දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.
කීයකටවත් විකුණා ගැනීමට නොහැකියව විසිකළ එළවළු අතර වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු ආදිය වෙයි. මේ හැම හළවළු වර්ගයකම මිල රුපියල් දහයට අඩු විය.
ඇතැම් ගොවීහු කිලෝ පනහේ බණ්ඩක්කා ගෝනිය රුපියල් සියයකට විකුණූහ.
කිලෝ හැටේ කැකිරි ගෝනිය ද විකුණා දැමුනේ රුපියල් සියයකට ය.
බොහෝ ගොවීනට ප්‍රවාහන ගාස්තුවත් සොයා ගත නොහැකි විය. පහතරට එළවළු විශාල වශයෙන් වැවීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ආර්ථි කලාප නිලධරයෝ කියති. කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්‍යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය.
දුරින් ගෙන ආ කැකිරි එසේ කැළයට විසි කළත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් කඩවල කැකිරි කිලෝව රුපියල් හයක් විය. යාබද කඩේ කැකිරි කිලෝව විස්සකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තලට අරක් ගියානම් අලින්ට වත් කන්න දෙන්න තිබුනා.(නදී)
අයියෝ! ඕවා බටහිර කුමන්ත්‍රණ. (නි)
වැඩිපුර එළවළු රට පටවන්න. එහේ හොද ඉල්ලුමක් තියෙනවා. (නි)
මේකට තමයි ඉල්ලුම් සැපයුම් න්‍යාය කියන්නේ. (නි)
වගකිවයුත්තන් නිදිද? (නි)
අපි වවමු බෙල්ලේ වැල දාගමු (නි)
මේවා මොනතරම් අපරාධද? පිනට දුන්නා නම් හොද නැද්ද? (නි)
ඕවා අමතක කරලා දැයට කිරුළ බලන්න යන්නේ. අහෝ රටකට ගිය කලක්.(නදී)
ගෙයක් ගෙයක් ගානේ එළවළු වවනකොට මට හිතුනා ගොවීන්ට මෙහෙම වෙයි කියලා.(නදී)
සුදුස්සන් කියලා අපි කවුද මේ පත්කරගෙන ඉන්නේ? (නි)
මොන අපරාධයක්ද මේ (දී)
අනේ අර වෙරෝනාවල ඉන්න චතුලට මේ එලවළු ටිකක් නැවෙන් යවන්න. ඔහු සල්ලිත් නැතිව, කන්නත් නැතිව කමිල්නාඩුව ගැන කියවා අඩනවා.(නදී)
ළඟදීම මිනිසුන් එළවලු වර්ජනයකට යාමට බොහෝ ඉඩ ඇත. මොකද මේවට ගහන තරමක් කෘමිනාශක නිසා අද වෙනකොට රට පුරා වකුගඩු රෝගීන් , පිළිකා රෝගීන් සහ දියවැඩියා රෝගීන් ගෙන් පිරිලා. මේවා ගැන මිනිස්සු දැනුවත් වෙනකොට ඔවුන් තම තමන්ගේම වතුවල වාවගන කන තත්වයක් එන්නට ඉඩ ඇත. අනෙක් අතට කඩෙන් ගන්න සල්ලිද නැති වෙනකොට හදාගන කණු හැර වෙන විසදුමක් ද නැත. ඒක නිසා ඔය එළවලු අපට කෘමිනාශක එවන අය වෙතම ටින්කර පටවන ක්‍රමයක් සොයාගන්න පුළුවන් නම් ඔවුනට විරුද්ධව පෙළපාලි ගිහින් කරන විකාර වලට වඩා යමක් වනු ඇත. (නි)
ජිනීවා වලින් ආහාර සම්බාධකයක් පැනව්වොත් හොදයි.(නදී)
ඔය ගොවියන්ට දැයට කිරුළ පළදලා තියෙන්නේ.(නදී)
රටෙන් බාගයක් මන්ද පෝෂනයෙන් පෙලෙද්දී එළවළු විසිකරන හැටි. අපිට නොතේරෙන කොහේ හරි තැනක ලොකු වරදක් තියෙනවා.(නදී)
රෝහිත, ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන විතරයි. අනෙක් පැත්තෙන් තියෙන්නේ අහස පොලව නුහුලන අපරාද?(නදී)
