කුප්පි ලාම්පුවෙන් පාඩම් කර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස් වැනි ස්ථානයට පත් වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයයේ සහන් ලක්ෂිත සිසුවා ගැන ‘එසැණ‘ පළ කළ කතාවෙන් පසු විදුලිබල නියෝජ්‍ය අමැති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ නිවෙසට අද විදුලිය ලැබිණි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මාසිකව රුපියල් තුන්දහසක ශිෂ්‍යත්වයක් ලබා දීමට පොරොන්දු විය.
‘එසැණ‘ වෙබ් අඩවියේ සහ ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තා දැක මෙරට සහ පිටරට බොහෝදෙනකු තමා අමතමින් උදව් උපකාර කරන බවට පැවසූ බව සහන් ලක්ෂිත කියයි.
‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවා. එය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක්. ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා ලැප්ටොප් දුන්නලු හොදට සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට. මේ ළමයි දුප්පත් කමින් කොහොම හරි විභාගෙ සමත් වුනා. හැබැයි මේ ලැප් ටොප් නිසා ළමයි ටික නරක් වෙයිද දන්නේ නැහැ. උසස් පෙල අනා ගනීද කියල බයයි ලැප් ටොප් නිසා.(නදී)
මල්ලියේ මේ නිවුස් එක බැලුවාම ඇස් වලට කදුළු අවා. හොඳට ඉගෙන ගෙන මනුස්සකම තියෙන මනුස්සෙයක් වෙයන්. ලංකාදිප සැමදා දිනේවා. (ස)
අමතිතුමෙනි ඔබ විදුලිය දුන්න වගේ වැඩිවෙන්න යන විදුලිය බිලත් ගෙවන්න උදව් වෙන්න.(නදී)
පුතේ, ඔයාට මේ හැම උදවුවක්ම ලැබුනේ ලංකාදීප නිසයි. එයට ගොඩක් තුති. ඔයාගේ ඉදිරි අනාගතයට මගෙනුත් පුංචි උදවුවක් කරන්නම්. ඔයාට සුබ අනාගතයක්. (නදී)
එසැනට මගෙන් ප්‍රණාමය! (ස)
මම විදේශ රටක ඉන්නේ.එත් හැමදාම ලංකාදීප බලනවා.ලංකාදීප නිසා ජීවිත බෙර ගනිපු කී දෙනෙක් ඉන්නවද.අර ගොළු බිහිරි ක්‍රිකෙට් ටෙං එක පාකිස්තාන් ගියෙත් ලංකාදීප නිසා.පුතේ ඔයා වෙනුවෙන් මමත් ලන්කදීපෙට ස්තුති කරනවා. (අ)
බොහොම උතුම් ක්‍රියාවක්. මුලින්ම තිබිය යුතු දේ විදුලිය. ළමයට ඉහලට උගන්වන්න. (නදී)
මේ වගේ ඉගෙනුමට දක්ෂ උපකාර අවශ්‍ය දරුවන්ට,පෝෂණය අඩු දරුවන්ට සහ මවුවරුන්ටත් අසරණ වැඩිහිටියන්ටත් පිහිට වෙන්න "ලංකාදීප අසරණ සරණ " නමින් හෝ වෙනත් සුදුසු නමකින් අරමුදලක් පිහිටවන්න "ලංකාදීපය ටයි මේ කාරුණික ආරාධනාව. ලොව වටා විසිරී සිටින කාරුණික පින්වතුන්ගෙන් ඕනෑතරම් ශක්තිය ලැබේවි. (නි)
මමත් ඔබ වගේම දුප්පත්කමින් මිරිකුණ අතීතයක තරණය කළ කෙනෙක්. අපේ ගමට තවමත් විදුලිය නැහැ. මාත් සාමාන්‍ය පෙළ විභාගයට ලිවුවේ හද එළියේ මිදුලේ ඉදන් පාඩම් කරලා , අද මා හොද රැකියාවක් කරනවා. ඔබත් පුතේ ඉදිරියටම යන්න. හොද පුරවැසියෙක් වෙලා තමන්ගේ ශක්තියෙන් නැගිටින්න ...ඔබට දළදාහිමි සරනයි! (නි)
