උතුමානණි, ස්වාමීනි, හාමුදුරුවනේ වැනි වදන් වලින් ගිහි ප්‍රභූන් ආමන්ත්‍රණය කරමින් කොන්ද නමාගෙන ඔවුනට ගරු සරු දැක්වීමේ දේශාපාලන ක්‍රමය නතර කළ යුතු යැයි ද, ඕනෑම ප්‍රභූවරයකුට ‘මහත්තයා‘ යනුවෙන් ඇමැතීමේ සංස්කෘතියක් තිබිය යුතු යැයි ද හිටපු හමුදාපති සරත් පොන්සේකා බද්දේගම දී පැවැසීය. අවුරුදු 10-15ක් වැලිකඩ බෝගම්බර හිරගෙවලට දැමුවත් තමා ජනතා සේවය යටපත් කළ නොහැකි යැයි ද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවට කටේ මසුරන් දාන්න වටිනවා. මෙතුමාට අවුරුදු හතරක් දුන්නා නම් රට ලස්සනට හදලා ගන්නවා. (නි)
ඔය ඔක්කොම මනස්ගාත නේද ?(ස)
එතකොට කලවැද්දා කියා ඇමතීම ? (නි)
රටකට අවශ්‍ය කරන නියම නායකයෙක්. (නි)
මම විශ්වාස කරනවා ඔහු අපේ රටට යහපතක් කරාවි කියලා..!!(නු)
ෆොන්සේකා මහතාට යම් කිසි දෙයක් කළ හැකි බව පේනවා..!!(නු)
ඔබතුමාගේ කතාවට මමත් එකගයි. මසුරන් වටින කතාවක් (ස)
හිරේ ඇතුළෙදි ඔබතුමාට මොකක් කියලද ඇමතුවේ? අපි මේ නොදන්නාකමටයි අහන්නේ.(නි)
සමහර අය උතුමාණෙනි කියන එකේ තේරුම වත් දන්නවාද දන්නෙ නැහැ..!!(නු)
යුරෝපා රටවලදී මහාචාර්ය වරයට උනත් සර් කියන්නේ නැහැ. ඉස්සරහට හමුවුණාම ඔහු කියන්නෙත් හායි කියල. අපි පිළිතුර දෙන්නත් හායි කියල. කිසිම වෙන අමුතු ආමන්ත්‍රණයක් නැහැ. සර් කීවේ නැහැ කියල ලකුණු අඩුවෙන්නෙත් නැහැ. අනේ අපේ රටෙත් ඒවගේ දවසක් එනවනම් කොච්චර හොඳද? (ස)
එතුමාගේ කතාව නිකං කෝට් ගලවපු හමුදා කරුවෙක් වගේමයි. එහෙම නැත්තං එතුමාට ඔය දර්ශනය හමාදාවේ සිටියදී තිබුනානං අර පැරඩ් වලදි එහෙම උතුමාණනි කියන්න ඕන නෑ නේද? කාලය යනකොට එක එක දේවල් කියන එක ඒ තරං හොද දෙයක් නොවෙයි. කාලෝ අයංතේ. සුභ ගමන්..(ස)
ගරු කරන්න ඕන අයට ලංකාවෙ මිනිස්සු හදවතින්ම ගරු කරනවා.. එවා හද පත්ලෙන්ම එනවා... ඔයාට දැං ඉතිං කවුරුත් උතුමාණෙනි කියන්නෙ නැහැනෙ නේද? මොනවා උනත් අපි ඔබටත් ගරු කරනවා.. ඔබ යුද්ධය දිනන්න ලොකු කැපවීමක් කළා..!!(නු)
අපි මැරිලා ඉපදුණා කියලා මෙතුමා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. (නි)
ගාමිණී. මහාචාර්යවරයෙක් කියන්නේ සර් කියන්න වටිනාම පුද්ගලයෙක්.. අපි නම් දන්නේ යුරෝපයේ කම්කරුවටත්, ජනාධිපතිතුමාටත්, අමතන්නෙ මහත්තයා කියලා කියන එකයි..!!(නු)
ඔහොම යන් ඔහොම යන්. කොහොමත් අනාගතෙය්දීත් නම තියනවා. (නි)
ඔබතුමා හමුදාවේ සිටියදීත් මෙවැනි ගතිගුණමද තිබුණේ? (නි)
රජෙක් වගේ ඉන්න පුලුවන් අපේ රජා දැන්වත් කට පරිස්සම් කරගත්තොත් හොදයි. (නි)
කියනකොට ඔහොම වුණාට කරනකොට තමයි වැඩේ තියෙන්නේ. (නි)
මේ අවිචාර සමය නිමා කළ හැක්කේ ඔබට පමණයි. (නි)
ඒක නම් හොදයි තමයි. ඒත් මහත්තයාමනේ ඡන්දෙකට ඉදිරිපත් වුණාමනේ අනෙක් අයට වෙනස් නම් වලින් කතා කරන්නේ. (නි)
ඔබතුමා මේ රටත් ජාතියත් බාරගන්න (නි)
මෙතුමා දන්න දේශපාලනයක් නැහැ වගෙයි. (නි)
