(විනීතා එම් ගමගේ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
ඉදිරියේ දී රටේ ක‍්‍රියාත්මක වන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන ආයතනයක් බැවින් එය කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි යැයි ද සදහන් කළේය.
පසුගිය රජයෙන් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකරනු ලැබුයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් සිටි කමිටුවක් විසින් තෝරාදෙනු ලබන තැනැත්තන්ට නඩු නිර්මාණය කර පැවැරීම යැයි ද හෙතෙම කියා සිටියේය.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා මේ අදහස් පළ කලේ විදුලි බල අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා දැන් එම ආයතනයට නඩු නොඑන බැවින් රටේ ඇති නීත්‍යානුකූල ආයතන වන පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඇතුළු රාජ්‍ය ආයතන විසින් අපරාධ පිළිබද කටයුතු කරනු ඇතැයි ද පැවැසීය.
මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අපරාධ විසදීම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන බවද ඒ හරහා ඒවා විසඳුන් ඇතැයි ද ඉදිරියේ දී එවැනි ආයතනයක් මේ රටේ නොතිබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘එෆ්.සී.අයි.ඩී අහෝසි කරනවා ‘
Dilan Thursday, 09 January 2020 06:00 AM
මෙයාගේ හඬපටි එලියට ආවනම් ඒවත් අරවට නොදෙවෙනි ඒවා වෙයි කියලා හිතෙන්නේ මට විතරද?
palitha Thursday, 09 January 2020 06:01 AM
ඔව් ඉතින් නැත්තන් කෙරුවාවල් අහුවෙන්නේ, වෙන කාගේවත් ඒවා නෙවෙයි නේ නේද?
රසික Thursday, 09 January 2020 06:02 AM
වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. සිංහලයෝ කරගත්ත මෝඩ වැඩේ අමාරුකම ජුනි මාසෙ වෙනකොට වගේ දැනේවි. අන්තිමේදි ජන්දෙ දිපු අයවත් හොයාගන්න බැරි වේවි.
chandima wijesundera Thursday, 09 January 2020 06:21 AM
ඒක හොදයි ඒක හොදයි හොයන්ඩ කලින්, නේද?
Praba Thursday, 09 January 2020 06:24 AM
සහතික ඇත්ත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබ්බම ඇති. CID එකේ නිර්පාර්ශීය භාවය හා ස්වාධීනත්වය ගැන දැන් අපට ඉර හඳ වගේ විශ්වාසයි.
ලුම්බිණි Thursday, 09 January 2020 06:34 AM
හරි සතුටුයි නේද?
maheeL Thursday, 09 January 2020 06:41 AM
කෝටි ගාණක් මහජන මුදල් වියදම් කලාට අල්ලපු හොරෙක් නෑ. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
De Thursday, 09 January 2020 06:51 AM
අපිට පුළුවන් නම් අපි ඔය වැඩකට නැති 225 ඉන්න ගොන් මඩුව අහෝසි කරනවා , මැතිවරණෙ ළග නේද ? අපි ඔයාලට කරන දේ පෙන් වන්නම් . ඔයාලගේ නාටක හැමදාම ජනතාව බලන්න සුදානම් නෑ. හැමෝම කරන්නේ අපිව ගොනාට අන්දන එක.
Mahee Thursday, 09 January 2020 06:56 AM
නීතියේ ආධිපත්‍යය රජවෙන වගයි. එෆ් සී අයි ඩී ය නීත්‍යනුකුල නොවන ආයතනයක් නම් ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසියම නිත්‍යානුකුල නැහැ කියන එකයි. ඒ විදිහට ගත්තොත් කිසිම දෙපාර්තමේන්තුවක අලුතින් ශාඛාවක් පිහිටුවන්න බැහැ? දැන් ඉතින් ඇතට විසිවෙන බරපතල නඩු අහුලන්න, යට ගැහෙන පරීක්ෂණ වාර්තා දැමීමට කුණු කූඩ හදන්න එහෙම අලුතින් කීපදෙනෙක් බඳවා ගන්නත් වෙයි නේද?
Siri Thursday, 09 January 2020 07:05 AM
ඔව් එතකොට ඔයාලගේ හඬපට එලියට ඒම නවතිනවනේ !
sharm warn Thursday, 09 January 2020 10:03 AM
අප්පේ මෙයාට තියෙන සතුට. මහ මැතිවරනෙන් පස්සේ තව එව්වා බලාගන්න පුළුවන් වෙයි. ජනාධිපති මොකද මෙව්වට කරන්නේ කියලා බලමුකෝ.
ඉන්දික Thursday, 09 January 2020 02:42 PM
අපිට සභ්‍යත්වයක් තියෙනවනෙ මේ 225 ට නැති වුනාට...