ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඉකුත් මැයි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබු බවත් එය වෙසක් සතිය නිසා මඟ හැරී ගිය බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉන්දියාවේ ‘‘ ද හින්දු “ පුවත්පතට පැවසීය.
ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සුදානම් බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තාද පළව තිබූ නමුත් එවැනි සංචාරයක් සිදුවූයේ නැත.මේ හේතුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සිදුකරන්නට යෙදුණු ප්‍රථම සංචාරය මඟහැරුණු බව හෙතෙම පවසා තිබේ.
“ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමග ශ්‍රී ලංකාව ඉතාම හොදින් ඇමෙරිකාව සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩනගා ගත්තා.වසර 40 කට පසුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයකු ප්‍රථම වරට දිවයිනට පැමිණියා. ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා“යැයි ඔහු එම පුවත්පතට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ට එන්න කියන්න කාඩ් කුට්ටමකුත් අරගෙනම . ප්‍රයිවෙට් ජෙට් එකෙන්ම එයි . (අ)
ඔබාමා මහතාගේ සාක්කුවේ කුඩා බුදුපිළිමයක් තබාගෙන ඉන්නවා කියලා පත්තරේක තිබුනා මතකයි (නි)
ඇත්තද? එයාටත් තව අවුරුදු 8 ක් තියනවා. හැබැයි මේ කාලේ නම් එන එකක් නැහැ. (නි)
මිදි කන්න බැරි වුනාම නරියත් ඔහොම කතාවක් කිව්වාලු! (අ)
ඔබාමා කියන්නේ අවුරුදු 8 කරලා ගෙදර යන අය. මේගොල්ලන්ගෙන් වැඩක් නැහැ. ස්වාසිලන්තේ රජතුමා කියන්නේ හැමදාම පුටුවේ ඉන්නේ අය. ඒ හින්දා කොහොමහරි එතුමාව ලංකාවේ සංචාරයකට ගෙන්න ගන්න බලමු. (නි)
මෙන්න තව යහපාලන සුරංගනා කතාවක්. ඔබාමා ආවත් අපට සෙතක් නැහැ, උඩහ කට්ටියට මිසක්. ඉතින් සුරංගනා ලෝක වල ඉන්න ළිං මැඩියන්ට නම් හොඳ කතාවක් වෙයි මේක. (නි)
\"ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා.....“ ඒ කියන්නේ අර අනෙක් යෝජනා ක්‍රම සඳහා භාවිතා කරන වචන සෙට් එකම (අපේක්ෂා කරනවා) නේද මේ? (අ)
මංගල මහතාගේ ටුවිටර්එ එකවුන්කට එක දැක්කොත් ට්‍රම්ෆ් මෙන්න කියල එයි. බලන්න එපයි හිලරිට කඩේ ගිය හැටි. නොදකින් ! (අ)
ආවත් දැන් ඉතින් ගෙන්නාගෙන වැඩක් තියනවද? ගෙන්නනවා නම් ට්‍රම්ප් ගේනවා මිසක්. එයා අරගොල්ලෝ එක්කලත් වැඩිය අැයිහොඳයියක් නැහැනේ පොල් ගැහිල්ල නිසා. එයාටත් වෙසක් කාලේ වෙනකල් ඉන්නේ නැතුව දැන්මම ආරාධනාවක් කරලා බලන්න. (නි)
අනේ මෙහෙමත් කතා? දැන් ඕවා කිව්වා කියලා ඇති වැඩේ මොකද්ද? මේ රටේ කරන්න වෙන වැඩ නැද්ද? කතා කරන්න වෙන දේවල් නැද්ද? (නි)
වෙසක් එක තියෙන දවස වෙනස් කරමු. බැරි නැහැනේ, නේද? හැමදේම වෙනස් කරන්න හදන එකේ අපි සංහිඳියාව කියන එකත් වෙනස් කරමු. කරන්න බැරිනම් ඔය ඇමති කෙනෙකුට කියලා පුවත්පත් සාකච්ඡාවක් තියලා හේතු මවලා කියන්න කියමු (නි)
