(බිමල් ජයසේකර - ඇමෙරිකාවේ සිට ) ඇමෙරිකාවේ ඔහායෝ බෞද්ධ විහාරයේ අවුරුදු උළෙල අප්‍රේල් 20 වන දින සින්සිනාටි නගරයේ එම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම උළෙල, ශමි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අවට නගරවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකික දායක පිරිසගේ එකමුතුවෙන් පැවැත්විණි. කිරි ඉතිරවීම, අවුරුදු මේසය, වැඩිහිටියන්ට බුලත් දීම, හිස තෙල් ගෑම වැනි චාරිත්‍ර වලට විශේෂ ස්ථානයක් මෙහිදී ලබාදී තිබුණු අතර රබන් ගැසීම, කොට්ට පොර, කනා මුට්ටිය බිඳීම වැනි ක්‍රීඩා රැසක්ද ඇතුළත් කර තිබිණි.
මේ සියලු දේ එක්වීම නිසා තම මවු රටේදී අවුරුදු චාරිත්‍ර ඉටුකරන හා අවුරුදු ක්‍රීඩා කරන ආකාරයේ හැගීමක් සියලුදෙනාටම ඇතිවූ අතර අමෙරිකාවේ උපන් ලාංකික දරුවන්ට සුවිශේෂී අත්දැකීමක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ශ්‍යාමන්. කෑම මේසය එළියේ සුදානම් කරන්නේ. හදිස්සියේ පාත්තයෙක් එහෙම කෑම මේසයේ ලෑන්ඩ් කලොත් ඔක්කොම ඉවරයි.(නදී)
හරිම සන්තෝෂයි අපේ අය මොන රටක හිටියත් අවුරුද්ද සමරන එකට (නි)
ගොඩක් සතුටුයි. හරිම ලස්සනයි.(ස)
ඉතාමත් ඉහලින් අගය කල යුතු ක්‍රියාවක් . මොන හොඳ දෙයක් කලත් වැරදී කියන කොටසක් ඉන්නවා . ඒක තමා ලෝක ස්වබාවය . මම එක වරක් සහබාගි උනා මිචිගන් වල පන්සලක පුජාවකට . මට ඇති වුන සතුට කියා නිම කරන්න බැහැ . ලංකාවෙන් පිටතකදී මේ වගේ දෙයක් දැකල ඇතිවුන පැහැදීම . නොදැකපු අයට විහිළුවක් වෙන්න පුළුවන් (අ)
සංජය ඒක ඇත්ත. උන්වහන්සේ බොරු නොකියන මිනිස්සු රවටන්නේ නැති කෙනක් කියලා කැලිෆෝර්නියාවේ අය විතරක් නෙමෙයි ලංකාවේ අය පවා දන්නවා .ඔහායෝ අයත් හරියට හොද කියනවා (නි)
කව්රු කෙසේ කීවත් මේ සුමනජෝති හාමුදුරුවෝ කියන්නේ ඉතාම හොඳ කෙනෙක් කියලා මුළු ඇමෙරිකාවේම ඉන්න ලංකාවේ අය දන්නවා. සුමන ජෝති හාමුදුරුවෝ හැමෝටම පිහිට වෙන කෙනෙක්. ඒ වගේම සිල්වත් හිමි නමක්. හාමුදුරුවන්ට පින්.(නදී)
නියම බෞද්ධයා කියන්නේ, හොද වගේම නරක දරාගැනීමෙන් යුක්ත කෙනාටයි. ඉතින් කිසිවෙක් අපේ අඩුපාඩුවක් කී විට එයට ඇහුන්කන් දී අපේ අඩුපාඩු සකසා ගැනීම මම හිතන්නේ නියම බෞද්ධයාගේ විශේෂත්වයයි. (නි)
උපුල් අපේ කට්ටිය වදුරන්ගෙන් බන අහලා ජෙතවනාරමයට ගල් ගහපු අය වගේ. නැත්නම් දානය ඉස්සෙල්ලා කනවද බලාගෙන මුන් බුද්ධ පුජාවත් කයි.(නදී)
