ලන්ඩන් නුවරදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු බොක්සිං ක්‍රීඩකයන්ගේ තරගාවලියේ කිලෝග්‍රෑම් 52 සහ කිලෝග්‍රෑම් 56 බර පංති දෙකක් සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා වන තේරීම් තරග මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පානදුර යුනිචෙලා ආයතන බොක්සිං ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. අපේ‍්‍රල් මස 4 වැනිදා සිට 13 වැනිදා දක්වා කසකස්තානයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියට ආසියානු කී‍්‍රඩකයන්ට සුදුසුකම් ලබා ගත හැකි අවසන් අවස්ථාව වේ.
බර පංති 11 ක් යටතේ තරගාවලිය පැවැත්වුණද, කිලෝග්‍රෑම් 52 ෆ්ලයි සහ කිලෝග්‍රෑම් 56 බැන්ටම් බර පංති කෙරෙහි පමණක් ශ්‍රී ලංකාව විශ්වාස තබා තිබේ. තරගාවලියේදී 52 බර පංතියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩකයන් සිවුදෙනාට සහ 56 බර පංතියේ පළමු ක්‍රීඩකයන් තිදෙනාට ඔලිම්පික් වරම් හිමිවීමේ වාසිය මත මෙම බර පංති දෙක තෝරා ගෙන තිබේ.
තේරීම් තරග සඳහා 2010 සහ පසුගිය වසරේ පැවැති ප්‍රධානතම දේශීය බොක්සිං තරගාවලිවලදී මෙම බර පංති දෙකේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක්‍රීඩකයන්ට ඉදිරිපත්විය හැකිය. ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා වන අතර යුද හමුදාවේ ආර්. ටී. වීරක්කොඩි බැන්ටම් බර පංතියේ ශූරයා වේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඔලිම්පික් යන්න බොක්සිං බර පංතීන් දෙකකින් තේරීම්