ශාන්, මැට්ටෙක් වගේ මැටි කතා දමන්න එපා. බොහොමයක් ළමයින් පාඩම් කරනවා තමයි. එත් සමත් වෙන්න කැපවීමත් දක්ෂතාවයත් තියෙන්න ඕනේ. මේ ළමයාගේ කැපවීම බොහොම ඉහලයි. එකයි වටිනාකම. මේ වගේ අසමජ්ජාති උන්ගේ අදහස් දැක්කම ඇඟේ මාළු ගඟේ නටනවා.(නදී)
ලංකාදීපයට ප්‍රණාමය.(නදී)
අද මැති ඇමති වරු ලක්ෂිතව බලන්න ගිහින්. රූපවාහිනියේ පෙන්නුවා.(නදී)
පෙරේරා මහත්තයල වගේ අයත් සමාජේ ඉන්න ඕනේ. කුහක යකෙක් ඉන්න කොට, කුහක කථා ඇහෙන කොට, මිනිස්සුන්ගෙ මිනිස්කම කැපිල පේනවා.(නදී)
ස්ථිර නිවසක් විමල් වීරවංස ඇමතිතුමාගෙන් ලැබෙයි.(නදී)
අනේ පෙරේරා, ඔයා කට වහගෙන ඉන්න. ඔයා නිසා ලංකාවේ හෙම පෙරේරම සව්ත්තු වෙනවා. මීට පස්සේ මුකුත් ලියන්න එපා.(නදී)
ඕක ඒතරම් ලොකු දෙයක් නොවේ. ඒ ළමයා පාඩම් කරා. පාස් වුනා. එච්චරයි.. (ස)
විදුලිය නිකන්ද දන්නේ නැහැ දෙන්නේ? (ස)
බූමිතෙල් බෝතලයක් ගන්න සල්ලි නැති කෙනා 54%කින් වැඩි වෙච්ච විදුලි බිලක් කොහොමද ගෙවන්නේ කියල කාටවත් අවබෝධ වෙන්නේ නැති හැටි.(ස)
ඔයා ගැන මම පුවත බලන කොට මගේ ඇස් වලින් කඳුළු අවා..මෙච්චර දුප්පත් පවුලක්. තව හොදට ඉගෙන ගන්න..මල්ලි.සුබ අනාගතයක් ඔබට ! (ස)
ලංකාවේ පෙරේරලා වගේ අයත් ඉන්නවා දෙයක් කරන්නෙත් නෑ කරපු දේක හොදක් දකින්නෙත් නෑ. කියව කියව විතරක් ඉන්නවා (ස)
ලක්ෂිත පුතාට විදුලිය දුන් ඇමති තුමාට මුළු ගමම පින් දෙයි. ඒ ඇත්තන්ටත් වාසියක් වෙයි ඒකට. ගමේ පාරට බස් එකකුත් දැම්මා නම් ලක්ෂිතට සහ ගමේ ළමුන්ට පාසැල් යන්න උපකාරයක් වෙයි.(නදී)
සුබ අනාගතයක් වේවා ! රත්තරන් පුතාට.(ස)
විදුලය කොහොම දුන්නත්, එවෙලේම විදුලිය දුන්න එක ගෙන එතුමාට ස්තුති. මේ ළමයාගේ තාත්ත අසනීප නිසා වැඩක් කරගන්න බැරිලු. අනේ පුලුවන්නම් දොස්තර මහත්තයෙක් ඒ මනුස්සයව සනීප කරලා දෙන්න. එතකොට ඒ ගෙදර අම්මට අමතරව තාත්තත් කීයක් හරි හම්බ කර ගනීවි. එතකොට ලියිටි බිල කීයක් හරි ගෙවන එක ප්‍රශ්නයක් කරගන්න ඕන වෙන එකක් කැහැ මම හිතන්නේ.(නදී)
උදව් කරන හැමදෙනාවම මතක් කරන්න තැනකට ආව දවසට. (ස)
අපිත් උදවු කරමු. (නි)
පෙරේරා විදුලිඅ නිකන් දෙන්න විදුලිය බාප්පගේ නොවෙඉ, මේක දෙන්න ඇත්තේ සමෘද්ධි ක්‍රමයට වෙන්න ඇති. (ස)
දෑන් මේක දෑකල කෑමරා එහෙමත් අටවගෙන අද ඉදල මෑති ඈමතිවරු ඒ පෑත්තෙ වහී, පෙන්නල දුන්නෙ නෑත්නම් මේ අයගෙ ඈස් පේන්නෙ නෑනෙ.(නදී)
කල ගුණ සලකනකොට තව තවත් හොදට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. (ස)
විදුලිය කොහොම දුන්නත් ඒ ළමා ලෝකයට ආලෝකයක් වේවි. සුබ පැතුම් කොල්ලෝ...(ස)
ලංකාදීප කියන්නේ මල්ලි හැම කෙනෙකුටම උදව් කරන කෙනෙක්, ඔයාටත් හොඳ අනාගතයක් පතනවා..(ස)
ඇත්තටම ගොඩක් දුක් උනා.මගේ අදහස් එකතු කළා. ඇත්තටම මේකට ඔයාලට ගොඩක් ස්තුති.මෙය දරුවා මේක කවදත් හිතේ තියාගෙන අනිකට උදව් කරන්ඩ ඕන. පින් ඔයාලගේ සේවයට.(ස)