ස්වාමින්වහන්සේලට ඉස්සෙල්ලා දායකයෝ දානේ කාලා ද? දානේ බෙදන්න ඉස්සෙල්ලා කොලේ ඉරාගෙන නේද? මේ අය දයකයෝද රැකූන්ලද අනේ ස්වාමින්වහන්ස මෙයාලව හදාගන්න නැත්නම් පන්සලත් උගස් කරාවී.(නදී)
උපුල්, කිවුවාට තරහ වෙන්න එපා. ඊලග වෙසක් උත්සවයවත් හොදට සංවිධානය කරන්න බලන්න. වියදම් ගියාට කමක් නැහැ. අපි සහයෝගය දෙන්නම් . (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇත්තද මේ අපේ කට්ටිය හාමුදුරුවන්ට දානේ දෙන්න ඉස්සෙල්ලා කෑම ටිකට වැඩේ දුන්නා කියන්නේ. (නි)
හිතාගන්න බැහැ බෞද්ධ කියල කිවුවට, කීදෙනෙක් නියම විදියට බුදු මග යනවද, කීදෙනෙක් හරියටම බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය තේරුම් ගන්න උත්සහ කරනවද කියලා. මෙතන අදහස් වලින්ම ඒක තේරෙනවා. වැඩි හරියක් අදහස් වල තියෙන්නේ අඩුපාඩු සහ මීට වඩා හොඳට කොහොමද කරන්නේ කියලා. (නි)
පින්කම් උත්සව කරන හැටි ඉගෙනගන්න ඕනෑ නම් ඉන්දියානා පන්සලට යන්න.පසුගිය දවස්වල තිබුනු පින්කමට අපි ගියා. හරිම පිලිවෙළයි.ගොඩක් වියදම් කරලා තිබුනා. (නි)
උපුල්, මම අදහස් කලේ නැහැ ඔබ හිතන විදියට . හැම පින්කමකටම, උත්සවයකටම වසර 8ක් තිස්සේ සහභාගී වෙන කෙනෙක් හැටියට මම දැකපු දේ විශේෂත්වයයි මම සදහන් කළේ. නැතුව ඔබ හිටන විදියට නෙමේ. ඔබ හිතලා බලන්න පසුගිය වසර කීපය තුල ළමයින්ට තරග පවත්වන්න යනකොට තමා දෙහි ගෙඩිය සොයන්න යන්නේ. එහෙම නැත්නම් හැදී සොයාගෙන පන්සල දෙවනත් කරන්නේ, සමී වගේ කෙනකේ මුලීක වුණහම වගකීමක් තියෙනවා. ලස්සනට වැඩෙත් කෙරෙනවා .නැතිව ප්‍රශ්ණ ඇතිකරන්න නෙමෙයි (නි)
උපුල් එක්ක සියට සීයක් එකඟයි. නයනි, චමින්ද බෙදීම් ඇති කරන්න එපා. හැමදෙනාම එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. (නි)
හරි ලස්සන කෑම මේසය. ඇමෙරිකාවේ ආර්ථිකය මේතරම් නරක කාලෙක ගොඩක් වියදම් කර මේ විදියේ කෑම මේසයක් සුදානම් කිරීම ගැන හරිම සන්තෝසයි.(නදී)
නයනි, චමින්ද අනවශ්‍ය ප්‍රශ්න අපේ පන්සලේ ඇති කරන්න එපා. මෙච්චරකල් බොහොම හොදට හැම දෙයක්ම සංව්ධානය කරලා තිබුන. ඒවා මෙච්චර කල් කරපු අයට බොහොම පින් . පන්සලට එන හැමෝම දන්නවා අපේ පන්සල ගැන කොච්චර ලස්සනට පිළිවෙලට වැඩ කරන තැනක්ද කියල . (නදී)
ගජභාහු, ලංකාවේ අවුරුදු කෑම මේසය කියන්නේ චාරිත්‍රානුකූලව නැකතට පොල්තෙල් පහන දල්වලා, පවුලේ හැමෝම නැකතට ආහාර අනුභව කරන මේසයට. ඒ චාරිත්‍රය කොහොමද කෙරෙන්නේ කියලා අපේ දරුවෝ දැනුවත් කරන්නයි මේ විදියට එළියේ කෑම මේසය පිළියෙළ කරලා තිබුනේ. එහෙම නැතුව මේක එදා තිබුන එකම එක කෑම මේසය නෙමෙයි. (නි)
