිමේන්තුවේ අලි ටික !(නදී)
ඔබට තුනුරුවන්ගේ සරණින් සුභ නවවසරක් වේවා!(නදී)
අයියෝ! ඔය අලි රංචුවේ නායකයා අහවලානේ. අපරාදේ. එක කෝල් එකෙන් වැඩේ ෂේප් කරගන්න තිබුණා, පොඩ්ඩක් කල්පනා කළා නම්. (නි)
ඔයාලට කිසිකරදරයක් වෙන්නේ නැහැ. අපි සියලුම දෙනා එකතුවෙලා ඔයාලට තෙරුවන් සරණ පතනවා!ඔයාලට වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!(නදී)
ලන්කාදිප පුවත්ත ගඅන ආඩම්බරයි. වෙන ලියන්න දෙයක් නැහැ. අනෙක් සියල්ල ඔබ ලියි ඇත.(නදී)
හරක් හදන අය අල්ලන්න හා හරකුන් අරගෙන වෙන අයට දෙන්න නීති හදන්න දැන්මම. ජීවිත විනාස වෙන්න ඉස්සර.(නදී)
අර බල සේනාවට පහර ගහන අපේ සහෝදරයෝ ටික කොහෙද දන්නේ නැහැ. මොකද දන්නෙ නැහැ මේ වගේ දෙයකට අදහස් දාන්නේ නැත්තේ? (නි)
ඇත්තටම අලි ජරමරයක්නේ වෙලා තියෙන්නේ.කරදරයක් නොවීම ගැන සතුටුයි. (නි)
ඔබගේ රැකියාව ඉහලින්ම ඉටුකර තිබෙනවා අවදානම වැඩි වෙන තරමට ඡායාරූපයේ ගුණාත්මක බව වැඩිවෙනවා ඔබටත් ආයතනයටත් සුභ නවසරක් වෙවා!(නදී)
මට අද වෙනවිට දුෂණයෙන් තොර විශ්වාසයෙන් බර , අවංකව අප අතර සිටින එකම හිතවතා, වගේම කැපකිරීමෙන් ජනතාවගේ දුකට පිහිටවෙන, අප දෑසට පෙනෙන එකම දෙවියානම් ලංකදීපයයයි. ඒ වගේ උතුම් මිනිසුන්ට කිසිම දාක අනතුරක් ජීවිත හානියක් නොවෙන්න දෙවියන් ඔවුන්ව ආරක්ෂා කරනවා . මම එය අප ආගමතුලින් දුටු දෙයකි . ඔබට සදා ජය!(නදී)
දරු සෙනහස පෙන්වන හොද අවස්ථාවක්. ළමයි හදලා කැලේට දාන අයට මේවා හොද පාඩම්. අලි අම්මයි තාත්තයි දෙපැත්තේ. අලි පැටියා මැද.(නදී)
දිවි පරදුවට තබා අප වෙනුවෙන් මෙම ඡායාරූප ලබාගත් ලියනාරච්චි මහතාණනි, ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
දෛනික ජීවිතයෙ කරදර අඩුවේවා.. ලස්සන පිංතූර අප වෙත ගෙනදේවා.. ආදර්ශමත් චරිතය ලොව රැව්දේවා.. නව වසරේ ඔබට කිරි පැනි ඉතිරේවා (නි)
මේ අලින්ටත් දැන් මිනිස්සුන්ට වඩා ප්‍රශ්ණ. මිනිස්සු බදු බරින් තෙරපෙනවා වාගේම අලින් විදුලි වැටවල්වලට කොටුවෙලා. එහෙන් වෙඩි ප්‍රහාර.. දුම්රිය අනතුරු, ආහාර ප්‍රශ්ණ... අලි ප්‍රශ්ණ විසදීමට අලි ඇමති කෙනෙකු පත්කිරීමට දැන් කාලය පැමින ඇතිබව අපේ හැගීමයි. (නි)
ඔබ සඳහන් කර ඇති එක දෙයකට වග කිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි. එනම්, අලි ගමට ඇතුල් වන්නේ "ගවයන් තණ බිම්වලට ඇතුළු කිරීම සඳහා අලිවැටේ කම්බි යටින් කපා තුබූ තැන්වලින්" බවයි. අලි වැටක් ඉදිකරන්නේ ගමේ ආරක්ෂාව සඳහායි. එය සිතා මතාම කපා ඉවත්කිරීම බරපතල අපරාධයකි. සමාජ විරෝධී ක්‍රියාවකි. ගම්මුන්ට මෙන්ම අලින්ටද කරන අනතුරකි. ඒ සඳහා කර ඇති ආයෝජනය අපතේ හැරීමකි. තමන්ගේ වාසියට එවන් අකටයුතු කරන්නන් අල්ලා නිසි දඬුවම් වලට යොමු කිරීම අනිකුත් ගම්වාසීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ යුතුකම හා වගකීම බව විශ්වාස කරමි. (නි)
බලන්න ලස්සන බෝල වගේ අලි ටික. (නි)
මෙහෙම අන්තරාදායක වැඩ කරන්න යන්න එපා. ඔබට අනතුරක් වුනා නම් ගෙදර අයට අවුරුදුත් නැහැ නේද ? (නි)
මහත්තයෝ, ඔය දීඝවාපිය පැත්තේ විනාශ කරපු අර අපේ චෛත්‍යය වලත් පින්තූර ටිකක් දැම්මොත් නරකද ඔය කාට කාටත් බලාගන්න???? (නි)
කවදත් අපට වටිනා පුවත් දෙන ලංකාදීපයටත් මේ මොහොතේදී විශේෂයෙන් ලියනාරච්චි සොහොයුරාටත් මගේ ගෞරවය පුද කරමි. ඔබට ජයෙන් ජය !!! මේ පින්තුර ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට හෝ වෙබ් අඩවියකට දමන්න. (නි)
සියළුම ලංකාදීප කතෘ මණ්ඩලයට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මෙවැනි සම්පතක් ලබන්න අපි කොයිතරම් වාසනාවන්තද? උදේ පාන්දර සිත් නිවන දසුනක්! (නි)
ලස්සන ඡායාරූප. ඔයා බයවෙලා නැහැ. හිත හොඳ අයට අනතුරු වෙනවා අඩුයි. ඔබට සුබ නව වසරක් වේවා. (නි)
කවදාවත් අමතක වෙන එකක් නැහැ මේ සිදුවීම (නි)
මේ අවුරුදු කටේ...? ඔහොම වෙලත් බේරුණා නම් ඒකම කොච්චර වාසනාවක්ද? ඇති යන්තම්. (නි)