ආචාර්ය, මහාචාරයවරු රැකියා දාලා ගෙදර යනවා. මෝඩයෝ රජකරනවා. මේවා කාට කියන්නද? (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ.(නදී)
වගකිවයුත්තන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
කළමනාකාරිත්වයේ පාසැල් ළමුන්ට පවරා බලධාරියෝ පාසැල් යවමු.(නදී)
විකුණා ගන්න බැරි වුනා කියන්නේ ඇයි (දී)
කොපමණ මිනිසුන් ඉන්නවාද කෑම වේලක් කන්න නැතිව (දී)
ජාතික අපරාද!, එළවලු තොගයම හමුදාවෙන් හෝ මිලදි ගෙන නොමිලේ බෙදා දුන්නත් රටට පාඩුවක් නෑ (අ)
අපි වවමු රට නගමු කිව්වට කිසිම සැලැස්මක් නැති කමනේ මෙ වගෙන් පෙනෙන්නේ. රටේ පරිභෝජනයට අතිරේක දේවල් පිට රටවල යවන විදිහක් වත් හැදුවනම් කොච්චර දෙයක් ද. වෙනත් රටවල වගාවෙන් මුදල් හොයනවා. උදාහරණයක් විදිහට මම ඉන්න සිංගප්පුරුවට අවට රටවලින් පිලිපීනය, තායිලන්තය වැනි රට වල්ව්ලින් එළවලු එවන්නේ.(නදී)
නිකන් බෙදුවානම් ඉවරයිනේ (දී)
නැති බැරි මිනිස්සුන්ට දුන්නානම් (දී)
දේශපාලකයන්ගේ වැරැද්ද වුනාට ඡන්දය දීලා තියෙන්නේ.(නදී)
ආන්ඩුවෙන් නිකන් දෙන පොහොර ටික දාලා වවලා විසිකරන්න ගියාම රටත් දියුණු වෙයිද?(නදී)
කැකිරි කියන්නේ තොච්චර ගුණ දෙයක්ද? කිසිම දෙයක අගයක් නොදන්න ජාතියක්.(නදී)
වෙළද ඇමතිතුමාට මේ අපරාද නවත්වන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න. හොදම කෙනා තමයි ආරක්ෂක ලේකම් තුමා.(නදී)
මේ එළවළු කූඩ ඉස්සර තිබුන ගෝනි වගේමයි.(නදී)
සීනි ඇමතිවරු ඉන්න ලංකාවේ මේ වගේ දේකට අමාතයංශයක් හරි පිහිටුවල සාධාරණ මිලට එළවළු ගන්නයි සාධාරණ මිළට විකුනන්නයි යන්ත්‍රනයක් පිහිටුවන්න බැරි ඇයි.(නදී)
පෞද්ගලික වෙළෙන්දො ඉවත් කරලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හමුදාවට බාර දෙන්න (අ)
ගොඨාභය මහත්මාණනි, ඔබට මිස මේ වෙන විනාශය නවත්වන්න වුවමනාවක් තියෙන්නේ දේශයට ලැදි ශ්‍රී ලාංකිකයෙක් නැත. අසරණ මිනිසුන් අහස උසට මිලදී ගන්න කොට මෙහෙම විසිකිරිම හරිම වැරදී (අ)
මේක තනිකර මාෆියාවක්... (නි)
කිසිම වැඩක පිළිවෙලක් නැති හැටි? (නි)
නැතිබැරි ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට, දන්සල් වලට දෙන්න මේ එළවලු හොඳ නැතුව ඇති. එළවලු වලට තිත තැබීම ගැන ආඩම්බරයි. (නි)
වගකිවයුත්තන් නිදිද? (නි)
බලධාරීනි, ඔබගේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද? මේ අපරාධ නොපෙනේද? (නි)
එළවළු විසිකරන්න තරම් තියෙනවා නම් ඇයි වෙළදපොළේ එළවළු මිළ අඩුකරන්න බැරි? (නි)
කෝ වගකිවයුත්තෝ? ඔවුන් නිදිද? (නි)
සහගහන අපරාධ මේවා. පවු අහිංසක ගොවියා. (නි)
අනේ සෙන්තිල්ට දුක හිතිලා වගෙයි තමිල්නාඩුවට දොස් කිවුවට. (නි)
මේකට රජය වගකියන්න ඕනෑ නේද? (නි)