ඒක නම් ඇත්ත නයනී , මේ පාර උත්සවය ලස්සනට තිබ්බා. ඉස්සර පින්කම් උත්සව කිසිම පිළිවෙලක් නැහැ. කරන්න ඕනෑ නිසා කළා වගේ. එම නිසා සමීට දුනනාම ලස්සනට උත්සව සංව්ධානය කරවී, අපේ සම්පුර්ණ සහයෝගය දෙනවා. (නි)
සමහරු මොකද බොරු කියන්නේ? කෑම මේසය ඇතුලේ නැහැ කියලා දුමින්ද කියන්නේ, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
අවරුදු උත්සවය හොදට සංවිධානය කරලා තිබුනා.ශමිට ස්තුතියි.අනිත් පින්කම් ටිකත් සංවිධානය කරන්න ශමිටම දෙනවා නම් හරි හොදයි .එතකොට පිලිවෙලයි . (නි)
කෑම මේසයක් ඇතුලේ තිබුනේ නැහැ. ලලිත්, ඔයා ඔහොම අහන්නේ "ගුරු"ලියලා තියෙන එක නිසාද? මට හිතෙන්නේ "ගුරු" කියන්න අදහස් කරලා තියෙන්නේ "කෑම මේසය තියන්න තිබුනේ ඇතුලේ" කියලා වෙන්න ඕනෑ. මොකද එහෙම කෙනෙක් එදා හිටියේ නැති නිසා. කොහොම වුණත් අවුරුදු කෑම මේසය එළියේ පිළියෙල කළේ හැමෝටම, විශේෂයෙන්ම දරුවන්ට හොඳට බලාගන්න පුළුවන් වෙන්න. පන්සල ඇතුලේ එහෙම ලොකු ඉඩක් නැහැ. (නි)
කෑම මේසය ඇතුලේ තියෙනවා නම් එළියේ නිකන් මේස ෆොටෝ ගහන්නේ ඇයි? ඇතුලේ කලුවරද? (නි)
ලොකු පොඩි හැමෝටම එකවගේ අවුරුදු ක්‍රීඩා තිබුණා. කොට්ට පොර , කඹ ඇදීම, බනිස් කෑම, හැන්ද මත දෙහි ගෙඩිය, ගෝනි රේස්, කනා මුට්ටිය, මේ හැම ක්‍රීඩාවක්ම ලොකු පොඩි හැමෝටම තිබුණා. ප්‍රධාන අරමුණ වුණේ අපේ දරුවන්ට අපේ දේ ගැන අවබෝදයක් ලබා දීම. ඒ නිසයි ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, අවුරුදු මේසය, බුලත් දීම, හිසතෙල් ගෑම, රබන් ගැසීම වගේ දේවලුත් ඇතුලත් කරලා තිබුණේ. (නි)
ලස්සන අවුරුදු උත්සවයක්. වැඩිහිටියන්ටත් තරග කීපයක් තිබුණා නම් වටිනවා. (නි)
පිටරටක මේ විදියට හරි අපේ සිරිත් විරිත් ඉටුකිරීම අපි අගය කළයුතුයි, අඩු පාඩු හොයන්නේ නැතුව. පොඩි දරුවන්ට අපේ දේ කියල දෙන්න ඇතුලක හරි එළියක හරි කොහේ තිබුනම මොකද? කොහොම හරි කරපු දේ ගොඩක් වටිනවා. (නි)
කෑම මේසේ තිබුණේ ඇතුලේ මෝඩයිනේ (නි)
බණ්ඩාර, ලලිත්, අවුරුද්ද කියන්නේ මුදල් වියදම් කරලා ලෝකෙට පෙන්න කරන උත්සවයක් නෙමෙයි. ඔහායෝ පන්සලේ කරලා තියෙන දේ ගොඩක් අගය කළයුතුයි. ලොකු සැරසිලි, වේදිකා නැති වුණාට අවශ්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරලා තියෙන පාටයි. බටහිර සමාජයක හැදෙන වැඩෙන ඒ කුඩා දරුවන්ට අපේ දේවල් අගය කරන්න කියල දීම ගොඩක් වැදගත්. ලංකාවේ ඉන්න අපටත් මේක ලොකු ආදර්ශයක්. (නි)
අගය කළ යුතු වැඩක් (නි)
කෑම මේසයෙ තවත් කෑම තිබුනා නම් තවත් ලස්සනයි (නි)