ජූලි මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (17 වැනිදා) ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ට බාර දෙන ලදි. වර්ෂ 1896 දී නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පළමු වරට පැවැති ගී‍්‍රසියේ පැනතීනියා කී‍්‍රඩාංගණයේදී ඔලිම්පික් ගිනිසිළුව බාර ගැනීමට පැමිණ සිටි එංගලන්ත දුත පිරිසේ නායිකාව වූයේ එළිසබෙත් මහරැජිනගේ දියණියක වන ඈන් කුමරියයි. ලන්ඩන් ඔලිම්පික් සංවිධාන කමිටුවේ සභාපතිවරයා වන හිටපු ඔලිම්පික් කී‍්‍රඩක සෙබස්තියන් කෝ, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු සහ ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් යන මහත්වරුද මෙම දුත පිරිසට ඇතුළත් වූහ. ඈන් කුමරිය, එංගලන්ත ඔලිම්පික් සංගමයේ සභාපතිනියයි. කි‍්‍රස්තු පූර්ව 330 දී ඉදිකරන ලද පැනතීනියා කී‍්‍රඩාංගණය පළමු වැනි නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා 1896 දී නවීකරණය කරන ලදි. බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී ඇතෑන්ස්හි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ පහන් දැල්වීම සඳහා යොදා ගන්නා ඔලිම්පික් ගිනි සිළුව, සිකුරාදා බි‍්‍රතාන්‍ය ගු-වන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් නිරිත දිග එංගලන්තයේ නාවික කඳවුරක් කරා රැගෙන යනු ඇත. එතැන් සිට මහා බි‍්‍රතාන්‍යයේ ගමන් අරඹන ඔලිම්පික් ගිනි සිළුව, මාස දෙකක කාලයක් පුරා ධාවකයන් 8000 ක් අතිනතින්, සැතපුම් 8000 ක (කිලෝ මීටර 12,874 ක්) දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් කී‍්‍රඩාංගණය කරා පිවිසෙනු ඇත.
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට බාරදෙයි
මතුර්චාන් Friday, 18 May 2012 05:10 PM
කූල්......
මතුර්චාන් Friday, 18 May 2012 05:14 PM
නියම සුපර් අයිඩියා එකක්
මතුර්චාන් Friday, 18 May 2012 05:16 PM
හැම රටකම ඉන්න අපේ පරණ යාළුවෝ