විනාශ වුණු රට ගොඩ නගන්න ඔබට පුලුවන්. (නි)
'අපේ අනාගත බලාපොරොත්තුව' (නි)
'ඔබ ඇති තැන නැත බියසැක' (නි)
හරියටම හරි (දී)
අපි කතා නොකරම ඉමු..!!(නු)
එයාලට කතා නොකරම හිටියනම් හරිනෙ...!!(නු)
හරියට හරි ඒ මහත්තයගේ කතාව. මමත් අනුමත කරනවා (ස)
එතුමාට දුන්න අවස්ථාවෙන් නම් උපරිම ජයක් රටට ලැබුණ. මීලඟ අවස්ථාවත් දුන්නොත් බලාගන්ඩ පුළුවනි දින වකවානු අකුරටම නියම කරලා ඒ වැඩෙත් අකුරටම ඉටු කරන හැටි (ස)
නියම කතාවක් (නි)
මහත්මයාණනි. ඔබ හරි (අ)
අපි එතුමාටත් අවසථාවක් දීලා බලමු .(ස)
වැඩේ නම් හොදයි. බලේ නැති එක තමයි ප්‍රශ්නේ. (නි)
කතාව නම් ඇත්ත තමා. ඒත් ඔය කතා ඔක්කොම බලයට එනකන් විතරයි. බලය ලැබුණහම ඒ හැම දෙයක්ම අමතකයි. කරන්නෙ වෙන වෙන දෙවල්. අන්තිමට වෙන්නෙ තමන්ට ජීවිත කාලෙටම හරියන්න හම්බකරගන්න එක විතරයි, රටට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා. රටට ඇත්තටම වෙන දේ, වෙලා තියන දේ ඔය කාටවත් පෙනෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. (නි)
ගරු, අතිගරු යැයි හදුන්වන අයගෙන් ගරු, අතිගරු සේවයක් සැබවින්ම ලැබෙනවාද? (නි)
ඔය කොයි කවුරුත් තැකකට එනතුරු මේ වගේ කතා කියනවා.. එයා කතා කළ විදිහ හැමෝම නොදන්නවැයි..!!(නු)
ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනෑ වෙන්නේ සරත් මහත්තයෝ. (නි)
මෙයානම් ඒ කාලේ කට්ටියට ආමන්ත්‍රණය කළේ කලවැද්දා කියලා නේද?(නු)
මමත් එකගයි..!!(නු)
මමත් එකගයි. (නි)
දේශික, පුෂ්පකුමාර, ඔයාලා ගැන මට කණගාටුයි.. අද දියුණු රටවල් හැමෝටම කතා කරන්නෙ නම කියලා.. ඔයාල වගේ හිතන අය ඉන්නකම් අපේ රට දියුණු වෙන්නෙ නැහැ...!!(නු)
එහෙනම් හමුදාවේ කොල්ලන්ට තියෙන්නේ මචං කියලා ආමන්ත්‍රණය කරන්නයි..(ස)
කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්..(ස)
මේවා කිව්වට කවදාවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ..!!(නු)
එස්.එෆ් ජනතාවට දුන් පොරොන්දු ඉටුකළා... හිරේ දමා හිටියත් නැමුණෙ නැහැ.. එයාට බලය ලැබුණොත් අපේ රටේ දූෂණ වංචා කරන අයට තරාතිරම නොබලා දඩුවම් දේවි.. එහෙම නැතිව රට හදන්න අමාරුයි..!!(නු)
අපි සැවොම ඔබ සමග එකගයි සර්. (නි)
මෙයා මොනවාද මේ කියන්නේ.. මෙයා නිසා රටටත් අවනම්බුවක්..!!(නු)
වචන වෙනස් වෙනව කාලය සමග (ස)
එතුමාගේ කතාවට මම නම් සම්පූර්ණයෙන් එකගයි. (නි)
එතකොට සත්තුන්ගේ නම්? (නි)
ඇත්තටම ඒ වැඩේ නම් හොදයි. (නි)
ඇයි ඔයාලට අහගෙන ඉන්න බැරිද? ඉරිසියා හිතෙනවද? (නි)
එතකොට උතුමාණනි , ඒ දවස්වල සත්තුන්ගේ නම් සමහරක් කිවුවේ කවුද දන්නේ නැහැ නේද ? මම නම් කිවුවේ නැහැ ඔන්න. (නි)
ඒ වගේම තවත් සුදුසු නැති වචන තියෙනවා. (නි)
කවුරුත් ඉතිං මුලින් කියන්නේ ඔහොම තමයි. (නි)
හමුදාවේ ඉන්නකොට කට්ටිය ඔහොම කළා නම්? (නි)
අපේ රටේ මිනිස්සු ලොක්කන්ගේ බල්ලන්ටත් සලකන ජාතියක් (අ)