හරි ගෙන්නලා බලන්නකෝ. ජනතාවට තරු පෙනෙයි. මොකද ඒවත් ගෙවන්න වෙන්නේ අපිටනේ. (නි)
කොහොමහරි ගේන්න. ඒක විතරි අඩු දැන් අපිට. සියලු වියදම් මහජනතාවගෙන් (නි)
රොමේෂ්, ඔයාගේ බුද්ධිමත්ම ප්‍රකාශයට ගොඩක් ස්තුතිය්! (අ)
දැන් ඉතින් ට්‍රම්ප් මහත්තයව ගෙන්න ගන්න බලන්න (බ)
ඔබාමාව ගෙන්වන්න තිබුන හොඳම සතිය මම හිතන්නේ වෙසක් සතිය. බොරුවක් වත් හරියට කියාගන්න බැරි අය තමා අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. (අ)
ලංකාවට තදේට වැස්සත් ඒ ගැන ඇමරිකාවට දන්වන කාලයක් මේක. රටේ ප්‍රශ්න විසඳාගන්න රටවල් පස්සේ දුවන එක නතර කරන්න ඕනෑ කාලයක් මේ. ප්‍රධාන අරමුණ ආධාර. රටේ දුෂණය නැති කළොත් අපිට මේතරම් හිස නමන්න අවශ්‍ය නැහැ (නි)
රොමේෂ් නිකන් ළිං ගෙම්බෙක් වගේ. (නි)
මේ මිනිස්සුන්ව ගෙන්වා ගන්න නොවෙයි අවශ්‍ය වන්නේ. මොවුන්ගේ මතකයෙන් අපේ රට පුළුවන් තරමක් අයින් කරන එක. එතකොට ගොඩක් සැනසිල්ලේ ඉන්න පුළුවන්. (හේ)
වෙසක් කාලේ ගෙන්නුවා නම් ඔහුට වෙසක් උත්සව පෙන්වා, රටේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවය පෙන්වාදෙන්න තිබුනා. ඔහු ලවා ජාතික වෙසක් උත්සවය පවා විවෘත කරවන්න තිබුන. එහෙත් එහෙම කළා නම් මේ රටේ සැබෑ ආගමික සංස්කෘතික අනන්‍යතාවය ඉස්මතු වන නිසාත්, බුද්ධාගමට ප්‍රමුඛතාවක් ලැබෙන නිසාත්, ආණ්ඩුවෙන්ම කියන්න ඇති මේ කාලේ එන්න එපා දීපාවලි, හජ්ජි හෝ නත්තල් සමයක එන්න කියා! මේ නොකියා කියන්නේත් මෙයම නොවේද? (නි)
එයා නාවට 2015න් ජනවාරියෙන් පස්සේ ලංකාව පාලනය කරන්නේ කොහොමත් ඉතින් ඇමෙරිකාව සහ විදේශ කටයුතු දෙපර්තමේන්තුවනේ. ඉතින් තමන් ගහන බෙරපදේටම නටන කොලනියක් බලන්න මොකට එනවද කියලා හිතෙන්න ඇති ඔබාමට. කොහොමත් කියන දේ කියන පමාවෙන්ම කරනවනේ එපරිද්දෙන්ම. (නි)
ඇයි වෙසක් කාලේ ඔබාමට එන්න බැරි? මේ නොකියා කියන්නේ බෞද්ධ උත්සවයක් කාලේ ආවොත් ආණ්ඩුව බුද්ධාගමට ප්‍රමුඛත්වය දුන්නා වෙනවා නිසා ඒ කාලේ එන්න එපා කිවුවා කියලා නේද? මේ ආණ්ඩුවේ බෞද්ධවිරෝධී ප්‍රතිපත්තියට හොඳම සාක්ෂියක් (නි)
ආවේ නැති එක හොඳයි. (නි)
ඔබාමාට වෙසක් ඇලජික්ද? (නි)
සෑම්, වෙසක් බලන්න එතුමා කැමතිවෙලා හිටියේ. (නි)
මේ කියන්නේ අමුලික බොරු කියලයි මම හිතන්නේ.මොකද ඔබාමා වැස්සකටවත් ගොඩවෙන්න ලංකාවට එනවා කිවුවා නම් ඒ පුවත ආ සැණින් මාධ්‍ය වල දාලා එහෙනම් එදා ඉඳලම ෂෝ එක පටන්ගන්නවා. මේ රටේ පොදු ජනතාව දැන් ඉදිරියෙන් ඉන්න බව තේරුම්ගත්තා නම් හොඳයි. (නි)
රාජ්‍ය නායකයින් තමන්ගේ රාජ්‍ය චාරිකා එම රටේ ජාතික /ආගමික /සංස්කෘතික උත්සව අවස්ථාවන්හි යොදාගන්නා ප්‍රවනතාවයක් තියෙද්දී ඇමතිතුමා මීට වඩා පිළිගත හැකි හේතුවක් කිව්වානම් හොඳයි. (බ)