IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්

(චන්ද්‍රසේන ගමගේ)

කාල්ටන් නිවසට අද  ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා අද (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගිවෙමින්ය.

මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.

එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ  නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.

 



අදහස් (13)

ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්

Mohan Mangala Mapa Sunday, 09 March 2025 04:17 PM

අම්මෝ එපා ... බය හිතෙනවා.

:       5       45

බකල ජයා Sunday, 09 March 2025 04:21 PM

ආයෙත් පෙර පාසලෙන්ම පටන්ගත්තා නම් හොඳ නැද්ද? ඔබතුමාගේ පක්ෂයේ අනිත් අයටත් කියන්න. අවුරුදු 15 කින් විතර උසස් පෙළ කරලාම දේශපාලනේට එන්න. 2040 වෙනකොට පොහොට්ටුව පිපිලා තියෙයි.

:       5       51

පම්පෝරි ජනක Sunday, 09 March 2025 04:27 PM

මැදමුලන සෙට් එකටම වෙන අතේ පයේ රැකියාවක් කරන්න දන්නේ නැහැනේ... පිනට කාලා තමයි පුරුදු...

:       7       53

චන්දේ දෙන අපි Sunday, 09 March 2025 05:32 PM

අපෝ එන්න එන්න ඔයා ඔයාගේ පුතා අර මල්ලි මල්ලිගේ පුතාලා කපුටු මල්ලි විරුවා, මරුවා ඔක්කෝම එකට තියලා ඇරියා මතක නෑනේ. ආයෙත් අපි ආසාවෙන් බලා ඉන්නේ ඔහෙලා දංගෙට දක්කන්න..!

:       6       33

Nandalal de Silva - France Sunday, 09 March 2025 06:03 PM

චමල් රාජපක්ෂගේ කළු පැටිකිරිය නොදන්නා කෙනෙක් ඇත්නම් ඒ ඊයේ පෙරේදා උපන් දරුවන් පමණකි !!! තිස්සමහාරාම බස් නැවතුම් පොළේ ටකරං තහඩුවේ "චමල් රාජපක්ෂ බස් නැවතුම් පොළ" කියා බොන්ඩ් ලෑල්ලක් එල්ලා ගත්තේ, ඒක එයාගේ පෞද්ගලික ධනයෙන් හැදුවා කියා පංපෝරි ගහන්නද? පළාතේ අසරණ ගොවි ජනතාවට බෙදා දීමට තිබුණු පොහොර මිටි දහස් ගණනක් "චරා" ට අයිති ගබඩාවක තිබී අරගල කාලයේ සොයාගෙන තිබුණු වග එයාට අමතක කරන්න පුළුවන් වුණත් ගොවීන්ට අමතක නැත. වලපයයි, ගොඩපයයි තියාගෙන හැරමිටියට පිං සිද්ද වෙන්න ඇවිදින "මරා - චරා" ජොඩුවට දැන් ආගම දහම සිහිකරමින් ඉන්නේ නැතුව මොන දේශපාලනයද? ගහපු ගැහිලි මදිවටද?

:       5       31

ravin Sunday, 09 March 2025 06:28 PM

හොඳ අදහසක්... ඇවිල්ලම බලන්නකෝ...!

:       2       16

ගමේ එකාලා Sunday, 09 March 2025 06:36 PM

නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව, තවමත් හිත ඇතුලේ තියෙන්නේ බලයට තියෙන කෑදරකම. දූෂිත පවුල් පාලන ආණ්ඩුව තියෙන කාලේ රටට කරපු විනාසේ හොඳටම ඇති. සාටකයින් පට්ට හොර දූෂිතයින්. ආර්ථික ඝාතකයින්... රටටම සාපයක්..!

:       4       19

යෝගා Sunday, 09 March 2025 06:46 PM

මාලිමා කුලී මඩ බලකායට ඔය වගේ ලණු දීලා ආතල් කුඩු කරන්න එපා. මේ දවස්වල හෝදන්න මහන්සි වෙලා ඔවුන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ. පවුනේ...

:       30       6

පොඩිඑකාSunday, 09 March 2025 08:02 PM

මෙන්න බොලේ යෝගා ආයෙත් දිවෙන් රාජපස්ස හෝදන්න පටන් අරන්...!

:       2       14

de silva Sunday, 09 March 2025 07:04 PM

එන්න ඇවිත් ඉතුරු ටිකත් කාලා යන්න. පළාත් සභාවට එන්න බැරිකමක් නැහැ. මැතිවරණ වේදිකාවල කියපු ලක්ෂ 12ක විට්ස් එක වැනි කතාවලට රැවැටිලා මාලිමාවට ඡන්දේ දුන් පොහොට්ටු සෙට් එකක් දැන් ආපසු හැරෙන්න කල්පනා කරනවා. පොහොට්ටුවේ වහල් බයියෝ සෙට් එක කොහොමත් ඉන්නවා... පළාත්සභා මන්ත්‍රී කමක් ගන්න අපහසු නැහැ...

:       3       7

Chathuri Sunday, 09 March 2025 07:11 PM

තමන්ට විශ්වාසද? අයියා මලෝ ඒ තරම් කාලයක් ජීවත් වෙයි කියලා. අයියා ජනාධිපති වුණු ගමන් පවුලේ සේරම පුදුම විදියට නැගිටලා ආවේ. 70-80 වර්ෂවල. පේන්නවත් හිටියේ නැහැ නේද? දැන් ආවොත් හොරාකන්න බැහැනේ. පාඩුනේ එන එක. ඊට වැඩිය ලේසියි, ඩේසි ආච්චිව දැම්මා නම්. ට්‍රයි එකක් දීලා බලන්න නාමල් බේබි ජාතික ලැයිස්තුවෙන් ආවා වගේ. ඔය කොන්ඩේ ඉදිලා තියෙන්නේ ඔලුවේ අමාරුවට... ඔලුවේ අමාරු තියෙන නිසානේ මුලු පවුලම වටවෙලා මේ දුප්පත් මිනිසුන්ගේ දේවල්. හොරා කෑවේ.... ආසියාවේ පොහොසත්ම හිඟන පව්ල... මහන්සි නොවී හොරාකාලා ඔය තැනට ආවේ කට්ටියම. අපායේ ඉඩ නැහැ. ඒකයි තවම ආවේ නැත්තේ...

:       1       9

ලූට මූස් Sunday, 09 March 2025 08:19 PM

මේ මුත්තා හිතං ඉන්නේ මේක මහළු නිවාසෙක නිවාසාන්තර ක්‍රීඩා තරගයක් කියලාද?

:       2       13

ජගත් ලියනගේ Sunday, 09 March 2025 08:21 PM

බණක් අහගෙන ඉන්නකෝ...! 

:       2       8

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ප්‍රමාදය නිසා මධ්‍ය අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි
2025 මාර්තු මස 09 802 0

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව


මාදම්පේ අනතුරකින් මවක් සහ දියණිවරු දෙදෙනෙක් මරුට
2025 මාර්තු මස 09 519 0

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ


බී.ඩි කොළ කිලෝ 1460ක් අල්ලයි
2025 මාර්තු මස 09 80 0

කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත


උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්
2025 මාර්තු මස 09 129 0

මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.


දේශබන්දු නාවොත් දේපොළ තහනම් කරනවා
2025 මාර්තු මස 09 466 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා


බදුලු විශේෂ දුම්රිය ගම්පොළදී පීලිපනි
2025 මාර්තු මස 09 218 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 540 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site