ඒකට මාත් එකඟ වෙනවා....(ස)
'හායි' කියලා ආමන්ත්‍රණය කරන්නත් බැරිද? (නි)
උතුමානණි, ස්වාමීනි, හාමුදුරුවනේ වැනි වදන් එපා. මහත්තයා යනු ඉතා සාධාරණ ආමන්ත්‍රණයකි. ඒ වගේම තමයි තව නොගැළපෙන වදනුත් තියෙනවා. (නි)
අපිව මෝඩයා කරන්න බැහැ. (නි)
කොන්ද පණ ඇතුව කතා කරනවානම් ඔය ආමන්ත්‍රණ කිසිවක්ම වුවමනා නැහැනේ. (නි)
ආ.............මෙච්චර දවසක් කොහේද හිටියේ...(ස)
ඒ කතාව නම් ඇත්ත. මමත් එකගයි. (නි)
ඔය ඔක්කොම කතා තාවකාලිකයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
හොද කතාවක් තමයි කියලා තියෙන්නේ. ඒත් ඉතිං එහෙම නැමිලා කතා කරන එක අපේ අයගේ පුරුද්දනේ. (නි)
කොන්ද නවාගෙන කරන ආමන්ත්‍රණ වලින් වෙන්නේ ලෝකය ඉදිරියේ අප නිහීන ජාතියක් වීම පමණයි. (නි)
සරත් මහත්තයා මට දෙවු ලොව දෙවියන් හා සමානයි. (නි)
මහත්මයා කියල ආමන්ත්‍රණය කරන්න පුලුවන් අය අද ලංකාවේ ඇත්තේම නැහැ . අපේ රටේ 'නෝන, මහත්තයා' කියන්නේ ඇදන් ඉන්න ඇදුම දිහා බලලයි. ඔය කොයි මහත්තුරු ආවත් රටට වෙන සෙතක් නැහැ. (නි)
හමුදා කොල්ලො වෙව්ලුවේ නැත්නම් මට මල පනිනව (අ)
සංජය, මමත් එකගයි තමයි. ඒත් මේ කතා සියල්ල තාවකාලිකයි. මේවා කලකදී වෙනස් වෙනවා. අපිට මේ සම්බන්ධව අත්දැකීම් රාශියක් තියෙනවා. (නි)
හොඳ කතාවක්, නමුත් පරිස්සමින් කතාකරන්න...(ස)
ඒ කතාවට මාත් එකඟයි...(ස)
ටික කාලයක් නම් නිහඩව හිටියා නේද? (නි)
මම ඔබ සමග එකගයි මහත්මයාණෙනි. දැන් අපිත් යුරෝපයේ විදියට හිතන්න පටන් ගන්න ඕනෑ. (නි)
වැඩේ හරියට කරනවා නම් මොනවා කියලා කතා කළහම මොකද? (නි)
ඔය කතා සෝඩා බෝතලේ කැඩුව වගේ තමයි...(ස)
රට ගොඩ ගන්න පුළුවන්නම් ඇයි ගියපාර මෙයාව වලට දැම්මේ...(ස)
මරු කතාවක්නේ. (නි)
සත්තුන්ගේ නම් හොද නැද්ද? (නි)
කෙවින්, මෙහෙම කෙනෙක්ට මේ දේවල් වෙනස් කරන්න බැහැ. (නි)
හමුදාවේ නම් ඔය වචන නොකිවුවොත් තමයි දඩුවම් (නි)
ඔබතුමාගේ කතාව ඇත්ත තමයි (නි)
එම කතාව හරි (නි)
මොනවද මේ කතා? (නි)
විනයගරුක, නීති සුරකින, සාධාරණ, හොරකම් මැරකම් නැති, දූෂණ රහිත රටක් ගොඩ නගන්න අපිට ඔබතුමාගේ නායකත්වය මේ වෙලාවේ අත්‍යවශ්‍යයයි. (නි)
මහත්තයා කියලාවත් ආමන්ත්‍රණය කරන්න ඕනෑ (නි)
ෆොන්සේකා මහත්තයෝ, ඒ වගේම ආන්ටි, අන්කල් වගේ කියන ආමන්ත්‍රණත් නවතින්න ඕනෑ නේද? (නි)
හරියටම හරි. මමත් පිළිගන්නවා. (නි)
අපි නොදන්න ලයිව්.... (නි)
ඒ කතාව ඇත්ත
අයියෝ සල්ලි කියුවාලු
වේදිකාවල පාවිච්චි කරන්න නුසුදුසු තවත් වචන තියෙනවා මහත්තයෝ. (නි)
මගේ අදහස නම්, 'මේ රට ගොඩ දාන්න පුලුවන් ෆොන්සේකා මහත්තයාට විතරයි' කියන එක. (නි)
ඕනවට වැඩිය කාටවත් නම්බු දෙන්න වගේම ගණන් ගන්නත් හොද නැහැ. (නි)
22 වෙනිදාට කටුනායකදී කරන කතාව අහන්න අපි ඔක්කොම එනවා. (නි)
කවුරු කවුරුත් ආරම්භයේදි නම් ඔහොම තමයි කියන්නේ. පස්සේ ඉතිං.... (නි)