ගොවියට කාගේ සරණද? (නි)
සමන් ඕමන්තෙට කැකිරි ඕනද?(නදී)
අපේ බොදු බල සේනාව යවන්නකෝ. ප්‍රශ්නය ඉවරයි. (නි)
ඇමතිතුමා කෝ? (නි)
මොන අපරාධයක්ද මේ? (නි)
මේවා සහගහන අපරාධ, අතරමැදි මාපියාව නිසා ගොවියොත් පාරිභෝගිකයොත් හැමදාම අමරුවේ. රජයේ අළෙවි දෙපාර්තමේන්තුවත වටිනාකම තියෙන්නේ මේ වෙලාවටයි.(නදී)
අපරාදේ. දුප්පත් මිනිස්සුන්ට මේවා දුන්නා නම් පිනක්වත් සිද්ධ වෙනවා. (නි)
අසරණ මිනිස්සු කන්න නැතිව දහදුක් විදිනවා. ඇයි කැලේට දාන්නේ ඒ අයට බෙදලා දුන්න නම් මොකද වෙන්නේ. මගේ රටට ගිය කලක්.(නදී)
කරුණාකර දහස් ගණනක් බඩගින්නෙ සිටින තමිල්ණාඩුවට යවන්න. (නි)
මේවා කන්න නැති අයට දුන්න නම් ලොකු පිනක්. වෙසක් වලට ඇති හැකි අයට නම දාගන්න දන්සැල් දාන මාන වලට ගන්න තිබුනනේ. මේ එළවලු ටික නැති බැරි අයට දුන්න නම් නේද හොද?(නදී)
දඹුල්ලේ එළවළු බෙදාහැරීමට නියම ක්‍රමවේදයක් නොමැති බවයි පේන්නේ. ඊයේ කෑගල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම එළවළුවක්ම ග්‍රෑම් 500 රුපියල් 40 යි. අමුමිරිස් 100 රැපියල් 30 යි.(නදී)
කොයි රජයෙන්වත් ගොවියට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. වගකිව යුත්තෝ වහාම සොයා බැලිය යුතුයි.(නදී)
මේවා ජාතික අපරාධ. වහාම පියවරක් ගන්න. මිනිසුනේ, කෑම විසි කරන්න එපා. ලෝකයේ එක වේලක් කන්න නැතුව කීදෙනෙක් නමි මියැදෙනවද..? ඇයි මේ මිනිස්සුන්ට මේවා ගැන වැටහීමක් නැත්තෙ. පාරිභෝගික කටයුතු අමාත්‍යංශය කියලා එකක් තියෙනවා නේද.? කෝ ඒකේ උදවිය? මේ වගේ එළවළු අතිරික්ත තියෙන කාලවලට ඒවා ටින්කර කල්තබා ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන්න. ගොඩක් වටීවි. (නි)
මේවනම් සහගහන අපරාධ. ආශ්චර්යයක් කරා මේ අයුරින් නම් යා නොහැක. ජනපතිතුමනි, ගෝඨාභය මැතිතුමනි, ඔබතුමන්ලගේ මැදිහත් වීම මෙයටත් අවශ්‍ය බව වැටහේ. අහිංසක ගොවියා ගැන බලනු මැන. (නි)
දෙවියනි ඔබ කොහිද? (නි)
ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? කොතැනද වැරැද්ද? අදාල නිලධාරීන් මේ ගැන සොයා බලා ගොවීන්ට සාධාරණයක් ඉටු කෙරීමට කටයුතු කල යුතුයි.(නදී)
කන්න නැතිව මිනිස්සු කොච්චර ඉන්නවද? ඇයි මෙහෙම අපරාද කරන්නේ. අපේ රටේ විදවන්නේ ඕවා තමයි.(නදී)
මේවාට තමයි ජාතික අපරාධ කියන්නේ. (නි)
මේ ප්‍රශ්න විසදන්නේ කවදාද? ඉතින් මේ මිනිස්සු ජිනීවා නොගියොත්නේ පුදුමේ. ගියොත් කියයි ද්‍රෝභියෝ කියලා.(නදී)
පේනවද ගොවියට සලකන හැටි. පේනවද රටෙන් බාගයක් මන්ද පෝෂනයෙන් පෙලෙද්දී එළවළු විසිකරන හැටි. (නදී)
කළමනාකාරිත්වයේ පාසැල් ළමුන්ට පවරා බලධාරියෝ පාසැල් යවමු.(නදී)
මේ ගැන හොයන්න වගකිවයුතු කවුරුවත් නැද්ද?(නදී)
කොලබට අරන් ආවානම් කීයකට හරි විකුණා ගන්න තිබ්බා (දී)
අනේ අපොයි මෙහෙමත් අපරාධ! (නි)
