IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඒකාකාරී පැත්තෙන් මිදිලා අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා

2016-11-17-ent-56

තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් චාමර වීරසිංහ හිදිසි අනතුරකට මුහුණ පා ඇති බව අන්තර්ජාලයේ විවිධ පුවත් මගින් පළ විය. එහි ඇත්ත නැත්ත සොයා සහ ඔහුගේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කර ගත්තෙමු.

 

ඔබ යම් අනතුරකට මුහුණපෑවා කියලා ආරංචියි?

2016-11-17-ent-55ඔව්, මගෙ යාළුවෙක් එක්ක බයික් එකේ පිළියන්දල ටවුන් එකට යද්දි ත්‍රීවිල් එකක හැපුණා. කකුලේ ඇඟිලි 3ක් පැනලා, දැන් ගල් බැන්ඩේජ් එකක් දාලා තියෙන්නේ. මූණෙයි, අතපයෙයි තුවාල ටිකක් තියෙනවා, තාම හරියට ඇවිද ගන්න බැරි එකයි ප්‍රශ්නේ.

 

මේ සම්බන්ධව අන්තර්ජාලයේ විවිධ පුවත් පළවෙනවා?

අපිට යම් දෙයක් වෙනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවනේ, ඒ අයට ඕන කොහෙන්හරි වාසි ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඒක තමයි ඒ කරලා තියෙන්නෙ. නමුත් මට ආදරේ කරන රසික පිරිසක් ඉන්නවා. ඒ අය මාව බලන්න රෝහලට පවා ආවා. මගේ දුරකථනයට ඇමතුම් ගොඩක් ආවා. ඒ හැමෝටම මම ස්තුති කරනවා.

 

නවක ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

"මේ සුබ පැතුම් ඔබටයි ළඳේ" කියන මගේ නවතම ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංගවලට ගියාම ඒක හොඳටම පේනවා. තවත් ගීත 3ක් එළිදක්වන්න නියමිතව තියෙනවා.

 

මෙම ගීතයෙන් කියැවෙන්නේ ඔබට සම්බන්ධ සිදුවීමක්ද?

අනේ නැහැ, ඒ ගීතය මට ලැබුණෙ ළහිරු පෙරේරා ළඟ ඉන්න මනුරග මල්ලිගෙන්, ඒක එයාගෙ අදහසක්. නැතුව මම කියලා ලියව ගත්ත එකක් නෙමෙයි.

 

මේ සුබ පැතුම් ඔබටයි ළඳේ" ගීතයට රූපරචනාවක් කර තිබෙනවා නේද?

ඔව්, රූපරචනාවක් කළා, නමුත් එයට මම සම්බන්ධ වුණේ නැහැ. විෂුවල් එකකට පෙනී හිටියා විතරයි. ඇත්තම කිවුවොත් ඒ රූප රචනාවට මගෙ එච්චර පැහැදීමක් නැහැ. ඉදිරියේ මගෙ ගීතවල රූපරචනා මමම තිර රචනය ලියලා කරන්න බලාපොරොත්තු වෙනවා.

 

අද පවතින සංගීත රටාව පිළිබඳව ඔබගේ අදහස

එන්න එන්න තාක්ෂණය දිවුණු වෙනවා, ඒ එක්කම මිනිස්සුන්ගේ රසාස්වාදයත් දිවුණු වෙනවනම් තමයි මම හිතන විදියට වටින්නේ. අද තියෙන සිංදු ගත්තත් බොළඳ වචන, බොළඳ තනු තියෙන්නේ. අනිත් එක ඔක්කොම ගීත එකවගෙයි. ඒ නිසා මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒකාකාරී පැත්තෙන් මිදිලා අලුත් දෙයක්.

 

ඔබ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒ ගැන යමක් කිව්වොත්?

ඔව්, දැනට අපි මාතර පුහුණුවීම් කරගෙන යනවා. ලබන අවුරුද්දේ පළමු ප්‍රසංගය කරන්නයි අපි අදහස් කරලා තියෙන්නේ. මේ වගේ දෙයක් කරන්න අදහස් කළේ අද ඇහෙන් නැති පරණ ගීත නවක අයට අහන්න දෙන්නයි.

 

අමරදේව මාස්ටර් සංගීත ක්ෂේත්‍රයට අහිමිවීම පිළිබඳව ඔබේ අදහස?

ලොකු දුකක් තියෙනවා, අපේ රටට කියාගන්න බැරි තරම් පාඩුවක් වුණේ මාස්ටර් නැතිවීම. මට හිතාගන්න බෑ ඉස්සරහට එතුමගෙ තැන ගන්න කෙනෙක්, දැනමුතුකමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා.

 

චාමරගේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?

ඇත්තටම මගේ බිරිඳ මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. අපට දුවෙක් ඉන්නවා, දුවගෙ වැඩයි, මගේ වැඩයි ඔක්කොම කරන්නෙ මගේ බිරිඳ. ඉතින් මම වාසනාවන්තයි, මේ වගේ බිරිඳක් ලැබීම ගැන.

 

පැමිණි ගමන් මඟ ආපසු හැරි බැලුවොත්?

මගේ ජීවිතයේ පොඩි පොඩි වැරදි තැන් කිපයක් තියෙනවා. ඒවා නිවැරදි කරගෙන එන්න පුළුවන්නම් ඒ දේ මම කරනවා. ආපසු හැරි බැලුවම එච්චරයි මට හිතෙන්නේ.

 

2016-11-17-ent-57

ඡායාරූප සහ සටහන මහේෂ් මලවර ආරචිචි

 

 



අදහස් (0)

ඒකාකාරී පැත්තෙන් මිදිලා අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 115 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 799 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1121 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 312 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site