අපි වවමු. විසිකරමු.(නදී)
මේ වැරැද්ද හැමදාම වෙනවා. නමුත් විසුදුමක් නැත්තේ ඇයි.(නදී)
මේ ඇමතිලටවත් බැරිද ලොරියක් දාලා කොළඹට එළවලු ටික ගෙන එන්න.(නදී)
එළවළු පළතුරු ටින් කර කල් ගුණාත්මක බවින් කල් තබා ගන්නා ක්‍රම අද ලෝකෙයේ දියුණු රටවල තියෙනවා. දැයට කිරුළින් මිලියන දහස් ගානක් නාස්ති වෙනවා. එවැනි මුදල් යොදවා සීතකරන සහිත ගබඩා පහසුකම්ද මේවා කල්තබා ගැනීමේ ක්‍රම භාවිතා කිරීම ඉතාමත් වටිනවා. ලෝකයේ සෙසු රටවල් ඉදිරියට යනවා. අපි යන්නේ පසුපසට.(නදී)
රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ.(නදී)
මට අදහා ගන්න බැහැ (දී)
මේවා නිසි කළමනාකරණයක් කරන්න පෞද්ගලික ආයතනයක් වත් කටයුතු කරනවානම් කොතරම් අගේද?(නදී)
එළවළු ප්‍රවාහනය කරන්න පුලාස්ටික් පෙට්ටි නීතියක් තියෙනවා නේද? මෙතන තියෙන්නේ ගෝනිනේ. මගේ ඇස් පෙනීම දුරුවල වෙලාද?(නදී)
මගේ ඇගේ මාළු නටනවා. කට්ටියක් එළවලු මිළ ගනන් කියලා කන්න නැතුව ඉන්නවා. තව කටිටියකට විකුනගන්න බැරිව වියදම් කරලා විසිකරනවා. ආයෙත් ඡන්දේ දෙමුකෝ.(නදී)
එළවලු තැලෙන නිසා කූඩා වලට දාන්න කිව්වම පාර මැද ගිනිතියාගන්නවා. එතකොට මාධ්‍ය ඇමතිට බනිනවා. එළවලු මිළ වැඩි වුනාම යුධහමුදාව දාලා විකුනනකොට ආයෙත් මාධ්‍ය ඇමතිට බනිනවා. දැන් එළවළු මිළ අඩුවුනාම එළුවලු කුනු කූඩෙට දාලා. ඒතටත් ඇමතිට බනිනවා. ඇමති මොකටද මැදහත් වෙන්නේ. මේ අය නීති කඩනකොට බලන්න එක කූඩයක් තියෙනවද කියලා.(නදී)
අර කූඩා නීතියට මොකද වුනේ.(නදී)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මෙන්න ආසියාවේ ආස්චර්ය.(නදී)
වගකිවයුතු ආයතනවල නිසි කළමනාකාරිත්වයක් නොමැතිකම සහ අකාර්යක්ෂමතාවය මෙයට මුලිත හේතුවයි. ඇයි මේ අතිරික්තය කුනුකූඩෙට විසිකරන්න ඔය තරම් හදිස්සිය. තව සතියකින් එළවළ හිගයක් ඇතිකරන්නද? මේවා වෙළද ගැට.(නදී)
මේවා කරන්නේ මුදලාලිලගේ ඒකාධිකාරය පවත්වාගන්න. එයාලා කැමති නැහැ එළවළු මිළ අඩුවෙනවට. මේවා ජාතික අපරාද. වගකිවයුත්තන් නින්දේ.(නදී)
අපේ කෘෂිකර්මයේ නිසි කළමනාකරණයක් නැති කමේ විපාක තමයි මේ. නිකන් මාධ්‍ය සාකච්ඡා තියලා පන්ඩිත කතා කියෙව්වට වැඩක් නැහැ.(නදී)
වෙළද ඇමතිතුමනි, ඔබ තුමාගේ නම කැතවෙනවා. අකාර්යක්ෂම නිළදාරීන්ට දැඩි පියවර ගන්න.(නදී)
වෙළද ඇමතිතුමනි, මොකද වෙන්නේ සතොස නිදිද?(නදී)
අහෝ! අවාසනාවන්ත රටක ස්වභාවය තමයි මේ. (නි)
මේක නම් ජාතික අපරාධයක්. පව් මේ ගොවියෝ මහන්සිවෙලා වියදමෙන් වගාකරලා දැන් විකුනගන්න බැරිව විසිකරනවා. ලංකාවේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද?(නදී)
ඇමතිවරු 66 ක් ඉන්නවා. එයින් එක්කෙනෙක් දාන්නකෝ මේවා ගැව හොයන්න.(නදී)
එළවළු කල්තබා ගැනීමට දඹුල්ලේ අධිශීතකරණ ඇති කළ යුතුයි. (නි)